Main Logo

Sunday 31 January 2021

හූල්ගෙ වූල් බල්ල

 හූල්ගෙ වූල් බල්ල 


සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් කියන්නේ මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයෙක්. ඔහු සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔහු දෙමළ ක්‍රිස්තියානි මහාචාර්යවරයෙක්. ඔහු කලක් විශ්වවිිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු ද වෙලා හිටියා. ඔහු එතැනට පත් කරනු ලැබුයේ එකල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින්. පසු කලෙක මහින්ද රාජපක්‍ෂ ජනාධිපති යුගයක දී ඔහු යාපනය විශ්වවිිිද්‍යාලයේ උපකුලපති ධුරයට ද පත්කෙරුණා. එහෙත් හූල් ඒ පත්වීම ගත්තොත් කොටි ඔහුගේ හිස පෙට්ටියක දමා එවන බවට කළ ප්‍රකාශය නිසා එම ධුරයෙහි වැඩ භාර ගත්තේ නැහැ. 

Saturday 30 January 2021

ඉන්දියාවට අවශ්‍ය වන්දියක් ද?

 ඉන්දියාවට අවශ්‍ය වන්දියක් ද?


දැනට සතියකට පමණ පෙර මා ඉන්දියාව, චීනය හා වරාය ගැන ලිවුවා. සතිය ඇතුළත ප්‍රශ්නය උග්‍ර වෙලා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අද දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව වෙලා. සිංහලයන්ගෙ ඇති ඉන්දියන් විරෝධය නොසලකා සිටින්නට ආණ්ඩුවට බැහැ. නැගෙනහිර පර්යන්තයේ කොටස් 49%ක් නොව 51%ක් චීනයට දුන්නත් මෙතරම් විරෝධයක් මතුවෙන එකක් නැහැ. 

Friday 29 January 2021

වික්ටර් රත්නායක ඒකදේවවාදය හා පඬියෝ

 වික්ටර් රත්නායක ඒකදේවවාදය හා පඬියෝ


වික්ටර් රත්නායකගෙ ගීතයක තියෙනවා මට මතක හැටියට කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දීමක් ගැන. ඒ කොහොම නමුත් වික්ටර් රත්නායකට කටහඬ නැවත ලැබිල. ඒ කියන විධියට කිසියම් විධියකට ටික කලකට පෙර කටහඬ නැති වෙලා. නැවත කටහඬ ලැබිල තියෙන්නෙ බටහිර වෙදකමකින්වත් ආයුර්වේද වෙදකමකින්වත් නො වෙයි. දැන ගැනීමට ඇති විධියට බෝන් අගේන් ප්‍රතිඵලයක් හැටියට. ඒ කියන්නෙ බෝන් අගේන් කියන විධියට දෙවියන් වහන්සේගේ මැදිහත් වීමෙන්. ඒ දෙවියන් වහනසේ බටහිර ආසියාවේ යෙහෝවා දෙවියන් වහන්සේ කියන එක තමයි කියැවෙන්නෙ. ඒ ගැන වතිකානුව කියන්නෙ මොකක් ද කියන එකත් දැන ගැනීමට නැහැ. 

Thursday 28 January 2021

මානව හිමිකම් නෝනා නා ගනියි

 මානව හිමිකම් නෝනා නා ගනියි


මාක්ස්වාදී මෙන් ම මාක්ස්වාදී නොවන බොහෝ ඊනියා සමාජවාදීන්ට අනුව යහපාලන ආණ්ඩුව හා මේ ආණ්ඩුව (පොදුවේ එ ජා ප ආණ්ඩු හා අනෙක් ආණ්ඩු) අතර වෙනසක් නැහැ. ඒ සියල්ල ධනපති ආණ්ඩු. ඒ එකකටවත් ප්‍රශ්න විසඳන්න බැහැ. ඔවුන්ට සමාජ අසාධාරණයට විසඳුම් නැහැ. විසඳුම් ඇත්තේ සමාජවාදීන් වූ තමන්ට හා තමන්ට පමණයි. එහෙත් ජනතාව ඊනියා සමාජවාදීන්ට බලය දෙන්නෙ නැහැ. ජනතාවට තම ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය නැති බවක් ඉන් ගම්‍ය වෙනවා ද කියා ඇහුවොත් කියන්න පිළිතුරක් ද තියෙනවා. ජනතාවට මේ ගැඹුරු දේ තේරෙන්නේ නැහැ. 

Wednesday 27 January 2021

 

පැණිය බෙදා හැරීමට ක්‍රමයක් සකස් කළ යුතුයි.

 

ධම්මික වෙද මහතාගේ පැණිය පාරම්පරික වෙදකමේ හෙළ වෙදකමේ ආයුර්වේදයේ කොවිඩ් 19 රෝගීන් සඳහා ඇති එක් ප්‍රතිකර්මයක් පමණයි. තවත් ප්‍රතිකර්ම රාශියක් තියෙනවා. ඒත් ඒ එකකටවත් නොලැබුණු ප්‍රසිද්ධියක් ධම්මික වෙද මහතාගේ පැණියට ලැබුණේ එකම එක කාරණයක් නිසා. ඒ කාලි අම්මා පැණිය ගැන කී නිසා නො වෙයි. 

Tuesday 26 January 2021

ධම්මික වෙද මහතාගේ පැණිය සහ ගැලීලියෝගෙ දුරේක්‍ෂය

 ධම්මික වෙද මහතාගේ පැණිය සහ ගැලීලියෝගෙ දුරේක්‍ෂය 


අලුත් දැනුමක් එකතු කිරීම පහසු කටයුත්තක් නො වෙයි. බටහිර විශ්වවිද්‍යාල අනුකරණය කරමින් අප කියනවා ඊනියා පර්යේෂණ උපාධියක් සඳහා අලුත් දැනුමක් එකතු කළ යුතු ය කියා. ඔය කියන එකතු කිරීම් අලුත් එකතු කිරීම් නොවෙයි. ඒවා පරණ දැනුම් මත පදනම් වෙලා පරිධියේ ඇති ගැටළුවක් විසඳීමෙන් ලැබෙන ප්‍රතිඵල පමණයි. මගේ ආචාර්ය උපාධි නිබන්ධනයෙන් එකතු වුණු අලුත් දැනුමක් නැහැ. එහි තිබුණේ වැඩකට නැති ගණනය කිරීම්. සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම අයකුට ඒ ගණනය කිරීම් කරන්න පුළුවන්.

Monday 25 January 2021

ජාත්‍යන්තර ජඩමාධ්‍ය හා බටහිර වෙදකම

 

ජාත්‍යන්තර ජඩමාධ්‍ය හා බටහිර වෙදකම



දැනට අවුරුදු විස්සකට පමණ පෙර වෙසක් දිනයක බීබීසි ගුවන්විදුලිය (බීබීසියෙ අගුපිලේ තියෙන සංදේශය නොවේ) මගෙන් ඇහුවා ලංකාවෙ වෙසක් උත්සවය පවත්වන්නෙ කොහොමද කියල. මා කිවුවෙ මුතුන් මිත්තන් පවත්වපු ආකාරයට අපි වෙසක් සමරනව කියල. ඔහුට අවශ්‍ය වෙලා තිබුණෙ මේ ප්‍රාථමික ආගමක් අදහන මිනිස්සු ඒ ආගමානුකූල ව වැඩ කරන්නෙ කොහොම ද කියල එංගලන්තෙ මිනිසුන්ට කියල දෙන්න බව මට තේරුණා. ලංකාවෙ කිසිම මාධ්‍යවේදියකු එංගලන්තෙ කාගෙන් හරි අහනවා ද නත්තල පවත්වන්නෙ කොහොමද කියල. මේ තමයි දැනුම් ආධිපත්‍යය. දැනුම් යටත්විජිතවාදය. ලංකාවෙත් සමහර පඬි නැට්ටන් කියන්නෙ බුද්ධාගම ප්‍රාථමික ආගමක් කියල.

Sunday 24 January 2021

පැණිය ගැන පරීක්‍ෂාවලට හෙනහුරා ලබල ද?

 පැණිය ගැන පරීක්‍ෂාවලට හෙනහුරා ලබල ද?  


කොවිඩ් 19 වසංගතය ගැන බටහිර වෙදකමට එතරම් දෙයක් කියන්න නැහැ. ලෝකයේ විවිධ රටවල එන්නත් කිහිපයක් නම් නිෂ්පාදනය කරල තියෙනවා. ඒ සමහර ඒවා අලුත් ක්‍රමයක් කියන RNA සම්බන්ධ ඒවා. එහි අතුරු ආබාධ තිබේ දැයි දැන ගැනීමට තව කාලයක් බලා ඉන්න වෙනවා. ඒ අතර නෝර්වේ රටේ දහතුන් දෙනකු එන්නත ගැනීමෙන් පසු මිය ගිහින් තියෙනවා. එක්සත් රාජ්‍යවල බටහිර වෙද මහතකුත් මිය ගිහින්. 

Saturday 23 January 2021

ට්‍රම්ප් ඉතිහාසගත වෙන ජනාධිපතිවරයෙක්

 ට්‍රම්ප් ඉතිහාසගත වෙන ජනාධිපතිවරයෙක්


ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ එක්සත් රාජ්‍යවල ඉතිහාසගත වෙන ජනාධිපතිවරයෙක්. ඔහු ජනාධිපති පදවියට තෝරාපත් කර ගත් දිනයෙ තමයි මගේ ලෝකයට අවුරුදු තිහක් පිරීම නිමිත්තෙන් කොළඹ නව නගර ශාලාවෙ සම්මන්ත්‍රණයක් පැවැත්වුණෙ. එයට එවකට බලයේ නොසිටි මහින්ද රාජපක්‍ෂත් සහභාගි වුණා. මා එදින කිවුවා ට්‍රම්ප් මහින්ද වැනි අය ජාතිකවාදී නායකයන් කියා. අපට ජාතිකවාදය කියන එක අලුත් දෙයක් නො වෙයි. ඒත් බටහිරට එය නැවතත් අලුත් දෙයක් වෙමින් තිබුණෙ. 

Friday 22 January 2021

ඉන්දියාව වරාය හා චීනය

 ඉන්දියාව වරාය හා චීනය


වරාය නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නය වරාය විකිණීමේ, බදු දීමේ, ආයෝජනයේ, දේශීය සම්පත් රැක ගැනීමේ හෝ වෙනත් එවැන්නක හෝ ප්‍රශ්නයක් නො වෙයි. රුසියන් සමාගමකට කොටස් 49%ක් දුන්නේ නම් විරෝධයක් මතුවන්නේ ආණ්ඩු විරෝධීන්ගෙන් හා ආණ්ඩුවෙන් යමක් නොලැබුණු සුළු පිරිසකගෙන් පමණයි. එහෙත් අද ආණාඩුවට පක්‍ෂ අයත් ජනාධිපතිවරණයේදිත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ආණ්ඩුවට ඡන්දය දුන් අයත් ආණ්ඩු විරෝධීන් වෙලා.

Thursday 21 January 2021

රන්ජන් දැන් මන්ත්‍රී නොවෙයි

 රන්ජන් දැන් මන්ත්‍රී නොවෙයි


රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්ෆොන්සො හෙවත් රන්ජන් රාමනායක ගැන දැන් පාර්ලිමේන්තුවේ කතා කෙරෙනවා. අර ප්‍රසිද්ධිය සඳහා විවිධ දේ කරන විවිධ කතා කියන තවත් පුද්ගලයකු වන හරීන් ප්‍රනාන්දු කලු සාටකයක් අරන් ඇවිත් පැළඳ ගෙන පස්සෙ ගලවල. වැදගත් පැළඳීම මිස ගැලවීම නොවන බව හරීන් ප්‍රනාන්දු දන්නවා. හරීන් වගේ ම ඔහුගෙ නායකයා සජිත් හා විපක්‍ෂයෙ තවත් අයත් කියන්නෙ රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් බවත් ඔහු ගෙන්වීම තීරණය කරන්නේ කතානායක මිස නීතිපතිවත් විනිසුරුවරුන්වත් නොවන බවයි.

Wednesday 20 January 2021

උපාධි කඩේට අවුරුදු සීයයි

 

උපාධි කඩේට අවුරුදු සීයයි

 

1921 විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවනු ලැබුයේ එවකට රාජකීය විදුහල පිහිටා තිබූ ගොඩනැගිලිවල. අදත් කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනංශයට ඇතුල් වන තැන සවි කර ඇති ඵලකයේ ඒ බව සඳහන් වෙනවා. විශ්වවිද්‍යාල ආයතනය පිළිබඳ අදහස ඉංගිරිසි ආණ්ඩුව අනුමත කිරීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය වුණේ රාජකීය විදුහල වසා දමා විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවීමටයි. එහෙත් පසුව ඩෝර්න්හොස්ට් ප්‍රමුඛ රාජකීය විදුහලේ ආදි සිසුන් එයට විරුද්ධ වීමෙන් පසු විදුහල එම ඉඩමේම උතුරට ගෙන ගොස් පැරණි ගොඩනැගිල්ලේ විශ්වවිද්‍යාල ආයතනය 1921 ජනවාරි විසි එක්වැනි දින ආරම්භ කර තියෙනවා. අදත් කොළඹ විශ්වවිිිද්‍යාලයේ සැම්සන් බංගලාව නමින් හැඳින්නේනේ එදා රාජකීය විදුහලේ වැඩ බලන විදුහල්පති වූ සැම්සන් මහතාගේ නිල නිවසයි.

Tuesday 19 January 2021

ග්‍රහ චලනය ගැන වචනයක්

 

ග්‍රහ චලනය ගැන වචනයක්

 

මට ජ්‍යොතිෂය ගැන ලියන්න හිතුණෙ කොළඹ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් ඊයෙ අහපු ප්‍රශ්නයක් නිසා. ඔහු ශිෂ්‍යයකු වෙලා ඉන්න ඇත්තෙ මීට අවුරුදු තිහකටත් එහා. තාමත් ප්‍රශ්න. ප්‍රශ්න නැතිවෙන්න නිවන් සම්මාබෝධ කරන්න ඕන. දැනට ප්‍රශ්න තියෙන එකත් හොඳයි.

Monday 18 January 2021

වැවයි දාගැබයි

 වැවයි දාගැබයි   


මේ දවස්වල වැව් පිටාර ගලනවා. ඒ තරම් ලොකු වැස්සක් වැහැලත් නොවෙයි. ඊළඟට යම්තන් පායන කොට වැව් හිඳෙනවා. වැව් හැදුවෙ පොඩි වැස්සකට පිටාර ගලන්නවත් පොඩි පෑවිල්ලකට හිඳී යන්නවත් නො වෙයි. මේකට කරන පිළියම මොකක් ද? වැව් ප්‍රතිසංස්කරණය කිරීම තමයි විසඳුම. ඒත් ඒකෙන් කියන්නෙ මොකක් ද? ප්‍රතිසංස්කරණය කරන්නෙ කොහොමද? මොකක් ද අනුගමනය කරන ක්‍රමය.

Sunday 17 January 2021

වරාය නැගෙනහිර පර්යන්තයේ දේශපාලනය

 වරාය නැගෙනහිර පර්යන්තයේ දේශපාලනය


මෙවර (2021 ජනවාරි) මුද්‍රිත කාලය සඟරාවේ පළ වූ ලිපියක  සඳහන් කොටස් කිහිපයක් මෙසේයි.  


"අප රටේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන සාධකයක් වනුයේ ඉන්දු චීන බල අරගලයයි. එය අපට වැඩිය ඇඟට නො දැනෙයි. එහෙත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද ඇති වී තිබෙන්නේ මෙරට දේපොළවලට මැදිහත් වීමට ඉන්දියාව හා චීනය අතර ඇති තරගයේ එක් අදියරක් බව පැහැදිලියි. අප අපේ සමහර දේපොළ මේ වන විටත් දීර්ඝ කාලීනව බදු දී ඇත. ඒ විකුණා නැති විය හැකියි. එහෙත් ඒ විකුණුවා වගේ කියා කිසිවකු කියනු අභියෝගයට ලක් කළ නො හැකි බව පැහැදිලි වෙයි.

Saturday 16 January 2021

නැහැසුම් නසා පැණිය බෙදා හැරිය යුතුයි

 නැහැසුම් නසා පැණිය බෙදා හැරිය යුතුයි  


බටහිර දැනුම් ආධිපත්‍යයේ රඟ දැන් සමහර අයට වැටහෙනවා. අඩු තරමෙන් දැනුම් පද්ධති රාශියක් ලෝකයේ තිබෙන බවත් ඉන් කිහිපයක් හරි ලංකාවට ආවේණික බවත් දැන් ඇතැමුන් පිළිගන්නවා. බටහිර දැනුම් පද්ධතිය එක ම දැනුම් පද්ධතිය නොවන බව රූපවාහිනී සාකච්ඡාවල  නිතර ප්‍රකාශ වෙනවා. දැනුම් පද්ධති කියන වචන ටිකවත් කලකට පෙර අහන්න තිබුණේ නැහැ.

Friday 15 January 2021

අපි ලොකුවට හිතමු

 

අපි ලොකුවට හිතමු

 

ලංකාව පොඩි රටක්. ඇත්ත. චීනය ලොකු රටක්. ඇත්ත. ලංකාවෙ ජනගහණය ටිකයි. ඇත්ත. චීනයෙ ජනගහණය ගොඩයි. ඇත්ත. ඒත් ලෝකයේ පැරණි ම ජාතීන් සිංහල හා චීන. චීනය ලොකු වෙලා තියෙන්නෙ රටේ ලොකු කමෙන්වත් ජනගහණයෙ ලොකු කමෙන්වත් නො වෙයි. ඔවුන් ලොකුවට හිතන නිසා. ලොකුවට වැඩ කරන නිසා. ඉංගිරිසින් අප සියල්ලන් ම පුංචි කළා. එංගලන්තයත් පොඩි රටක්. ඒත් ඔවුන් ලොකුවට හිතුවා. ලොකුවට හිතුව විතරක් නොවෙයි අනෙක් රටවල් ජාතීන් පුංචි කළා. ඒක ලංකාවටත් කළා චීනයටත් කළා. ඒත් චීනය චියැං කායි ෂෙක් මාඕ ආදීන් පස්සෙ ගිහිල්ල අද තමන්ගෙ ම මගකට වැටිලා. ඔවුන් ලොකුවට හිතනවා.

Thursday 14 January 2021

ගුරුවරුන්ට කියන නමක් යොදා ගන්නා බටහිර වෙද මහත්වරු

 ගුරුවරුන්ට කියන නමක් යොදා ගන්නා බටහිර වෙද මහත්වරු


අනිල් ජාසිංහට බටහිර වෙද මහතකු යැයි කීම ඔහුට කරන අපහාසයක් ද? මා මේ ප්‍රශ්නය නගන්නේ එංගලන්තයේ සිටින මෙරටින් ගිය බටහිර වෙද මහතකු එසේ කියා ඇති බැවින්. අද එංගලන්තයේ සිටින වෙද මහතා මෙරට ඉන්න කාලයේ ලංකාවේ තම ක්‍ෂෙත්‍රයේ ප්‍රධාන ම වෙද මහතෙක්. එංගලන්තයේ කොහොමද කියන්න මා දන්නේ නැහැ. ඒත් ප්‍රශ්නය එය නො වෙයි. බටහිර වෙදකම කරන අය බටහිර වෙද මහතුන් නො වේ ද? ඔවුන් වෙද මහතුන් නො වේ නම් කවුද? 

බටහිර විද්‍යාවට අලි මිතුරන්ට හා ඔටාරාට මීයන් කී දෙනකු අවශ්‍ය ද?

 බටහිර විද්‍යාවට අලි මිතුරන්ට හා ඔටාරාට මීයන් කී දෙනකු අවශ්‍ය ද?


පහත සඳහන් වාර්තාව ඔටාරා ගුණවර්ධන හා අනෙක් සත්ව ආදරවන්තයෙන්ගේ දැන ගැනීම පිණිසයි. මෙහි සඳහන් සංඛ්‍යාවල වැරදි තියෙන්න පුළුවන්. එහෙත් එක්සත් රාජ්‍යයෙහි පමණක් නොව වෙනත් තැන්වල ද යොදා ගන්නා මීයන් සංඛ්‍යාව පෙරහැරවල ගෙන යන අලි ඇතුන් සංඛ්‍යාවට වඩා වැඩි ය යනු මගේ කල්පනාවයි. ඒ සම්බන්ධයෙන් මා ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණයක් නිරීක්‍ෂණයක් හරි වෙන යමක් හරි කර නැහැ.

Wednesday 13 January 2021

අපේ පැත්තෙන් අසමත් විශ්වවිද්‍යාලය

 

අපේ පැත්තෙන් අසමත් විශ්වවිද්‍යාලය

 

මේ මස විසිඑක්වැනි දා ට විශ්වවිිද්‍යාල ආයතනය පිහිටුවා අවුරුදු සීයක් ගතවෙනවා. මේ ලිපියත් ලබන බදාදා (20) ලිපියත් ඒ වෙනුවෙන්. විශ්වවිද්‍යාල ආයතනයක් කියන්නෙ විශ්වවිද්‍යාලයක් නො වෙයි. ඒත් තවමත් ලංකාවේ තියෙන්නේ නම මොකක් වුණත් විශ්වවිද්‍යාල ආයතන. ඒ නිසා අපට ලංකාවේ විශ්වවිද්‍යාල ආරම්භය 1921ට ගෙනි යන්න පුළුවන්. 1921 දි ඇති කෙළෙ ලන්ඩන් විශ්වවිද්‍යාලෙ උපාධිවලට සිසු සිසුවියන් පුහුණු කරන ආයතනයක්. එහි විෂය නිර්දේෂ නියම කිරීම,  ප්‍රශ්න පත්‍ර සැකසීම, පිළිතුරු පත් බැලීම ආදිය කෙරුණෙ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්. ඉගැන්වීම හා විභාග අධීක්‍ෂණය තමයි ලංකාවෙ ගුරුවරුන්ගෙන් කෙරුණෙ. ඒකට ඔවුන්ට ගෙවීමක් කෙරුණා. අදත් ලංකාවෙ කථිකාචාර්යවරුන්ට විභාග අධීක්‍ෂණයට ගෙවීමක් කෙරෙනවා. ඉගැන්නුවත් නැතත් වැටුපක් ගෙවනවා.

Tuesday 12 January 2021

යාපනයේ දෙමළ ජාතිවාදය

 යාපනයේ දෙමළ ජාතිවාදය 


සිංහල බෞද්ධ විරෝධීන්ට ඉහේ මලක් පිපිලා. හරියට උතුරු පළාතේ ඊළම පිහිටෙවුව වගේ ඔවුන්ට දැනිලා. යාපනය විශ්වවිද්‍යාලයෙ උදුරපු විරු ස්මාරකය නැවත ඉදිකරන්න උපකුලපති තීරණය කරලා. එය සතුටු වෙන්න කාරණයක් නො වෙයි ද? මෙච්චර කල් බැට කකා ඉඳලා යමක් ලැබිච්ච වෙලාවෙ සතුටු වෙන්නෙ නැතුව මොනව කරන්න ද කියන්නෙ. 

Monday 11 January 2021

පස්මහා බලවතුන් අත් හරින හරින්

 පස්මහා බලවතුන් අත් හරින හරින්  


විිද්‍යාඥයකු වීමට නොහැකි වූ මා හරින් ප්‍රනාන්දු විද්‍යාව හා මිථ්‍යාව ගැන කතා කරනු උන්දුවෙන් අහගෙන හිටියා. මේ අපේ හිටපු ඩිජිටල් ඇමති නේ ද කියල මට මතක් වුණා. අර බැලුනයට මොකද වුණෙ කියල දැන ගන්න විධියක් තිබුණෙ නැහැ. හරින් කතා කෙළෙ පාර්ලිමේන්තුවෙ. ඒත් එතුමගෙ කතාවෙන් මා හුඟක් දේ ඉගෙන ගත්තා. කිවුව දේට වඩා නොකිවුව දෙයින් ඉගෙන ගත්තා.

Sunday 10 January 2021

භූමදානය ආදාහනය කිරීම හා යාපනයේ ස්මාරක ඉදිකිරීම හා ඉදිරීම

භූමදානය ආදාහනය කිරීම හා යාපනයේ ස්මාරක ඉදිකිරීම හා ඉදිරීම 


මුස්ලිම් භූමදාන කතාව ඉවරයි. ඒක ආදාහනය කරල. මිය යන විට කොවිඩ් 19 වැළඳී සිටි අය කිසිම භේදයක් නොතකා ආදාහනය කරනවා. එය අද රටේ ආධිපත්‍යය මතවාදය අනුව ගත් එකක්. අද ආධිපත්‍යය දරන්නේ බටහිර මතවාද. බටහිර විද්‍යාව. බටහිර වෛද්‍ය විද්‍යාව. කොවිඩ් 19 සම්බන්ධ හැම දෙයක් ම තීරණය කෙරෙන්නේ බටහිර වෛද්‍ය විිද්‍යාව හා බටහිර විද්‍යාව අනුව. ධම්මික වෙද මහතාගේ පැණිය බටහිර වෛද්‍ය විද්‍යාව අනුවයි පරීක්‍ෂාවට ලක් කෙරෙන්නේ. බටහිර දැනුම් ආධිපත්‍යය තියෙනතාක් ඒ ඒ දේ සිිදුවන්නේ ඒ විධියටයි. 

Saturday 9 January 2021

සාමාන්‍ය නොවූ සාමාන්‍ය දැනුම

 සාමාන්‍ය නොවූ සාමාන්‍ය දැනුම


ලංකාවේ මිනිසුන්ගේ සාමාන්‍ය දැනුම කුමක් ද? මට මේ ප්‍රශ්නය අහන්න හිතුණේ එක් බටහිර වෙද මහතකු කියා තිබූ කරුණක් නිසා. ඔහුට අනුව ධම්මික වෙද මහතාගේ පැණිය ප්‍රතික්‍ෂෙප කිරීමට විශේෂඥ දැනුමක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය දැනුමක් ඇති අයකු එය ප්‍රතික්‍ෂෙප කරනවා. ඒ කතාව අපට මෙහෙම ලියන්න පුළුවන්. සාමාන්‍ය දැනුමක් ඇති අයකු ධම්මික වෙද මහතාගේ පැණිය ප්‍රතික්‍ෂෙප කරනවා.

Friday 8 January 2021

ට්‍රම්ප් හා අසාද් සාලි

 ට්‍රම්ප් හා අසාද් සාලි


එක්සත් රාජ්‍යවල ප්‍රජාතන්ත්‍රවාදයට මොකද වෙලා තියෙන්නෙ. ට්‍රම්ප් කියන්නෙ එහෙ මැතිවරණය ඇෆ්ගනිසථානයෙ මැතිවරණයටත් අන්තයි කියල. ඒක අපි දන්නෙ නැහැ. ට්‍රම්ප් හා ඔහුගෙ අනුගාමිකයන් පිරිසක් තම රටේ ඡන්ද ෆ්‍රෝඩා වුණු බව කියනවා. අනුගාමිකයන් වොෂිංටන් පරිපාලන ගොඩනැගිලි වටලලා ඒවට කඩාවැදිල. මේවා මේ නෙත් දෙකෙන් දකින්න හිටිය දේවල් ද? ප්‍රජාතන්ත්‍රවාදයෙ දෙවොල මෙහෙම කැත කරයි කියල හිතුවෙ කවුද? ට්‍රම්ප් බලය අත්හරින්නෙ නැද්ද? අපිට නම් හාමුදුරුවො හැමදාම කියන්නෙ අත්හරින්න කියල.  දැන් ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න හමුදාවක් යවනවා ද? කවුද යවන්නෙ. ඇෆ්ගනිස්ථානයටවත් කියල බලමු ද? තාම කල් වැඩි ද? තව ටිකක් බලමු ද? අසාද් සාලි මොකද ඒ ගැන කියන්නෙ. එහෙම නැත්නම් අමීර් අලි කියා කෙනෙක් මොානව කියයි ද? අමීර් අලි මුස්ලිමුන්ට විරුද්ධ ගෞතමගෙ දුෂ්ටයන් (Villains of Gauthama) ගැන ලියල තිබුණ. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ දුෂ්ටයන් ඉන්නවා ද?

Thursday 7 January 2021

එන්නත දීල 13+ ලබා ගැනීම

 එන්නත දීල 13+ ලබා ගැනීම


ඉන්දියාවෙ විදේශ අමාත්‍යාංශ කාර්යාලය තියෙන්නෙ කොළඹ ද? එහෙම අහන්න වෙන්නෙ ඉන්දියාවෙ විදේශ ඇමතිතුමා හා ඒ අමාත්‍යංශයෙ වෙනත් නිලධාරීන් කොළඹ දි නිතර දැක ගන්න පුළුවන් හින්ද. පහුගිය දවස්වල ඇමතිතුමා ඇවිල්ල අපට අර කොවිඩ් එන්නත දෙන්න පොරොන්දු වුණා. කීය ගාණෙද දන්නෙ නැහැ. කොහොමටත් ඒක අර ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලෙ නිෂ්පාදනය කළා කියන එක. ඒක ෆයිසර් තරම් සාර්ථක නැහැ කියනවා. ෆයිසර් සාර්ථක වුණාට ඇති වැඩේ මොකක් ද? අපට ඒක ගබඩා කරන්න තැනින් තැනට ගෙන යන්න පහසුකම් නැහැ.

Who was the greater mind, Nietzsche or Foucault?

 I am only quoting. There are other animals as well. 

You can’t compare the two, because Nietzsche was a hedgehog and Foucault was a fox.

Isaiah Berlin said that there are two kinds of thinkers:

“There is a line among the fragments of the Greek poet Archilochus which says: “The fox knows many things, but the hedgehog knows one big thing.”

[T]he words … mark one of the deepest differences which divide writers and thinkers, and, it may be, human beings in general. For there exists a great chasm between those, on one side, who relate everything to … a single, universal, organising principle in terms of which alone all that they are and say has significance – and, on the other side, those who pursue many ends, often unrelated and even contradictory….” [Isaiah Berlin, The Hedgehog and the Fox, 1953.]

Wednesday 6 January 2021

ඊනියා උගතුන්ගෙ විද්‍යාත්මක අවුරුද්ද

 

ඊනියා උගතුන්ගෙ විද්‍යාත්මක අවුරුද්ද

 

ජනවාරි පළමුවැනි දා මුළු ලෝකයට ම වගේ අලුත් අවුරුද්දක් ඇරඹෙනවා. ඒක එහෙම වෙන්නෙ මොක ද? විවිධ රටවල විවිධ දවස්වල අලුත් අවුරුද්දක් ඇරඹෙනවා. ඒත් ඒව ගණන් ගන්නෙ නැහැ. ථෙරවාදී ලෝකයේ ම අලුත් අවුරුද්ද ඇරඹෙන්නේ අප්‍රේල් 13 14 දවස්වල. අප කුඩා කල අවුරුද්ද කිවුවෙ ඒ බක් මහේ ලබන අවුරුද්දට. ජනවාරි පළමුවැනි දා අපට අවුරුද්දක් උදා කෙළේ නැහැ. අපි එයට ජනේරුව කිවුව. ඒත් අද වන විට ජනවාරි පළමුවැනි දා තමයි අවුරුද්ද උදාවෙන්නෙ. බක් මහේ අවුරුද්ද සිංහල අවුරුද්ද කරල. ඒක වෙදකමෙත් වෙලා. එදා අප බෙහෙත් ගන්න ගියෙ වෙදමහත්තයා ළඟට. බටහිර වෙදකමේ බෙහෙතක් ගන්න ගියා ම කිවුවෙ ඉංගිරිසි බෙහෙත් ටිකක් ගන්න ගියා කියල. අද ඉංගිරිසි බෙහෙත් තමයි බෙහෙත. අනෙක සිංහල බෙහෙත වෙලා.

Tuesday 5 January 2021

තමන් විසින් ම පත් කෙරුණු ජෙනිෆර් කමිටුව

 තමන් විසින් ම පත් කෙරුණු ජෙනිෆර් කමිටුව 


ජෙනිෆර් පෙරේරා කමිටුව පත් කෙළෙ කවුද? ඒක තමන් විසින් ම පත් කෙරුණු කමිටුවක් ද? ඒ පිළිබඳ කමිටුවේ සාමාජිකයන්ට සාමාජිකාවන්ට යැවුණු පත්වීම් ලිපි තියෙනවා ද? එහෙම මොකක්වත් නැතිව කමිටුවකට තමන් ම පත්කර ගෙන වාර්තාවක් නිකුත් කරන්න පුළුවන් ද? එහෙම වාර්තාවක් නිකුත් කරල තියෙනවා ද? ඒක කාට හරි භාර දුන්න ද? දැන ගන්නයි අහන්නෙ. 

Monday 4 January 2021

නිදහස් දින සමරන මියන්මාරය සමග අපේ සම්බන්ධකම්

 නිදහස් දින සමරන මියන්මාරය සමග අපේ සම්බන්ධකම්


යළි යළි ඉපදෙන චම්පක පසුගිය තිස්වැනි දා ඩේලි මිරර් පත්‍රය සමග කළ සාකච්ඡාවක දී කොවිඩ් සමග මියයන අයගේ දේහ වැළලිය යුතු බව ප්‍රකාශ කරලා. ඔහු ජාතික හෙළ උරුමයෙන් ඉවත් වුණෙ ඊනියා ලාංකික දේශපාලනයක් කිරීම සඳහායි. ඔහුට දැන් සිංහල බෞද්ධ ඡන්ද ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු මුස්ලිම් හා දෙමළ ඡන්දවලට අත වනනවා. ඒ අතර ආණ්ඩුව ජෙනිෆර් කමිටුවක් පත් කරල. එක කමිටුවකින් ලැබුණු වාර්තාවක් තියෙන විට යළිත් කමිටුවක් පත් කරන්නේ යම් කිසිවකුට අවශ්‍ය නිර්දේශයක් ලබා ගැනිමට බව පැහැදිලියි. ඒ පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රී ඡන්ද ලබා ගැනීමට. මුස්ලිම් ඡන්ද නැතිව තුනෙන් දෙකේ බුතරය හදා ගන්න බැහැ. දැන් තියෙන විධියට මුස්ලිම් ඡන්ද සමග ව්‍යවස්ථාව සංශෝධනය කරන්න යන්නේ ජාතිකත්වයට මුල් තැන දීමට නො වෙයි. ඒ පිටුපස ජාතිකත්වයක් නොමැති ව ජනාධිපති වීමේ අපේක්‍ෂාවෙන් පෙළෙන්නකු ඉන්නවා. මේ යළි යළිත් යුගයේ යළිත් කමිටුවක් පත් කරමු ද?

Sunday 3 January 2021

අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා කුරාණය

 අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා කුරාණය


සෝවියට් දේශයෙහි එකල යුක්රේනයෙහි අධ්‍යාපනය ලැබූ අනිල් ජාසිංහ වෙද මහතා ධම්මික වෙද මහතාගේ පැණියට විරුද්ධ වෙලා. ධම්මික වෙද මහතා අනිල් ජාසිංහ වෙද මහතාගේ පැණියකට විරුද්ධ බවක් දැන ගන්න නැහැ. කොහොමත් අනිල් ජාසිංහ වෙද මහතා හඳුන්වා දුන් පැණියක් නැහැ. බටහිර වෙද මහතුන් බටහිරින් එන පැණි නම් නියම කරනවා. 

Saturday 2 January 2021

Science’s irrational origins

 

Science’s irrational origins
I may not agree with some of the ideas expressed in this review, but it gives food for thought, especially in these times of Peniya, which is subject to the so called scientific method. The review is published in the current issue of the Science Journal of the American Association for the Advancement of Science. - NdeS

කොවිඩ් දේශපාලනය

 කොවිඩ් දේශපාලනය


මෙරට දේශපාලනයෙන් තොර කිසිම දෙයක් නැහැ. කොවිඩ් 19 සම්බන්ධයෙන් බටහිර වෙදකමට ඇත්තේ එන්නත පමණයි. ඒ සඳහා ප්‍රතිකාරයක් නැහැ. එහෙත් වෙනත් වෙදකම්වල ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාරය කියන්නෙත් එක ම දේකට නො වෙයි. චීනයේ කොවිඩ් 19 ට සාම්ප්‍රදායික වෙදකමක් තියෙනවා කියා හිතන්න පුළුවන්. ඒ ගැන අධ්‍යයනයක් අවශ්‍යයයි. අනෙක් රටවලත් විවිධ ප්‍රතිකාර තියෙන්න ඕන.  එහෙත් චීනයේ මෙන් ඒ ප්‍රතිකාරවලට තැනක් ලැබෙන්නේ නැහැ. යම් තරමින් හරි පිළිගැනීමක්් ඇත්තේ ලංකාවේ විය යුතුයි. 

Friday 1 January 2021

ශ්‍රී ල නි ප ගමනක අවසානය ද?


ශ්‍රී ල නි ප ගමනක අවසානය ද?


ශ්‍රී ල නි පක්‍ෂය අවසන් ගමන යෑමට සූදානම් වන බවක් පේනවා. මෙරට ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය ලෙස ක්‍රියා කළ ශ්‍රී ල නි පක්‍ෂය 2014 දි මෛත්‍රිපාල සිරිසේනගේ විගමනය සමග අර්බුදයකට මුහුණ දුන්නා. ශ්‍රී ල නි ප ප්‍රධානීන් කිහිප දෙනකු පසුව යහපාලනයට ද එකතු වුණා. එසේ යෑමට හේතු තියෙන්න ඇති. එහෙත් ඔවුන් බටහිරයන්ගේ හා ඉන්දියාවේ උගුලකට හසුවුණා.   බටහිරයන්ට එක ගලින් කුරුල්ලන් කිහිප දෙනකු මරා ගැනීමට අවශ්‍ය වී තිබුණේ. මෙරට ජාතිකත්වය අඩපණ කිරීම ඔවුන්ගේ එක් වුවමනාවක් වුණා. එ සමග මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ අවශ්‍යතාව ද, විශේෂයෙන් ම ඉන්දියාවට, තිබුණා.