Main Logo

Tuesday 1 August 2023

ජාතික ගීිය හා යහපාලනය

 

ජාතික ගීිය හා යහපාලනය

 

ජාතික ගීය ගැයීම පිළිබඳ කතා කරන්න හිතුනෙ වෙනත් දේත් කීමට. ගීතය ගායනා කර තියෙන්නෙ උමාරා සිංහවංස. මා හිතන්නේ ඇගේ පියා මැලේසියාවෙන් මෙරටට පැමිණි අයකු කියා. අද මැලේසියාව කිවුවත් එදා කිවුවෙ මලයාව කියල. අප කුඩා කාලයේදීත් මලයාව තමයි. මලයාව හා ලංකාව අතර ඉතිහාසය පුරා සම්බන්ධකම් තිබිල තියෙනවා. මැලේ භාෂාවත් මේ කලාපයේ භාවිතා වෙච්ච භාෂාවක්. වරක් එක් මැලේ ජාතිකයකු මට මහත් අභිමානයෙන් කිවුවෙ එකල මැලේ කලාපීය භාෂාව වූ බවයි.

 

මලයාව ඉන්දුනීසියාව අද මුස්ලිම් වුණත් කලකට ඉහත බෞද්ධ. රටවලට බුදුදහම හඳුන්වා දීමේ දී ලංකාව කාර්ය භාරයක් කරන්න ඇති. ථෙරවාදය මියන්මා දේශයට නැත්නම් බුරුමයට හඳුන්වා දී ඇත්තෙත් ලංකාව. එයට කලින් එහි තිබී ඇත්තේ මහායාන බුදුදහම. කාම්බෝජයට  බුදුදහම ගෙන ගියේ නිශ්සංක මල්ල රජු කියනවා. කොහොම වෙතත් ථෙරවාදය අග්නිදිග ආසියාවට හඳුන්වා දීමේ දී ලංකාව නැත්නම් සිහල දේශය වැදගත් කාර්ය භාරයක් කරන්න ඇති.

 

මලයාව ජාවා ආදි පළාත් ස්වර්ණභූමි කියාත් හැඳින්වුණා. අප රට සමග ජාවා පළාතත් සම්බන්ධයි. අප කුඩා කළ අපේ ගමේ සිංහල බෞද්ධයන්ට අමතර ආගම් පවුලක් (කතෝලික) ජා පවුලක් හා ලංසි පවුලක් හිටියා. ඔවුන් දැන් කොහේ ඉන්නවා කියා මා දන්නේ නැහැ. එහෙත් සියල්ලන් සිංහල කතා කළා. උමාරාගේ වාසගම සිංහවංස. මලයාවෙත් සිංහ වාසගම් තියෙනවා. රටටත් කාලිංගයෙන් (සිංහ පුරයෙන්) සිංහ පුත්‍රයන් ගිහින් තියෙන බව පැහැදිලියි. කාලිංගයේ ප්‍රධාන වරායක් වුණෙ උත්කලා. උත්කලා වරාය තියෙන්නෙ උතුරු කාලිංගයෙ. එය  උත්‍ර කාලිංග යන්නෙන් හැදුණා කියා මතයක් තියෙනවා. කොහොම වෙතත් උත්කලා එකල ප්‍රධාන වරාය. තපස්සු භල්ලුක වෙළඳාමෙ යන්නත් යොදා ගත්තෙ මේ වරාය. මියන්මාහි යැංගොන් ගඟ අසබඩ උක්කලා කියා ප්‍රදේශයක් තියෙනවා. තපස්සු භල්ලුක සමග උක්කලාත් සම්බන්ධයි.

 

කාලිංගයේ වරායෙන් සිංහපුත්‍රයන් ලංකාවට (යාපනයට - දඹකොළ පටුනට, ගෝකණ්නයට) සහ අග්නිදිග ආසියාවට ගිහින් තියෙනවා. යන අය සමහර ප්‍රදේශවල සිංහපුරවල් හදල තියෙනවා. එකල මලයාවට අයිති තිබූ සිංගප්පූරුවත් එක් සිංහපුරයක්. මලයාවට ගිය අය අතර සමහර විට කාලිංග මාඝගේ මුත්තන් ජාවා රටට ගිය අය අතර චන්ද්‍රභානුගේ මුත්තන් ඉන්න ඇති. ඔවුන් ලංකාවේ රජකම සොයා ආවෙත් ඥාතිි සම්බන්ධකම් නිසා වෙන්න ඕන. නිශ්සංක මල්ලත් යාපනයෙ සිංහපුරෙ පදිංචි වූ අයගෙන් පැවත එන්නෙක් වෙන්න පුළුවන්. දෙවැනි විජයබාහු රජු ඔහුට පොළොන්නරුවට එමට ආරධනා කළ බව කියනවා. ආරාධනය ඉන්දියාවට යාපනයට ?  උමාරාත් කාලිංගයෙන් මලයාවට ගිය අයගෙන් පැවත එනවා වෙන්න පුළුවන්. ඇය දැන් ලංකාවට පැමිණ ජාතික ගීයත් ප්‍රසිද්ධ උත්සවවල ගයනවා.

 

ඇය පරගලයට සම්බන්ධ වුණා නැද්ද ප්‍රශ්නයක් නො වෙයි.  ඇය දැන් ලංකාවේ ප්‍රසිද්ධිය ජනප්‍රියතාව අපේක්‍ෂා කරන තවත් ගායිකාවක් පමණයි. එකල ගායක ගායිකාවන් කී දෙනකු පරගලයට ආශිර්වාද කළා ? උමාරාට ඔය විධියට ජාතික ගීය ගායනා කරන්න කිවුවේ කවුද දන්නෙ නැහැ. ක්‍රිකට් ආයතනය වෙනත් කවුරුන්වත් ? ක්‍රිකට් ආයතනය ලංකාවේ නීතිය අනුව වැඩ නොකරන බව ක්‍රීඩා ඇමති කියනවා. ඔහු එල් පී එල් සමාරම්භක උත්සවයට සහභාගි වෙලත් නැහැ. උමාරාට හරි කාට හරි ඕන ඕන විධියට ජාතික ගීය ගයන්න බැහැ. එහි වචන සංගීතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ව්‍යවස්ථාවට පිටින් ගායනා කිරීම නීති විරෝධී වැඩක්. ඇය ව්‍යවස්ථාව උල්ලංඝනය කර තියෙනවා.

 

එහෙත් රනිල්ලාගේ ආණ්ඩුවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ජාතික ගීය දෙමළෙන් ගැයීමෙන්. උමාරා තරමට ගිහින් නැහැ. මේ රටේ නීතියක් කියා එකක් නැහැ. නීිතිය නැවීම මෙරට නිතර සිදු වෙන දෙයක්. හැම නීතියක හිල් තියෙනවා. හිල් හොයා ගන්න අය දක්‍ෂ නීතිඥයන් වෙනවා. නීතිඥයන්ට කටත් තියෙනවා නම් තවත් හොඳයි. නවන්න පුළුවන් නීතිය වැඩි පුර නැවුවොත් කැඩෙනවා.

 

උමාරා කරල තියෙන වැඩේ වැරදියි. සිංහල උච්චාරණය අද ජාතික රුපවාහිනියට පින් සිද්ධ වෙන්න ඉංගිරිසි ඌරුවක් ගන්නවා. එහි නිවේදකයන් ඔවුන් කියන වචනෙ උච්චාරණය කරන්නෙ clog කියන ඉංගිරිසි වචනෙ ඔ(o) උච්චාරණය කරනවා වගේ. යන්න උගුරෙ හිරවෙනවා දන්නෙ නැහැ. සාමාන්‍ය සිංහලයන්ට නම් ඒක කියවෙන්නෙ කොලොග් කියල. එතකොට ඉංගිරිසි හොඳින් උච්චාරණය කරන අය හිනහවෙනවා.

 

මා උමාරා නිදොස් කරනවා නො වෙයි. දෙමළෙන් ජාතික ගීය ගැයීමට කටයුතු කළ අයත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. සැමට එක හැන්දක්. එහෙමත් නැත්නම් නීතිය ඉදිරියේ සියල්ලන් සමානය කියනවා. වඩා සමාන අයත් නීතියට අනුව ඉන්න පුළුවන් ?