Main Logo

Sunday 5 November 2023

රනිල්ගෙ කන් හැඳි හා වෙනත් හැඳි

 

රනිල්ගෙ කන් හැඳි හා වෙනත් හැඳි

 

රනිල් වික්‍රමසිංහ බටහිර දෙබිඩි පිළිවෙත ප්‍රශ්න කරලා. රනිල් බුද්ධිමතෙක්. රනිල්දාසත් බුද්ධිමතෙක්. ජෙප්පන් කොහොමටත් බුද්ධිමත්. නැත්තන් ජෙප්පන් වෙන්නේ කොහොමද? බටහිරයන් සියල්ලන්ට වඩා බුද්ධිමත්. මා කියන්නේ හැම බටහිරයකු ගැන නො වෙයි. බටහිරයන් දන්නවා තම පද්ධතිය ව්‍යාප්ත කරන විධිය. දැන් ඔය හරිනි කියල තිබුණෙ අධ්‍යාපනය දෙවනුවත් තුන්වැනුවත් අධ්‍යාපනය කියලා. බටහිර අධ්‍යාපනය හැරෙන්න වෙන අධ්‍යාපනයක් නො වෙයි. බටහිර අධ්‍යාපනය අපේ කර ගැනීම වගේ මෝඩ කතා ජෙප්පන් සෙප්පන් හා දාර්ශනිකයන් කියන්නේ නැහැ.

 

රනිල්ගේ ප්‍රශ්නයෙන් මෙටාවෙ බයියන් නමින් හැඳින්වෙන්නන් ප්‍රභූ හරි නිර්ප්‍රභූ හරි රජපක්‍ෂවාදීන් පොහොට්ටුවාදීන් ආදී සියල්ලන් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන්න ඇති රනිල් තමන් වෙනුවෙන් බටහිරයන්ට හොඳවයින් දෙකක් කියල කියා. ඔය  නිර්මල බයියන් කියා පිරිසක් නැහැ. බයියන් කියන්නෙ කාට කියලත් හරියකට නිර්වචනය වෙලා නැහැ. ඒකෙ පුදුම වෙන්න දේකුත් නැහැ. බටහිරයන් බයියන් කවුද කියා නිර්වචනය කරල නැහැ. මෙරට පඬි නැට්ටන්ට පුළුවන් බටහිරයන් කරල නැති දෙයක් කරන්න. අධ්‍යාපනයෙන් කෙරෙන්නෙ බටහිරයන් කියල තියෙන දෙයක් තේරුණත් නැතත් මතක තියාගෙන කියවන එක.

 

රනිල් බටහිරයන්ට කියන්නෙ අපටත් ඊශ්‍රායලයටත් එක හැන්දෙන් බෙදන්න කියල. අපට පොල්කටු හැන්දෙන් බෙදල ඊශ්‍රාලයට කන් හැන්දෙන් බෙදන්න එපා කියලයි රනිල් කියන්නෙ. රනිල් බුද්ධිමතෙක්. ජෙප්පන්ටත් වඩා බුද්ධිමතෙක්. ඒක නිසා නෙ රනිල්ට රනිල්දාසල පාලනය කර ගන්න පුළුවන්. බටහිරයන්ගෙ අවශ්‍යතාවට රනිල් ජනාධිපති කරන්න ජෙප්පන් සෙප්පන් පඬි නැට්ටන් , කාදිනල්තුමා එතුමාගෙ අගසවු දෙනම වෙනත් අය ගෝඨාගෝගම හෙවත් ආතල්ගම ගියෙ. රනිල් බූද්ධිමත් ඔවුන්ට ඇප උපස්ථාන කිරීමට රුවන් විජේවර්ධන පත් කළා.

 

දැන් අපටත් කන් හැන්දෙන් බෙදන්න කියල නැත්තන් ඊශ්‍රායලයටත් පොල්කටු හැන්දෙන් බෙදන්න කියල රනිල් කියන්නෙ කියල ඉතා ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති බුද්ධිමත් ජෙප්පකුගෙන් හරි සෙප්පකුගෙන් හරි මෙටාවෙත් මොටාවෙත් ඉන්න පඬි නැට්ටකුගෙන් හරි අහන්න ඕන. නිකමටවත් මේ ලිපිවලට ප්‍රතිචාර දක්වන්න ඉඩ දුන්නොත් ඔවුන්ගේ ප්‍රඥා මහිමය දැන ගන්න පුළුවන්. මහින්දට බැණ බැණ මහින්දගෙන් ලියුම් අරන් මොටාවට බැඳෙන්න උත්සාහ කළ ආසියාවෙ දාර්ශනිකයන්ගේ ප්‍රඥා මහිමයත් දැන ගන්න පුළුවන්. නිර්මල බයියන් කියන්නෙ අර මාර්ටින් වික්‍රමසිංහගෙ නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියෙ අයට දන්නෙ නැහැ.

 

රනිල්ගෙ බුද්ධිය අපට වැටහෙන්නෙ මේ කන් හැඳි පොල්කටු හැඳි කතාවෙන්. ඔහු කියන්නෙ ඊශ්‍රායලය වගේ රාජපක්‍ෂලාත් මානව අයිතිවාසිකම් කඩලා කියා. රාජපක්‍ෂලාටත් නෙතන්යාහුටත් එක හැන්දෙන් බෙදන්න කියලයි රනිල් කියන්නෙ. රාජපක්‍ෂලා මානව අයිතිවාසිකම් කඩලා නැති බවක් රනිල් කියන්නෙ නැහැ.  එහෙත් රාජපක්‍ෂවාදීන් හිතන්නෙ රාජපක්‍ෂලා මානව හිමිකම් කඩල නැහැ කියල රනිල් කියන බවක්.

 

රනිල් බටහිරයන් ඉදිරියෙ එදත් කිවුවා රාජපක්‍ෂලා මානව හිමිකම් කඩපු බව. රනිල් සාමකාමියා නොවැ. ඔහු අගමැති ලෙස ජනාධිපති චන්ද්‍රිකාටත් නොකියා නෝර්වේ තානාපති එක්ක සාම ගිවිසුම් අත්සන් කරන්න කිලිනොච්චි ගියේ සාමකාමියා හින්ද නොවැ. රනිල්දාස අසූ ගණන් අග  බටලන්දෙ ඉන්න නැතුව ඇති. මා අහන්නෙ නැහැ රනිල්දාස යටත්විජිත ක්වොන්ටම් ජාගොඩ ආදීන් පණ බේරා ගත්තෙ කොහොමද කියල. ඔවුන් දක්‍ෂයන්. බටලන්දෙ සාමකාමී රනිල් ගැන මොනව කියන්න ?

 

බටහිරයන්ට කන් හැඳි පොල්කටු හැඳි ගැන කියන රනිල් ත්‍රස්තවාදී ජෙප්පන්ට හා ත්‍රස්තවාදී කොටින්ට සැලකුවෙ එක හැන්දෙන් නම් නො වෙයි. එතැනදි ජෙප්පන්ට පොල්කටු හැන්දෙන් බෙදල කොටින්ට කන් හැන්දෙන්වත් බෙදන්නෙ  නැතුව කන් දුන්නා. චන්ද්‍රිකාගෙන් අහන්න. නෝර්වේ තානාපති කාට කාටත් අං දුන්නා.

 

රනිල් සම්ම ජාතියෙ ජාතිකවාදියකු වෙන්නෙ නැහැ. ඔහුගේ ජර්මන් මාධ්‍ය සාකච්ඡාව බටහිරයන්ට හැඳි මතක් කිරීම ආදිය රාජපක්‍ෂවාදීන් පොහොට්ටුවාදීන් ඉදිරියේ ව්‍යාජ ජාතිකත්වයක් රඟ දැක්වීමක් පමණයි. කලකට ඉස්සර ප්‍රේමදාස කාලෙ මේ කවුද මොනවද කරන්නෙ කියලා තාප්පවල අහලා තිබුණා. රනිල් ගැන එහෙම අහන්න දෙයක් නැහැ. ඔහු බුද්ධිමතෙක්.