Main Logo

Thursday 31 August 2023

පංති සටන හා සිවිල් යුද්ධය

 

පංති සටන හා සිවිල් යුද්ධය

 

අවුරුද හැටකට පෙර පේරාදෙණියේ හිටි විප්ලවවාදීන් එක්කෝ ට්‍රොට්ස්කිවාදීන් වුණා නැත්නම් ස්ටැලින්වාදීන් වුණා. එකල මාඕවාදින් හිටියේ නැහැ. එහෙත් පෙරමුණට හිතවත් සිසුන් විශාල සංඛ්‍යාවක් හිටියා.  1963 දී ට්‍රොට්ස්කිවාදී ලංකා සමසමාජ පක්‍ෂයත් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්‍ෂයත් මහජන එක්සත් පෙරමුණත් එකතු වී මැයි දිනය පැවැත්තුවා. මැයි පෙළපාලියේ මාත් ගමන් කළා. මා විශ්වවිද්‍යාලයට ඇතුල්වන විටත් ට්‍රොට්ස්කිවාදියකු වී සිටියා. එකල ජෙප්පන් හිටියේ නැහැ.

Wednesday 30 August 2023

දෙමළ අනන්‍යතාව

 දෙමළ අනන්‍යතාව

 

මෙරට වංසකතාවල පමණක් නොව පොදුවේ ගත් කළ ඇතැම් දෙමළ යන නාමය යෙදී ඇත්තේ දෙමළ කතාකරන අයකු යන්නෙන් මිස දෙමළ ජාතියක් තබා ජනකොටසක් යන අරුතෙන්වත් නො වෙයි. ඈත කාලයක නැති වුවත් ඉංගිරිසි ජාතියක් ප්‍රංශ ජාතියක් ගැන මෑත කාලයකවත් කතා කරන්න පුළුවන්. ඔවුන් භාෂා කතා කරනවා පමණක් නොව තම තමන්ට ආවේණික වූ  ජාතියක් ගොඩ නගා ගෙන තියනවා යම් ප්‍රදේශයක ජීවත් වන පිරිසක් සඳහා.

Tuesday 29 August 2023

ගල්කන්දක් නොකළ යුතු බොරළුකන්ද

 

ගල්කන්දක් නොකළ යුතු බොරළුකන්ද

 

ආර් සම්බන්ධන් කියන්නෙ දෙමළ ජාතික සන්ධානයෙ නායකයා. සංධානය දැන් දෙකට තුනට කැඩිලා. නිසාමත් වෙල්ලාල ජාතිවාදීන්ට ප්‍රශ්න. වාර්තා වෙන විධියට සම්බන්ධන් නැගෙනහිර පළාතෙ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ට දුරකථනයෙන් කතා කරල කී දෙයක් අනුව ආණ්ඩුකාරයා නියෝගයක් නිකුත් කරල ප්‍රාදේශීය ලේකම් පොන්නයියා දනේශ්වරන්ට බොරළුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් කටයුතු වහාම නවත්වන ලෙසට. උතුරු හා නැගෙනහිර පළාත්වල මොකද වෙන්නෙ? බෞද්ධ විරෝධී ඉංගිරිසි ආණ්ඩු කාලෙවත් මෙහෙම දේ සිදු වුණේ නැහැ.

Monday 28 August 2023

සිංහල බෞද්ධ ජාතිකත්වය හා දෙමළ වෙල්ලාල කුලප්‍රභූත්වය

 

සිංහල බෞද්ධ ජාතිකත්වය හා දෙමළ වෙල්ලාල කුලප්‍රභූත්වය

 

අරුමුගම් නවලාර් ඉතා දැඩි ශෛව හින්දු භක්තිකයකු වුණා. ධර්මපාලතුමාට නොයෙකුත් අවලාද නගන පඬි නැට්ටන් නවලාර් ගැන කිසිවක් කියන්නේ නැහැ. ඔහු දරුණු ගණයේ කුලවාදියකු වුණා. හින්දු ආගමේ පැවැත්මේ කුලවාදය තියෙනවා. එය වේද කාලයේ පටන් තියෙන එකක්. හින්දු ආගම ඇති වුණේ හයවැනි සියවසෙන් පමණ පසුව කේරළයේ සිටි අධිශංකර්තුමාගෙන් පස්සෙ. එතුමාට බුදුදහමත් බලපෑවා. ඇතැම් වෛදිකයන් එතුමා හැඳින්වූයේ වෙස්වෙළාගත් බෞද්ධයකු ලෙස. එහෙත් එතුමාටත් වෛදික කුල භේදය නැති කරන්න බැරි වුණා.

Sunday 27 August 2023

බෞද්ධ පුනර්ජීවනය හා හින්දු පුනර්ජීවනය

 

බෞද්ධ පුනර්ජීවනය හා හින්දු පුනර්ජීවනය

 

පාණදුරා වාදය සමග යාපනය පටලවා ගන්නේ මගේ ජාතිවාදය නිසා කියා කියන පඬි නැට්ටන් ඉන්නවා. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. එවැනි වාදයක් හින්දුන් හා ක්‍රිස්තියානින් අතර ඇති නො වුයේ ඇයි? ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමටයි මේ ලිපි පෙළෙන් උත්සාහ කෙරෙන්නේ. හින්දු පුනර්ජීවනය බෞද්ධ පුනර්ජීවනයෙන් වෙනස් වූයේ ඇයි. ප්‍රශ්න අසන්නෙ නැති අයට පිළිතුරු අවශ්‍ය වෙන්නෙ නැහැ. වෙන කවුරු හරි ප්‍රශ්න අසා පිළිතුරු සපයන්න සූදානම් වෙන විට පඬි නැට්ටන්ට කේන්ති යනවා.

Saturday 26 August 2023

පාණදුරා වාදයේ යාපන පසුබිම

 

පාණදුරා වාදයේ යාපන පසුබිම

 

අදට පාණදුරා වාදයට අවුරුදු 150ක් පිරෙනවා. අදින් අවුරුදු 150කට පෙර අගෝස්තු 26 27 28 දිනවල තමයි වාදය පැවැත වී තියෙන්නෙ. මගේ මතකයට නැගෙන්නේ මා කුඩා කල පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුව පාණදුරේ ගාලු පාර අසළ විවෘත කළ දිනය. එදින අපේ වැඩිහිටියන් පාණදුරා වාදය ගැන සඳහන් කළ දේ. ඔවුන් කිසිවකු වාදය දැක නැහැ. ඔවුන්ගේ කතා බහ අනුව සීයාටත් එකල එතරම් වයසක් නැහැ. සීයා වාදය දැක්කා කියා දැන ගැනීමට හැකියාවක් නැහැ.

Friday 25 August 2023

ඉන්දියාව හඳට රනිල් ත්‍රිකුණාමලයට

 

ඉන්දියාව හඳට රනිල් ත්‍රිකුණාමලයට

 

චන්ද්‍රයානය හඳට ගිහින්. රනිල් ත්‍රිකුණාමලයට ගිහින්. ඉන්දියාව හඳ අයිති කර ගන්න එකක් නැහැ. එහෙම කරන්න බැහැ. තවත් ලෝක බලවතුන් ඉන්නවා. ඔව් ඉන්දියාවත් දැන් ලෝක බලවතෙක්. හඳට ගිය හතරවැනි රාජ්‍යය. ඉන්දියාව ත්‍රිකුණාමලයේ නම් අණසක පතුරවාවි. රනිල් තවදුරටත් බලයේ හිටියොත්. ඒත් දැනට රනිල්ට විකල්පයක් පේන තෙක් මානයක නැහැ. වෙනත් මානයක ඉන්නවා දන්නෙ නැහැ. බටහිර විද්‍යාඥයන් නම් අපට නොපෙනෙන මාන හයක් ගැන කියනවා. සදෙවු ලොව නම් නො වෙයි.

Thursday 24 August 2023

අලි කුලප්පුව හා පැවිිදි කිරීම

 

අලි කුලප්පුව හා පැවිිදි කිරීම

 

නුවර පෙරහැරෙ අලි කුලප්පු වෙලා. ඇතැම් වසරක එහෙම වෙනවා. ඒත් බොහෝ දෙනා තේරුම් ගන්නෙ නැති දේ තමයි අලි ඇතුන් සහිත , නිකම් නොව දන්ත ධාතුන් වහන්සේ රැගත් කරඬුව තබා ගෙන, එවැනි පෙරහැරක් සංවිධානය කරන එක මොන තරම් දක්‍ෂකමක් කියන එක. සිංහල බෞද්ධයන්ට පිළිවෙළකට සංවිධානාත්මක වැඩ කරන්න පුළුවන්. අවුරුදු දහස් ගණනක් තිස්සෙ බව පෙන්නල දීල තියෙනවා. පන්සලේ වැඩ කටයුතු කරන ආකාරය බලන්න, බැරි නම් නිරීක්‍ෂණය කරන්න. එකල අනුරාධපුරේට පැමිණි ජනයා ආපහු යෑමට පෙර සියල්ල පිරිසිදු කර යන බවට ඉංගිරිසි වාර්තා තියෙනවා. මගෙන් මූලාශ්‍ර අහන්න එපා.

Wednesday 23 August 2023

කුරුන්දි දේශපාලන

 

කුරුන්දි දේශපාලන

 

කුරුන්දියේත් ඇත්තේ දේශපාලන. එහි දේශපාලනයක් නැහැ කියන්න බැහැ. අනෙක් අතට හැම දෙයක දේශපාලනයක් ඇත කියන කතාවෙන් මෙහි දී වැඩක් වෙන්නෙත් නැහැ. හුස්ම ගන්නා වායුව කන කෑම ආදී සියල්ල දේශපාලන තීන්දු මත රඳා පවතිනවා. කුරුන්දියේ දේශපාලන ගැන කතා කරන්නේ එවැනි අරුතකින් නො වෙයි.

Tuesday 22 August 2023

සිංහල බෞද්ධ විරෝධීන්

 

සිංහල බෞද්ධ විරෝධීන්

 

සිංහල බෞද්ධ විරෝධය කිහිප ආකාරයකින් ඇති වෙනවා. එය සිංහල විරෝධයක් වෙන්න පුළුවන්. බෞද්ධ විරෝධයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආර්ය විරෝධයක් වෙන්න පුළුවන්. තවත් අතකින් ඉංගිරිසි අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. තමන්ට ලැබෙන්න තියෙන දෙයක් හරි ලැබුණු දෙයක් හරි නැති වීම නිසා ඇති වෙන්නක් පුළුවන්. එය කුල ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඉතා සරල කිවුවොත් ලන්දේසීන්  උඩට ගත් ගොවිගම කුලයට වූ විරෝධයක් සිංහල බෞද්ධ විරෝධයක් බවට පත්වීමක් වෙන්න පුළුවන්. තම දෙමවුපියන්ට ඉංගිරිසි බැරි වීම නිසා ඇති වූ යම් සමාජ ප්‍රතිචාර නිසා සිංහල බෞද්ධ විරෝධයක් ඇති වෙන්න පුළුවන්.

Monday 21 August 2023

සිංහල බෞද්ධ පිරිසකගේ හීනමානය

 

සිංහල බෞද්ධ පිරිසකගේ හීනමානය

 

ලෝක ඉතිහාසයේ ඉංගිරිසින් තරම් සැලසුම් සහගත තම සංස්කෘතිකාංග අනෙක් අය මත පැටවූ පිරිසක් ඉඳලා නැහැ. භාරතයට පැමිණි ආර්යයයන්ට දකුණු ඉන්දියාවටවත් තම සංස්කෘතිය පතුරවන්න බැරි වුණා. මා මෙයින් අදහස් කරන්නේ පිරිසක් පැමිණ ජානමය වශයෙන් සංස්කෘතිය ස්ථාපනය කිරීමක් නො වෙයි. වංගයේ ආර්යයන් හා පන්ජාබයේ ආර්යයන් අතර ජානමය සම්බන්ධයකට වඩා ඇත්තේ සංස්කෘතික ඇති වූ සම්බන්ධයක්.

Sunday 20 August 2023

බුද්ධිමත් සිංහලයා

 

බුද්ධිමත් සිංහලයා

 

සිංහලයා මෝඩයා යන කියමන කවුරුන් කී එකක් දැයි කියන්න බැහැ. මට ගැන ඇත්තේ උපකල්පනයක් පමණයි. එය හිතළුවක් නො වෙයි. හිතළුව හා උපකල්පනය කියන්නේ එකක් නො වෙයි. යම් කිසි නිරීක්‍ෂණයක් තේරුම් කිරීමට එහෙමත් නැත්නම් විස්තර කිරීමට ගොතන කතාවක් තමයි හිතළුවක් කියන්නෙ. කතාව වැඩ කරනවා නම් එය අදාළ පුද්ගලයන් විසින් පිළිගැනෙනවා. වැඩ කරන කතාවලට ප්‍රවාද කියා කියනවා.

Saturday 19 August 2023

කුරුන්දි ගිය ගජේන්ද්‍ර පොන්නම්බලම්

 කුරුන්දි ගිය ගජේන්ද්‍ර පොන්නම්බලම්

 

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මෙරට දෙමළ වෙල්ලාල ජාතිවාදය අවුස්සන එක් පරම්පරාවක තුන්වැනි පරපුරේ. කුමාරස්වාමි පොන්නම්බලම් පරම්පරාව තරම් විහිදී නොගියත් ඔහු තම පරම්පරාවේ කාර්යය ඉටු කරනවා. මෙරට දෙමළ ජාතිවාදය වෙල්ලාල ජාතිවාදයක්. වෙල්ලාලයන් ලන්දේසීන්ගේ උපකාරයෙන් යාපනයේ අනෙක් කුල දුර්වල කර සමහරුන් වහලුන් කර ආධිපත්‍යයට පැමිණීමෙන් පසු ඉංගිරිසින් යටතේ රටේ ප්‍රධානීන් බවට පත් වුණා. ඔවුන්ගේ ප්‍රධානත්වය නැති වෙන බව 1911 පමණ සිට ඔවුන්ට වැටහුණා. එතෙක් විදේශිකයන් මලබාරයන් ආදී වශයෙන් හඳුන්වනු ලැබ සිටි ඔවුන් එවකට රෙජිස්ට්‍රාර් ජෙනරල් හෙවත් මහා ලේඛකාධිකාරි සිටි පොන්නම්බලම් අරුණාශලම්   සංගණනයෙහි දී ලංකා දෙමළ ලෙස නම් කළා.

Friday 18 August 2023

පොන්නම්බලම් හා කුරුන්දි

 පොන්නම්බලම් හා කුරුන්දි

කුරුන්දි ගිය සිංහලයන්ට දේශපාලන ශක්තියක් නොදුන්නේ ඇයි?
ගජේන්ද්ර පොන්නම්බලම්ට අවශ්ය 1939 දී තම සීයා කළ දේ කිරීමට ද?

සිංහල බෞද්ධ විරෝධීන් කොටසක්

 

සිංහල බෞද්ධ විරෝධීන් කොටසක්

 

සිංහල බෞද්ධ විරෝධීන් වර්ග කිහිපයකට ගොනු කරන්න පුළුවන්. සිංහලයන් අතර මෙන් සිංහලයන් නොවන්නන් අතර ඔවුන් ඉන්නවා. සිංහලයන් අතර ඉන්නවා කියපු ගමන් ඇතැමුන් කියන්න බැරි නැහැ තමන් සිංහලයන් නොවේය කියා. ඔවුන් කියාවි තමන් ගෝත්‍රවාදී නොවන බවත් මනුෂ්‍යයන් බවත්. ඒත් ඔවුනුත් ජීවත් වෙන්නෙ සිංහල සංස්කෘතියෙ. ඔවුන් තමන් විද්‍යාත්මක තාර්කිකයන් හැටියටත් හඳුන්වා ගන්න පුළුවන්. ඒත් ඔවුන් බොහෝ දෙනකු විද්‍යාවත් ගණිතයත් හැදෑරීමට බැරුව වෙනත් විෂය ඉගෙන ගත් අය.

Thursday 17 August 2023

කුරුන්දියේ සංඝය හා අසංඝය

 

කුරුන්දියේ සංඝය හා අසංඝය

 

කුරුන්දි විහාරය තියෙන තැන පුරාණ ශිවන් අයියනායක කෝවිලක් තිබුණු බව කියමින් එහි කිරි ඉතිරවීමක් (පොංගල්) කරන බවයි වෙල්ලාලයන් කියන්නේ. එතැන ශිවන් අයියනායක කෝවිලක් හැදුවේ කවුද කොයි කාලයේ ආදිය කිසිවකු කියන බවක් පේන්න නැහැ. කොහොම වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිරි ඉතිරවීමට විරුද්ධ නැහැ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීිතිඥ මහතා මුලතිවු මහේස්ත්‍රාත් උසාවියේ දී අගෝස්තු අටවැනි දා කියා ඇත්තේ පහත සඳහන් කරුණයි.

Wednesday 16 August 2023

කුරුන්දි වටා එක්වෙමු

 කුරුන්දි වටා එක්වෙමු


ලබන දහඅටවැනි දා නැතිනම් අනිද්දා කුරුන්දි විහාර බිමෙහි වෙල්ලාලයන් පූජාවක් කිරීමට සූදානම් වෙන බවට තොරතුරක් තියෙනවා. පූජාවක් කරන එක නරක නැහැ. හින්දුන් කතරගමත් යනවා. ඒ එහි ඊනියා දෙමළ රාජ්‍යයක් තිබී නො වෙයි. ගැමුණු රජු ද කතරගම ගොස් මහසෙන් දෙවියන්ට පූජාවක් කළ බව කියනවා. ඒ දේවාගමේ පැරණි දෙවි කෙනෙක්. එහි කෝවිලක් තිබූ බවට මා දන්නා තරමට ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. මා පවත්වන ඉතිහාස දේශන සංවිධානය කළ අයට ගහන්න සූදානම් චන්ඩින්ට ඉණිමං බඳින පේරාදෙණි ඉතිහාසඥයන් එහි කෝවිලක් තිබූ බව පෙන්වා තිබෙනවා ද කියා මා දන්නේ නැහැ. 

Tuesday 15 August 2023

ගජේ ගහන්න පුරුදු කරන අධ්‍යාපනය

 

ගජේ ගහන්න පුරුදු කරන අධ්‍යාපනය

 

මෙරට අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා කියල අහන එක අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. අපේ රටේ මෙන් වෙනත් බොහෝ රටවල තියෙන්නෙ වෙනින් කාගෙන් ලැබුණු අධ්‍යාපනයක්. අධ්‍යාපනය විතරක් නො වෙයි රැකියා ව්‍යුහය ආදී සැම එකක් වෙනින් කාගෙ ? අපට කිසිවක් අපේ කර ගන්න බැරි වුණා.

කවුද මේ දෙමළුන්?

 අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක් එකොළොස් වැනි දේශනය

කවුද මේ දෙමළුන්? - ආචාර්ය නලින් ද සිල්වා

2023 අගෝස්තු 19 වැනි සෙනසුරාදා රාත්රී 8.00 ට
Join Zoom Meeting
Meeting ID: 817 7096 8839
Passcode: 601425
YouTube Live

Monday 14 August 2023

සිංහලයෝ හා පූර්වයෝ

 

සිංහලයෝ හා පූර්වයෝ

 

 

මා ඉතිහාසඥයකුවත් වාග් විද්‍යාඥයකුවත් වෙනත් කිසිම විද්‍යාඥයකුවත් ශාස්ත්‍රඥයකුවත් නො වෙයි. මොටාවේ හා මෙටාවේ බොහෝ දෙනා මා දන්නේ කළහකරුවකු, පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ විශ්වාස කරන මෝඩයකු, මිථ්‍යා මතධාරියකු, ජාතිවාදියකු, ආගම්වාදියකු, තානාපතිකමක් සඳහා රාජපක්‍ෂලාට කඩේ ගිය අයකු, කුහකයකු ආදී වශයෙන්. මාක්ස්වාදී ජාතිකවාදීන් මා ප්‍රතික්‍ෂෙප කරනවා.

Sunday 13 August 2023

මෝදි හා කච්චතිවු

 

මෝදි හා කච්චතිවු

 

මෝදි හින්දු ජාතිකත්ව නායකයෙක්. එහෙත් එය ඉන්දියාවට සීමා විය යුතුයි. අප ඉන්දියාව තරම් බල සම්පන්න නැති බව පිළිගන්නවා. ණය වෙලා බංකොළොත් වෙලා ඉන්න රටකට කරන්න පුළුවන් දේ මොකක් කියල අහන්න පුළුවන්. මදිවට අපට ණය දෙන රටක් බවට ඉන්දියාව පත් කරගෙන. අප කෙරෙහි වූ අනුකම්පාවෙන් හා අවුරුදු දෙදහසකට වඩා ඈත අතීතයකට යන මිත්‍රත්වයෙන් බවයි පැවසෙන්නේ.