Main Logo

Saturday 19 August 2023

කුරුන්දි ගිය ගජේන්ද්‍ර පොන්නම්බලම්

 කුරුන්දි ගිය ගජේන්ද්‍ර පොන්නම්බලම්

 

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මෙරට දෙමළ වෙල්ලාල ජාතිවාදය අවුස්සන එක් පරම්පරාවක තුන්වැනි පරපුරේ. කුමාරස්වාමි පොන්නම්බලම් පරම්පරාව තරම් විහිදී නොගියත් ඔහු තම පරම්පරාවේ කාර්යය ඉටු කරනවා. මෙරට දෙමළ ජාතිවාදය වෙල්ලාල ජාතිවාදයක්. වෙල්ලාලයන් ලන්දේසීන්ගේ උපකාරයෙන් යාපනයේ අනෙක් කුල දුර්වල කර සමහරුන් වහලුන් කර ආධිපත්‍යයට පැමිණීමෙන් පසු ඉංගිරිසින් යටතේ රටේ ප්‍රධානීන් බවට පත් වුණා. ඔවුන්ගේ ප්‍රධානත්වය නැති වෙන බව 1911 පමණ සිට ඔවුන්ට වැටහුණා. එතෙක් විදේශිකයන් මලබාරයන් ආදී වශයෙන් හඳුන්වනු ලැබ සිටි ඔවුන් එවකට රෙජිස්ට්‍රාර් ජෙනරල් හෙවත් මහා ලේඛකාධිකාරි සිටි පොන්නම්බලම් අරුණාශලම්   සංගණනයෙහි දී ලංකා දෙමළ ලෙස නම් කළා.

 

පසුව අරුණාශලම් මැනිං යෝජනා අනුව පැවැත් වූ සීමිත ඡන්දයේ දී කොළඹ නගර කොට්ඨාශය ඉල්ලා සිටියා. ලංකා ජාතික සංගමය එයට එකඟ නොවූ විට ඉන් අස් වී යාපනයට ගොස් 1921 දී ප්‍රථම ජාතිවාදී සංවිධානය වූ දෙමළ මහජන සභාව පිහිටුවා ගත්තා. 1924 දී ඔහු මිය ගියා. ඔහුගේ වැඩිමහල් සොහොයුරු රාමනාදන් මෙරට නායකයා ලෙසයි කටයුතු කළේ. සහෝදරයන් දෙදෙනා මෙරට ජාතිවාදී බීජ වැපුරූ අය. රාමනාදන් 1930 දී මිය ගියා.

 

වන විට ජී ජී පොන්නම්බලම් දෙමළ ජාතිවාදයේ නායකයා බවට පත් වී තිබුණා. 1934 දී ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වුණා. සියල්ලන් ඩොනමෝර් කොමිසම ඉදිරියේ සර්වජන ඡන්දයට විරුද්ධ සාක්‍ෂි ඳුන්නා. කෙසේ වෙතත් 1939 දී ජී ජී පොන්නම්බලම් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දි දෙමළ ජාතිවාදී දීර්ඝ කතාවක් කළා. වෙල්ලාලයන් අනෙක් කුල පහතට දමා තිබුණ නමුත් සර්වජන ඡන්දයත් සමග ඔවුන්ට කුලවල ඡන්දය අවශ්‍ය වුණා. සඳහා ඔවුන් තමන් විසින් අසරණ භාවයට පත් කෙරී සිටි අනෙක් දෙමළ ජනයා සිංහලයන් නිසා දුක් විඳින බව කියන්න පටන් ගත්තා.

 

1939 අවුරුද්දේ ජී ජී පොන්නම්බලම් නාවලපිටියට ගොස් සිංහලයන්ට හා මහාවංසයට අපහාස කළා. සමග මෙරට පළමු ජාතිවාදී කලබල ඇති වුණා. එමෙන් ව්‍යාජ ඉතිහාසය ගෙතීමේ තවත් පියවරක් තැබුවා. පළමු පියවර තැබුවේ ලන්දේසි ආණ්ඩුකාරයාගේ ආරාධනයෙන් යාල්පානම් වයිපව මාලෙයි ගෙතු මුදලිවරයා. යාපනයේ දෙමළ රාජ්‍යයක් තබා ස්වාධීන රාජ්‍යයක්වත් තිබී නැහැ. එය එක්කෝ පාණ්ඩ්‍ය, විජයනගර් නැත්නම් සිංහල රාජධානියේ යටත් ප්‍රදේශයක්. එය අවසන්වරට යටත් තිබුණේ සෙනරත් රජුට. පෘතුගීසීන් අවසන් වරට යාපනය අල්ලා ගත්තේ සෙනරත් රජුගෙන්. මේ ගැන වැඩි විස්තර අද රාත්‍රී පැවැත්වෙන දේශනයෙන්.

 

ජී ජී පොන්නම්බලම්ගේ පුතා කුමාර් පොන්නම්බලම්. ඔහුගෙන් එස් එල් ගුණසේකර දෙමළ ජනයාගේ අභිලාෂය කුමක් දැයි ඇසු විට දුන් පිළිතුර වූයේ රජයේ ඇතැම් ලේඛන දෙමළ බසින් තිබිය යුතු යන්නයි. සඳහා ඔවුන් වෙන රාජ්‍යයක් ඉල්ලන්නේ. වෙල්ලාලයන් වෙන රාජ්‍යයක් ඉල්ලන්නේ මෙරට තමන් ඉසිලු තනතුරු වරප්‍රසාද නායකත්වය ආදිය ඉංගිරිසින්ගෙන් පසු නැති වූ නිසායි. දෙමළ ජාතිවාදයේ මුල වරප්‍රසාද නායකත්ව රැක ගැනීමට නොහැකි වීමෙන් ඇති වූ අපේක්‍ෂා භංගත්වයයි.

 

අද ජී ජී පොන්නම්බලම්ගේ මුණුබුරා කුමාර් පොන්නම්බලම්ගේ පුතා තම පියාගේ හා සීයාගේ අඩි පාරේ යමින් උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන නැති කරන්න හදනවා. එයට ලයිට්හචුස් ඉතිහාස කතාවලින් සහායක් ලැබෙනවා. ව්‍යාජ ඉතිහාසයක් ගෙන හැර දක්වමින් ඔවුන් ශිවන් අයියනායක කෝවිලක් කුරුන්දියේ තිබූ බව කියනවා. පුරා විද්‍යා භූමියක ගිනි මැළ ගසා කිරි ඉතිරවීම් කරනවා.

 

මෙය පොන්නම්බලම්ගේ ඡන්ද ව්‍යාපාරයේ කොටසක් වෙන්න පුළුවන්. එහෙත් සඳහා සිංහල බෞද්ධ උරුමය පාවා දෙන්න හදනවා නම් එය තදබල වරදක්. ආරංචි හැටියට ඊයේ සිංහලයන් විශාල පිරිසක් කුරුන්දි ගොස් ගිනි අවුලවන්නේ නැතුව පින්කම් කරලා. එය වටින දෙයක්.

 

එහෙත් සිංහල දේශපාලනඥයන් එහි ගොස් නැහැ. ඔවුන් නොයෙකුත් හේතු කියාවි. එකක්වත් අපට වැඩක් නැහැ. අද සිංහලයන්ට දේශපාලන නායකත්වයක් නැහැ. පරගලයේ ප්‍රතිඵලයක්. එයින් කියන්නේ මෙරට පඬි නැට්ටන් මහින්ද හා ගෝඨාභය ගෙදර ඇරියා කියන එක නො වෙයි. එය සම්පූර්ණයෙන් බටහිර හා ඉන්දීය සැලැස්මක්.

 

දෙමළ වෙල්ලාලයන් සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදයක් පටන් අරන් පවත්වා ගෙන යනවා. එයට ඇතැම් සිංහල ක්‍රිස්තියානි/කතෝලික පූජකවරුන්ගේ සහාය ලැබෙනවා. එහෙත් කිසිවකු ජාතිවාදියකු බව කියැවෙන්නේ නැහැ. දෙමළ වෙල්ලාල ජාතිවාදයට විරුද්ධ වෙන අය ජාතිවාදීන් ආගම්වාදීන් ගෝත්‍රවාදීන් ලෙස හැඳින්වීමට පඬි නැට්ටන් පෙළගැහී ඉන්නවා. අපි ඔවුන් ගැන පසුව කතා කරමු,