Main Logo

Sunday 6 August 2023

ජාතික ගීය හා ප්‍රතිචාර

 

ජාතික ගීය හා ප්‍රතිචාර

 

මා මෙටාවෙ (මුහුණු පොතේ) ලිපි පළ කරන්නේ මගේ අදහස් නිරවුල් කර ගැනීමට. එහෙත් ඇතැම් ලිපි ප්‍රතිචාරවලට විවෘත කරනවා. ප්‍රතිචාර බොහෝමයක් කුණුහරුප. පසුගිය සතියේ ජාතික ගිය ගැන මා පළ කළ ලිපි ප්‍රතිචාරවලට විවෘත කළා. එහි මා සඳහන් කළේ ජාතික ගීය විශේෂිත ගීයක් බවත් එය ප්‍රතිනිර්මාණය කළ හැක්කේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පමණක් බවත්.

 

එමෙන් මා සඳහන් කළා ජාතික ගීයට දෙමළ පරිවර්තනයක් තිබිය නොහැකි බවත් ව්‍යවස්ථාවේ ඉංගිරිසි පරිවර්තනයෙහි ජාතික ගීය ඉංගිරිසියට පරිවර්තනය කර නොමැති බවත්. පසුව මට ලැබුණු තොරතුරු අනුව මා දැන ගත්තේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ දී අන්තිම මොහොතේ ජාතික ගීයේ අතින් ලියන ලද දෙමළ පරිවර්තනයක් කඩිමුඩියේ සාකච්ඡාවකින් තොරව ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති බවත්.

 

කෙසේ වෙතත් ව්‍යවස්ථාවේ නිල පිටපත සිංහල මුල් පිටපත මිස පරිවර්තන නො වෙයි. එබැවින් යහපාලන ආණ්ඩුව දෙමළෙන් ජාතික ගීය ගැයීම වරදක් බවත් මා පෙන්වුවා. ඉන්දියාවෙ ජාතික ගීය ගයන්නෙ බෙංගාලි භාෂාවෙන්. එයට ඓතිහාසික හේතු තියෙනවා. එය හින්දි භාෂාවට පරිවර්තනය කර නැහැ.

 

පසුව මා පෙන්වා දුන්නේ ඉන්දියාව මෙරට තම අණසක පැතිරවීමට වෙල්ලාලයන්  යොදා ගන්නා ආකාරය. එයට විවිධ අය අදාළ නැති ප්‍රතිචාර දක්වා තිබුණා. සමහරු මගේ පියා ගැනත් කියා තිබුණේ එතුමා නිකම් නිකම් සිංහල ගුරුවරයකු බව කියමින්. ඔවුන් යොදා ගත් වචනය නම් එතුමා යන්න නො වෙයි. සිංහල ගුරුවරයකු වූ මගේ පියා ගැන මට ඇත්තේ ආඩම්බරයක්.

 

මේ දිනවල මා පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මගින් ඉතිහාසයට නව සුසමාදර්ශයක් යන  මැයෙන් සංවිධානය කරන දේශන මාලාවක් පවත්වනවා. එය සතිපතා පැවැත්වෙන්නක්. දේශන දොළහකින් සමන්විත දේශන මාලාවේ අටවැනි දේශනය සම්බන්ධයන් රනිල් ඇල්බට් රාජපක්‍ෂ යන නමින් ප්‍රශ්නයක් යොමු කර තිබුණා. මා එයට ඊයේ පැවති නවවැනි දේශනයේ දී පිළිතුරක් ලබා දුන්නා. රනිල් ඇල්බට් රාජපක්‍ෂ නම ප්‍රශ්නයක් සැකයක් ඇති  කරනවා. ව්‍යාජ නමක් ලෙසයි මට හැඟී ගියේ.

 

මා ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් රනිල් ඇල්බට් රාජපක්‍ෂ මහතා පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ වෙබ් පිටුවෙහි ප්‍රතිචාරයක් දක්වා තිබුණා. මා එය මෙසේ පළ කරනවා.

 

"අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක්" දේශනමාලාවේ පෙර සතියක මා මෙම " ශ්‍රී ලංකා පුරාවිද්‍යාව " සමූහය මගින් යොමු කල ප්‍රශ්නයකට ආචාර්ය නලින්ද සිල්වා මහතා අද දින දේශනයෙන් පිලිතුරු ලබා දී තිබුනා, සදහා එතුමාට ස්තූතිය පලකරන අතරම එම දේශනය අතර මැදදී මාගේ නම සම්බන්ධයෙන් එතුමාට ඇතිව පවතින ගැටලුවක් සහ මා ව්‍යාජ නමකින් පෙනී සිටිමින් නිවට ලෙස එතුමාට ප්‍රශ්න යොමු කරන බව පැවසුවා  එයට කෙටි පිලිතුරක් ලෙස මාගේ නම ව්‍යාජනමක් නොවන බවසහදන් කලයුතුයි.

 

එමෙන්ම මා වෙනත් අයගේ ප්‍රශ්න කිරීම් සහ විරුද්ධමත ඉදිරිපත්වේය යන බියෙන් මගේ කොමෙන්ට් සෙක්ශන් එක සහ මැසෙජ්නර් ඇප් එක අවහිර කරමින් ෆේස්බුක් තුල ලිපි පලකරන්නෙක්ද නොවේ.

 

මාගේ මේ කෙටි දැනුම් දීම මෙමෙ සමූහයට නොගැලපෙනවා වෙන්නට පුලුවනි. නමුත් මම මුල් ප්‍රශ්නයද එතුමාට යොමු කලේ මෙම සමූහය තුලින් නිසා මෙම ලිපියත් මෙහි පලකරන්න සිතුවා. ඇත්තෙන්ම මෙහෙ හැර මේ ගැන පලකිරීමක් සිදු කරන්නද වෙනත් තැනක් නෑ, මොකද නලින්ද සිල්වා මහතාගේ ලිපිවල කමෙන්ට් සෙක්ශන් අවහිර කර ඇති නිසා ඔහුගේ වෝල් එකේ පිලිතුරු ලිවීමට නොහැකී.

 

එමනිසා එතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධ තොරතුරු ගැන සාකච්ඡා කරන විටදී හෝ පමනක් එතුමාගේ කමෙන්ට් සෙක්ශන් එක ඕපන් කරන ලෙස."

 

මහතාට අනුව මා මගේ ලිපි ප්‍රතිවාරවලට විවෘත කරන්නේ නැහැ. එහෙත් මහතා මා පසුගිය   හතරවැනි දා පළ කළ ලිපියට ප්‍රතිචාර දක්වා තිබුණා. ඔහුගේ  ප්‍රතිචාරය පහත පළ කරනවා.

 

" Ranil Albert Rajapaksa

ඉන්දියාව් දකුණු ඈසියාවේ එකම පාලකයා උන හින්දාතමයි බුදු දහමත් ලංකාවට ආවේ  අශෝකගෙන් පස්සේ මෝඩි ආය ඒදේම කලා කියලා වෙන තැරියක් නෑ. "

 

මා දැන සිටියේ නැහැ බුදුදහම ලංකාවට ආවෙ ඉන්දියාව දකුණු ආසියාවෙ එක පාලකයා වීම නිසා කියල. මෙහි තැරියක කියන වචනයත් මට තේරුම් ගන්න බැහැ. එහෙත් මා මේ ලිපිය ප්‍රතිචාරවලට විවෘත කරන්නේ නැහැ. වචනෙ තේරුමවත් අශෝක රජු හා මෝදි අතර දකුණු ආසියාවෙ පාලකයා වීම නිසා ඇති සම්බන්ධයවත් ආර්යයන් ගැනවත් දැන ගන්න මට අවශ්‍ය නැහැ.