Main Logo

Wednesday 2 August 2023

ජාතික ගීය ගැන තවදුරටත්

 

ජාතික ගීය ගැන තවදුරටත්

 

ජාතික ගීය ගැන තවත් කතා කරන්න අවශ්‍ය ගැන විවිධ කතා ඇහෙන නිසා. උමාරා සිංහවංස ජාතික ගීය ගැයීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි කියන විට ඇතැමුන් අහනවා ව්‍යවස්ථාව බටහිර නේ කියා. මා හිතන්නේ ඔවුන් අසන්නේ ව්‍යවස්ථාව බටහිර සංකල්පයක් නේ යන්න වෙන්න ඕන. අද පවත්නා ආකාරයෙන් නම් ව්‍යවස්ථාව කියන්නෙ බටහිර සංකල්පයක් තමයි. විතරක් නොවෙයි ජාතික ගීය කියන එකත් බටහිර සංකල්පයක්.

 

විතරක් නම් මදැයි. මේ ලිපිය ලිවීමට යොදා ගන්නා පරිගණකය එය පළ කෙරෙන මෙටාව කාලය වෙබ් අඩවිය මේ එකක්වත් සිංහලයන්ගෙ සංස්කරණ නො වෙයි. මට මේ ලිපිය පන්හිඳෙන් පුස්කොළයක ලියන්න බැහැ. ලිව්වත් අද වැඩක් වෙන්නෙත් නැහැ. මා තර්ක කරන්න යන්නෙ නැහැ සිංහලයන්ට තමන්ගේ ව්‍යවස්ථා තිබුණ බවත් දශරාජ ධර්මය මත පදනම් වූ බවත් ඇතැම් සෙල්ලිපිවල ව්‍යවස්ථාව අඩංගු වෙන බවත්. කොළඹ විශ්වවිද්‍යාලයෙ සුවාදීන ශිෂ්‍ය  සංගමය නම් ජාතික චින්තනය දැක්කෙ බරකරත්තෙන් අනුරාධපුරයට යෑමක් ලෙස. තමන් හිතපු ආකාරයට වෙනස් වෙන ආකාරයට අප කටයුතු කිරීම ඔවුන් දකින්නෙ ජාතික චින්තනයට විරුද්ධ යෑමක් ලෙස. තම විකාර මත පදනම් කර ගෙන ප්‍රශ්න අහන්න අයට නිසි ආකාරයෙන් පිළිතුරු දීම නම් මා කළා.

 

අප බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කරන්නෙ නැහැ. එහෙම කළොත් අපට අඩු තරමෙ බසයකවත් යන්න බැහැ. එහෙත් අපි බටහිර දැනුමෙ ආධිපත්‍යයට යට වෙන්නෙත් නැහැ. අද මෙරට මෑත ඉතිහාසය ලියල තියෙන්නෙ ලන්දේසින් ඉංගිරිසින් හා ඔවුන්ගෙ ගෝල බාලයන්. දැනුම් ආධිපත්‍යයක් මත පිහිටල. අපි මෑත ඉතිහාසය පිළිගන්නෙ නැහැ. මෙරට වෙල්ලාලයන් ඉහළට ඔසවමින් කුල භේදයක් සිංහල සමාජයෙහි ඇති කරමින් ක්‍රියා කළ ආකාරයත් ගැන ලියා ඇති ඉතිහාසයත් අපි පිළිගන්නෙ නැහැ. දැනුම සම්බන්ධයෙන් අනුකරණය ආරෝපණය අවශෝෂණය හා අභිසංස්කරණය කියා ක්‍රම හතරක් මා මගේ ලෝකයේ දක්වා ඇති. බටහිර ආධිපත්‍යයට යට වුවන් කරන්නේ අනුකරණය පමණයි. එයත් ඔවුන්ට තේරෙන විධියට.

 

කොහොම වුණත් අද ලෝකයේ රටවලට බටහිර අච්චුවේ ව්‍යවස්ථා තියෙනවා. සමහර විට අලිඛිත ව්‍යවස්ථාවක් ඇත්තේ එංගලන්තයට පමණක් විය යුතුයි. අනෙක් රටවල ලිඛිත ව්‍යවස්ථා තියෙනවා. අපටත් ව්‍යවස්ථාවක් තියෙනවා. අපේ වත්මන් පළමුවැනි ව්‍යවස්ථාව සම්මත වුණෙ එංගලන්ත පාර්ලිමේන්තුවේ. සම්මත කෙරුණු ව්‍යවස්ථාවෙන් තමයි අපට පාර්ලිමේන්තුවක් ලැබුණෙ. පාර්ලිමේන්තුව මත පදනම් වෙලා අපි ජනරජ ව්‍යවස්ථා දෙකක් සම්මත කරගෙන තියෙනවා. කලක් අපි පාර්ලිමේන්තුවට වෙනත් නමකුත් යොදා ගත්තා. නම මොකක් වුණත් කෙරුණෙ එක දේ.

 

ජාතික ගීය සංකල්පයත් බටහිර එකක්. නායක්කාර් රජවරුන්ගෙ කාලෙවත් අපි ජාතික ගීයක් ගැයුවෙ නැහැ. අද වන විට හැම රටකට වගෙ ජාතික ගීයක් තියෙනවා. විශේෂ අවස්ථාවල ජාතික ගීය ගයනවා. එවිට සියලු දෙනා නැගිටිනවා. මෙරට නම් බොහෝ භික්‍ෂුන් වහන්සේ අවස්ථාවෙ නැගී හිටින්නෙ නැහැ. අප ජාතික ගීය බටහිර ආකාරයට අනුගමනය කරන්නෙ නැති බවයි ඉන් පැහැදිලි වෙන්නෙ.

 

කුමක් වුණත් ජාතික ගීය කියන්නෙ විශේෂිත ගීයක්. එය අර බටහිර සංකල්පයක් අනුව සම්මත කර ගත්  අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙන එක ගීය. එය ව්‍යවස්ථාවේ හත්වැනි වගන්තියෙන් කියැවෙනවා, මෙසේයි. "7.ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීයශ්‍රී ලංකා මාතා˜ ගීය වන්නේ . ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වැනි උපලේඛනයෙහි දැක්වෙන්නේ ."

 

ජාතික ගීය එහි පදමාලාව සංගීතය ව්‍යවස්ථාවෙන් නීර්ණය කරල තියෙනවා. එහි පද වෙනස් කරන්නවත් වෙනත් භාෂාවකින් ගයන්නවත්  සංගීතය ප්‍රතිනිර්මාණය කරන්නවත් බැහැ. වෙනත් ගීතයක නම් සංගීතය ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් ඇති. යහපාලන ආණ්ඩුව දෙමළෙන් ජාතික ගීය ගායනා කරල ව්‍යවස්ථාව උල්ලංඝනය කළා.


ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනයේ ශ්‍රී ලංකා මාතා දෙමළට පරිවර්තනය කිරීම වැරදියි. එය ඉංගිරිසියට පරිවර්තනය නොකෙළේ ඇයි? මේ ජේ ආර්ගේ හා ඔහුගේ වෙල්ලාල මිතුරු ඒ ජෙ විලාසන්ගේ වැඩ. ව්‍යවස්ථාවේ වලංගු වන්නේ සිංහල ප්‍රකාශනයයි. මේ ගැන තවදුරටත් පසුවට.  

 

මෙරට එක් එක් විෂයට අයිතිකාරයන් ඉන්නවා. ඇතැමුන් සංගීතයේ අයිතිකරුවන්. තවත් සමහරු ඉතිහාසයේ අයිතිකරුවන්. දේශපාලන විද්‍යාවේ දර්ශනයේ ආදී වශයෙන් විෂය භාර අය ඉන්නවා. මා ඉතිහාසය ගැන කතා කරන විට කුලප්පු වෙලා තප්පුලන අය ඉන්නවා. ඔවුන් ගහන්න කතා කරනවා. මට සංගීතය ගැන මෙලෝ හසරක දැනුමක් නැහැ. මා දේශපාලන විද්‍යාවවත් නීතියවත් හදාරල නැහැ. ඒත් අලි සබ්‍රි මෙරට බහුතරය නියෝජනය කරන්නේ යැයි කියමින් සුළුතරයක් රට අවුල් කරන බව කියන විට මා විරුද්ධ වෙනවා. හැටනව ලක්‍ෂයක් කියන්නෙ සුළුතරයක් නො වෙයි. අලි සබ්‍රි පාර්ලිමේන්තු ආවෙත් මුල දී ඇමතිවරයකු වුණෙත් බහුතරයෙ ඡන්ද මත පදනම් වෙලා. බටහිරයන් සැලැස්මක් ඇතුව වැඩ කරලා අර හැට නව ලක්‍ෂයේ අභිමතය ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නෙ නැති බව අලි සබ්‍රිට තේරෙන්නෙ නැත්තෙ ඔහු දැන් අලි එක්ක ඉන්න නිසා දන්නෙ නැහැ.             

 

වගේ සංගීතයෙ අයිතිකාරයො කියන විට ජාතික ගීය ප්‍රතිනිර්මාණය කිරීමක් ගැන ජාතික ගීය හා ව්‍යවස්ථාව දෙක බටහිර සංකල්ප වුණත් මා එයට විරුද්ධ වෙනවා. අයගෙ අනර්ඝ ලෝක පූජිත ගීත එකක්වත් ව්‍යවස්ථාවෙ සඳහන් වෙන්නෙ නැහැ. නිසා ඔවුනොවුන්ට  අවශ්‍ය විධියට අයගෙ කැමැත්තෙන් සංගීතය ප්‍රතිනිර්මාණය කර ගන්න පුළුවන්. ඒත් ජාතික ගීයෙ පදමාලාව හරි සංගීතය  හරි ප්‍රතිනිර්මාණය කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයයි