Main Logo

Tuesday 29 August 2023

ගල්කන්දක් නොකළ යුතු බොරළුකන්ද

 

ගල්කන්දක් නොකළ යුතු බොරළුකන්ද

 

ආර් සම්බන්ධන් කියන්නෙ දෙමළ ජාතික සන්ධානයෙ නායකයා. සංධානය දැන් දෙකට තුනට කැඩිලා. නිසාමත් වෙල්ලාල ජාතිවාදීන්ට ප්‍රශ්න. වාර්තා වෙන විධියට සම්බන්ධන් නැගෙනහිර පළාතෙ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ට දුරකථනයෙන් කතා කරල කී දෙයක් අනුව ආණ්ඩුකාරයා නියෝගයක් නිකුත් කරල ප්‍රාදේශීය ලේකම් පොන්නයියා දනේශ්වරන්ට බොරළුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් කටයුතු වහාම නවත්වන ලෙසට. උතුරු හා නැගෙනහිර පළාත්වල මොකද වෙන්නෙ? බෞද්ධ විරෝධී ඉංගිරිසි ආණ්ඩු කාලෙවත් මෙහෙම දේ සිදු වුණේ නැහැ.

 

බොරළුකන්ද රජමහා විහාරය පිහිටලා තියෙන්නෙ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙ. සම්බන්ධන් දිස්ත්‍රික්කයෙ මන්ත්‍රි. ඔහු කලක් විපක්‍ෂ නායක වෙලත් හිටියා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙ නිලාවැලි පාරෙ පෙරියකුලම් ප්‍රදේශයේ බොරළුකන්ද රජමහා විහාරය පිහිටල තියෙන්නෙ. අවුරුදු දෙසීයකට මෙහා පැත්තෙ ලංකාවට පැමිණි අයකුගෙන් පැවත එන තොණ්ඩමන්ටත් අවුරුදු හාරසීයකට මෙහා පැත්තෙ ලංකාවට පැමිණි අයකුගෙන් පැවත එන සම්බන්ධටවත් නැගෙනහිර පළාතෙ ඓතිකාසික උරුමය ගැන හැඟීමක් නැතුව ඇති.

 

ඒත් ඔවුන් ලංකාවට පැමිණි දිනය එතරම් වැදගත් නැහැ. උරුමය බොහෝ විට හැඟීමෙන් එන එකක්. ඊයෙ පෙරේදා ලංකාවෙ රටවැසිකම ලබාගත්ත අයකුට වුණත් උරුමය ගැන හැඟිමක් ලබා ගන්න පුළුවන්. එය හුදෙක් ඉතිහාසය පාඩම් කිරීමෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නො වෙයි.

 

තොණ්ඩමන් ආණ්ඩුකාර ධුරයට පත් කළ රනිල් වික්‍රමසිංහ බද්දේගම පැත්තෙ. ඔහුට මානවම්ම රජුට සම්බන්ධයක් තියෙනවා කියනවා. ඒත් ඔහුට උරුමය ගැන හැඟීමක් තියෙනවා ? නැගෙනහිර පළාතෙ දාගැබ් ලයිට්හවුස් සමග සම්බන්ධ කරල කතාවක් කියන්න උරුමය ගැන හැඟීමක් තියන අයකුට පුළුවන් කියල මා දන්නෙ නැහැ. පහුගිය දා අපි ගියා දොන් ජුවන්ගෙ ලයිට්හවුස් බලන්න. එය තියෙන්නෙ ඇමරිකා හා කැනඩා අතර සමුද්‍ර සංධියේ. ගැන පස්සෙ.

 

කොහොම වෙතත් රනිල් තොණ්ඩමන් සම්බන්ධන් ත්‍රිකෝණයක් දකින්න පුළුවන්. ප්‍රශ්නය තියෙන්නෙ තොණ්ඩමන් ආණ්ඩුකාරයාට පුළුවන්   එහෙම තහනම් නියෝගයක් දෙන්න කියන එක. මේ රටේ ඉංගිරිසින් 1892 පනවපු ආඥා පනතකට අනුව බෞද්ධ සිද්ධස්ථානයක් ආණ්ඩුකාරයාගෙ (එකල මුළු රටේ , නැගෙනහිර පළාතෙ නොව) අවසරයක් නැතුව වුණත් හදන්න පුළුවන්  වුණා පමණක් නො වෙයි සිද්ධස්ථානය ආරක්‍ෂා කිරීමටත් ආණ්ඩුව බැඳී හිටියා. රනිල් ආඥා පනත වෙනස් කරල දන්නෙ නැහැ.

 

එදා ඉංගිරිසි ආණ්ඩුකාරයා බැඳී හිටියත් බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා කිරීමට හා 1815 ගිවිසුමෙන් බුද්ධාගම හා දේවාගම රැක ගැනීමට හා වර්ධනය කිරීමට අද ජනාධිපති රනිල් හා ඔහුගෙ නැගෙනහිර පළාතෙ ආණ්ඩුකාරයා එසේ බැඳී නැද්ද? අද අප ජීවත් වෙන්නෙ ඉංගිරිසින් තරමටවත් බුදුසසුන රකින්න වැඩ කරන්නෙ නැති ඊනියා නිරාගමික ආණ්ඩුවක් යටතේ ? බටහිරයන්ගෙ හා ඉන්දියාවෙ පරගලය එපමණකට සාර්ථක වෙලා ?

 

විධුර වික්‍රමනායක නම් කියල තිබුණ ආණ්ඩුව නැගෙනහිර පළාතෙ ආණ්ඩුකාරයාගෙ නියෝගය පිළිගන්නෙ නැහැ කියල. ඒත් ඒකෙන් වැඩක් වෙනවා කියන එක ප්‍රශ්නයක්. ආණ්ඩුවට තිබුණ වහාම ආණ්ඩුකාරයාගෙන් ප්‍රශ්න කරන්න. සම්බන්ධන්ට පුළුවන් නම් දුරකථන පණිවුඩයෙන් ආණ්ඩුකාරයාට උපදෙස් දෙන්න ආණ්ඩුවට බැරි කමක් තියෙන්න විධියක් නැහැ දුරකථනයෙන් ආණ්ඩුකාරයාට නියෝගයක් දෙන්න.

 

ඒත් වැඩේ කෙරිලා නැහැ. නිසා බොරළුකන්ද රජ මහා විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ ශීලවංස හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට වැඩම කර තමන්වහන්සේගෙ විරෝධය පළ කරන්න සිදු වෙලා. එතැන තිබූ කමිටු රැස්වීමට තොණ්ඩමන් ආණ්ඩුකාරය සහභාගි වී හිටිය බවයි කියැවෙන්නෙ.

 

ආණ්ඩුකාරයා තමන් කලින් දුන් නියෝගය අස්කරන්. ඒක හොඳයි. ඉංගිරිසින් නැගෙනහිර පළාතෙ දෙමළ ජනකොටසක් පදිංචි කළෙ කඳුකරයෙ පදිංචි කරන්න ටික කාලෙකට ඉස්සෙල්ලා. කොහොම වුණත් වෙල්ලාලයන් නැගෙනහිර හරි කඳුකරයෙ හරි දෙමළ ජනකොටස් පයිසෙකට මායිම් කෙළෙ නැහැ.

 

කොහොමටත් අර දෙමළ බෞද්ධයන් ගැන කියවන බුද්ධියෙන් මත් වූ බුද්ධිමතුන් නැගෙනහිර පළාතෙ දෙමළ බෞද්ධයන් හිටියෙ කොහෙ කියල සම්බන්ධන්ටයි තොණ්ඩමන්ටයි කියල දෙනවා නම් හොඳයි. බැරි   බොරළුකන්දට දෙමළ නමක් දෙන්න. උතුරු පළාතෙ කදුරුගොඩට දීල තියෙන්නෙ.