Main Logo

Showing posts with label Knowledge of Knowledge. Show all posts
Showing posts with label Knowledge of Knowledge. Show all posts

Monday, 13 July 2020

කන්දකාඩු, බටහිර වෙදමහත්තුරු හා දද සත

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





කන්දකාඩු, බටහිර වෙදමහත්තුරු හා දද සත

කන්දකාඩු ප්‍රශ්නය තරමක් බරපතළයි. ඒත් එය පාලනය කර ගත හැකි බව බලධාරීන් පවසනවා. එසේ ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. කන්දකාඩු කඳවුරට කොවිඩ් ඇතුළු වුණේ කොහොමද කියන එකයි ප්‍රශ්නය. අර නාවික කඳවුරේ රෝගීන් අවසන් වූ පසු කන්දකාඩුවට කොවිඩ් ගියේ කෙසේ ද? නාවික කඳවුරේ කොවිඩ්වලට හේතුව සුදුවැල්ලේ මත්ද්‍යව්‍ය භාවිතා කළවුන් බව කිව්වා. අප එය පිළිගත්තා. දැන් කන්දකාඩුවලටත් හේතුව සුදුවැල්ල කියන කොට එය විශ්වාස කිරීම පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. විශ්වාසය දැනුමක් ද වගේ ප්‍රශ්න මා අහන්නේ නැහැ. සියලු දැනුම් බොරු.  මා දන්නා දේත් බොරු. දන්නේ දැනුම නොවැ. ඒ කොහොම වුණත් රේඛීය චින්තනයේ ඕනෑම දැනුමක් විශ්වාසය මත පදනම් වෙනවා. ඒකත් දැනුමක් තමයි. ඒකත් බොරුවක්. මොනවා කරන්න ද? නිවන සම්මාබෝධ කරන තෙක් අපට බොරු කිය කියා ඉඳීම හැර වෙන කරන්න දෙයක් නැහැ. 

Thursday, 31 October 2013

දැනුමේ දැනුම








බටහිර ආධිපත්‍ය යොදාගෙන අප මත ලොකු මතයක් බලහත් කාරයෙන් පැටෙව්වාට බටහිර විද්‍යාවේ තියෙන්නේ ගුණ දෙකකි. එයත් අගුණ දෙකකි. සීමිත නිරික්ෂණ මගින් සංඛ්‍යාත්මක ක්‍රම යොදාගනිමින් මුළුමහත් ගහනයට පොදු වූ උද්ගමන වලට යාම එකකි. යම් යම් ප්‍රපංච සංසිද්ධි තේරුම් ගැනීමට වියුක්ත කතන්දර ගෙතීම දෙවැන්නයි. 

අපට තිබුණු දැනුම අවුරුදු දහස් ගනණක් තිස්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන අත්දැකපු දේවල්. සංකල්ප ගත්තත් ප්‍රපංච ගත්තත් මොන දැනුම ගත්තත් බොරු, එවා සංකෘතියට, ඉන්ද්‍රීය පද්ධතියට හා මනසට සාපෙක්ෂ මනසේ නිර්මාණ. යම් යම් අය දැනුම නිර්මාණය කරන්නේ යම් අරමුණක් වෙනුවෙන් ඒ අතරින් සිංහල බෞද්ධයෝ දැනුම නිර්මාණය කරන්නේ නිර්වාණය අරමුණු කරගෙනයි. අපේ වෙදකමත් ගොවිකමත් අනෙකුත් දෙවලුත් නිර්වාණය අරමුණු කර ගෙන නිර්මාණය වෙයි. මේ සමහර සංසිද්ධි ප්‍රපංච අධ්‍යාත්මිකව දියුනු අයගේ ප්‍රත්‍යක්ෂ එහෙත් බටහිර විද්‍යාවේ තියෙන්නේ මේ එකක්වත් නොවෙයි හුදෙක් ගොතන ලද පට්ටපල් බොරු ටිකක් පමණි. ඉතින් දෙකෙන් කොයි එකද තෝරා ගත යුත්තේ කියන එක අපගේ කාර්යයකි. එහෙත් එය තෝරා ගැනීමට අපට නිදහසක් වෙත් ද?