Main Logo

Thursday 9 November 2023

පරගලයේ දරුවා හා ක්‍රිකට්

 

පරගලයේ දරුවා හා ක්‍රිකට්

 

මට අදත් ක්‍රිකට් ගැන ලියන්න වෙලා. ගාසා තීරය අද ළමුන්ගේ සොහොනක් වෙලා තියෙනවා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්. ඒත් එයාට ගැන මොකුත් කරන්න බැහැ. ඔහුගෙ යටතෙ තමයි ජෙනීවාහි ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක වන්නේ. එය මානුෂීය මෙහෙයුමක යෙදුණු අපේ රණවිරුවන්ටත් ජාතිකවාදී දේශපාලනඥයන්ටත් විරුද්ධ ක්‍රියා කළත් ළමුන්ගෙ සොහොන් ඉදිකරන ඊශ්‍රායලයට විරුද්ධ ඇඟිල්ලක් හොලවන්නෙ නැහැ. මේ තමයි ලෝක යුදෙව් ක්‍රිස්තියානි බලය. හතරවැනි ජාත්‍යන්තරයට බැරි මොකුත් කරන්න. කීර්ති බාලසූරිය විජේ ඩයස් නැති මෙකල පරණ එක්ස් කණ්ඩායමට අවස්ථාව ඇවිල්ලා.

 

ඇමරිකාවවත් ඊශ්‍රායලයවත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන්නේ නැහැ. ඇමරිකාවෙ ඉන්න ඉන්දියානුවන් පකිස්ථානුවන් ලාංකිකයන් නම් ක්‍රිකට් ක්‍රීඩාවෙ යෙදෙනවා. ඒත් ක්‍රිකට් ක්‍රීඩාවට අමෙරිකාවෙ තැනක් නැහැ. බැරිවෙලාවත් ඇමරිකාවත් ඊශ්‍රායලයත් ක්‍රිකට් ක්‍රීඩා කළා නම් ක්‍රීඩාව කිනම් ස්වරූපයක් ගන්න තිබුණ ? ප්‍රශ්නය වැඩක් නැති ප්‍රශ්නයක් වෙන්න පුළුවන. ඒත් වැඩක් නැති ප්‍රශ්නවලටත් ලැබෙන  පිළිතුරු වැඩක් ඇති ඒවා වෙන්න පුළුවන්.

 

ක්‍රිකට් ක්‍රීඩාව  ගැන මා ලියන්නෙ මට ක්‍රීඩාව ගැන ඇති විශේෂ ඇල්මක් නිසා නො වෙයි. හෙවණැලි ඇද මිනිස්සු ගැන කියන්න. මට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සමග සම්බන්ධයක් තියෙන්නෙත් හෙවණැලි හරහා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය ඉදිවෙන කාලයෙ එහි ඉංජිනේරු කටයුතු භාරව සිටියේ මගේ මිතුරකු වූ  අභාවප්‍රාප්ත ගැමුණු සිල්වා. මගේ මිතුරන් සෑහෙන පිරිසක් දැන් මිය ගිහින්. මා දන්නවා ජුලී චං හමු වූ පී චංගෙ අනුගාමිකයන් මා මිය යනු දකිනු රිසියෙන් පසුවන බව. අසූ ගණ්වල තව ටිකෙන් ඔවුන් මා ඝාතනය කරනවා. රටින් පිටවෙලා මරණයෙන් ගැලවුණා.

 

ගැමුණුට අවශ්‍ය වුණා විදුලි පහන් කණු හිටවන්න.  සූර්යයා පොළොව වටේ චලනය  වීම (පඬි නැට්ටන්ට අනුව එහෙම වෙන්නෙ නැහැ) එක විධියකට සිද්ධ වෙන්නෙ නැහැ. එක එක දා එක එක මාර්ගවල  සූර්යයා ගමන් කරන්නෙ. නිසා කණුවල හෙවණැලිත් දිනය වෙලාව අනුව  දිගෙන් හා දිශාවෙන් වෙනස් වෙනවා. මේ හෙවණැලි කිසි දිනෙක කිසි වෙලාවක තනතිල්ල මත පතිත නොවන විධියට පිටියේ අවම දුරකින් කණු හිටවන්න ඕන. ගැමුණුගේ ඉල්ලීම වුණෙ කොන්දේසිවලට යටත්ව කණු හිටවිය යුතු තැන් ලකුණු කිරීම.

 

මා ගණනය කර දුන්නා. ක්‍රිකට් ක්‍රීඩාවේ හෙවණැලි ඇද මිනිසුන් හිටියත් මිනිසුන්ගෙ හෙවණැලි වහන ඉතා ඉහළ පෙළේ දේශපාලනඥයන් හිටියත් අර කණුවල හෙවණැලි ඇදක් නැතුව වැටෙනවා. අතර හෙවණැලි ඇද මිනිස්සු ක්‍රිකට් ක්‍රීඩාවට කණු තියනවා. අද ඊනියා ගැමි උගත් තරුණ පරපුරත් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ක්‍රිකට් ක්‍රීඩාව ගමටත් බලපානවා.

 

රොෂාන් රණසිංහ පත්කරපු අතුරු කමිටුව ගෙදර ගිහින්. අතුරු කමිටුවේ නීත්‍යානුකුල බව හොයන්න රනිල් කමිටුවක් පත් කරලා. තව තවත් කරුණු හොයන්න තව තවත් කමිටු පත් කරලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතුරු කමිටුව පත් කිරීම නිසා දේශපාලන ඇඟිලි ගැසීම් කියමින් ලංකාවෙ ක්‍රිකට් තහනම් කරාවි කියල රනිල්ට දුකක් හා බයක් ඇති වෙලා. මීට ඉස්සරත් මෙරට අතුරු කමිටු තිබුණා. වගේ වෙන රටවලත් අතුරු කමිටු තියෙනවා.

 

දේශපාලනය මැදිහත් නොවී කිසි වැඩක් කරන්න බැහැ. මොටාවල උපකුලපතිවරුන් පත් කිරීමේ දී ජනාධිපති දේශපාලනයක් කරනවා. වාසනාවකට හරි අවාසනාවකට හරි තවම විශ්වවිද්‍යාල පාලනය කරන ජාත්‍යන්තර කමිටුවක් නැහැ. එහෙම තිබුණ නම් මොටා තහනම් කරන්න තිබුණා. අද රනිල් ව්‍යවස්ථා සභාවට පිටින් ගිහින් පොලිස්පති සති තුනෙන් තුනට පොලිෂ් කරනවා. ව්‍යවස්ථා සභාව රනිල් කියන දේ අනුමත කරාවි ? පොලිස්පති නීත්‍යානුකූල ?

 

අද පාර්ලිමේන්තුවේ මෙරට ක්‍රිකට් ආයතනය ගැන ඉදිරිපත්වෙන යෝජනාව තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත වේවි කියා හිතන්න පුළුවන්. එහෙත් එයින් රනිල්ට කිසිම දෙයක් සිදු වෙන්නෙ නැහැ. රනිල් ඉවත් කරන්න බැහැ. ජුලි චං හරි පී චං හරි ඒකට මැදිහත් වෙන්නෙ නැහැ. කවුද රනිල්ට විරුද්ධ දෝෂාභියෝගයක් ගේන්නෙ. බළලගෙ කරේ සීනුව බඳින්නෙ කවුද? බළලගෙ බැරි නම් පුසගෙ කියමු.

 

අද මොන යෝජනා සම්මත කර ගත්තත් මෙරට ක්‍රිකට් පාලනය කරන්න පාර්ලිමේන්තුවට පුළුවන් ද? කරන්න පුළුවන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පමණ ද? පාර්ලිමේන්තුවට රනිල් ඉවත් කරන්න බැහැ. බළලගෙ කරේ සීනුව බඳින්න බැහැ. කර කියා ගන්න බැරි මිනිස්සු බලාපොරොත්තු මත ජිවත් වෙනවා. ඒත් බලාපොරොත්තු පමණයි. ලෝක ආධිපත්‍යය එහෙමයි. එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ මහා ලේකම්ට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැහැ සුසුම් හෙළනවා හැරෙන්න.

 

පාර්ලිමේන්තුව රැස්වෙලා විසිර යාවි. අතර රනිල් කමිටු පත් කරලා මැතිවරණ ක්‍රම වෙනස් කරන්න හොයා බලන්න. කමිටු වාර්තා ලැබෙන තුරු පාර්ලිමේන්තුවට රැස්වෙලා විසිර යන්න පුළුවන්.  මන්ත්‍රීවරුනුත් ඒකට අකමැති වෙන එකක් නැහැ