Main Logo

Wednesday 15 November 2023

ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා හොරකම් කළ නිසා නො වේ ද?

 

ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා හොරකම් කළ නිසා නො වේ ?

 

ඊයේ (නොවැම්බර් 14 වැනි දා) මෙරට ගෞරවනීය ශ්‍රෙෂ්ඨාධිකරණය ඉතා වැදගත් තීන්දුවක් දුන්නා. තීන්දුව ගැන පඬි නැට්ටන් ප්‍රශ්න කරන එකක් නැහැ. තීන්දුව මෙරට ආර්ථික අර්බුදය ගැනයි. ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවන් ආර්ථික විිද්‍යාව දන්නවා කියා කිසිවකු අහන්නේ නැහැ. මා කියවා ඇති පොතක (මට පොතවත් කතෘවත් මතක නැහැ) මට මතක විධියට කියා තිබුණා නීතිඥයන්ට ඕනෑම දෙයක් ගැන කතා කිරීමට පුළුවන් නම් තමාටත් ඕනෑම දෙයක් ගැන කතා කරන්න පුළුවන් කියා වගේ කතාවක්. මා දන්නවා ප්‍රකාශය නිවැරදි නැහැ කියා. නීතිඥයන් කතා කරන්නේ යම් කරුණක (ඊනියා ෆැක්ට්ස් නොවේ) නීතිමය පැත්ත. එහෙත් කාට හරි අහන්න පුළුවන් නීතිමය පැත්ත කියන්නේ කුමක් කියා.

 

ඊයේ නඩු තීන්දුව අනුව මහින්ද ගෝඨාභය බැසිල් තුන්බෑයනුත් තවත් නිලධාරීන් ගණයට අයත්වන කිහිප දෙනකුත් ආර්ථික අර්බුදයට වග කියන්න ඕන. ආර්ථික අර්බුදය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමෙන්. වගඋත්තරකරුවන් සිදුවීමට යන අර්බුදය දැන සිටිය යුතු බවත් සෘණාත්මක ආකාරයකින් රටට බලපෑම වැළැක්වීමට රටේ අවශ්‍යතා වෙනුවෙන් සුදුසු පියවර නොගැනීමෙන් මහජන විශ්වාසය බිඳ දමා ඇති බවත් ව්‍යවස්ථාවේ 12(1) අනුවගන්තිය උල්ලංඝනය කර ඇති බවත් අධිකරණය තීරණය කර තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රිපාලත් නොසැලකිල්ල පිළිබඳ වරදකරුවකු වුණා. නොසැලකිල්ල ගැන සැලකිලිමත් වෙන්න ඕන.

 

 මෙහි පහත පළවන්නේ අදාළ අනුවගන්තියයි

 

12. (1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම , නීතියේ රැකවරණය , සර්ව සාධාරණ විය යුත්තේ

 

ගරු උගත් විනිසුරුතුමන් ඇරිස්ටෝටලීය න්‍යාය හා අනුමිති නීති ඉතා හොඳින් ප්‍රගුණ කර ඇති බවට සැකයක් නැහැ. එබැවින් අධිකරණයට ඉදිරිපත් කළ සාක්‍ෂි මත පදනම් වෙලා මහජන විශ්වාසය කඩ කළ බවත්  12(1) අනුවගන්තිය උල්ලංඝනය කර ඇති බවත් නිගමනය කරන්න ඇති.

 

මහජන විශ්වාසය කඩ කළ විට මහාජනයා බොහෝ විට ඊළඟ මැතිවරණවල දී තම තීන්දුව ප්‍රකාශ කරනවා. අද මහජන විශ්වාසය කඩ කර ඇති බව කියන්නේ අධිකරණයයි. එහෙත් ගරු අධිකරණයටත් ප්‍රථම බටහිරයන් යම් තීරණවලට එළඹිලා තිබුණා. මා ගරු අධිකරණය හෑල්ලුවට ලක් කරනවා නො වෙයි. ගරු අධිකරණය බටහිර හරි පෙරදිග හරි දේශපාලනඥයන් විද්වතුන් ආදීන් මෙන් තමන් කරුණු හොයන්න යන්නේ නැහැ. ගරු අධිකරණය තීන්දු කරන්නේ   තමන්ට ඉදිරිපත් කරන ඉල්ලීම් සාක්‍ෂි ආදිය මත පමණක් පදනම් වෙලා.

 

එහෙත් බටහිරයන් තීරණය කර තිබුණා මහින්ද හා ගෝඨාභය ආර්ථික අර්බුදයට වරද කරුවන් කියා. අනුව ඔවුන් ඉන්දියාවේ සහායෙන් පරගලයක් සංවිධනය කර මහින්ද හා ගෝඨාභය ගෙදර යැවුවා. 2022 මැයි ජූනි ජූලි මාසවල. ඊට ටික කලකට පසුවයි පෙත්සම් කරුවන් 2022 සැප්තැම්බරයේ පමණ අධිකරණයට ප්‍රශ්නය යොමු කර තියෙන්නේ. වන විට රනිල් වික්‍රමසිංහ ජනමතයෙන් කෙසේ වෙතත් නීතියෙන් ජනාධිපති වෙලා. පෙත්සම්කරුවන් පාර්ශ්ව දෙකක්. එක් පාර්ශ්වයක වෙළෙඳ මණ්ඩලයේ සභාපති සිටි චන්ද්‍රා ජයරත්න ජෙහාන් කනගරත්න හා පිහිනුම් ශූරයකු වූ ජුලියන් බොලිං ඉන්නවා.

 

අනෙක් පාර්ශ්වයේ ජාත්‍යන්තර කීර්තියට පත් විශ්වවිද්‍යාලයක් වන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ එලෙස ජාත්‍යන්තර කීර්තියට පත් මහිම් මැන්දිස් හා අතුලසිරි සමරකෝන් නම් විද්වතුන් ඉන්නවා. මා මේ කිසිවකු හඳුනන්නේ නැහැ. ජුලියන් බොලිං නම් පාසලේ දී දැක තියෙනවා. අපේ විශ්වවිද්‍යාල ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මුළු ලෝකය විශ්වවිද්‍යාලවලින් එළිදැක්වෙන දැනුම භාවිතා කරනවා. රනිල් වික්‍රමසිංහ තව තවත් විශ්වවිද්‍යාල ඇති කරන්න යන්නේ තව තවත් දැනුම ලෝකයට බෙදා දෙන්න වෙන්න පුළුවන්.

 

කිසිවකු අධිකරණයට ගිය බවක් පේන්න නැහැ රාජපක්‍ෂලා හොරා කෑම නිසා ආර්ථික අර්බුදය ඇති වුණා කියා. මා නොදන්නවාට එහෙම නඩුවක් තිබුණා තවමත් එය විභාග කෙරෙන්නේ ආදී කිසිවක් ගැන මට කිසිවක් කියන්න බැහැ. ඔය කවුරු හරි ජාත්‍යන්තර කීර්තියට පත් වෙච්ච විශ්වවිිද්‍යාලයීය පඬි රුවනකට බැරි රාජපක්‍ෂලා හොරකම් කිරීම නිසා ආර්ථික අර්බුදය ඇති වෙලා කියා අධිකරණයට නඩුවක් ගොනු කරන්න. එවිට අපට ගැනත් ගරු අධිකරණයේ තීන්දුව දැන ගන්න පුළුවන්

 

කවුද අහලා තිබුණා මා ඊයේ ලිපිය ලිවුවේ ඇමරිකාවෙ ඉඳන් කියල. ප්‍රශ්නය තියෙන්නේ ලිවුවෙ කොහෙ ඉඳන් කියන එක නො වෙයි. කාට හරි මා හමුවන්න අවශ්‍ය නම් සිකුරාදා (17) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ගුණදාස අමරසේකර අභිනන්දන උපහාර උත්සවයට සහභාගි වීම සඳහා පැමිණෙන්න. මාත් එයට සහභාගි වීමට ඇමරිකාවෙන් හරි ගාසා තීරුවෙන් හරි පැමිණෙනවා.

 

මා දන්නවා කවුරු හරි කියාවි මා තවමත් රාජපක්‍ෂලාට කඩේ යනවා කියා. මා යන කඩයක් නැහැ. මා කඩේ යන්නෙත් නැහැ සුපර් මාකට් යන්නෙත් නැහැ ෂොපින් මෝල් යන්නෙත් නැහැ. කඩේ මා ළඟට එනවාඉඳහිට චුන් පාන් කාරයන් මට පාන් බනිස් ගෙනත් දෙනවා. විවිධ බඩු බෙදා හරින්නන් (ඩිලිවරි කරුවන්) ගෙදරට බඩු ගෙනත් දෙනවා. අන්තර් ජාලයෙන් තොරතුරු ලබා ගන්නවා. බටහිර තාක්‍ෂණය මා යොදා ගන්නවා. ඒත් බටහිර දැනුම් ආධිපත්‍යයට යට වෙන්නෙ නැහැඑසේ යටවෙන්න මා විද්වතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි.