Main Logo

Saturday 31 August 2019

ගෝලයන් යැයි කියන්නෝ

          සිංහල ලිත් ඉලක්කම්


ගෝලයන් යැයි කියන්නෝ




මා ජීවිතයේ කිසි දිනෙක එතරම් වැඩක් කළ අයකු නො වෙයි. මා බොහෝ විට කරන්නේ මා කැමති දේ පමණයි. කැමති දේ කිරීම වැඩ කිරීමක් නො වෙයි. පාසලේ දී මා අකමැති විෂය ඉගෙන ගත්තේ නැහැ. එවිට ඉගෙන ගැනීම වැඩක් වන්නේ නැහැ.අර වෙළෙඳ දැන්වීමක දෙමව්පියන් පුතාගෙ පාඩම් වැඩ ගැන කියනවා. මෙරට එක් ප්‍රශ්නයක් නම් පාඩම් වැඩ තිබීමයි. මා මේ ලිපි ලියන්නේ වැඩක් ලෙස සලකා නො වෙයි. මේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණයි. මා ලියන්නේ මා කැමති නිසා මිස රටට ඊනියා වැඩක් කරන්න නො වෙයි. මා අකමැති දේ ද ඉඳහිට කරන්න සිදු වෙනවා. ඒ නම් වැඩක් කිරීමක්.  

Friday 30 August 2019

අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද

        සිංහල ලිත් ඉලක්කම්


අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද 



මෙරට දෙමළ ජාතිවාදය මෙන් ම මුස්ලිම් ආගමිකවාදයත් බටහිරින් මෙහෙයවෙන්නෙ. මුස්ලිම් ආගමිකවාදයට සෞදි අරාබියත් හවුල්. මෙය  නිකම් හුදු කියමනක් නොවෙයි. මා කියන්නේ නැහැ මෙය බටහිර කුමන්ත්‍රණයක් කියලා. මේ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය. මා හැමදාමත් මෙන් කියා ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික ආධිපත්‍යයට ඇති විශාල ම තර්ජනය ථෙරවාද බෞද්ධ සංස්කෘතිය යන්න. බටහිර සංස්කෘතික ආධිපත්‍යයට අමතර ව දේශපාලනික හා ආර්ථික ආධිපත්‍යයකුත් ක්‍රියාත්මක වෙනවා. කුමන්ත්‍රණ කතා ප්‍රශ්නයක් විශ්ලේෂණය කර ගන්න බැරි අයට හොඳයි.

Thursday 29 August 2019

ලේක්හවුසිය තිස්ස විතාරණ හා ගෝඨාභය

         සිංහල ලිත් ඉලක්කම් 


ලේක්හවුසිය තිස්ස විතාරණ හා ගෝඨාභය 


ලේක්හවුසියෙන් මිනිසුන්ගේ ඇඟේ ගහන රැස පත්තර කඩමාල්ල මා ලියූ දෙයක් තමන්ට අවශ්‍ය අර්ථකථනයක් දීමට යොදා ගෙන තියෙනවා. ඕනෑම පෞද්ගලික මාධ්‍ය ආයතනයකට තමන් දරණ දේශපාලන හා වෙනත් මත වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය තියෙනවා. මා එහි වරදක් දකින්නේ නැහැ. තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කිව්වළු. ඒත් රජයේ මාධ්‍ය ආයතනවල දේශපාලන හා අනෙක් මත විය යුත්තේ කවරේ ද? රජයේ ආයතන යනු ආණ්ඩුවේ ආයතන නොවන බව මෙරට දේශපාලනඥයන්ටවත් ජනතාවටත් ඒ ආයතනවල වැඩ කරන බොහෝ දෙනාටවත් තේරෙන්නේ නැහැ.

Wednesday 28 August 2019

රනිල්ගේ අභිප්‍රාය පරදවමු

          සිංහල ලිත් ඉලක්කම්




රනිල්ගේ අභිප්‍රාය පරදවමු




එ ජා පක්‍ෂයට හිතවත් එක්සත් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය නමින් හැඳින්වෙන විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිතියක් මගින් කරන ලද සමීක්‍ෂණයකින් කරුණාරත්න ජයසූරිය සජිත් ප්‍රේමදාසට වඩා ප්‍රබල අපේක්‍ෂකයකු බව හෙළිවෙලා. මේ ආචාර්යවරුන් යැයි කියන පිරිස අතර හිටපු ආචාර්යවරුන් ද සිටින බව පැහැදිලියි. ඒ ඒසේ වුවත් ඔවුන් තමන් දන්නා සමීක්‍ෂණයක් කරලා. සමීක්‍ෂණ කවුරු කළත් සමීක්‍ෂණ ම තමයි. අනෙක මෙරට මිනිසුන් සමීක්‍ෂණයට පැමිණෙන තැනැත්තාට අවශ්‍ය අන්දමට පිළිතුරු දෙන්නත් දන්නවා. මේ සමහර හිටපු මහාචාර්යවරු ඉගෙන ගන්න කාලයෙ සමසමාජ පක්‍ෂෙ. ඔවුන් අද එ ජා පක්‍ෂයෙ. වික්‍රමබාහුත් එ ජා පක්‍ෂෙට කත් අදින විට මේ හිටපු මහාචාර්යවරු රනිල් හා කරු වෙනුවෙන් කඩේ යන එක පුදුමයට කාරණයක් නො වෙයි. 

Tuesday 27 August 2019

ශ්‍රී ල නි ප පොහොට්ටුව හා ගෝඨාභය

          සිංහල ලිත් ඉලක්කම්


ශ්‍රී ල නි ප පොහොට්ටුව හා ගෝඨාභය 




අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර සාකච්ඡා දෙවැනි වටයකට යනවා කියලා කියනවා. ඇතැමුන් කියන්නේ සාකච්ඡා ජනාධිපතිවරණය හා සම්බන්ධ බවයි. මෙය පැහැදිලි නැහැ. තව චුට්ට දුරයි කියල කිලෝමීටර දහයක් විතර යන අයට නම් ඒ පැහැදිලි ඇති. ඒත් චුට්ට කියන්නේ කොච්චර ද කියල කලින් කියනව නම් හොඳයි. 

Monday 26 August 2019

තිස්ස විතාරණ හා ගෝඨාභය

             සිංහල ලිත් ඉලක්කම්


තිස්ස විතාරණ හා ගෝඨාභය



ගෝඨාභය ජනාධිපතිධුර අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කෙරුණේ මහා සංඝයා වහන්සේ හා ජනතාව විසින් මිස පොහොට්ටුවෙන්වත් මෙරට මාක්ස්වාදී පක්‍ෂවලින්වත් නො වේ. ඒ පක්‍ෂ මුල දී ගෝඨාභයට කැමැත්තක් දැක්වූයේ නැහැ.  එහෙත් අද ඒ පක්‍ෂ ඔහු වටා රොක් වෙලා.  ඔහු ක්‍රමයෙන් පොහොට්ටුවේ සිරකරුවකු බවට පත්වෙමින් ඉන්නවා. මෙය ඉතා කණගාටුදායක තත්වයක්. එදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මහින්ද රාජපක්‍ෂ පැවසුවේ ගෝඨාභය තමාගේ තීරණය නොව ජනතාවගේ තීරණය බව ය. එහෙත් මේ සති දෙකට ජනතාව ඉන්නේ කොහේ ද?

Sunday 25 August 2019

ජාතික අපේක්‍ෂකයා, තිස්ස විතාරණ හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්

    සිංහල ලිත් ඉලක්කම් 


ජාතික අපේක්‍ෂකයා, තිස්ස විතාරණ හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්


ගෝඨාභය පක්‍ෂයක අපේක්‍ෂකයා නොව ජාතික අපේක්‍ෂකයා බව බොහෝ දෙනා පිළිගන්නවා. ඒත් මෙතැන දි ප්‍රශ්නයක් පැන නගිනවා. මේ ජාතිය කියන්නෙ මොකක් ද කියන එක. සිංහලෙන් ජාතිය කියන නාමය විවිධ දේට යොදා ගන්නා. කුලයටත් ජාතිය කියල කියනවා. කාරෙකේ ජාතිය මොකක් ද කියල අහනවා. රට ජාතිය ආගම කියලත් කියනවා. 

Saturday 24 August 2019

මෛත්‍රිපාල සාධකය

           සිංහල ලිත් ඉලක්කම්


මෛත්‍රිපාල සාධකය 

සජිත් ප්‍රේමදාසගෙ තාත්තාගෙ කාලෙ පෝස්ටරයක තිබුණ මේ කවුද මොනවද කරනනෙ කියලා. ඒකෙන් එක එක දේ කියවුණා. අද එවැනි පෝස්ටරයකින් කියැවෙන්නෙ සජිත් ගැන නො වෙයි. ඒ මහින්ද ගැනවත් ගෝඨාභය ගැනවත් බැසිල් ගැනවත් රනිල් ගැනවත් කරුණාරත්න ජයසූරිය ගැනත් නො වෙයි. ඔවුන් සියල්ලන් ම දැන් භාවිතාවන වචනයක් යොදා ගත්තොත් පාරදෘශ්‍යයි. ඔවුන් කවුද මොනවද කරන්නෙ කියන එක කවුරුත් පාහේ දන්නවා.  

Friday 23 August 2019

වෛද්‍ය හා වෙනත් අධ්‍යාපන

          සිංහල ලිත් ඉලක්කම්


වෛද්‍ය හා වෙනත් අධ්‍යාපන

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ තවත් වැඩ වර්ජනයක් කරල. මේ වැඩ වර්ජන හා පෙරටුගාමීන් මෙහෙයවන අන්තරේ නා ගැනීම් අතර ලොකු වෙනසක් නැහැ. වෛද්‍ය නිලධාරි සංගමයේ එක් ඉල්ලීමක් වුණෙ උසස් පෙළ අසමතුන්ට බටහිර වෛද්‍යවරුන් වීමට අවස්ථාවක් නොදිය යුතු ය යන්නයි. රාජිත කියා සිටියේ දැනටමත් වෛද්‍යවරයකු වීමට අවම සුදුසකම  උසස් පෙළ විෂය තුන ම සමත් වීම ලෙස පිළිඅරන් ඇති බව. වෛද්‍ය නිලධාරි සංගමය ඒ බව දැන දැන ම වැඩ වර්ජනය කරල කියලත් ඔහු කිව්වා. 

Thursday 22 August 2019

පළාත් සභා හා සජිත් කටු

             සිංහල ලිත් ඉලක්කම්



පළාත් සභා හා සජිත් කටු



ජාතික චින්තනයට අනුව දෙවියන් නැත් ද පුනබ්භවයක් නැත් ද සංසාරයක් නැත් ද නිවන් සම්මාබෝධයක් නැත් ද අප කළ යුත්තේ එරික් ෆ්‍රොම් වැනි මහායානික අදහස්වලින් පෝෂණය ලැබූ බටහිර උගතුන් අනුව සභ්‍යත්ව රාජ්‍යය ගැන කතා කිරීම ද ආදී  ප්‍රශ්න රාශියක් ඇසීමට ඇති නමුත් මා ඒ සියල්ල පසුවට කල් දානවා. අද ගෝඨාභයට විරුද්ධ ව සිටි මැදි වයසේ අයටත් ගෝඨාභය වටා එකතු වීමට සිදු වී තිබෙනවා. ඒ හොඳ ප්‍රවණතාවක්. එබැවින් අපේ ප්‍රශ්න පසුවට කල් දමා අපි ගෝඨාභය දිනවීම සඳහා ශක්තිය යොදවමු. 

Wednesday 21 August 2019

අතීතයෙන් අනාගතයට

         සිංහල ලිත් ඉලක්කම්


අතීතයෙන් අනාගතයට

අපේ රටේ අය දේශපාලන වශයෙන් කෙතරම් සංවේදී ද බව මහාවංසයෙන් ම පැහැදිලි වෙනවා. අප මහාවංසය ඓතිහාසික කෘතියක් ලෙස සැලකුවත් ඒ එසේ නො වෙයි. එය දේශපාලන කෘතියක්. කවුදෝ ලියා තිබුණා මහාවංසයේ ප්‍රශ්නය ලියා ඇති දේ නොව නොලියා ඇති දේ කියා.  මහාවංසයෙහි ලියා ඇති දේ බොහෝ විට ඓතිහාසික සාධක (මා සාධක යන වචනය යොදා ගන්නේ වෙනත් වචනයක් නැති කමට) සමග ගැලපෙනවා. එහි ගැටළුවක් නැහැ. 

Tuesday 20 August 2019

මේ ශවේන්ද්‍ර සිල්වාට කඩේ යෑමක් නොවේ

         සිංහල ලිත් ඉලක්කම් 


මේ ශවේන්ද්‍ර සිල්වාට කඩේ යෑමක් නොවේ




ශවේන්ද්‍ර සිල්වා හමුදාපති පදවියට පත් කරලා. මහේෂ් සේනානායකට ඔහුගේ සේවය අවසන් වන බව දන්වන්න වුවමනා නැතිව වෙන්න පූළුවන්. නීතිය අනුව ඔහු ඊයේ විශ්‍රාම යෑමට තිබුණා. විශ්‍රාම යන අයට ඒ බව කලින් දන්වන සිරිතක් රාජ්‍ය සේවයේ නැති වෙන්න පුළුවන්. ඒත් හමුදාවේ විශ්‍රාම යන හමුදාපතිට සමු ගැනීමේ ආචාර පෙළපාලියක් එහෙම පැවැත්වෙන බව අප ජනමාධ්‍යයෙන් දැක තිබෙනවා. මහේෂ් සේනානායකගේ සමු ගැනීම උත්සවාකාරයෙන් සිදුවන්නේ අද කියල කියනවා. උත්සවය නිල වශයෙන් සමු ගැනීමට පෙර සිද්ධ වෙන්න ඕන කියලා නීතියක් නැතිව ඇති. 

Monday 19 August 2019

රනිල්ගෙ නීතියට නැවෙන ජ වි පෙ

              සිංහල ලිත් ඉලක්කම්

රනිල්ගෙ නීතියට නැවෙන ජ වි පෙ

අවුරුදු විස්සකට පස්සෙ ජ වි පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න යනවා. ඒත් සමහර වෙනස්කම් තියෙනවා. එදා ජ වි පෙරමුණෙන් ඉදිරිපත් වෙච්ච නන්දන ගුණතිලක අද එ ජා පක්‍ෂයේ. අද අනුර දිසානායකට අමුතුවෙන් එ ජා පක්‍ෂයට යන්න ඕන නැහැ. එදා නන්දන ගුණතිලක ඇන්දෙ රතු. ඉදිරිපත් වුණෙ ජ වි පෙරමුණෙන්. අද අනුර රනිල්දාස එන්නෙ ජාතික ජනබල පෙරමුණෙන්, අඳින්නෙ සුදට හුරු කහපාටක්. එදා රැස්වීම්වල වැඩිය පුටු තිබුණෙ නැහැ. අද ගාලු මුවදොර පිටියෙ විශාල ඉඩක පුටු. එදා නන්දන ගුණතිලක ලක්‍ෂ තුනකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. මෙදා රනිල්දාස ඉදිරිපත් වුණොත් ඡන්ද ලක්‍ෂ තුනක් ලැබෙන්නෙ නැහැ. රනිල්දාස ඉදිරිපත් කරන්න ගියාට ඉදිරිපත්  කරයි ද යන්න තීරණය වෙන්නෙ සජිත් මත. රනිල් ඒක තීරණය කරාවි. 

Sunday 18 August 2019

ගෝඨා භය

           සිංහල ලිත් ඉලක්කම්




ගෝඨා භය


අද මෙරට ඉතිහාසයේ ඉතාමත් ම වැදගත් දවසක්. සමහරවිට වැදගත් ම දවස වෙන්න පුළුවන්. අද තමයි මෙරට ප්‍රධාන විප්ලවවාදී පක්‍ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන තම අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා නම් කරන දවස. කිසිම ප්‍රායෝගික දේශපාලනයක් කර නැති එහෙත් වීරයන් වීමට දඟලන ඊනියා උගතුන්ටත් අද දවස වැදගත්. ඔවුන්ගෙන් වොයිස්කට් ලබා ගැනීමට එවැනි ම ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් කටයුතු කරාවි. ලාංකික විප්ලවයේ විශ්වවිද්‍යාලවල තරූණ තරූණියන්ට සතිපතා නාන්න සලස්වන පෙරටුගාමීන්ට රට පුරා පැවැත්වෙන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න තරම්වත් ශක්තියක් නැති බව පැහැදිලියි. 

Saturday 17 August 2019

ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

                    සිංහල ලිත් ඉලක්කම්


ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

අප වටේ යන එක නවත්තන්න කාලය පැමිණිලා. නැවතත් දහතුන කතාව පටන් අරන්. ඒ අතර මුස්ලිම් ඇමතිවරුන් වන හකීම් හා බද්‍යුද්දීන් විවේචනය කිරීම නවත්වන ලෙසට මහින්ද නියෝගයක් පණවලා කියලා වෙබ් අඩවියක පළ වී තිබුණා. රනිල් යාපනයේ දී කියල තියෙන්නෙ දෙමළ ජනතාවට අභිමානයෙන් ජීවත් වීමට පළාත් සභා බලතල දිය යුතු ය කියා. ඔය අභිමානය, අභිලාෂය වගේ වචන දශක ගණනාවක් තිස්සේ යොදා ගැනෙනවා. කුමාර් පොන්නම්බලම් ද ඔය කතාව කිව්වා. 

Friday 16 August 2019

ජාතික අපේක්‍ෂකයා හා මෛත්‍රිපාල

                  සිංහල ලිත් ඉලක්කම්   



ජාතික අපේක්‍ෂකයා හා මෛත්‍රිපාල 

දේශපාලනඥයන් කියන කතා පළමුවත්, දෙවනුවත්, තුන්වැනුවත් විශ්වාස නොකළ යුතුයි. ඉන් පසුවත් විශ්වාස කළ යුත්තේ කල්පනා කිරීමෙන් හා තාර බර ඇරීමෙන් පසුවයි. මෛත්‍රීපාලත් දේශපාලනඥයෙක්. ඔහු විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට කළ ප්‍රකාශ විශ්වාස කළ අයට දෙවියන්ගේ ම පිහිටයි. මෛත්‍රීපාලට උපදෙස් දෙන අය අතර දක්‍ෂයන් නැහැ. සුවාදීන බත් බැළයන්, ඉන්දීය ඒජන්තයන්, පශ්චාත් පශ්චාත් නූතනවාදීන් (පශ්චාත් නූතනවාදය තම හිත සුව පිණිස පසු කළ යන අර්ථයෙන්- ඔවුන් ජනමාධ්‍යයෙහි, දේශපාලනයෙහි, සිනමාවෙහි, සාහිත්‍යයෙහි, සංගීතයෙහි, විශ්වවිද්‍යාලවල, ඊනියා පර්යේෂණ ආයතනවල සහ තවත් ගුබ්බෑයම්වල දැක ගන්න පුළුවන්. මුහුණු පොතෙහි නම් තවමත් පශ්චාත් නූතනවාදීන් කිහිප දෙනකු ඉන්නවා) ආදීන් ඉන්නවා. පළාත් සභා මැතිවරණ කල් දැමීමට ක්‍රියා කළ මෛත්‍රිපාල අද සුවාදීනයන්ගේ උපදෙස් මත ඒ පැවැත්මීමට හැකි ද කියා බලනවා. ඒ අතර දයාසිරි වැන්නවුන් ශ්‍රී ල නි පක්‍ෂය තව තවත් දිය කරන්න වෙහෙස ගැනීමේ දී පළාත් සභා මැතිවරණ පැවැත්වීමටත් අනුබල දෙනවා. 

Thursday 15 August 2019

සංස්කෘතික ගැටුම, බැරැන්ඩි කෝවිල හා මුස්ලිම් සංස්කෘතිය

              සිංහල ලිත් ඉලක්කම්



සංස්කෘතික ගැටුම, බැරැන්ඩි කෝවිල හා මුස්ලිම් සංස්කෘතිය




අද ලෝකය පුංචිවෙලා තියෙන්නෙ බටහිර තාක්‍ෂණය නිසා. බටහිර තාක්‍ෂණය බටහිර විද්‍යාවෙන් වෙනස් වුවත් ඒ සමග බැඳී තියෙනවා. බටහිර තාක්‍ෂණය විද්‍යාව දැනුම ආදී සියල්ල අදාළ සංස්කෘතියට සාපේක්‍ෂයි. එ සියල්ල චින්තනය මත පදනම් වෙනවා. එහෙත් මට කියන්න ඕන ඒ කාරණය නො වෙයි. මිනිසුන් දේශයෙන් දේශයට සංක්‍රමණය වීම හා එහි දී සංස්කෘතිය කෙසේ බලපානවා ද යන්න. මේ හැඳින්වීමක් පමණයි. 

Wednesday 14 August 2019

ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය


           සිංහල ලිත් ඉලක්කම් 





ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය

මෙරට ජනගහන ප්‍රතිශත 2012 ඇස්තමේන්තු අනුව මෙසේ වර්ග කෙරෙනවා. සිංහල 74.9, ශ්‍රී ලාංකික දෙමළ 11.2, ශ්‍රී ලාංකික මුවර් 9.2, ඉන්දියානු දෙමළ 4.2, අනෙක් 0.5. බෞද්ධ 70.2, හින්දු 12.6, ඉස්ලාම් 9.7, කතෝලික 6.1, ක්‍රිස්තියානි 1.3, අනෙක් 0.05. මෙහි මුවර් යනුවෙන් දැක්වෙන්නේ දහහතරවැනි සියවසේ පමණ මෙරටට භාරතයෙන් පැමිණි දෙමළ කතාකරන මුස්ලිමුන්ගෙන් පැවත එන්නන්. එයට අමතර ව බටහිරයන් විශේෂයෙන් ම ඉංගිරිසින් මෙරටට අග්නිදිග ආසියාවෙන් ගෙන්වූ ඉස්ලාම් භක්තිකයන් ඉන්නවා. ඔවුන් බොහෝ විට මැලේ මුස්ලිමුන් ලෙස හැඳින්වෙනවා. ඒ අයගේ ප්‍රතිශතය 0.5ක් වන බව කියන්න පුළුවන්. ඔවුන් බොහෝ විට සිංහල සංස්කෘතියට අවශෝෂණය වෙලා. ඔවුන් සිංහල මුස්ලිමුන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අනුව සිංහල ප්‍රතිශතය 75.4ක් පමණ වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ සිංහල කතෝලික හා ක්‍රිස්තියානි ප්‍රතිශතය 4.7ක් පමණ වන බවයි.

Tuesday 13 August 2019

ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය


     සිංහල ලිත් ඉලක්කම් 

ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය



ජනාධිපති අපේක්‍ෂයන් තුන්දෙනා තීරණය කෙරී අවසන් බවක් පේන්න තියෙනවා. ඒ ගෝඨාභය, සජිත් හා අනුර. එහෙත් ඉන්නේ එක ජාතික අපේක්‍ෂකයකු පමණයි. සජිත්ගේ නම වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව රනිල්දාසත් වෙනස් වෙන්න පුළුවන්. එසේ වීමට නම් විදේශීය බලපෑම් වඩාත් ශක්තිමත් වෙන්න ඕන. එයින් කියන්නේ සජිත් දේශීය අපේක්‍ෂකයකු බව නොවෙයි. විදේශීය බලවේගවලට අද අවශ්‍ය වන්නේ ගෝඨාභයට තරමක්වත් සාර්ථක ව මුහුණ දිය හැකි අයෙක්.

Monday 12 August 2019

ගෝඨාගමනය


   සිංහල ලිත් ඉලක්කම් 


ගෝඨාගමනය




අද අගෝස්තු දොළොස්වැනි දා. මගේ පරණ සමසමාජ සම්බන්ධකම් සමග මට පනස්තුනේ හර්තාලය මතක් වෙනවා. ඇතැමුන්ට අනුව හර්තාලයේ ප්‍රතිඵලයක් ලෙස ඩඩ්ලි සේනානායක අගමැති කමෙන් ඉවත් කෙරුණා. ඒ අය ඒ බව පවසන්නේ ජයග්‍රහණයක් ලෙසයි. එහෙත් එහි වෙනත් දෙයක් තිබුණා. හර්තාලය නිසා ජෝන් කොතලාවල හෙවත් සර් ජෝන් අගමැති කෙරුණා. බොහෝ දෙනාට ඒ පැත්ත නොපෙනෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය තියෙනවා. පනස්හය ඇති වුණෙත් හර්තාලය නිසා යැයි කියන්න සමහරු පෙළඹෙනවා. ඒත් පනස්හයෙන් පසුව වම පරිහාණියට පත් වූ වගත් ඔවුන්ට අමතක වෙනවා. අද මෙරට වමක් නැහැ. වමේ පරණ නායකයන් නම් ඉන්නවා. 

Sunday 11 August 2019

පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්


    සිංහල ලිත් ඉලක්කම්


පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්




අද පැවැත්වෙන පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට සුබ පතනවා. ඒ එය පොදු ජනයාගේ, සිංහල පොදු ජනයාගේ පක්‍ෂයක් නිසා මිස පුද්ගලයකුගේ පක්‍ෂයක් නිසා නොවෙයි. පුද්ගලයකු පක්‍ෂය නිර්මාණය කළා නම් ඒ දිනේෂ් ගුණවර්ධන  බව මා කියනවා. ඇතැමුන් පක්‍ෂයත් ගෝඨාභයත් තමන්ගේ බවට පත් කර ගන්න හදනවා. එයට ඉඩ නොදිය යුතුයි. මේ පක්‍ෂය නිර්මාණය කෙරුණේ ජනතාව අතින්. මේ ජනතාව කවුද යන්න පළමුවෙන් හඳුනා ගන්න ඕන. 

Saturday 10 August 2019

පොහොට්ටුව, ගෝඨාභය හා ජාතිකත්වය


    සිංහල ලිත් ඉලක්කම්

පොහොට්ටුව, ගෝඨාභය හා ජාතිකත්වය



හෙට පොහොට්ටුවේ ජාතික සම්මේලනය පැවැත්වෙනවා. එහි දී මහින්ද නායකත්වයට පත් කර ගන්නා බව කියනවා. ඔහු පොහොට්ටුවේ සාමාජිකයකු වෙනවා ද යන්න පැහැදිලි නැහැ. පක්‍ෂයකට (දැනට) දේශපාලන කටයුතුවල නොයෙදෙන නායකයකු ඉන්න පුළුවන්. ක්‍රීඩා  කණ්ඩාය ක්‍රීඩා නොකරන නායකයකු (non playing captain) ඉන්න පුළුවන්. 

Friday 9 August 2019

දිව තුනේ දේශපාලනඥයෝ

      සිංහල ලිත් ඉලක්කම්



දිව තුනේ දේශපාලනඥයෝ


හිටපු ඇමති හිටපු මන්ත්‍රී සාලින්ද දිසානායක ඊයේ අවසන් ගමන් ගියා. ඩීල්දේශයේ (ඩීල්ලන්තයේ) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් විශ්වාසයක් තබන්න පුළුවන් අය ඇත්තේ අතළොස්සක් පමණයි. සාලින්ද ඒ අතළොස්සට අයත් වුණා. ඔහුට රටේ දුක් විඳින්නන් ගැන කණගාටුවක් අනුකම්පාවක් තිබුණා. ඒ නිසා ම ඔහු මුල් කාලයේ යම් ආකාරයක වාමාංශික දේශපාලනයක යෙදුණා. ඔහු චන්ද්‍රිකා සමගත් දේශපාලනයේ යෙදුණා. එහෙත් මුහුකුරායත් ම පරිණතභාවයට පත්වීමත් සමග ඔහු ජාතිකත්වයට නැඹුරු වුණා. ජීවිතයේ අවසන් කාලයේ ඔහුට නිරෝගි සම්පත්තිය ලැබුණේ නැහැ. මට තේරෙණ අන්දමට ඔහු ප්‍රතිකාර ගැනීමට හිත හදා ගත්තේ නැහැ. අද සමහරුන් කියන්න හදනවා ඔහු දේශීය වෙදකමට නැඹුරු වූ නිසා රෝගය සුවපත් කර ගන්න බැරි වුණා කියා. එය පට්ටපල් බොරුවක් බව පවුලේ උදවිය දන්නවා. අපට සිටි අවංක කෘතවේදී දේශපාලනඥයකු (එවැන්නන් අතිශයින් දුර්ලභයි) සමු ගැනීම ගැන අපට ඇත්තේ ඉමහත් කණගාටුවක්. ඔහුට ඉක්මණින් ම සසර ගමන අවසන් කිරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා. 

Thursday 8 August 2019

සිංහල බෞද්ධ රාජ්‍යය හා ඡන්ද

      සිංහල ලිත් ඉලක්කම්




සිංහල බෞද්ධ රාජ්‍යය හා ඡන්ද 


සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවමු යන්න අද වන විට දේශපාලනඥයන් හැරෙන්න අනෙක් බොහෝ සිංහලයන් හා යම් දෙමළ කතා කරන පිරිසක් පිළිගන්නවා. මෙහි දේශපාලනඥයන් යන්නට දේශපාලනඥයන් විසින් මෙහෙයවෙන ජාතික ව්‍යාපාරයේ අය ද ඇතුළත් වෙනවා.  දේශපාලනඥයන්ට ප්‍රශ්නය වී ඇත්තේ ඡන්ද නැති වේවි ද යන්න. සිංහල බෞද්ධ රාජ්‍යයක් ගැන කතා කිරීමෙන් සිංහල බෞද්ධ නොවන ඡන්ද නැති වේවිය කියා ඔවුන් හිතනවා.

Wednesday 7 August 2019

කඩු කිණිසි, සරත් ෆොන්සේකා, රනිල් හා ඇමතිවරු


සිංහල ලිත් ඉලක්කම්


කඩු කිණිසි, සරත් ෆොන්සේකා, රනිල් හා ඇමතිවරු  


හජ්ජි උත්සවය සඳහා මුස්ලිම් පල්ලිවල තිබූ කඩු කිණිසි ආදිය ආපහු භාරදීලා. මාඝාත නමින් නීතියක් තිබූ රටක සත්ව ඝාතනය රජයේ අනුදැනුම ඇතුව කරන එකක් බවට පත්වෙලා. බොහෝ දෙනකු දන්නේ නැතිව ඇති මාඝාත කියන්නෙ මොකක් ද කියලා. දන්නෙ නැති අය හොයල බලන්න. මා කියන්න යන්නෙ නැහැ. මෙරට බෞද්ධයන් කුකුල් මස් කන හැටියට මුස්ලිමුන්ට කුකුළන් මැරීමටත් ආයුධ සපයන්න ඕන. අද රටේ පවතින තත්වයට පළමුව වරද පටවන්නෙ ඕන බෞද්ධයන්ට හා මුස්ලිම් ඡන්ද පෙරේතයන් වූ ඔවුන්ගේ දේශපාලනඥයන්ට. බද්‍යුද්දීන් කියා තිබුණා ඔවුන් දිනන පැත්තට කියා. ඔහු ඕනෑම ආණ්ඩුවක ඇමතිවරයෙක්. හිස්බුල්ලා කගේත් බුල්ලා. 

Tuesday 6 August 2019

රට ඉඳි හා ගණිතය


  සිංහල ලිත් ඉලක්කම්


රට ඉඳි හා ගණිතය 



පාස්කු ප්‍රහාරය පිළිබඳ වග කිවයුත්තන් එක්කෝ මළවුන් අතර නැත්නම් අත්අඩංගුවේ කියා ජනාධිපතියි අගමැතියි දෙන්න ම කිව්වත් තවමත් අත්අඩංගුවට ගැනීම් කෙරී ගෙන යනවා. සමහරවිට දැන් අත්අඩංගුවට ගැනෙන්නන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය නොවෙන්න පුළුවන්. ඔවුන් සමහරවිට කාත්තන්කුඩියේ රට ඉඳි ගස් වවන්න ඇති. පොලීසිය ඒ නිසා අත්අඩංගුවට ගත්තා ද කියා දන්නේ නැහැ. කාත්තන්කුඩි පොලීසියට හෝ ත්‍රස්ත විමර්ෂණ ඒකකයට හෝ සහරාන් අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙන්නෙ සහරාන් ඔවුන්ගෙ ඇස්වලට වැලි ගහල පැනල ගිය හින්ද කියල තමයි කියැවෙන්නෙ. සහරාන් රට ඉදි ගස් වැව්වෙ නැති වෙන්නත් පුළුවන්. 

Monday 5 August 2019

දේශපාලනයේ යළි ඉපදීම



මා හිතුව මින් පස්සෙ මේ ලිපිවල මුල සංකේතයක් ලෙස සිංහලයන්ගෙ ලිත් ඉලක්කම් ලියන්න ඕන කියලා. මේ ලිත් ඉලක්කම් සීගිරියෙ (සිහිගිරියෙ) දැක ගන්න පුළුවන්. ඉතා මෑතක් වන තුරු සිංහල ජ්‍යොතිෂවේදීන් ලිත් ඉලක්ම් යොදා ගෙන තියෙනවා. 

දේශපාලනයේ යළි ඉපදීම

රනිල්දාස කියල අනෙක් පක්‍ෂවල නායකත්ව පොරයක් ඇති වෙලා කියලා. ඒ කියන්නෙ ජනතා විරෝධි පක්‍ෂයෙ නායකත්ව පොරයක් නැහැ කියන එක. ඒක ඇත්ත රනිල්දාස නායකත්ව පොරයක් නැති ව සෝමවංස අමරසිංහ නායකත්වයෙන් ඉවත් කළා. දැන් කාලෙකට කුමන්ත්‍රණ නැහැ. ලාල්කාන්තට පොරයක් දෙන්න තරම් හයියක් නැහැ. ඒත් අපි තවම බලාගෙන ඉන්නවා ජ වි පෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියා දැනගන්න. රනිල්දාස ද නැත්නම් හිටපු රාජ්‍ය සේවකයෙක් ද? දාස කියන්නෙත් සේවක කියන එක තමයි.

Sunday 4 August 2019

දේශපාලන සටන් බිමෙන්


දේශපාලන සටන් බිමෙන්



ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කරාවිද යන ප්‍රශ්නය මෙරට දේශපාලනයේ තුට්ටුවක් නොවටිනා ප්‍රශ්නයක්. ඒත් ජ වි පෙ හෙවත් ජනතා විරෝධි පෙරමුණ හිතන් ඉන්නෙ රටේ තියෙන වැදගත් ම ප්‍රශ්නය ඒ අය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එකය කියා. ඒත් රනිල් එය වැළැක්වීමට අවසාන මොහෙත හරි උත්සාහ දරාවි තමන්ට ඒ නිසා ඡන්ද ලක්‍ෂ දෙකක් පමණ අහිමි වන බැවින්. එය රනිල්ටත් රනිල්දාසටත් විසඳ ගන්න දෙමු.

සිහල සෙනග

සිහල සෙනග

ඊයේ (තුන්වැනි දා) සිහල සෙනග පුවත්පත එළිදැක්වීමේ දී මා කළ කථාව මේ සබැඳියෙන්.

https://www.youtube.com/watch?v=GoFDGPcHykE&feature=youtu.be

Saturday 3 August 2019

මුස්ලිමුන් හා නීති

මුස්ලිමුන් හා නීති



නෙදර්ලන්තය බුර්කාව තහනම් කරලා. මුස්ලිමුන්ගෙ මානව අයිතිවාසිකම්වලට මොකද වෙන්නෙ. මෙරට ඇතැම් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් මෑතක සිට නෙදර්ලන්තය සමග සම්බන්ධකම් පවත්වනවා.  ලංකාවෙ බුර්කාව තහනම් කළා නම් ඒ අය රට දෙවනත් කරාවි. පෙළපාලි යාවි. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කරාවි. බැරිද නෙදර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්න.

Friday 2 August 2019

ඒෂියන් මිරර්

ඒෂියන් මිරර්  සමග පැවති සංවාදයක්

මේ සබැඳියෙන්

https://m.facebook.com/story.php?story_fbid=465026984056569&id=206423889493718

වම දකුණ හා ජාතිකත්වය

වම දකුණ හා ජාතිකත්වය 



බේරීම් කමිටුවේ තේරුමක් ඇති ප්‍රශ්න අසන්නේ සරත් ෆොන්සේකා පමණයි. අනෙක් අය එක්කෝ රනිල් ඔහුගේ ගෝලයන් බටහිරයන් හා සෞදි අරාබිය බේරා ගැනීමේ ව්‍යායාමයක යෙදී ඉන්නවා නැත්නම් තම පඬිබව පෙන්නන්න හදනවා. මා පදනම් වන්නේ ජනමාධ්‍ය වාර්තා මත පමණක් වන බැවින් මා වැරදි වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම තම පක්‍ෂපාතීත්ව අනුව ඒ ඒ දේශපාලනඥයන් නිලධාරීන් බේරා ගැනීමට සාක්කි දෙන ආකාරය පැහැදිලි වෙනවා.

Is Reality Real

Is Reality Real

Food for thought . This article is from the current issue of New Scientist. See how western scientists find it difficult to drop the concept of reality. 


Is reality real? How evolution blinds us to the truth about the world

We assume our senses see reality as it is - but that could be just an evolved illusion obscuring the true workings of quantum theory and consciousness.

Thursday 1 August 2019

රනිල් විපක්‍ෂය හා අරාබිය

රනිල් විපක්‍ෂය හා අරාබිය 

රනිල් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණක් පිහිටුවා ගන්නේ කුමකට ද යන්න පැහැදිලියි. ඔහුට දැන් එක්සත් ජාතික පක්‍ෂයේ බලය නැති වී ගෙන යනවා. එහි පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් ඔහු සමග නැති බවයි පේන්න තියෙන්නෙ. ඒ සම්බන්ධ ව කිසිවකුගෙන් මට තොරතුරු ලැබී නැහැ. ජනමාධ්‍ය වාර්තා අනුවයි මා එලෙස කියන්නේ. මා වැරදි වන්න පුළුවන්. එ ජා ප ජනාධිපති අපේක්‍ෂකයා තෝරන්නේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එකතුවෙන්.