Main Logo

Saturday, 26 May 2012

ජයග්‍රහණය සැමරීම හා නූගත් පාඩම්

2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් හි දී ශ්‍රී ලංකා හමුදාව හා රණවිරුවන් ලත් ජයග්‍රහණය සැමරිය නොයුතු යැයි කියන සුළු පිරිසක් රටේ වෙති. ඔවුන්ට අනුව ජයග්‍රහණය සෑමරීමෙන් දෙමළ ජනයාගේ සිත් රිදෙන්නට හැකි ය. එය ඊනියා සංහිඳියාවට හෙවත් ප්‍රතිසංධානයට (ශබිදකොෂයට අනුව රෙකන්සිලේෂන් යන්නෙහි සිංහල පරිවර්තනය) බාධාවක් විය හැකි යැයි ඔවුහු සිතති. ඒ අතර ඔවුන්ගෙන් සමහරෙක් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් එංගලන්තය, ඇමරිකාව හා රුසියාව ජයගැනීම තවමත් අනුස්මරණය කරති. ඒ ජර්මනිය, ඉතාලිය හා ජපානය ඒ ගැන නොසිතන නිසා විය හැකි ය. අද ඒ යුද්ධයෙහි ජයග්‍රහකයන් මෙන් ම පරාජිතයන් ද ආර්ථික හා දේශපාලනික අර්බුදයක ගිලී ඇති අයුරු දැකගත හැකි ය. රෙකන්සිලේෂන් යන වචනය අපට කිසිසේත් ම අදාළ නැති දකුණු අප්‍රිකානු සිද්ධිවලින් ණයට ගත්තකි. එය ලංකාවට හඳුන්වාදුන් පඬියා කවුදැයි අපි නො දනිමු. දකුණු අප්‍රිකාවේ සුද්දෝ කල්ලන් යටපත් කරගෙන සිටියහ. සුද්දන්ගෙන් කල්ලන්ට දේශපාලන බලය මාරුවීමේ දී කල්ලන් රවටා සුද්දන්ට නොසරිලන බලයක් ලබාදීමට සැලසුම් කිරීම (ඇතැම් විට ජීවිත ද ඇතුළු ව) ඒ ඊනියා ප්‍රතිසංධානයේ අරමුණ විය. අවුරුදු තුනකට ඉහත දී ලංකාවේ දේශපාලන බලය කාගෙන් කාහට මාරුවිණි ද? පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිධුරයේ හෝ වෙනසක් පසුගිය අවුරුදු තුනෙහි සිදු වී නැත. නන්දිකඩාල් කලපුවේ දී සිදුවූයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය වීම ය.

දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයේ විකාශයෙහි එක් අවස්ථාවක බිහිවුණු ප්‍රපංචයකි. අප දිගින් දිගට ම කියා ඇත්තේ දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක් බවත් ඉංගිරිසින් එය හදා වඩා පෝෂණය කර සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට එරෙහි ව සිංහලයන් හා සිංහල සංස්කෘතිය හැකිනම් නැති කිරීමට නැත්නම් අඩුම තරමෙන් දුර්වල කිරීමට යොදාගත් බවත් ය. එහි දී ඉංගිරිසිහු ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල නායකයන්ට මෙරට නායකත්වය ලබාදීමට කටයුතු කළේ ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ඔවුන් බවට පත්කිරීමට උත්සාහ කරමිනි. එහෙත් මෙරට අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසය, සංස්කෘතිය, ජනගහණ ව්‍යාප්තිය ආදිය මකාදැමීමට ඉංගිරිසින්ට නො හැකි විය. අවසානයේ දී සර්වජන ඡන්දය ලබාදීමත් සමග සිංහලයන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවිණි. දෙමළ ලෙස සිතා රටේ නායකත්වයට පත්වීමට බැරි බව දුටු චෙල්වනායගම් ඉන් නිසි පාඩම උගත්තේ නැත. ආණ්ඩුව උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමක් පත්නොකර නූගත් පාඩම් කොමිසමක් පත් කළේ නම් දෙමළ නායකයන් නූගත් ප්‍රධාන ම පාඩම අනාවරණය වීමට තිබිණි. අදත් මෙරට දේශපාලඥයන් හා ඊනියා උගතුන් බහුතරය මේ පාඩම ඉගෙනීමට මෑළි වී ඇත්තේ ඔවුන්ට බටහිරයන්ගෙන් ලැබී ඇති මැකෝලේ අධ්‍යාපනය නිසා ය.

මේ පාඩම අන් කිසිවක් නොව මෙරට තබා කිසිම රටක් මහා අර්ථයකින් බහු සංස්කෘතික රටක් නොවන බවත්, ලංකාව සිංහල බෞද්ධ රට බවත් දෙමළ යනුවෙන් වාර්ගික ව සිතීමෙන් කිසිම දිනෙක දෙමළ නායකයකුට මෙරට ජන නායකයා විය නොහැකි බවත් ය. මේ රට සිංහල බෞද්ධ රට බවත් මෙහි අධිපතිවාදී සංස්කෘතියක් නොමැති බවත් (බෞද්ධයනට අධිපතිවාදී සංස්කෘතියක් තිබිය නො හැකි ය), එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවත් ඒ බව පිළිගත යුතු බවත් දෙමළ ජාතිවාදී නායකයන් ඉගෙනීමට ප්‍රතික්‍ෂෙප කිරීම අවසානයේ දී දරුණු ලේ හැලීමකින් කෙළවර විය. ඒ පාඩම නූගත් චෙල්වනායගම් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේ ප්‍රභාකරන්ට පාර කපමිනි. තවමත්් බොහෝ දෙමළ නායකයන් ඒ පාඩම ඉගෙනීමට සූදානම් නැත. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ඔවුන්ට ඒ පාඩම ඉගෙනීමට නො දෙති. දෙමළ නායකයන් බටහිරයන්ගෙන් ද ඉන්දියානුවන්ගෙන් ද නිදහස් නොවන්නේ නම් නැවතත් ලේ වැගිරීමක් සිදුවනු වැළැක්විය නො හැකි ය.

2009 මැයි 19 වැනි දා ආරක්‍ෂක ලේකම්තුමා ප්‍රධාන රණවිරුවන් විසින් පරාජයට පත්කරනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය පමණක් නො වේ. එහි දී ඉන්දියානුවෝ ද එංගලන්තය හා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරයෝ ද ජනාධිපතිතුමා විසින් පරාජය කරනු ලැබුණහ. ඒ එතුමාගේ දේශපාලන නායකත්වයෙනි. එහෙත් බටහිරයන් හා ඉන්දියානුවන් ද ඒ පරාජයෙන් පාඩමක් ඉගෙන නැත. දෙමළ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබිණි ද, බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන් දෙමළ ජාතිවාදය තවමත් පවත්වාගෙන යනු ලැබේ. අද බටහිර රටවල විසුරුණු දෙමළ ජනයා ද (ඩයස්පෝරා යන පණ්ඩිතමානී බයිබල් වචනයෙන් වෙනත් අර්ථකථන දෙන බව ඇතැම් සිංහල දේශහිතෛශීන්ට ද නො වැටහෙයි.) දෙමළ ජාතික සංධානයේ ඇතැම් පිරිස් ද බටහිර දැනුම එකම දැනුම යැයි සිතන පඬියෝ ද දෙමළ ජාතිවාදය පවත්වා ගෙන යෑම සඳහා බටහිරයන් හා ඉන්දියානුවන් විසින් යොදාගනු ලැබෙති. දෙමළ ජාතිවාදය තිබෙනතාක් මෙරටට සාමය උදා නොවනු ඇත. පඬියන් සහ වෙනත් බටහිර ගැත්තන් බොහෝ විට පණ්ඩිතමානී ව කියන්නේ ආණ්ඩුව යුද්ධය දිනුවත් සාමය උදාකර නැති බව ය. එයට හේතුව අන් කිසිවක් නොව පඬියන්ගේ ද ආධාරයෙන් බටහිරයන් හා ඉන්දියානුවන් පවත්වාගෙන යන දෙමළ ජාතිවාදය ය. අප දෙමළ ජාතිවාදය න්‍යායිකව පරදවා ඇති නමුත් තවමත් එය දේශපාලනික ව පරාජය කෙරී නැත. මේ තීරුවෙහි වරක් සඳහන් වී ඇති අන්දමට අපි විජිතපුරය ජයග්‍රහණය කළෙමු. එහෙත් අප තවමත් අනුරාධපුරයට ගොස් නැත. එළාර ඔබාමාගේ හා කැමරන්ගේ වෙසින් තවමත් පවතියි. ජී එල් පීරිස්ලා දයාන් ජයතිලකලා ක්‍ෂෙණුකා සෙනෙවිරත්නලා අනුරපුර සටනට සුදුස්සෝ නො වෙති. අපට ඒ සටන සඳහා විජාතික, විදේශීය වූ විදේශ අමාත්‍යාංශයක් වෙනුවට ජාතික වූ විදේශ අමාත්‍යාංශයක් අවශ්‍ය වෙයි.

එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණය ඉතා උත්සවත්ශ්‍රීයෙන් සැමරීමට එය බාධාවක් නොවිය යුතු ය. නන්දිකඩාල් කලපුවේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. ඒ අතර දෙමළ ත්‍රස්තවාදය ඇතිකර පෝෂණය කළ බටහිර රටවල් ද පරාජය කෙරිණි. ලෝකයේ ප්‍රථම වරට ත්‍රස්තවාදී නඩයක් (බටහිර බලවතුන්ගේ සහාය ලෑබුණු) පරාජය කරනු ලැබීණි. එවැනි ජයග්‍රහණයකින් පසුව උත්සව පවත්වන්නේ නැතිනම් උත්සව පවත්වන්නේ කවදා ද? උත්සව පැවැත්වීමෙන් දෙමළ ජනයාගේ සිත් නරක් විය යුතු නො වේ. එසේ කියන්නෝ කලින් කී පාඩම නූගත් අය වෙති. නන්දිකඩාල් ජයග්‍රහණය ගැන දෙමළ ජනයා ද සතුටු විය යුත්තේ ඔවුන්ට එමගින් දෙමළ ත්‍රස්තවාදයේ වියගහෙන් නිදහස්වීමට හැකිවුණු බැවිනි. අප ඔවුන්ට ද මෙරට සිංහල බෞද්ධ රට බව කීමට මෑළි විය යුතු නො වේ. මෙරට සිංහල බෞද්ධ රට යන්නෙන් දෙමළ හින්දු සංස්කෘතියට මෙරට තැනක් නැති බවක්වත් දෙමළ ජනයා දෙවැනි පංතියේ පුරවැසියන් බවවත් නො කියැවෙයි. පුද්ගලයන් වශයෙන් ගත්කල සියල්ලෝ ම නීතිය ඉදිරියේ සමානයෝ වෙති. එහෙත් සංස්කෘතීන් වශයෙන් ගත්කල සිංහල බෞද්ධ සංස්කෘතිය අනෙක් සංස්කෘතීන්ට වඩා විශේෂ තැනක් ගනියි. කරුණාකර එක් පඬියකුවත් සියළු සංස්කෘතීන් සමාන වන රටකට උදාහරණයක් පවසන්නේ ද? පඬියන් බොහෝ විට පරමාදර්ශී රටක් ලෙස සලකන පුර රාජ්‍යයක් වූ සිංගප්පූරුවේ ද අධිපතිවාදී සංස්කෘතියක් වෙයි. ඒ මැන්ඩරීන් චීන සංස්කෘතියෙහි විශේෂයකි.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වූයේ ප්‍රධාන වශයෙන් ම මෙරට සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙනි. අද ඒ මහතා වටකරගෙන සිටින ඇතැම්හු ඒ මහතාට ඡන්දය දුන් අයවත් නො වෙති. ඔවුහු ඒ මහතාට විරුද්ධව ලිපි ලිවූහ. මැතිවරණ හා ජනාධිපතිවරණ ව්‍යාපාරවල නියුක්ත වූහ. අද ආණ්ඩුව නැංගුරමක් නැති නැවක් මෙන් ඇදී යන බවක් යම් කිසිවකුට පෙනෙන්නේ නම් එයට ප්‍රධාන හේතුව ප්‍රතිගාමී සිංහල බෞද්ධ විරෝධී පිරිස් ඒ මහතා වටකරගෙන ජාතිකත්වයට පටහැණි උපදෙස් ලබාදීම ය. “යුද්ධය” දිනීමට නොහැකි යැයි කීවෝ අද “යුද්ධය” ගැන ලියති. යම් අයුරකින් බටහිරයන්ගේ සැලසුම් මල්ඵල ගැනී මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිකම අහෝසි වුවහොත් මේ පුද්ගලයන් ටයි මාරුකරනු දැකගත හැකිවනු ඇත. අවාසනාවකට අද ඇමති මණ්ඩලයේ සිටින්නන්ට ද “යුද්ධය” ජයග්‍රහණය කිරීම ගැන කිසිදු විශ්වාසයක් නො තිබිණි. ඔවුහු කී දෙනෙක් පැකේජ් ඇමතියෝ වූවෝ ද? අප සැමදාමත් කියා සිටියේ මෙරට යුද්ධයක් නොතිබූ බව ය. අපේ හමුදාවට සිදුවූයේ සතුරු රටක් සමග යුද්ධ කිරීමටවත්, සිවිල් යුද්ධයක පැටලීමටවත් නොව නීත්‍යානුකූල ව බලයත් පත් රාජ්‍යයට විරුද්ධව බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන්, ඔවුන් ම සැපයූ ආයුධ අතට ගත් ත්‍රස්තවාදීන් පිරිසකට එරෙහිව මානුෂික මෙහෙවරක් දියත් කිරීමට ය. එය කිසිසේත් ම දෙමළ ජනයාට එරෙහිව කරන ලද සටනක් නො වී ය.

දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍රඛීලයක් මෙන් සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට ද හැකිවිය යුතු ය. කළ යුත්තේ සිංහල බෞද්ධ විරෝධී කොටස් ඉවත්කර නැවතත් බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍රඛීලයක් සේ කටයුතු කිරීම පමණකි. දරුස්මාන් ලවා ලියාගත් රොබට් බ්ලේක් -බෑන් කි මූන් වාර්තාව, සරත් ෆොන්සේකාගේ සුදු කොඩි කතා, චැනල් ෆෝ කුණුහරුප, ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම්, ජාත්‍යන්තර යුද්ධාධිකරණ, ජෙනිවා යෝජනා ආදී සියල්ල එක් දම්වැලක පුරුක් මිස තනි තනි සිද්ධි නො වේ. එබැවින් ඒවා තනිතනිව ගෙන ප්‍රතිචාර දැක්වීම ප්‍රඥාවන්ත නො වේ. අද බටහිරයන්ට හා ඉන්දියානුවන්ට අවශ්‍ය කෙක්කෙන් හෝ කොක්කෙන් මහින්ද රාජපක්‍ෂ මහතා (පඬියන්ගේ ඊනියා රෙජීම ය) ඉවත්කර ඒ වෙනුවට ඔවුන්ගේ ඉත්තකු පත්කර ගැනීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා තමාට ඡන්දය දුන් මෙරට ලක්‍ෂ ගණන් සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ ප්‍රසාදය දිනාගෙන සිටිනතාක් වයිමාට නොව මාරයාටවත් ඒ මහතා ඉවත්කිරීමට නො හැකි වනු ඇත. අප වටහාගත යුත්තක් වේ. මේ 1506වත්, 1815වත් නො වේ. පහළොස්වැනි සියවස අග ඇති වූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අද යන ගී ගයයි. ආර්ථික අර්බුදයක ගෙලවට දක්වා එරී ඇති ක්‍රිස්තියානි නූතනත්වයට ගොඩ ඒමක් නැත. රොබට් බ්ලේක්ට රොබට් බූවුන්රිග්ගේ ශක්තියවත් නැත.

අයිගන් දෛශිකවල අධිස්ථාපනය

ප්‍රතිබද්ධ කාරක පිළිබඳ ප්‍රශ්නය ක්වොන්ටම් භෞතිකයේ ඉතිහාසය පුරාම සාකච්ඡා වී ඇතත් තවමත් එහි කෙළවරක් දක්නට නැත. අපේ ප්‍රවාද ලිපි පෙළෙහි ද මෙය වරින් වර සාකච්ඡා වන්නේ ඒ හේතුවෙනි. අූංශුවක් හෝ පද්ධතියක් හෝ හිල්බට් අවකාශයෙහි φ දෛශිකයෙන් නිරූපණය වන්නේ නම් හා එය A හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකයක් නම් එයින් කියැවෙන්නේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ A හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන නිරීක්‍ෂ්‍ය අපට නිරීක්‍ෂණය කළ හැකි බව හා එසේ නිරීක්‍ෂණය කිරීමෙන් අපට ලැබෙන අගය අදාළ අයිගන් අගය බවත් ය.

එහෙත් ඒ සමගම කියැවෙන්නක් නම් A හර්මිෂන් කාරකයෙහි B ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයට අදාළ නිරීක්‍ෂ්‍යය අපට නිරීක්‍ෂණය කළ නොහැකි බවත් එය නිරීක්‍ෂණය කළහොත් ලැබෙන්නේ කිනම් අගයක් ද යන්න කල්තබා කිව නොහැකි බවත් ය. ලැබෙන අගය කුමක් ද යන්න පිලිබඳ ව අපට කිව හැක්කේ එය අගයයන් රාශියකින් (පරිමිත හෝ අපරිමිත හෝ) එකක් විය හැකි බව හා ඒ ඒ අගය ලැබීමට ඒ ඒ සම්භාවිතා ඇති බව පමණය.

ඒසේ ම කියැවෙන තවත් කරුණක් නම් φ දෛශිකය B ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකයන්හි ඒකජ සංයෝජනයක් (linear combination) ලෙස ලිවිය හැකි බවත් ය. එනම් φ දෛශිකය B ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකයන්හි අධිස්ථාපනයක් (superposition) වෙයි. එය සෑමවිට ම අයිගන් දෛශික දෙකක හෝ වැඩි ගණනක හෝ එකතුවක් වෙයි. φ දෛශිකය කිසි විටෙකත් B ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙහි එක් අයිගන් දෛශිකයක් පමණක් ලෙස ලිවිය නො හැකි ය. එසේ ලිවිය හැකි වුවහොත් එවිට B ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙන් නිරූපණය වන නිරීක්‍ෂ්‍යය නිරීක්‍ෂණය කළහොත් නිශ්චිත වශයෙන් යම් අගයක්, එනම් ඒ අයිගන් දෛශිකය අයත් වන අයිගන් අගය ලබාගත හැකි වනු ඇත.

එයින් කියැවෙනුයේ A හර්මිෂන් කාරකයෙන් හා B ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන නිරීක්‍ෂ්‍ය දෙකම අපට එකවර නිරීක්‍ෂණය කළ හැකි බව ය. එය අනිශ්චයතා මූලධර්මය සමග එකඟ නො වේ. අනිශ්වයතා මූලධර්මයෙන් ප්‍රකාශ වනුයේ යම්කිසි හර්මිෂන් කාරකයකින් නිරූපණය වන නිරීක්‍ෂ්‍යයක් නිරීක්‍ෂණය කළ හැකි නම් එහි ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන නිරීක්‍ෂ්‍යය නිරීක්‍ෂණය කළ නොහැකි බව ය.

ඉහත සඳහන් විස්තරය සමග සියල්ලෝ ම එකඟ වෙති. එහෙත් ප්‍රශ්න ඇතිවන්නේ එය විවරණය කිරීමට ගිය විට ය. ඒ සමග ම හිල්බට් අවකාශයෙහි දෛශික පිළිබඳව ද ගැටලු පැන නැගෙයි. මේ දෛශිකවලින් නිරූපණය වන අවස්ථා සෑබවින් ම පවතින්නේ ද? එසේත් නැත්නම් ඒ හුදු ගණිතමය රාශි පමණ ද? විශේෂයෙන් ම ප්‍රතිබද්ධ කාරකයෙහි අයිගන් දෛශිකවලින් නිරූපණය වන අවස්ථා පවතින්නේ ද? එවිට අදාළ ගුණයෙහි (නිරීක්‍ෂ්‍යයෙහි) අවස්ථා ගැන කිව හැක්කේ කුමක් ද? මේ අවස්ථා නිරීක්‍ෂණය කළ නොහැකි බවත් අදාළ ගුණය නිරීක්‍ෂණය කිරීමට උපකරණ යොදාගත් විට එහි අයිගන් දෛශික රාශියකින් සමන්විත අධිස්ථාපනය වෙනුවට එක් අයිගන් දෛශිකයකින් පමණක් නිරූපණය වන අවස්ථාවක් අපට නිරීක්‍ෂණය කළ හැකි බවත් කියැවෙයි.

මෙයට තරංග ශ්‍රිතයෙහි කඩාවැටීම යැයි ද කියැවෙයි. ඉන් අදහස් වන්නේ ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකය නිරීක්‍ෂණය කිරීමට (එනම් අදාළ නිරීක්‍ෂයෙහි අගය මැනීමට) පෙර තරංග ශ්‍රිතය අයිගන් දෛශික රාශියක එකතුවක් ලෙස ලිවිය හැකි බවත් එහෙත් උපකරණ යොදා ගනිමින් එය නිරීක්‍ෂණය කළ විගසම තරංග ශ්‍රිතයෙහි අධිස්ථාපන දෛශිකවලින් එකක් පමණක් ඉතිරි වන බවත් ය. මෙහි දී පැහැදිලි විය යුතු කරුණක් වෙයි. ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයට අදාළ ගුණය නිරීක්‍ෂණය කළ විගස ම අංශුව හෝ පද්ධතිය හෝ නිරූපණය කෙරෙන තරංග ශ්‍රිතය, එනම් හිල්බට් අවකාශයෙහි දෛශිකය වෙනස් වන බවත් එය දැන් මුල් හර්මිෂන් කාරකයෙහි, එනම් මුල් නිරීක්‍ෂ්‍යය නිරූපණය කෙරුණු කාරකයෙහි අයිගන් අගයයන්ගේ එකතුවක්, (ඒකජ සංයෝජනයක්, අධිස්ථාපනයක්) ලෙස ලිවිය හැකි බවත් ය. එයින් කියැවෙන්නේ මුල් නිරීක්‍ෂ්‍යය දැන් නිරීක්‍ෂණය කළ නොහැකි බව හා අදාළ ගුණය මැනගත නොහැකි බව ය.

මේ සියල්ල පිළිබඳ ගැටලු නැත. ගැටලුව නම් අධිස්ථාපනය වන දෛශිකවලින් නිරූපණය වන අවස්ථා පවතින්නේ ද? ප්‍රතිබද්ධ කාරකය විසින් නිරූපණය කෙරෙන නිරීක්‍ෂණය කිරීමට පෙර, එනම් එහි අදාළ ගුණයෙහි අගය මැනගැනීමට පෙර, අපට කුමක් කිව හැකි ද යන්න ය. මේ සම්බන්ධයෙන් දළ වශයෙන් ගතහොත් මත තුනක් ඉදිරිපත් වී ඇත. අයින්ස්ටයින්, ෂ්රොඩිංගර් ආදී විද්වත්හු ක්වොන්ටම් භෞතිකයෙහි ගණිතමය නිරූපණය පිළිබඳ ව සැක පහළ කළහ. ඔවුන්ගේ අදහස වූයේ ක්වොන්ටම් භෞතිකය අසම්පුර්ණ පද්ධතියක් බව ය.

එය මූලික වශයෙන්ම අධිස්ථාපනය පිළිබඳ ප්‍රශ්නයක් විය. අප මේ ප්‍රශ්නය බොහෝ කලකට පෙර තරමක් සාකච්ඡා කර ඇති නමුත් එය නැවතත් සඳහන් කිරීමේ වරදක් නැත. අයින්ස්ටයින්, ෂ්රොඩිංගර් ආදීහු යථාර්ථවාදීහු වූහ. ඔවුන්ට අනුව ප්‍රතිබද්ධ කාරකයට අදාළ ගුණය යථාර්ථයක් ලෙස පවතියි. එහෙත් එය ක්වොන්ටම් භෞතිකයෙහි ගණිතමය සූත්‍රගත කිරීමෙන් නිරූපණය නො වේ. අයින්ස්ටයින් විද්වතාගේ සුප්‍රසිද්ධ කියමනක් අනුව දෙවියන් වහන්සේ දාදු ක්‍රීඩාවෙහි නියැල්ලෙන්නේ නැත. දාදු ක්‍රීඩාවෙහි දීි දාදුව එක් පැත්තකට පෙරළීමට පෙර කිව හැක්කේ ඕනෑම පැත්තක් පෙරළීමට යම් සන්භාවිතාවක් තිබෙන බව ය. දාදුව පරිපූර්ණ එකක් නම් ඒ සම්භාවිතාව හයෙන් එකක් වෙයි.

දෙවියන් වහන්සේ දාදු ක්‍රීඩාවෙහි නියැල්ලෙන්නේ නැත යනුවෙන් අයින්ස්ටයින් විද්වතා කියා සිටියේ යම් ගුණයක අගය මැනීමට පෙර අහවල් අගය ලැබීමට මෙපමණ සම්භාවිතාවක් ඇතැයි කීම කිසිසේත්ම සතුටුදායක නොවන බව ය. එය සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි මෙන් යථාර්ථයක් ලෙස පවත්නා දෙයක් මැනීමක් විය යුතු යැයි ඔහු කියා සිටියේ ය. අප කරන්නේ පවත්නා දෙයක් නිරීක්‍ෂණය කිරීම හා පවත්නා අගයක් මැනීම බවත් ක්වොන්ටම් භෞතිකයෙහි ගණිතමය ප්‍රවාදය, සූත්‍රගත කිරීම, මගින් ඒ නොකියැවෙන බවත් එබැවින් ඒ සූත්‍රගත කිරීම අසම්පුර්ණ බවත් ඔහුගේ මතය විය.

අයින්ස්ටයින් විද්වතා එසේ කීව ද ක්වොන්ටම් භෞතිකය සම්පුර්ණ කිරීම සඳහා යැයි කිසිවක් කිරීමට අසමර්ථ විය. එහෙත් ඔහුගෙන් පසු ඩේවිඩ් බෝම් ආදී විද්‍යාඥයෝ ඒ සඳහා උත්සාහ කළහ. එහෙත් ඒ කිසිවක් සාර්ථක නො වී ය. ක්වොන්ටම් භෞතිකයෙහි යථාර්ථවාදී පැවැත්ම ගැන අයින්ස්ටයින් හා බෝර් යන විද්‍යාඥයන්ගේ කණ්ඩායම් අතර පැවති විවාද ඉතා ප්‍රසිද්ධ ය. ෂ්රොඩිංගර්ගේ බළලා ද බිහිවූයේ මේ විවාදවල ප්‍රතිඵලයක් ලෙස ය.

සුප්‍රසිද්ධ අයින්ස්ටයින් පොඩොල්ස්කි රොසන් (ඊ පී ආර්) විසංවාදය මේ විවාදයෙහි දී මතු වු තවත් අදහසකි. එයින් අයින්සටයින් කණ්ඩායම පෙන්වීමට තැත් කළේ අංශුවක යම් ගුණයක් මැනීමට පෙර අංශුවට ඒ ගුණය සඳහා අගයක් තිබෙන බව ය. එහෙත් ඒ සඳහා පර්යේෂණයක් කළ හැකි වූයේ 1982 දී ය. අයින්ස්ටයින් කණ්ඩායම උක්ත විසංවාදය සූත්‍රගත කිරීමේ දී අංශු අතර කිසිදු සංනිවේදනයක් ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදු නො වේ යැයි උපකල්පනය කළේ ය.

අයින්ස්ටයින් විද්වතාගේ යථාර්ථවාදී අදහස්වලට විරුද්ධව සිටියේ ඉන්ද්‍රියානුභූතවාදියකු වූ බෝර් විද්වතා ය. ඔහුට අනුව ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ පමණක් පැවතුණි. ඉන්ද්‍රිය ගෝචර නොවන දේ ගැන කිසිවක් කීමට නොහැකි යැයි ඔහු කියා සිටියේ ය. ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයක් මගින් නිරූපණය කෙරෙන නිරීක්‍ෂ්‍යයක් ඉන්ද්‍රිය ගෝචර නොවන බැවින් ආදළ ගුණය විසින් ගැනෙන අගය කුමක් ද යන්න ඇසීම පවා වැඩකට නැති ප්‍රශ්නයක් යැයි ඔහු කියා සිටියේ ය. ෂ්රොඩිංගර්ගේ බළලා පිළිබඳ ප්‍රශ්නයේ දී ද ඔහු කියා සිටියේ බළලා සිටි කුටියේ දොර ඇරීමට පෙර බළලා ජීවත්වන්නේ ද මැරී ඇත් ද යන ප්‍රශ්නය අදාළ නොවන බව ය. එයට හේතුව එය නිරීක්‍ෂණය කිරීමට නොහැකි වීම ය. කුටියේ දොර ඇරීමෙන් පසුව පමණක් අපට බළලා ජීවත් ව සිටින්නේ ද නැත්නම් මියගොස් ඇත් ද යන්න දැනගත හැකි යැයි ඔහු කියා සිටියේ ය.

බෝර් විද්වතාගේ ඉන්ද්‍රියානුභූතවාදී දර්ශනය අනුව ප්‍රතිබද්ධ කාරකයෙන් නිරූපණය වන නිරීක්‍ෂ්‍යය ගැන අපට කිසිවක් කිව නො හැකි ය. ඔහු හා හයිසන්බර්ග් විසින් සූත්‍රගත කරන ලද ක්වොන්ටම් භෞතිකයෙහි කෝපන්හේගන් විවරණයට අනුව අංශුවක හෝ පද්ධතියක හෝ යම්කිසි ගුණයක අගයක් මැනීමට පෙර එහි අගය කුමක් දැයි කිව නො හැකි ය. කළ හැක්කේ අසවල් අගය ලැබීමට අසවල් සම්භාවිතාවක් ඇති බව කීම පමණ ය. කෝපන්හේගන් විවරණයට අනුව අංශුවේ හෝ පද්ධතියේ හෝ අදාළ ප්‍රතිබද්ධ කාරකයෙන් නිරූපණය කෙරෙන නිරීක්‍ෂ්‍යය නිරීක්‍ෂණය කිරීමට පෙර, එසේත් නැතහොත් අදාළ අගය මැනීමට පෙර, අංශුවට හෝ පද්ධතියට හෝ ඒ අදාළ අගය නැත. කෝපන්හේගන් විවරණයට අනුව අංශුවට හෝ පද්ධතියට හෝ අදාළ අගය ලැබෙන්නේ නිරීක්‍ෂණයත් සමග ය. වෙනත් වචනවලින් කියන්නේ නම් අංශුවට හෝ පද්ධතියට හෝ අදාළ අගය ලබා දෙන්නේ නිරීක්‍ෂකයා ය.

කෝපන්හේගන් විවරණය අනුව තරංග ශ්‍රිතය යම් නිරීක්‍ෂ්‍යයක (අදාළ හර්මිෂන් කාරකයේ) අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයක් (එකතුවක්) ලෙස ප්‍රකාශ කර ඇති අවස්ථාවක ඒ අදාළ අයිගන් දෛශිකවලින් නිරූපණය වන යථාර්ථයක් නැත. එය හුදෙක් ගණිතමය ප්‍රකාශයක් ලෙස සෑලකීමට සිදුවෙයි. අංශුවට හෝ පද්ධතියට හෝ ඒ කිසිම අයිගන් අගයක් නැත. අංශුවට අගයක් ලැබෙන්නේ තරංග ශ්‍රිතය කඩා වැටී එය එක් අයිගන් දෛභිකයකින් පමණක් ප්‍රකාශ කළ හැකි අවස්ථාවේ දී ය. එනම් යම් උපකරණ පද්ධතියක් යොදා ගනිමින් ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයට අදාළ නිරීක්‍ෂ්‍යය නිරීක්‍ෂණය කිරීමෙන්, එනම් අදාළ අගය මැන ගැනීමෙන්, පසුව ය.

කලින් සඳහන් කළ ආකාරයට කෝපන්හේගන් විවරණය පදනම් වී ඇත්තේ ඉන්ද්‍රියානුභූත දර්ශනය මත ය. යථාර්ථවාදීහූ මෙන් ම ඉන්ද්‍රියානුභූතවාදීහු ද ද්‍රව්‍යයෙහි වාස්තවික පැවැත්මක් පිළිගනිති. යථාර්වාදීන්ට ඒ වාස්තවික පැවැත්ම දැනගන්නා ක්‍රමයක් තිබිය යුතු ය. එය ප්‍රකාශ වන භෞතික විද්‍යාවෙහි හෝ වෙනත් විද්‍යාවක හෝ ප්‍රවාද තිබිය යුතු ය. ඔවුන්ට ක්වොන්ටම් භෞතික ප්‍රවාදය අසම්පුර්ණ වන්නේ ඒ එසේ නොවන බැවින් ය.

එහෙත් ඉන්ද්‍රියානුභූතවාදීන්ට ඒ ගැටලුව නො වේ. ඔවුන් ද වාස්තවික පැවැත්මක් පිළිගන්නා නමුත් ඉන්ද්‍රිය ගෝචර නොවන වාස්තවික පැවැත්මක් ගැන කතා නොකරති. ඒ අර්ථයෙන් එය නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ ය. ඔවුන්ට අනුව අංශුවකට හෝ පද්ධතියකට යම් ගුණයක් සම්බන්ධයෙන් වාස්තවික පැවැත්මක් ඇත්තේ ඒ නිරීක්‍ෂණය කළ හැකි විට ය. එසේ නිරීක්‍ෂණය කළ නොහැකි විට ඒ ගුණයෙහි පැවැත්ම හෝ නොපැවැත්ම හෝ ඔවුන්ට ප්‍රශ්නයක් නො වේ. එවැනි ගුණවල අගය ගැන කතාකිරීම නිෂ්ඵල වූවක් ලෙස ඔවුහු සලකති. ඔවුන්ට අනුව අංශුවක ගම්‍යතාව (හා ශක්තිය) දත්විට එහි පිහිටීම දැනගත නො හැකි ය. එවිට අංශුව අසවල් තැනක ඇතැයි කිව නො හැකි ය. කිව හැක්කේ අංශුවේ පිහිටීම කොතැනක දැයි දැනගැනීමට අවශ්‍ය වූ විට උපකරණ භාවිතා කර ඒ දැනගත හැකි බවත් එතෙක් ඒ ගැන කිසිවක් කිව නොහැකි බවත් ය.

Why we celebrate the victory

Most of the people in Sri Lanka, I believe would celebrate the victory of the armed forces over Tamil terrorism, in spite of opinions expressed by some intellectuals and others who I am sure are also concerned with what is now known as reconciliation. Whatever is meant by that word which has various connotations especially with respect to the South African experience, which has no relevance to the Sri Lankan situation, there should be an understanding between the Sinhala people and others living in the country, if the children of each and every one of us are going to live peacefully in this motherland of all of us. I deliberately say between the Sinhala people and others living in the country, and not between all the communities or words to that effect, since the Sinhala people and their culture occupy a significant position in the country. If the others are not prepared to accept that then it would lead to another “war” sooner or later. The humanitarian operations had to take place due to the refusal by the Tamil Vellala leaders of the past to accept the fact that the Sinhalas and the Sinhala Buddhist culture occupy a significant position in the country.

I myself would not want the Sinhala Buddhist culture to be the dominant culture in the country as it is against Buddhist principles. It has to be emphasized though the western countries pretend to be secular Christian cultures are their dominant cultures. Though the western political scientists and other social scientists try to deceive the rest of the world by claiming that the western states are secular it is not so as any of the states would defend the particular Christian culture in the country by not tolerating any other culture when they feel that their dominant culture is under threat. They would not allow practitioners of other religions to have places of worship freely as they have numerous laws to obstruct the construction of such places of worship. In some of these Christian countries Muslim women are not allowed to wear their traditional dress for the flimsy reason that the human rights of other people to recognize these women are violated! As we have mentioned previously in so called Monarchies the Kings or the Queens are Christian England being the worst country in this respect, with the head of the state being the head of the Church as well. Still the political scientists of the western countries would say that the Church is separated from the State.

The Christian culture is not only the dominant culture of the western countries but for all practical purposes in the other countries as well. This dominance is maintained through education and media. The knowledge that is created in the western countries is Christian and we are forced to disseminate that knowledge to our students in the guise of maintaining so called international standards. The university senates have a pseudo academic freedom to teach and research according to the western standards passed on to our countries. The western social scientists would claim that the world has become smaller and that we have a global village now without mentioning that the Village Headman, a post introduced by the English, is the President of USA. They would want us to get more and more involved in the affairs of the global village, thus losing any semblance of independence that we have at present.

It is in the above background that we celebrate the victory of the armed forces defeating the Tamil terrorists. The Tamil terrorist movement was an outcome of Tamil racism that was created and nurtured by the Dutch and the English. India had a hand in creating Tamil terrorism and we know that the Indian governments had been training arming and funding the terrorist movements not only of Prabhakaran but also of Uma Maheswaran and others. It is an irony of history that Rajiv Gandhi was killed by the very same movement he and his mother had baptized and nurtured. Even the Sri Lankan President Premadasa who had supplied arms to the LTTE to fight the IPKF was assassinated by Tamil terrorism.

We are not celebrating a victory over the Tamils in this country and the vast majority of Sinhalas are in favour of the development work carried out by the government in the Northern and the Eastern Provinces as well as in the Southern Province. The victory was essentially over the westerners and of course the Indians even more than the Tamil terrorism. It was the west, namely England and Netherlands at the beginning that created, and cultivated an English educated Tamil Vellala leadership against the Sinhalas, especially the Sinhala Buddhists. The English, in particular worked in a very subtle way to give the Tamil Vellala leaders the idea that they were the leaders of the country. The Tamil leaders tried to maintain their overrepresentation in the legislature by artificial means with the English encouraging the former to do so. It is well known that the Tamil leaders such as Ponnambalam Ramanathan went before the Donomourgh commission and argued against universal franchise as they knew that in such an eventuality the Tamil leaders would never be able to have a majority in the legislature. The Tamil leaders also wanted fifty - fifty (it was not Sinhala fifty percent and the others fifty percent) thus making the Sinhala representation a minority in the legislature and finally asked Soulbury to see that the Sinhalas would not obtain a majority representation in the delimitation of Parliamentary constituencies. The English instigated the Tamil leaders and helped them whenever possible as they were determined to see that the Sinhala Buddhist culture and the Sinhala people, who were a threat to their hegemony, were degraded and weakened, if not destroyed.

The west had been supporting not only Tamil racism but Tamil terrorism as well with the help from India and was using the LTTE to establish a separate state, as they had done in many other countries in the world, Sudan being the latest example. The western agents such as Solheim and Robert Blake not to mention many other western and Indian Diplomats, wanted a separate country in the Northern and the Eastern Provinces, and we all know how desperate they were to see that Prabhakaran and the other terrorist leaders escaped to the west during the latter stages of the humanitarian operations. We know that Nambiar was attempting to bring a ship to take the terrorists to some western country or a country that supported the west against Sri Lanka. All these attempts were defeated and it was not simply the Tamil terrorists the armed forces, the Defence Secretary were fighting under the political leadership of the President.

The humanitarian operations were successful and were victorious over the powerful west, and the Indians who want to be regional leaders, and it was a victory against the establishment of a separate state. It was the only successful operation in the recent history of the world against terrorism, and who would say that we should not celebrate such a momentous victory. In fact the Tamil people also should be happy over the victory as it brought freedom to them from the yoke of the terrorists led by Prabhakaran. However, we have a long way to go in bringing peace to this country. Though Tamil terrorism has been defeated, Tamil racism has not been in spite of the fact that the Tamil leaders and the NGOs maintained by the western states have no argument against what we have to say on these matters. It is the western countries that maintain Tamil racism through the so called Tamil diaspora and some sections of the TNA. The Tamil people should not think that the western countries love them as we all know how we are treated in those countries. There is no multiculturalism in any of the countries in the world in a strong sense where all cultures are treated equally. In England and the other western countries it is the Christian Culture (though not homogeneous, and change from one country to another) that is the dominating culture, and even in Singapore it is the Chinese culture which is the dominant culture and not the Tamil Hindu culture. In India it is the North Indian Hindu culture that is dominant and not the South Indian Hindu culture nor Sikh nor Muslim culture. It is the western “intellectuals” and their henchmen and henchwomen that have made us to practise a multiculturalism that is not found anywhere in the world. The Sinhalas are very tolerant and would allow any culture to flourish provided that those who practice that culture accept that Sinhala Buddhist culture is the significant, not the dominant, culture of the country. A sensible “reconciliation” could be achieved with that kind of understanding, and fighting against western cultural economic and political colonialism collectively.


Copyright Prof. Nalin De Silva

Saturday, 19 May 2012

Dambulla, Kuragala and Batticaloa

The recent incidents at Dambulla, Kuragala and Batticaloa where a Bhikku has been assaulted by members of a certain political party could be understood only if the ethnic problem is understood without resorting to hackneyed terms such as Sinhala Buddhist supremacy. At Batticaloa though a Buddhist Bhikku has been assaulted no human rights organisation, NGO or any such body has come to protect at least the human rights of the Bhikku. If a clergy of another religion had been attacked by a Sinhala Buddhist we would have been subjected to a torrential campaign against Sinhala Buddhist hegemony. At Kuragala the courts have decided on 20th April 2012 that the Bhikkus and the Sinhala Buddhist lay people are not at fault, and with that the human rights boys and girls have lost another opportunity to campaign against Sinhala Buddhist supremacy. The Sinhala Buddhists have been pushed to a corner and they have to be careful with what they have to say and do, as each step taken by them is being watched diligently by various local bodies as well by the so called international organisations. It is said by these humanists that Sinhala Buddhists think that the country belongs to them only and all the problems arise due to that. The Sinhala Buddhists are told that they should not celebrate the victory over the LTTE, an organisation financed, armed and trained by the westerners and Indians that had as its intention establishing an Eelam dividing the country, The country as a whole has to celebrate this victory against the LTTE, and those advocate otherwise probably are not happy that the biggest threat to a unitary Sri Lanka has been defeated by the Ranaviruvan led by the Defence Secretary under the political leadership of the President. The Sinhalas and especially the Sinhala Buddhists have a lot to win back that they lost during the direct western Christian colonial rule from 1506 to 1948, and under indirect colonial rule from 1948 to date.

Many people forget that the pact between the Sinhala leaders and the English in 1815 was a pact between two equal parties and not between a victorious party and a defeated group. It is also forgotten that according to the pact the English King in England took upon himself the task of protecting and developing the Buddha Sasana, in addition to ruling the country (rata karaweena) according to Sinhala “law”. At least Brownrig and Doyle, if not George III would have known that the Sinhala leaders would not have signed the pact without such clauses being incorporated in the document. Perhaps the Sinhala leaders did not know that as far as the English were concerned Accords, Pacts etc., were meant to be broken. In spite of the English tradition, as late as the nineteenth century in the Christian Era the English colonial government by an act of “law” made it compulsory for non Buddhist religions to obtain permission of the governor to build places of religious worship. No such permission was required to build Buddhist places of worship. This “law” is still in effect, though successive governments have continued to ignore it. If the governments had implemented this law incidents such as at Dambulla would not have occurred, and it is time for the government to act according to the law without any delay.

It is true that the Sinhalas and especially the Sinhala Buddhists consider this as the Sinhala Buddhist country. If the others, who think of Muslim countries and of Christian countries also think of Sri Lanka as a Sinhala Buddhist country where the others are free to live, practise their religions and preserve their cultures, most of the problems that arise due to ethnicity could have been avoided. When the English signed the pact in 1815 with the Sinhala leaders undertaking to protect Buddhism there was opposition in the parliament in England not because preferential treatment had been accorded to Buddhism and discriminating against the other religions, but since the Christian English government had given an undertaking to protect a “pagan” religion. The English thought it was sacrilegious to do so, but Brownrig and Cambridge educated (not in an admirable sense) Doyle who masterminded the strategy of annexing Sinhale without a war through a pact, knew very well how important for the Christian English government to protect this “pagan” religion at least on paper. The problem with the Sinhalas from the day the Portuguese came to this country is that they have not been able to understand the meaning of “pacts” in the European sense. That is the very reason that even Professors of Law and many educated people, of course educated by Macaulay, argue that economic sanctions are not mentioned in the Geneva Resolution adopted recently against Sri Lanka.

As we have pointed out on numerous occasions there are no multicultural countries in the world in what we may call the strong sense, where all cultures are treated equally. In the western countries there are citizens belonging to different cultures, but it is the Christian culture and Christian religion, whatever may be the denomination, that is dominant in those countries. The westerners may call their states secular with the approval of their Political scientists and other Social scientists, but these pronouncements are only good stories constructed by the western intellectuals to deceive the others. These states are all Christian with England leading the way making their King or the Queen as the case may be the Head of the Church as well. However, the English social scientists, and the political scientists in particular, will write thesis after thesis to tell the others that the state is separated from the church.

The Muslim countries are not as hypocritical as the Christian countries as they would not hesitate to claim that they are Muslim. In fact as far as the Geneva Resolution is concerned we appreciate the fact that seven Muslim countries voted against the resolution initiated by the Christian countries America and England, though the pundits would not refer to the latter as Christian countries. What is practised in all of the western Christian countries is multiculturalism in the weak sense, where people may belong to different cultures but the dominant culture as well as the religion is Christian. I am not saying the Muslim countries are better than the Christian countries, but they are at least not hypocritical. India that follows the western model is a Hindu country though claiming to be a secular country. The fact that they had a Muslim President or a Muslim captain of the cricket team, or have a Sikh Prime minister do not change the Hindu characteristics of the state. The Indian Hindus have learnt the art of the game from the English who would occasionally have Jewish Prime Ministers in a Christian state and a country. I do not want to go into details of the treatment given to the Muslim culture in the Christian countries such as France, England and Australia not in the nineteenth century but during the last few years. I am eager to find out how easy is to build a Mosque in France or England or a Church in a Muslim country, not to mention building a Pansala (Buddhist temple) in anyone of these countries.

The Christian domination is very much felt in the field of education, as all of us wherever we live, get a Christian education with theories and concepts constructed in a Judaic Christian culture. It is through this education that we are being exploited and it is unfortunate that most of us have not realised this fact. I would not claim that the Sinhala Buddhists are the ideal people living on the planet, but the fact that we practise four of the religions in this country with temples (pansals and kovils), churches, mosques visible in all parts of the island and with all important days of the four religions having being declared holidays, unlike in any other country of the world speak volumes for the tolerance of other ideas (an matha ivaseema) practised by the Sinhala Buddhists. In Sri Lanka multiculturalism is practised to a maximum in the weak sense much better than in the other counties but the western Christian countries, and the Hindu India that does not recognise the Buddhist culture except in the Asokan symbol only as a symbol, want us to practise multiculturalism in the strong sense which is not found in any of the other countries. The so called ethnic problem is a result of not recognising and giving the due place to Sinhala Buddhist culture as I would argue in my series on “The mythical ethnic problem”.


Copyright Prof. Nalin De Silva

සිංහල බෞද්ධයන්ගේ කරුමය

සිංහල බෞද්ධයන් තරම් අන්‍ය ආගමිකයන්ගේ ද ඊනියා බුද්ධිවාදීන්ගේ ද බටහිරයන්ගේ ද වෙනත් ඒ අයගේ ආවතේවකාරයන්ගේ ද අවඥාවට, විවේචනයට, දෝෂ දර්ශනයට ලක්වන තවත් පිරිසක් ලෝකයේ නැති තරම් ය. එයට පළමුවැනි වරදකරුවන් වනුයේ අන් කවරකුවත් නොව සිංහල බෞද්ධයන් ය. තවමත් අවසන් නැති අවුරුදු පන්සියයකට අධීක යටත්විජිත පාලනයකින් සිංහල බෞද්ධයන්ගේ පිටකොන්ද කඩා දමා ඇත. එහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙන්නේ ඉංගිරිසින් විසින් අපට දෙනු ලැබූ මැකෝලේගේ අධ්‍යාපනය ය. අදත් මෙරට බටහිර දැනුමේ ආධිපත්‍යය අප මත පැටවී ඇත. සිංහල බෞද්ධ බලයක් යනුවෙන් තබා සිංහල යනුවෙන් කිවහැකි අධ්‍යාපනයක් මෙරට නැත. අප කල්පනා කරන්නේ, නැත අප කතාකරන්නේ, ලියන්නේ බටහිරයන්ගේ යටත්විජිතවාදී දැනුමෙහි සංකල්ප, ප්‍රවාද ආදිය යොදාගනිමිනි. මෙරට තුට්ටු දෙකේ අනුකාරක විශ්වවිද්‍යාල මෙහි දී ප්‍රධාන තැනක් ගනියි. සුද්දන්ගේ (බටහිර යටත්විජ්තවාදීන්ගේ යන අරුතින්) කසිකබල් මත වැමෑරීම හැරෙන්නට මෙරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරයක් කරන වෙනත් කාරියක් නැත. මෙරට සිංහල බෞද්ධ රටක් බව නොබියව කීමට ඉදිරිපත්වන්නේ මෙරට ජනතාවගෙන් කී දෙනකු ද? පඬියෝ ඒ පිරිසට ලිංමැඩියන්, අන්තවාදීන්, ජාතිවාදීන් ආදී නම් පටබඳිති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා සෑම පාසලක ම භාවනාකිරීම සඳහා වෙනම කාමරයක් තිබීමේ වැදගත්කම ගැන කතා කළේ ය. එයට කලකට පෙර මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධීපති වශයෙන් සේවය කරද්දී භාවනාකිරීම සඳහා කාමරයක් සතියේ එක් දිනක් සවස හතරෙන් පසු වෙන් කළෙමි. පීඨයේ අබෞද්ධ ගුරුවරුන්ගෙන් මෙන් ම ඊනියා බෞද්ධ විද්‍යාඥයන්ගෙන් ද එයට තදබල විරුද්ධතාවක් එල්ල විණි. ඒ සම්බන්ධයෙන් විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද යන මැයෙන් දිවයින ඉරිදා සංග්‍රහයට ලිපියක් ලිවීමට ද මට සිදුවිය. කෙසේ වෙතත් අද භාවනා වැඩසටහනකට පංති කාමරයක් වෙන්කිරීමට වත්මන් බෞද්ධ පීඨාධිපතිවරයා අකමැති වෙයි. ඒ කතෝලික සිසුන්ට යාඥාකිරීමට ද පංති කාමරයක අවස්ථාව ලබා දී තිබිය දී ය. අද සිංහල බෞද්ධ දැනුමක් ගොඩනැගීමට විද්‍යාලංකාරයේ විද්‍යා පීඨයේ බටහිර විද්‍යාව කටගාගත් එහෙත් උපන්තේකට බටහිර විද්‍යා සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ගොඩනගා නැති ඊනියා බෞද්ධ ගුරුවරු ද විවිධාකාරයෙන් අකුල් හෙළති. අවශ්‍ය නම් මේ කරුණු සම්බන්ධයෙන් විවාදයකට එළඹීමට කැමැත්තෙමි.

පසුගිය දා දඹුල්ලේ ප්‍රජා භූමියේ හෝ ඒ සමීපයේ හෝ මුස්ලිම් පල්ලියක් පවත්වාගෙන යෑමට බෞද්ධයෝ විරුද්ධ වූහ. එයට නායකත්වය දුන් භික්‍ෂූන්වහන්සේ මේ අවස්ථාවේ කිනම් කරුණක් නිසා මැදිහත්විණි දැයි නො දනිමි. උන්වහන්සේ අතීතයේ දී ක්‍රියා කර ඇති ආකාරය හා අරමුණ කුමක් වුවත් මෙහි දී සිංහල මුස්ලිම් භේදයක් ඇතිකිරීමට ඇතැම්හු උත්සාහ කළහ. මෙවැනි ප්‍රශ්න මුස්ලිම් රටවල හෝ ක්‍රිස්තියානි රටවල ඇති නොවන්නේ ඇයි? එයට ඇත්තේ එකම එක හේතුවක් පමණකි. ඒ රටවල අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරීමේ දී ම නීතියෙන් බාධා පැමිණවීම ය. පඬියන් කියනු ඇත්තේ මුස්ලිම් රටවල් තිබුණ ද ක්‍රිස්තියානි රටවල් නැති බව ය. බටහිර ඇත්තේ ඓහික (අනාගමික) රටවල් බව ඔවුන් කියනු ඇත. ඒ ඔවුන්ගේ ස්වාමිවරුන් වූ සුද්දන්ගේ ප්‍රවාද පුනරුච්චාරණය කිරීම මිස අනෙකක් නො වේ. සුද්දන්ගේ දැනුම යනු බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අධිපතිවාදී දැනුම බව පඬියන්ට පුන පුනා කියා දිය යුතුව ඇත. සුද්දන් විසින් සිංහල බෞද්ධයන් මේ දැනුමට බියකරනු ලැබ ඇත. එංගලන්තයේ රාජ්‍ය නායිකාව මෙන් ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි පල්ලියේ නායිකාව ද එලිසබෙත් වින්ඩ්සර් හෙවත් ඔවුන්ගේ රැජන ය. මුළු මහත් බටහිර සංස්කෘතිය ම යුදෙව් ක්‍රිස්තියානි වන අතර බටහිර දැනුම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වෙයි. ගුණදාස අමරසේකර මහතා විසින් ඇතැම් විට උපුටා දක්වනු ලබන එරික් ෆ්‍රොම් මහතා පවසන්නේ අද බටහිර ඇත්තේ කාර්මික ක්‍රිස්තියානියක් මිස ක්‍රිස්තියානියක් නොවන බව ය. එහෙත් ඒ එසේ නො වේ. බටහිර ක්‍රිස්තියානි නිකායන් බිහිවූයේ ඊනියා පුනරුදයෙන් පසුව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. අද බටහිර පවත්නේ ඒ චින්තනයෙහි බිහිවුණු මාටින් ලූතර්, කැල්වින් ආදීන්ගේ ක්‍රිස්තියානියේ විකාශයක් මිස ඊනියා කාර්මික ක්‍රිස්තියානියක් නො වේ.

දඹුල්ලට අමතරව කූරගල ද නගෙනහිර පළාතේ ද සිංහල බෞද්ධ උරුමයට පහර එල්ල වෙමින් ඇත. කූරගල ප්‍රශ්නය තාවකාලිකව පසුගිය දා උසාවියෙන් විසඳුණි. මඩකලපුවේ භික්‍ෂූන් වහන්සේ නමකට එක්තරා දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් විසින් පහර දෙනු ලැබිණි යැයි පසුගිය දා වාර්තා විණි. උන්වහන්සේගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වූ අයකු නැත. එහි දී බෞද්ධයන්ට විරුද්ධව අවි අමෝරාගෙන සටන් වදින, බටහිර රාජ්‍යවලින් යැපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන මුනිවත රැක්කේ ය. යම් අයුරකින් අන්‍යාගමික පූජකවරයකුට සිංහල බෞද්ධයන් විසින් පහර දෙනු ලැබිණි නම් කුමක් සිදුවිය හැකිව තිබිණි ද? මේ සිංහල බෞද්ධ රටේ මෙසේ සිදුවන්නේ කුමක් නිසා ද? බටහිරයන් අපට කියන්නේ සිංහල බෞද්ධයන් අන්‍යයන්ට අසාධාරණකම් කරන බව ය. එහෙත් සුළුතර ජනවර්ගවලට මෙරට තරම් වරප්‍රසාද හිමි වී ඇති රටක් තවත් නැත. බෞද්ධයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් නොකර සිල් රුකිය යුතු පිරිසක් යැයි බටහිර සුදු පඬුවෝ හා ඔවුන්ගේ මෙරට හෙංචයියලා හා හෙංචක්කලා අපට කියති. අපිදු ගැමුණු කුමරු අමතක කර සිල් රැකීමට යමු.

සිංහලයෝ කිසිවකුට කිසි දා යටත් නොවුහ. ඒ අපේ සංස්කෘතියෙහි හා ජානවල ඇති යක්‍ෂ හා නාග උරුමය නිසා සිදුවූවකි. අවසානයේ දී 1815 දී අපි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි ප්‍රධාන බලකොටුවක් වූ කේම්බ්‍රිජ් විශ්වවි්‍යාලයෙහි උගත් ඩොයිලිගේ ගිවිසුමට රැවටී සුද්දන්ට රටකරවීම භාර කළෙමු. සිංහලයෝ් යුද්ධයෙහි හා වෙනත් ශිල්පවල දක්‍ෂයන් වුවත් ගිවිසුම් සම්බන්ධයෙන් රැවටෙති. අපි පෘතුගීසීන්ට මුළා වී ඊනියා ගෙරිහමක ප්‍රමාණයට කොළඹ ලබා දුන්නෙමු. 1776 දී ලන්දේසීන් සමග නැගෙනහිර පළාත සම්බන්ධ ගිවිසුමක් අත්සන් කර අමාරුවේ වැටුනෙමු. ඉන්දු ලංකා ගිවිසුම තවමත් අප පාලනය කරයි. ඒක පාර්ශිකව ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කළ හැකි දැයි සොයා බැලිය යුතු ය. ජාතික ව්‍යාපාරයේ ඇතැමුන් ද අගය කරන සුද්න්ගේ ඊනියා ජාත්‍යන්තර නීති, එක්සත් ජාතින්ගේ ඊනියා ප්‍රඥප්ති එහි දී අපට හරහට සිටිනු නො අනුමාන ය. ගෙරිමස් කන සුද්දන්ගේ ගෙරිහම් මෙන් ම ඔවුන්ගේ ගෙරිදැනුම ද අවශ්‍ය පරිදි ප්‍රතික්‍ෂෙප කිරීමට අප පසුබට විය යුතු නො වේ. අප 1815 සිට පරදින්නේ සුද්දන්ගේ ගිවිසුම්වලට හා කසිකබල් එහෙත් දේශපාලන ආධිපත්‍යය නිසා රැකෙන බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමට ය. මැකෝලේගේ දරුවෝ ඒ වෙනුවෙන් පෙනී සිටිති. ඒ කෙසේ වෙතත් 1815 ගිවිසුම එංගලන්තයේ රජු හා සිංහල නායකයන් අතර සමානත්වතාව පදනම් කරගෙන ඇතිවූවකි. එය ජයග්‍රාහකයන් හා පරාජිතයන් අතර වූ ගිවිසුමක් නො වේ. සිංහල නායකයන් ඒ ගිවිසුම අත්සන් කළේ බ්‍රවුන්රිග් හා ඩොයිලි බුද්ධාගම රැකීමටත් සිංහල නීතිය අනුව රට කරවීමටත් පොරොන්දු වූ බැවිනි. එංගලන්ත පාර්ලිමේන්තුවේ එයට විරුද්ධත්වයක් ඇතිවූයේ ක්‍රිස්තියානි රජුට ඊනියා මිථ්‍යාදෘෂ්ටික ආගමක් රැකීමට සිදුවීම නිසා මිස ගිවිසුමෙන් අන්‍යාගම්වලට අසාධාරණයක් වේය යන හේතුවක් නිසා නො වේ. අද අපට එහි වැදගත්කම ඇත්තේ මේ ගිවිසුම මත පදනම් ව දහනවවැනි සියවසේ ඉංගිරිසින් පැනවූ “නීතියක්” හේතුකොටගෙන ය. එයට අනුව අන්‍යාගමික සිද්ධස්ථානයක් ගොඩනැගීමේ දී ඒ සඳහා ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතු ය. ඒ නීතිය අදත් වලංගුවන අතර බෞද්ධ සිද්ධස්ථාන සඳහා අදාළ නො වේ. මේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් දඹුල්ලේ හෝ කූරගල හෝ මුහුදු මහා විහාරයේ හෝ ලංකාවේ වෙනත් කිසිම තැනක හෝ අනවශ්‍ය සිද්ධි ඇති නොවනු ඇත. අද කළ යුත්තේ මේ නීතිය වහාම ක්‍රියාත්මක කිරීම ය. එය ජනාධිපතිතුමාගේ අවධානයට ලක්විය යුතු යැයි අප කියන්නේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන් බොහෝ දෙනකු චන්ද්‍රිකාගේ ඇමතිවරුන් වීමත් සුද්දන්ගේ දැනුමට ආවඩන්නන් නිසාත් ය.

සිංහල බෞද්ධයන්ගේ කරුමය සුද්න්ගේ (බටහිර ක්‍රිස්තියානි යටත්විජ්තවාදීන්ගේ මිස ඇතැම් නිවට පුහු පඬියන් සිතන ආකාරයට පාරේ යන ඕනෑම සුද්දකුගේ නො වේ. බටහිර රටවල සුදු හිඟන්නෝ ද වෙති) දැනුමට ඇති බය ය. මේ බය නැතිකිරීමට ධර්මපාලතුමා කී දෙයක් සංශෝධනය කරමින් බටහිර මහා බුද්ධිමතුන් යැයි කියන්නන්ගේ පඹයන් තනා ඒවාට පහර දීය යුතු ය. පඬියන් මෙයට විරුද්ධව මැසිවිලි නගනු ඇත. එහෙත් පඬියෝ පඹයෝ ම වෙති. අවාසනාවකට මෙරට මැති ඇමතිවරු ද සුද්දන්ගේ දැනුමට බිය වෙති. එංගලන්තය පැහැදිලිව ම ක්‍රිස්තියානි රටක් වුව ද එහි රාජ්‍ය සංකේත මගින් ක්‍රිස්තියානි නොවන ආගම් හෝ ඇග්ලො සැක්සන් නොවන ජනවර්ග නියෝජනය නොවුණ ද අප සිංහල බෞද්ධ රටක් යැයි කීම තහනම් ය. බටහිර රටවල ඊනියා බහුසංස්කෘතියක් නැත. එහි ක්‍රිස්තියානි සංස්කෘතිය අධිපතිවාදී සංස්කෘතිය වෙයි. එංගලන්තයේ, ප්‍රංශයේ ඕස්ටේ‍රිලියාවේ මුස්ලිම් කාන්තාවන් පර්දාව ඇඳීමට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්විණි. ඇතැම් රටවල එසේ ඇඳීම තහනම් ය. මුස්ලිම් රටවල හෝ ක්‍රිස්තියානි රටවල හෝ පල්ලි මිස අන්‍යාගමික සිද්ධස්ථාන දැකිය හැක්කේ කලාතුරකිනි. එහෙත් ලංකාවේ හතර දිග්භාගයේ ම ආගම් හතරක සිද්ධස්ථාන දැකිය හැකි ය. ඒ ආගම්වවල වැදගත් දිනවල ලංකාවේ නිවාඩු ලබා දී ඇත. එංගලන්තයේ හෝ ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක වෙසක් දා අඩුම තරමෙන් බෞද්ධයනට නිවාඩු ලැබිණි ද? ඒ රටවල බෞද්ධයන්ට වෙසක් උදාවන්නේ වෙසක් පෝයට පසුව එන ඉරිදා ය. එහෙත් අපි සුද්දන්ගේ හා ඔවුන්ගේ හෙංචයියන් හා හෙංචක්කලා වූ පඬියන්ගේ දැනුමට යටත්ව බැට කන්නේ ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යයක් පැවැත්වීම සම්බන්ධයෙනි. අප බැටකෑමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විදේශ අමාත්‍යාංශය ය. අප ලවා තව තවත් බටහිරයන්ට හිස නැම්මවීමට අද විදේශ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙයි. ජෙනීවා හි අප තානාපති ව සිටි දයාන් ජයතිලක වැන්නන්ට වඩා ලංකාව වෙනුවෙන් මහඟු මෙහෙවරක් කල තමරා කුණනායගම් මහත්මිය එතැනින් මාරුකර යවන්නේ බටහිර ගැති විදේශ ඇමතිගේ හා ලංඩනයේ මහා කොමසාරිස් ලෙස කටයුතු කළ එවැනි ම වූ ගැත්තියකගේ අවශ්‍යතාව පරිදි ද? සියළු ආකාරවල පඬියෝ තමන් බටහිර ක්‍රිස්තියානි දැනුමෙහි දාසයන් බව නො දනිත් ද? ඔවුහු නිවටයෝ වෙති. මේ නිවටයන් නිසා මුළු මහත් ජාතියක් සුද්දන්ට හා ඔවුන්ගේ දැනුමට හිස නැමිය යුූතු ද? අප මේ කරුමය වහා අහෝසි කර්මයක් කළ යුතු ය.

කපිල පීරිස් මහතාගේ දේශපාලනය II

කපිල පීරිස් මහතා ටික කලකට පෙර නිව්ටෝනීය යාන්ත්‍රිකය ඇසුරෙන් අපේ පැරණි තාක්‍ෂණය තේරුම් කිරීම සාධාරණය කළේ එමගින් බටහිර විද්‍යාව විශ්වාස කළ, එයට ගෞරවයක් දැක්වූ අය පැරණි තාක්‍ෂණය දෙස ඇහැ ඇර බැලීමට පෙළඹෙනු ඇතැයි කියමිනි. එය ව්‍යාජයක් බව අපි එකල කීවෙමු. අපේ තාක්‍ෂණය නිව්ටෝනීය යාන්ත්‍රිකයෙන් තේරුම් කිරීමෙන් සිදුවනුයේ බටහිර විද්‍යාවේ ආධිපත්‍යය තව තවත් තහවුරු කිරීම මිස අනෙකක් නොවන බව ප්‍රකාශ කළෙමු. බටහිර විද්‍යාවට වෙනත් බොහෝ දේ මෙන් ම අපේ තාක්‍ෂණය ද තේරුම් කිරීමට හැකිනම් බටහිර විද්‍යාව විශ්වාස කරන, එයට භක්තියක් ඇති අය බටහිර විද්‍යාව සමග තව තවත් බැඳෙනු මිස අපේ තාක්‍ෂණයක් ගැන සොයා බැලීමට නො පෙළඹෙති.

කපිල පීරිස් මහතාට මුළ සිට ම අවශ්‍ය වූයේ වැඩිම වුවහොත් බටහිර විද්‍යාව මෙරටට ගැලපෙන අයුරින්, මෙරට සමග බැඳෙන අයුරෙන් ප්‍රකාශ කිරීම මිස අපේ විද්‍යාවක් තාක්‍ෂණයක් බිහිකිරීමට දායක වීම නො වේ. වැඩිකල් නොගොස් ම කපිල පීරිස් මහතාගේ ඒ අභිලාෂය හෙළිදරවු විය. ඒ බව ඔහු රේ විජේවර්ධන මහතාට සහ තවත් අයට දුන් සහතිකවලින් මනාව පැහැදිලි විය. එපමණක් නො වේ. බයිසිකලය මෙන් ම ආකාශ සෝපාන ගැන ද ඒ මහතා කතා කළේ ය. බයිසිකලයවත් ආකාශ සෝපානයවත් අපේ සංස්කෘතියෙන් බිහි වූ අපේ තාක්‍ෂණයකට අයත් වූ දේ නො වේ. නිව්ටෝනීය යාන්ත්‍රිකය යොදාගෙන ඒවා තේරුම් කර දීමෙන් බටහිර විද්‍යාව විශ්වාස කරන්නවුන් අපේ තාක්‍ෂණයක් ගැන ඇස් ඇර බලන්නේ කෙසේ ද?

කපිල පීරිස් මහතාගේ දේශපාලනය ඒ අයුරෙන් හෙළිදරවු විය. ඔහුට අවශ්‍ය වූයේ බටහිර විද්‍යාවේ ආධිපත්‍යය තහවුරු කිරීමට ය. එයට අභියෝග නොකර සිටීමට ය. එය ඔහුගේ රැකියාවත් සමග ද ගැලපිණි. එබැවින් ඔහුට අපේ විවේචනය කරදරයක් වූවා නිසැක ය. එබැවින් ඔහු මෑතක සිට වෙනත් ව්‍යාපෘතියක් ද ඇරඹීය. අප භාවනාව හා ආධ්‍යාත්මික ශක්තිය දැනුම ලබාගැනීමේ අපේ ක්‍රමය ලෙස ක්‍රමයෙන් තහවුරු කරද්දී කපිල පීරිස් මහතා එතැනට පැන ගැනීමට වෑයම් කළේ ය. එහෙත් ඔහුට අප බාධකයක් විය. එබැවින් අපේ ව්‍යාපෘතියට ගැරහීමට හා මා ආධ්‍යාත්මික ශක්තියක් ගැන කතාකිරීමට නුසුදුසු බෞද්ධයකු නොවන පුද්ගලයකු ලෙස හැඳින්වීමට ඔහුට අවශ්‍ය විය. එසේ කිරීමෙන් දැනුම ලබාගැනීමේ දී ආධ්‍යාත්මික ශක්තිය ගැන කතාකරන නිවැරදි බුදුදහමට එකඟ ව කටයුතු කරන තැනැත්තා ලෙස තමාට මතුවීමට හැකියැයි ඔහු සිතූ බව පෙනී යයි.

අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ මා උත්සාහ කරන්නේ අපේ ප්‍රවාද හෙවත් අපේ කතන්දර ගෙතීමට ය. එහි දී බටහිර විද්‍යාවේ ව්‍යාජය හෙළිදරවු කරමි. එයට පිළිගැනීමක් ලැබී ඇත්තේ එය සත්‍ය නිසා නොව මිනිසුන් බටහිර දේශපාලන ආධිපත්‍යයට යටවීමත් බටහිර තාක්‍ෂණයෙන් දෑස් නීලංකාර කරහැනීමත් නිසා ය. බටහිර විද්‍යාවේ ඇති ඊනියා සත්‍යයක් නැත. එහි ප්‍රවාද යනු අනෙක් දැනුම් අත්දැකීම් නිරීක්‍ෂණ ආදිය සමග යම් ප්‍රමාණයකට සංගත වූ වියුක්ත කතන්දර වෙයි. බටහිර විද්‍යාවේ දුර්වලකම් හෙළිදරවු කරන අතර අපට අපේ ප්‍රවාද ගොඩ නැගීමේ අවශ්‍යතාව ද වෙයි. එහි දී අප ගොඩනගාගත් ප්‍රධාන කතන්දරය අපි නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ලෙස හැඳින්වීමු.

මා නිරත වී සිටින්නේ දේශපාලන ව්‍යාපෘතියක ය. ඒ පිළිබඳ මට ඇත්තේ මනා අවබෝධයකි. මගේ බටහිර යටත්විජිත විරෝධී දේශපාලනය වසා ගැනීමට මට අවශ්‍ය නැත. බටහිරයන් අද අප වැනි රටවල් පාලනය කරන්නේ ප්‍රධාන වශයෙන් ම ඔවුන් නිර්මාණය කර ඇති දැනුම, ගොතා ඇති කතන්දර හෙවත් ප්‍රවාද හා සංකල්ප ඇසුරෙන් බව පැහැදිලි ය. බටහිර විද්‍යා ප්‍රවාද පමණක් නොව සමස්ත බටහිර දැනුම් පද්ධතිය ම බිඳ දැමීමට අපට එහි දී සිදුවෙයි. කපිල පීරිස් මහතා ඒ ප්‍රවාදවලට තැනක් ලබාදීමෙන් කරන්නේ බටහිර දේශපාලන ආධිපත්‍යය පවත්වාගෙන යෑම ය. එලෙස දේශපාලන පද්ධති රකින්නන් කියන පරිදිම කපිල පීරිස් මහතා තමාට දේශපාලනයක් නැතැයි කියයි.

බටහිර වියුක්ත ප්‍රවාද යටපත් කළ හැකි එක් ක්‍රමයක් නම් අපේ වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීම ය. එය අපේ දැනුම ලබාගැනීමේ ක්‍රමය නොවූවත් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් ආධ්‍යාත්මික ශක්තියක් අප කිහිප දෙනකු බිහිකර ගන්නා තුරු අපට යම් ප්‍රමාණයකට වුවත් වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට සිදුවෙයි. මේ වියුක්ත ප්‍රවාද ප්‍රත්‍යක්‍ෂ නො වේ. එබැවින් ඒවා හැකි තරම් සංගත විය යුතු ය. එබැවින් අපි හැකිතාක් දුරට සංගත වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට උත්සාහ කරමු. භෞතිකයේ ද, ඉතිහාසයේ ද දේශපාලනයේ ද දර්ශනයේ ද සාහිත්‍ය හා කලා විචාරයෙහි ද යම් ප්‍රමාණයකට වුව ද අපේ ව්‍යායාමය සාර්ථක වී ඇත. අපි කණා බල්ලන් ගසන්නන් මෙන් ක්‍රියා නොකරමු.

දැන් ප්‍රශ්නයක් වනු ඇත්තේ බටහිරයන් ද වියුක්ත සංගත ප්‍රවාද නිර්මාණය කරන්නේ නම් අප ද ඒ අයුරෙන් ම ක්‍රියා කිරීමෙන් ඇති ඵලය කුමක් ද යන්න ය. බටහිරයන්ගේ වියුක්ත ප්‍රවාද බිඳීමට ඇති එක් ක්‍රමයක් වූයේ ඔවුන්ට එරෙහිව වියුක්ත ප්‍රවාද නිර්මාණය කීිරීම ය. එහෙත් එහි දී අපේ වෙනසක් වෙයි. ඒ වෙනස තේරුම් කර දිය හැක්කේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ඇසුරෙන් ය. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් ප්‍රධාන වශයෙන් කියැවෙනුයේ මිනිසුන් දැනුම නිර්මාණය කරන බවත් (ඊනියා සොයා ගැනීමට එරෙහිව) ඒ දැනුම නිර්මාණය කෙරෙනුයේ යම් චින්තනයක් පදනම් කරගනිමින් යම් සංස්කෘතියකට , ඉන්ද්‍රිය පද්ධතියට හා මනසට සාපේක්‍ෂ බවත් ය. වියුක්ත ප්‍රවාද යනු දැනුම් විශේෂයකි. අප වියුක්ත ප්‍රවාද නිර්මාණය කරන්නේ අනෙක් ඊනියා සාධක සමග සංගත ව සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ය. බටහිරයන් දැනුම නිර්මාණය කරන්නේ (ඔවුන්ට ඇත්තේ වියුක්ත ප්‍රවාද පමණකි) ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව යුුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය.

ආධ්‍යාත්මකව දැනුම නිර්මාණය කර බටහිරයන් පරාජය කරන තුරු අපට අනුගමනය කීිරීමට තිබුණේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව සිංහල බෞද්ධ සංස්කෘතියෙහි සංගතව අපේ ප්‍රවාද නිර්මාණය කිරීම ය. කපිල පීරිස් මහතා බයිසිකලය හා වෙනත් භාණ්ඩ නිව්ටෝනීය යාන්ත්‍රිකය මත පදනම් ව බටහිර දැනුම තහවුරු කළ අතර අපි අපේ ප්‍රවාද නිර්මාණය කළෙමු. ඉවසුම් නැති කපිල පීරිස් මහතා ට අපේ ක්‍රමයට කිසියම් න්‍යායක් මත පදනම් ව තාර්කිකව එරෙහි වීමට නො හැකි ය. එබැවින් ඔහු කළේ ගැරහිම හා අවළාද නැගීම ය. අපි ඔහුගේ අප්‍රියෙල් 4 වැනි දා ලිපියෙන් නැවත උපුටා දක්වමු.

“ අප පසුගිය සතියක ‘ආශ්චර්යයන් යනු මොනවා ද?’ යන ලිපියෙන් ද දැක් වූ පරිදි ලෝකවිදූ සර්වඥයන් වහන්සේ සමස්ත සංසාරය පිළිබඳ අවබෝධ කළ උතුමන් ය. උන්වහන්සේ ගේ මේ අවබෝධය (ඇත්තට ම බෝධිය) උන්වහන්සේ ගේ විඤ්ඤාණයට සාපේක්‍ෂ ද? උන්වහන්සේ ගේ විඤ්ඤාණය කෙබඳු ද එය මායාවක් ද ආදී ගැටලුවලට පිළිතුරු සැපයීම ආදී ගැටලුවලට පිළිතුරුච සැපයීම මහරහතන් වහන්සේට පවා නොහැකි කළ කිසිදු භාවනාමය අත්දැකීමක් පවා නොමැති අපට ඒ ගැන කුමක් කිව හැකි ද? මේ පිළිබඳ ව යම් ආකාරයකට හෝ හැඟීමක් ලද හැක්කේ, හුදු තර්ක ඔස්සේ සිතීමෙන් නොව භාවනාවෙනි. භාවනාවෙන් එසේ වන්නේ කෙසේ දැයි සිතීමෙන් පමණක් එය තේරුම් ගත නො හැකි ය. අපට දැනට සිතීමෙන් තේරුම් ගත හැක්කේ ඉහත කාරණා පිළිබඳ ව තර්ක කරමින් ගැටලු මවමින් ඒවාට පිළිතුරු සපයමින් ඊනියා සංගත ආකෘති තැනීම තුළ අප ඉමහත් පඹගාලක පැටලෙන බව පමණි. අන්ධයකු පෙනීම යන්න අනෙක් ඉන්ද්‍රිය අත්දැකීම් මාර්ගයෙන් තාර්කික ව තේරුම් ගැනීමට යෑමේ දී අති වන වියවුල පිළිබඳ ව පමණක් මෙහි ලා සඳහන් කරමි.”

දැනුම නිර්මාණය පිලිබඳ ප්‍රවාදය ලෞකික දැනුම සඳහා ය. බුදුන් වහන්සේ අවබෝධ කරගත්තේ් ලෞකික දැනුම මායාවක් බව ය. මනස යන්න ද මායාවකි. මනස මායාවක් ය යන්න මනසෙන් අවබෝධ කරගත හැකි යැයි මම නො සිතමි. නිවන යනු සංකල්පයක්වත් මනසට සාපේක්‍ෂ වූවක්වත් නො වේ. බටහිර ලෝකය හා මහායානය දෙස බලමින් උගන්වන බෞද්ධ මහාචාර්යවරු එයට සරිලන සේ බුදුදහම අර්ථකථනය කරන බැවින් අප ද එසේ කළයුතු නො වේ. අනෙක් අතර අටුවාවේ තිබූ පමණින් ද පිළිගැනීමට අප බැඳී නැත. ලෝකෝත්තර අවබෝධය සඳහා අප හැකිතාක් ආධ්‍යාත්මික ව කටයුතු කළ යුතු අතර ඒ සඳහා පාරමිතා පිරිය යුතු ය. එහෙත් වෛරය, සුපිරි මමත්වය සහිත අයට පාරමිතා පිරීම ඇරඹීම පවා අසීරු ය. ඒ කෙසේ වෙතත් අවිද්‍යාව නිසා හටගන්නා විඤ්ඤාණය ඇතිව නම් අවසානයේ දී නිවන් අවබෝධ කළ හැකි යැයි මම නො සිතමි (සාමාන්‍ය කටයුතුවල දී රහත් ඵලයට පැමිණීමෙන් පසුව විඤ්ඤාණය මායාවක් බව අවබෝධ කර ගනිමින් විඤ්ඤාණය යොදාගැනීම සමග මේ කියමන පටලවා ගත යුතු නො වේ) . එසේ කළ හැකි නම් නිවන් අවබෝධයෙන් පසුවත් විඤ්ඤාණයත් එබැවින් අවිද්‍යාවත් වෙයි. බුදුන් වහන්සේට ලෝකෝත්තර වූ විඤ්ඤාණයක් තිබිය නො හැකි ය. එසේ නම් පිරිවන් පෑමේ දී ඒ විඤ්ඤාණයට කුමක් සිදු වී ද? කපිල පීරිස් මහතා කටුකුරුන්දේ ඥානානන්ද හිමිපාණන් වහන්සේගේ නිවනේ නීවීම පොත් පෙළ කියවා නොමැති බව පැහැදිලි ය.

විඤ්ඤාණය මායාවක් බව එයට හේතුව අවිද්‍යාව බව බුදුන්වහන්සේ අවබෝධ කරගත්තේ කෙසේ ද යන්නට මා පිළිතුරු දීමට යත්න දරා නැත. අප වැනි පුහුදුන් අයට එය කළ නොහැකි බව අමුතුවෙන් කිවයුතු නො වේ. නැති විඤ්ඤාණය නැති විඤ්ඤාණයක් බව අවබෝධ කරගන්නේ විඤ්ඤාණයෙන් නම් විය නො හැකි ය. ඒ බව ප්‍රකාශ කිරීමට ද මම මැළි නො වෙමි. රහතන් වහන්සේ නමක පිරිනිවන් පානා තෙක් එදිනෙදා ජීවිතයෙහි වැඩ කටයුතු කරන්නේ විඤ්ඤාණය ආධාරයෙනි. එහෙත් එය මායාවක් බව උන්වහන්සේ අවබෝධ කරගෙන ඇත. රහතන් වහන්සේ නමක් අර්හත්තඵලසමාධියට සමවැදෙනවිට ඒ සාමාන්‍ය විඤ්ඤාණය ඇතැයි සිතිය නො හැකි ය. රහතන් වහන්සේ අවසානයේ දී අනුපාධිශේෂ ධාතුවෙන් පිරිනිවන් පාන්නේ අර්හත්තඵලසමාධියට සමවැදීමෙන් පසුව බව ඥානානන්ද හිමියෝ සඳහන් කරති. අර්හත්තඵලසමාධියට සමවැදෙන රහතන් වහන්සේ මාරයාට හසු නො වෙති. රහතන් වහන්සේ අවසන පිරිනිවන් පානාතෙක් නිවන් අවබෝධ වී ඇතත් සෝපාධිශේෂයක් වෙයි.

කපිල පීරිස් මහතා ඉහත සඳහන් ඡෙදයෙහි ඊනියා සංගත ආකාරයෙන් යනුවෙන් සඳහන් කරන්නේ අපේ ප්‍රවාද නිර්මාණය කිරීමේ දී අප අනුගමනය කරන ක්‍රියා මාර්ගයට ගැරහීමට ය. දැනට බටහිර ප්‍රවාදවලට එරෙහිව අපේ සංස්කෘතියට සාපේක්‍ෂව සංගත ප්‍රවාද නිර්මාණය කිරීම හැරෙන්නට බටහිර මතවාද පරාජය කිරීමට නො හැකි ය. එහෙත් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට හැකි අය තව තවත් බිහි වූ පසු මේ තත්වයෙහි වෙනසක් වනු ඇත. අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට අමතර ව ගිය සතියේ ලිපියෙන් පැහැදිලි කළ ආකාරයට අඩුම තරමෙන් මම දැනට ආධ්‍යාත්මික ව දැනුම ලබාගන්නා අයගෙන් වක්‍රව දැනුම ලබා ගනිමි. කපිල පීරිස් මහතා අපට ගැරහීම හැරෙන්නට ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමට කර ඇත්තේ් කුමක් ද? කපිල පීරිස් මහතා ආධ්‍යාත්මික ව දැනුම ලබාගන්නා තෙක් අප සිටියේ නම් අඩුම තරමෙන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකිය යන්නවත් සමාජයේ තහවුරු කරගැනීමට නොහැකි වීමට තිබිණි.

කපිල පීරිස් මහතා මට ගැරහීමට යොදාගන්නා අවසාන අවිය යොදා ගනිමින් මා බෞද්ධයකු නොව නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීයකු බව පවසා ඇත. ඒ මහතා කියවා ඇති ඒ මහතාගේ බුදුදහම පිළිබඳ අර්ථකථනය සමග මා එකඟ නොවූ පමණින් මා බෞද්ධයකු නොවේ යැයි ඒ මහතා කියන්නේ කවර අරමුණකින් ද යන්න ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි විය යුතු ය.

Privatized Cricket

There are certain things we take for granted as being publically owned, like the air we breathe, water we drink, sunshine etc. For some Sri Lankans, the pride in the national cricket team feature way down this list as an entity that no single person or an institute could claim ownership and take it away from them. This is why some of us get disturbed when Lasith Malinga decides that it is in his best interest to sacrifice test cricket to play for the lucrative IPL. By his action, in a roundabout way, he is taking piece away from something that we used to think was a public “property”. Though western economists may not think so, that common public property is Sri Lankan Cricket, if you could call it that. Now as far as western style rights goes Malinga has the right to do whatever he think is good for him, after all cricket is his profession and like many of us he must earn a living by his profession. But, we Sri Lankan cricket lovers feel that some injustice has been done to us though the western style economics and individual rights say there is nothing wrong with what Malinga, Sanga , Mahela and Co. are doing. So we are in a conundrum.

Of course something is wrong here. Most of us do feel it. At least according to former captain, Arjuna Ranatunga, the intimidating Indian cricket establishment and the timid Sri Lankan politicians are to blame for all this. Good call! But I feel that these institutions and ordinary men including the players are both victims and the perpetrators of a sin of which they have no control. What is really in control here is the domineering western culture and its system of knowledge that teaches us to value individual’s needs over that of the society. We Sri Lankans are hurt when individual players put their needs over that of the country but we do not feel the necessity to burn down their houses, like some of our neighbors do, because we also don’t think that players like Malinga should sacrifice their individual needs. But the dominant western system of knowledge teaches us that it is irrational to feel hurt by the player’s action because that is what they are naturally supposed to do, hence the conundrum. The solution of course is to overcome this dominance and establish a system of knowledge wherein our feelings and actions become compatible. Ordinary men like Malinga, Sanga and Mahela cannot help but go with the flow, even the Cricket board alone cannot fix it. In order to have a meaningful effect, the change must come in all spheres of life including in politics and economics. At the end, if cricket still does not fit in, we should simply let it go. This is a long term project.

In that process, we must unlearn what the west has taught us and realize that giving too much importance to individuality is not compatible with our way of life. Imagine what would have happened if we were a highly individualized society when the tsunami hit us. There wouldn’t have been truckloads of men and women hurrying to affected areas with food and other aids; instead we would have depended on government funded agencies to take care of us. We all know how that works. With the burden of bureaucracy these agencies would have acted so slowly with very little or no benefit to talk about. We know this from the way the US agencies acted during a hurricane disaster, of a much lesser scale, in that country. It is not merely a case of inefficiency on the part of the officials it is how the system work in a highly individualized society. A society like ours can act as a whole to take care of those in needs, physically and emotionally, much more efficiently than any agency of government in an individualist society. This unique capability in our society comes about because we have the freedom to think and act as individuals while at the same time bounded to the society. Because we act individually we didn’t have to wait for the government or any other agency to take the leadership in assisting people. At the same time, because we acted collectively we were able to organize ourselves around those who took the lead. This was a spontaneous process which in my opinion would have required a huge effort in an individualist or even in a collectivist society. We are neither an individualist nor a collectivist society but are both at the same time.

Coming back to Cricket, it is correct for us to feel as if Malinga has hijacked a piece of property that belonged to all of us, while empathizing with him. These feelings are a result of how the Sri Lankan society is structured. What is wrong is the system of knowledge that tells us that our feelings are irrational because the player’s action is common sense economics and that it is his right. There is no reason to honour a system of knowledge that is not compatible with how we feel.

-Janaka Wansapura

Saturday, 12 May 2012

බුදුදහම හා බටහිර විද්‍යා කතන්දර

බුදදහම හා බටහිර විද්‍යාව අතර ඇති ප්‍රධාන ම වෙනසක් නම් බුදුදහම “වෙනස්” නොවීමත් (මෙයින් නිත්‍ය යන්නක් නොහැඟෙයි. බුදුදහම ම ලෝකයෙන් තුරන් වන දිනයක්් උදාවන බව අපි දනිමු) බටහිර විද්‍යා ප්‍රවාද හෙවත් කතන්දර කල්යෑමේ දී ප්‍රතික්‍ෂෙප වී ඒ වෙනුවට නව ප්‍රවාද ආදේශ වීමත් ය. උදාහරණයක් ලෙස දැනට අවුරුදු සියයකට පමණ පෙර නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ කතාව වෙනුවට අයින්සිටයිනීය අවකාශ- කාල වක්‍රතා කතාව ආදේශ විය. ගුරුත්වාකර්ෂණය යනු නිව්ටන් විද්වතා නිර්මාණය කළ කතාවක් පමණක් බවත් ගුරුත්වාකර්ෂණය යනුවෙන් ඊනියා ප්‍රපංචයක් නැති බවත් බටහිර භෞතික විද්‍යාඥයෝ යම් පිරිසක් දනිති. එහෙත් බුදුදහමෙහි එසේ ආදේශයක් නැත. එයට ප්‍රධාන හේතුව බුදුදහමෙහි ප්‍රවාද හෙවත් කතන්දර නොමැති වීම ය. එහෙත් මෙයින් කියැවෙන්නේ බුදුදහම යනුවෙන් ලොවෙහි සියල්ලන් පිළිගන්නා දැනුම් පද්ධතියක්, ත්‍රිපිටකයක් හෝ වෙනත් එවැන්නක් හෝ ඇති බව නො වෙයි. අභිධර්මය බුදුන්වහන්සේගේ දේශනයක් ලෙස නොපිළිගන්නා බෞද්ධයෝ ලෝකයේ වෙති, වූහ. උදාහරණයක් ලෙස ගතහොත් සෞත්‍රින්තිකයෝ අභිධර්මය බුදුන් වහන්සේගේ දේශනයක් ලෙස නො පිළිගත්හ. එමෙන් ම හීනයානය, මහායානය, තන්ත්‍රයානය ආදී වශයෙන් බුදුදහම යාන වලට බෙදෙයි. ඇතැමුන් නොදනිතත් ථෙරවාදය යනු හීනයානයේ එක් කොටසක් පමණකි. ථෙරවාදය වුව ද සියලු දෙනා පිළිගත් එක් ධර්මයක් ලෙස සැලකිය නොහැක්කේ ඒ සම්බන්ධයෙන් ද විවිධ අර්ථකථන ඇති බැවිනි. අපේ අටුවා ටීකා ටිප්පනී හා ත්‍රිපිටකය එක් ඛණ්ඩයක් ලෙස සලකා එය ථෙරවාදය යැයි සිතන බෞද්ධයෝ විශාල පිරිසක් මෙරට වෙති. එහෙත් ඒ සමගම බුද්ධඝෝෂ හිමියන්ගේ සිට ලියැවුණු අටුවා, සූත්‍ර පිටකය සමග සංසන්දනය කර ඇතැම් අවස්ථාවල අටුවා වැරදි යැයි ප්‍රකාශ කරන බෞද්ධ ගිහි පැවිදි පිරිස් ද මෙරට වෙති. ඒ අය අතර භාවනානුයෝගින් ද සිටින බව අමතක නොකළ යුතු ය. එවිට ථෙරවාදය යනු කුමක් ද යන ප්‍රශ්නය ද ඇතිවෙයි. අපට දැනට කිවහැක්කේ ථෙරවාදයට වුව ද විවිධ අර්ථකථන තිබෙන බව ය.

බුදුදහමට විවිධ අර්ථකථන එකතු වී ඇති නමුත් එහි ප්‍රවාද නොමැති කම නිසා ප්‍රවාද ප්‍රතික්‍ෂෙපවීමක් වී නැත. විවිධ බාධක මධ්‍යයෙහි වුව ද වෙනස් වූ අර්ථකථන සමගාමීව පැවතෙයි. එහෙත් බටහිර විද්‍යාවේ එසේ නො වේ. මෙතෙක් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය ගැන බිහි වී ඇති විවිධ කතන්දරවල ඇති පොදු කරුණක් නම් බටහිර විද්‍යාවේ කතන්දර වෙනස් කෙරෙන බව ය. මුල දී විද්‍යාත්මක ක්‍රමය ලෙස ඉදිරිපත් වූ කතන්දරයෙහි වැදගත් කොටසක් වූයේ යම් සංසිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරන උපන්‍යස බටහිර විද්‍යාවේ නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ සමග නොගැලපේ නම් ඒවා අසත්‍ය ලෙස සලකා ඉවත්කෙරී නව උපන්‍යාස ඉදිරිපත් කෙරෙන බව ය. නිරීක්‍ෂණ ආදිය සමග උපන්‍යාස ගැලපේ නම් ඒවා ප්‍රවාද ලෙස සලකනු ලැබේ යැයි එදා විද්‍යාවේ දාර්ශනිකයෝ විශ්වාස කළහ. පසුව කාල් පොපර් නම් දාර්ශනිකයා එලෙස පරීක්‍ෂණ ආදියෙන් අසත්‍යකරණයට ලක්කළ නොහැකි දැනුම් පද්ධතීන් අවිද්‍යාව යැයි බැහැර කළේ ය. ඔහු කියා සිටියේ දැනුමක් විද්‍යාත්මක දැනුමක් වීමට නම් එය අසත්‍යකරණයට ලක්කිරීමට හැකිවිය යුතු බව ය. විද්‍යාවේ විප්ලවවල ව්‍යුහය ගැන මෙයට හරියට ම පනස්වසරකට පෙර 1962 දී මේ වකවානුවේ දී පෙරළිකාර මතයක් ඉදිරිපත්කළ තෝමස් කූන් නම් දාර්ශනිකයා පවා විද්‍යාවේ ප්‍රවාද කුලක රැගත්, නැත්නම් එසේ ප්‍රවාද බිහිවන, සුසමාදර්ශ (පැරඩයිම) වෙනස්වන බව ප්‍රකාශ කළේ ය. විද්‍යාත්මක විධි ක්‍රමයක එලෙස වෙනස්වීමක් ගැන සියල්ලෝම කතාකළහ. විද්‍යාත්මක විධික්‍රමයක් යනුවෙන් විධික්‍රමයක් නැතැයි කී පෝල් ෆෙයරාබන්ඩ් නම් දාර්ශනිකයා පවා ප්‍රවාද වෙනස්වීම් නැතැයි නො කීවේ ය. ඔහුගේ අදහස වූයේ එසේ ප්‍රවාද වෙනස්කිරීමේ දී අනුගමනය කෙරෙන ඊනියා විධික්‍රමයක් නැති බව ය. එසේ ම ඔහු තවත් වැදගත් දෙයක් කීවේ ය. එනම් (බටහිර) විද්‍යාවෙහි ප්‍රතික්‍ෂෙප කෙරෙන ප්‍රවාද මුළුමනින් ම ඉතිහාසයෙන් ඉවත් වී නොයන බව ය. ඒ ප්‍රවාද පසු කලෙක විද්‍යාඥයන් විසින් ම නැවතත් යොදා ගැනෙන බව ඔහු පෙන්වා සිටියේ ය.

බටහිර විද්‍යාවෙහි ප්‍රවාද වෙනස් කෙරෙන බව අපි දු පිළිගනිමු. එය අද ඉතිහාසයෙහි ද වෙනත් විෂයයන්හි ද බටහිර දැනුම් පද්ධතියෙහි සිිදුවෙයි. බටහිර විද්‍යාවට පෙර තිබූ දැනුම් පද්ධතීන්හි එලෙස වෙනස්වීම් නොසිදු වූයේ ඇයි? බුදුදහම පමණක් නොව වෙනත් දැනුම් පද්ධතීන් ද විවිධ අර්කථනවලට ලක් වී ඇති නමුදු බටහිර විද්‍යාව මෙන් වෙනස්වීම්වලට ලක් නො වේ. බටහිර විද්‍යාඥයන් ද, කිසිම ප්‍රවාදයක් නිර්මාණය කරගත නොහැකි මෙරට ඔවුන්ගේ අනුගාමිකයන් ද, මේ ප්‍රවාද වෙනස්වීම ගැන කතාකරන්නේ අභිමානයකිනි. තමන් ආධානග්‍රාහී නො වේ යැයි ඔවුහු කියා ගනිති. මේ ඊනියා ආධානග්‍රාහි නොවීම හෙවත් ප්‍රවාද වෙනස් කිරීම බටහිර විද්‍යාවේ නොහැකියාවක් ප්‍රදර්ශනය කරන්නක් යැයි ප්‍රකාශ කරමු. ඒ නොහැකියාව බටහිර විද්‍යාඥයන්ට සෘජුව හෝ වක්‍රව හෝ ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමට බැරි වීම ය. මෙය ගැලීලියෝ විද්වතාගේ කාලයේ සිට ම දක්නට ලැබෙන්නකි. පොළොව හිරු වටා ගමන් ගන්නා බව පෝලන්තයේ සිටි කොපර්නිකස් විද්වතා දැනගත්තේ වෛදික තාරකා විද්‍යාඥයන්ගෙනි. ඔහු පූජකවරය ලබාගැනීම සඳහා ඉතාලියට ගියේ ඒ දැනුම ද සමගිනි. මේ දැනුම ඉතාලියේ තහවුරු කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ගැලීලියෝ විද්වතා ඇතුළු ඒ මතය පිළිගත් අයට විය.

පහළොස්වැනි සියවස පමණ වන තෙක් ලෝකයේ බොහෝ රටවල යම් ආකාරයකට දෙවිවරුන් සමග (ඒ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් සමග පමණක් නො වේ. මාරයා ද දෙවියකු බව අමතක නොකළ යුතු ය. බෞද්ධ සාහිත්‍යයට අනුව මාරයා යනු හුදු සංකේතයක් නොව යම් තනතුරක් දරන්නකු බව පැහැදිලි ය.) සම්බන්ධකම් පැවැත් වූ අය ජීවත් වී ඇත. (විස්තර සඳහා විදුසර කියවන්න). එහෙත් කිසියම් හේතුවක් නිසා පහළොස්වැනි සියවසෙන් පමණ පසුව ඒ හැකියාව විශාල ප්‍රමාණයකට නැති වී ගොස් තිබේ. පැරණි වෛදික ගණිතඥයන් පොළොව හිරු වටා යන බවට වූ දැනුම සෘජුව ආධ්‍යාත්මික ශක්තිය වඩා ලබාගන්නට ඇත, නැතහොත් වෛදික දෙවිවරුන්ගෙන් වක්‍රව ලබාගන්නට ඇත. (පසුගිය සියවසේ ජීවත් වූ රාමනුජන් නම් ඉන්දීය ගණිතඥයා බටහිර ක්‍රමයේ සාධන නොමැතිව කාලි අම්මාන්ගේ ආධාරයෙන් අනන්ත ගණිත ශ්‍රේණි පිළිබඳව දැනුම ලබාගෙන ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ අප කණ්ඩායමට රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව කීවේ දෙවිවරුන් ය) මේ දැනුම දහහත්වැනි සියවසේ ඉතාලියට ගිය විට ආධ්‍යාත්මික ශක්තියක් නොතිබූ ගැලීලියෝ විද්වතා සාපේක්‍ෂ චලිතය පිළිබඳ වියුක්ත දැනුමක් ඔස්සේ ඒ බව තහවුරු කිරීමට උත්සාහ ගත්තේ ය. මනස (එය අනෙක් ඉන්ද්‍රිය මෙන් ම නැති මනසක්, මායාවක් වුව ද අනෙක් ඉන්ද්‍රිය යොදාගන්නා ආකාරයට එය ද යොදාගත හැකි ය.) ඔස්සේ සෘජුව හෝ වක්‍රව හෝ ලබාගන්නා ආධ්‍යාත්මික දැනුමට ඉතා සුළුවෙන්් වුව සමීප විය හැකි දැනුම මනස ආධාරයෙන් ම ලබාගන්නා වියුක්ත දැනුම වෙයි. නිව්ටන් විද්වතා වියුක්ත ව දැනුම ලබාගැනීම ඉහළ මට්ටමකට වර්ධනය කළේ ය. යම්කිසි ඉන්ද්‍රිය ගෝචර ප්‍රපංචයක් තේරුම් ගැනීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර කීම බටහිරයන් ගැලීලියෝ විද්වතාගෙන් පසුව අනුගමනය කර ඇති විධි ක්‍රමය වෙයි. මේ කතන්දරවලට බටහිරයෝ ප්‍රවාද යැයි කියති. විදග්ධයන්ගේ කතන්දර ප්‍රවාද වන අතර සාමාන්‍ය ජනයාගේ කතා ජනප්‍රවාද වෙයි. එයට කලින් වෛදිකයන් අතර වියුක්ත දැනුම සුළුවෙන් තිබී ඇති නමුත් ඔවුහු ආධ්‍යාත්මික ව ද දැනුම ලබාගත්හ. කෙසේ වෙතත් වියුක්ත දැනුම යනු ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නො වේ. එහි දී සිදුවන්නේ යම් ප්‍රපංචයක් තේරුම් ගැනීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නොවන එහෙත් හැකිතාක් සංගත කතාවක් ගොතා කීම පමණකි. පෘථිවිය ආසන්නයේ වස්තු එකම ත්වරණයෙන් ඇද වැටෙන්නේ ඇයි ද යන්න තේරුම් කිරීම සඳහා නිව්ටන් විද්වතා ගුරුත්වාකර්ෂණ කතාව ගෙතී ය. එය යම් ප්‍රමාණයකට සංගත වුවත් පට්ටපල් බොරුවක් බව පුස්සන් වන මෙරට බොහෝ ඊනියා විද්‍යාඥයෝ නො දනිති. ගුරුත්වාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ කළ කිසිවකු නැත. එහෙත් ආධ්‍යාත්මික ව ලබාගන්නා දැනුම ප්‍රත්‍යක්‍ෂ වෙයි. බටහිර විද්‍යාඥයන් වියුක්ත කතා කියන්නේ ඔවුන්ට ආධ්‍යාත්මික ව ප්‍රත්‍යක්‍ෂ දැනුම ලබාගැනීමට නොහැකි බැවිනි. තම කතා නිවැරදි නොවන බැවින් ඒ කතාවල ඊනියා සත්‍යාසත්‍යතාව සංඛ්‍යානාත්මක ක්‍රම මගින් යම් ප්‍රතිශතයක ඊනියා නිවැරදිතාවට යටත්ව ප්‍රකාශ කිරීමට ඔවුන්ට සිදු වී ඇත. විශේෂයෙන් බටහිර ජෛවීය විද්‍යාවන්හි හා බටහිර වෙදකමේ සංඛ්‍යානයෙන් තොර නිවැරදිතාවක් නැත. බටහිර වෙදකමේ රෝග විනිශ්චය ද ප්‍රතිකාර ද සංඛ්‍යානය මත රුඳෙන අනුමාන හා අනුමාන පමණක් ම වෙයි.

බුදුදහමෙහි ලෞකික මෙන් ම ලෝකෝත්තර දැනුම ද ප්‍රත්‍යක්‍ෂ දැනුමකි. ඇතැම් උගතුන් බටහිර දෙස බලා අනුමානය ද බුදුදහමේ දැනුම ලබාගැනීමේ මගක් යැයි කීමට උත්සාහ කළ ද චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ආදියෙන් ඒ ප්‍රතික්‍ෂෙප වෙයි. (කලක් මම ද ප්‍රත්‍යක්‍ෂයට අමතර ව අනුමානය ද බුදුදහමෙහි දැනුම ලබාගන්නා මගක් යැයි සිතුවෙමි. එහෙත් ඒ වැරදි බව මට දැන් පසක් වී ඇත) කැලයේ ඇතකු ගොස් ඇති බව අනුමානයෙන් නොව ඌ දැකීමෙන් ම, ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැනගත යුතු ය. ලෞකික දැනුම මනස ආධාරයෙන් අනෙක් ඉන්ද්‍රිය ඇතිව හෝ නැතිව හෝ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගැනීමට බුදුදහමේ ඉගැන්වෙයි. එහෙත් ඒ දැනුම ද මායාවක්, නිර්මාණයක් බවත් එකිනෙකාට සාපේක්‍ෂ බවත් අපි දනිමු. මා යනුවෙන් කෙනකු නැතිකල මා විසින් දැනගනු ලැබෙන පුටු ආදිය පමණක් නොව ඊනියා අනෙකා ද ගැන කියනුම කවරේ ද? නිර්මාණයක් වූ ද සංඛත වූ ද ඒ ලෞකික දැනුම සංකල්ප ඇසුරෙන් ප්‍රකාශ කෙරෙයි. ඒ සංකල්පීය ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම ශූන්‍ය වෙයි. ඒ ලෝකය දැනගැනීම සඳහා බුදදහමෙහි අනුමාන කතා ගෙතීමක් නැත. කතා ගෙතීමක් නැති බැවින් කතා වෙනස්කිරීමට අවශ්‍යතාවක් නැත. එහි ආධානග්‍රාහී බවක් නැත. දැනුම ප්‍රත්‍යක්‍ෂ වෙයි. ලෞකික ප්‍රත්‍යක්‍ෂය ද, ඒ ප්‍රත්‍යක්‍ෂයෙහි පදනම වූ මනස ද මායාවක් වුව ද ප්‍රවාද රහිත ව සම්මුතියෙන් ලබාගන්නා දැනුම මත පමණක් ථෙරවාදී බෞද්ධයෝ ලෞකික ව ව්‍යවහාරික ව රැඳෙති. කාලාම සූත්‍රයෙහි බාගයක් පමණක් කියවූවන් කුමක් කීවත් බටහිර විද්‍යාව බුදුදහමට මුළුමනින් ම පටහැණි වෙයි. නිවන ද ප්‍රත්‍යක්‍ෂයෙන් ම අවබෝධ කරගත යුතු ය. එහෙත් මායාවක් වූ මනසින් ඒ කළ හැකි ද? මනස ද ඇතුළු ලෞකික ප්‍රත්‍යක්‍ෂ සංඛත මායා බව පටිච්චසමුප්පාද බව අවබෝධ කළවිට අසංඛත නිවන ප්‍රත්‍යක්‍ෂ වේ යැයි සිතමි. එහෙත් පාරමී නැති මට ඒ ප්‍රත්‍යක්‍ෂ නැත.

The mythical ethnic problem – III

The section that was affected by making Sinhala the only official language was the then English educated Tamils and some of the English educated Sinhalas. However, since then while inciting the ordinary Tamils learning Sinhala most of the English educated Tamils who were Colombo based encouraged their offspring to learn Sinhala as well as English. Being in Colombo these children very often became more fluent in Sinhala than in Tamil, and there are many instances when the progeny of the leaders of the Ilankai Thamil Arasu Kadchi (ITAK) or the so called Federal Party were able to gain employment in the Public Sector due to their proficiency in Sinhala. However these leaders were the very same people who from 1956 to 1970 gradually incited the ordinary Tamils against Sinhala Language, handing over the torch of hatred to the “boys” who were the children of the latter, who knew only hatred and torture.

The other “discrimination” with which the Tamil leaders went to town was University admissions, when standardisation was introduced after 1972. There was a case for standardisation at university admission even after Sinhala and Tamil had been introduced as the media of instruction in schools especially with respect to western science based faculties. It is a well known fact that especially the western science based faculties were overrepresented by Tamil students and there were various reasons brought forward to “explain” this anomaly. For example, according to reliable sources, in the late sixties the situation in the Faculty of Medicine at the University of Peradeniya was as follows:

Year of Sinhala     Tamil
admis: students students
1966           9            66
1967          23           52
1968          21           54
1969          24           51

In the Faculties of Veterinary Sciences and Dental Sciences the imbalance was more revealing.

I do not want to go into details, which were discussed even in the Parliament but it was not at all satisfactory as far as the Sinhala students were concerned to say the least, with respect to university admission when the Sinhala people constituted roughly 75% of the population. It could be argued that there were schools in Jaffna that had better facilities and that the schools in Colombo catered for both Sinhala and Tamil students, and that was the reason for the presence of large number of Tamil students in the western science based faculties. Fortunately nobody argued in public that the Tamil students were cleverer than the Sinhala students.

Even if the Tamil students had access to schools with better facilities the Sinhala students were not at fault, and the fact that the Sinhala students had no such schools for whatever the reason was a discrimination against them and it had to be corrected. On the assumption that the Sinhala students and the Tamil students were and are equal in respect of “intelligence” it was nothing but reasonable to expect the Sinhala students to comprise about 75% of the numbers in any given faculty. In order to rectify the discrimination against the Sinhala students some standardisation had to be introduced. As it was discrimination based on media the marks were standardised media wise. With media wise standardisation more Sinhala students entered the Universities and gradually the percentages of students who were admitted the Universities represented the demographical percentages.

Though many do not realize there are two standardizations that are effective even today. One is the standardisation arising out of what is known as the District Quota in the western science based faculties. University admissions are not based on what some people would like to call purely on merit as certain percentages are allocated over and above population percentages. These districts are found not only in the Southern, Uva, North Central, North Western and Sabaragamuwa provinces but also in Jaffna and Batticaloa districts. Apart from that the Z score mechanism is a subject wise standardisation to which there is no objection in general.

When media wise standardisation was introduced there was a hue and cry against what the Tamil leaders called discrimination against the Tamil students and they were very fond of claiming that a Tamil student from Jaffna had to score more marks to gain admission to the universities than a Sinhala student from Matara District. How many people realise that today because of the two standardisations in operation a student from say Matara District has to obtain more marks to gain admission to a Faculty of Medicine than a student from the Jaffna District. One could check this fact by going through the cut off points of marks for admission to different faculties released by the University Grants Commission. However, no politician would claim that as discrimination against Sinhala students and go to so called international for a rectification.

The fact is that whether in education, sports, professions or anything else in general the different communities should be represented proportional to the national demographical percentages as far as possible. However, it is well known that when the English were here physically as our rulers the Sinhala, especially the Sinhala Buddhists were discriminated against and it was reflected not only nationally but even at school levels. The School Cricket and other sports teams before the sixties were over represented by the Tamils and the Burghers and the Sinhala and Muslim students were underrepresented. I do not want to mention names but those who are over fifty years would remember this fact as far as their school cricket teams are concerned when they were at schools. Now this imbalance has been rectified and the school teams field fare numbers of Sinhala and Muslim students. There are not many Burgher students in the School sport teams and the number of Tamil students have come down drastically. However, nobody would go to so called international for a claiming that Principals, Wardens, Rectors etc. of schools are discriminating against the Tamil and an almost non existing Burgher students. One of the reasons for over representation of Tamil and Burgher students in School teams, especially in Colombo and Kandy, those days was the over representations of those communities in the school student registers. Again I do not want to come out with examples for ethical reasons.

Leave aside the School sports and look at the sport clubs in Colombo. Though people may complain that communal politics was introduced only after our limited independence in 1948, as authours such as Jane Russell, Nira Wickremasinghe and others have revealed there has been communal politics beginning from early nineteenth century. Even sport clubs were formed based on ethnicity as reflected in the Sinhalese Sports Club (SSC), Tamil Union. Moors, Burgher Recreational Club (BRC) etc. The premier grounds as far as Cricket was concerned, the Oval now named as P Saravanamuttu Cricket Grounds, belonged to the Tamil Union and all the whistle stop matches by the English (why not British, I suppose it is not cricket) and Australian cricket teams were played on these grounds at Vanatamulla. Even the School big matches between schools in and around Colombo were played at the Oval those days. However now the venue has been shifted to the SSC grounds telling us a story to be analysed in the next instalment.


Copyright Prof. Nalin De Silva

කපිල පීරිස් මහතාගේ දේශපාලනය

කපිල පීරිස් මහතා සුපුරුදු අයුරින් ප්‍රශ්නයෙන් ගැලවී යෑමට උත්සාහ කරයි. ඔහු පසුගිය අප්‍රියෙල් 25 වැනි බදාදා තම බටහිර විද්‍යාව පිළිබඳ ලිිපියෙහි විශේෂ සටහනක් මගින් අහිංසක චරිතයක් මවා පෑමට උත්සාහ කරයි. ඔහු එසේ කරන්නේ පසුගිය අප්‍රියෙල් මස 11 වැනි දා කපිල පීරිස් මහතාගේ මනස මැයෙන් මා ලියූ ලිපියට පිළිතුරක් වශයෙනි. එහෙත් ඔහු ඒ සටහන මගේ ලිපියට පිළිතුරක් යැයි නො පවසයි. ඔහු කිසිම ලිපියක් ගැන නොකියා, විශේෂ සටහනක් කරන්නේ කවර හේතුවක් නිසා දැයි සඳහන් නොකරමින් තමන් කිසිදු ක්‍ෂෙත්‍රයක කිසිදු ප්‍රවාදයක්, මතවාදයක් ගොඩනගා නොමැති බවත් අතීන්ද්‍රිය ක්‍ෂෙත්‍රයන්හි නම් ඒ බව නිශ්විතව ම කිවහැකි බවත් පවසයි. තමා ඇතැම් ලිපිවලින් සැකෙවින් වුව ද ධර්ම කාරණා ගෙනහැර දැක්වීමට උත්සාහ ගන්නා බවත් එහි වැරදි ඇත්නම් ඒවා පෙන්වා දෙන්නේ නම් පින් දී පිළි ගැනීමට සූදානම් බවත් පවසයි. තමා තම ලිපි මගින් කරන්නේ ලෞකික දෑ පිළිබඳ ව අදහස් කිහිප දෙනකු සමග බෙදා ගැනීමක් බවත් ඊට ඔබ්බට ගිය දේශපාලනයක්, යම් යම් අයට සහ දර්ශනවලට ගැරහීමක් නැති බවත් එයට වඩා කීමට නැති බවත් පාඨකයනට ඕනෑම දෙයක් සිතාගත හැකි බවත් අවසානයේ දී කියයි.

කපිල පීරිස් මහතා කරන්නේ ම දේශපාලනයකි. තමන්ට දේශපාලනයක් නැතැයි කියන්නෝ ද දේශපාලනය කරති. දේශපාලනයේ ඇති එක් කරුණක් නම් කිසිවකුට දේශපාලනයෙහි නොයෙදී සිටීමට නොහැකි වීම ය. දේශපාලනය යනු හුදෙක් පක්‍ෂ දේශපාලනය නො වේ. දේශපාලනයෙහි ඇත්තේ බල අරගලයකි. එය පාර්ලිමේන්තුවෙහි විය හැකි ය. එසේත් නැත්නම් දැනුම සම්බන්ධයෙන් විය හැකි ය. දෙමළ ජාතිවාදය පිළිබඳ ව පමණක් නොව මාක්ස්වාදය සම්බන්ධයෙන් ද, නූතනත්වය හා නූතනවාද සම්බන්ධයෙන් ද, බටහිර විද්‍යාව සම්බන්ධයෙන් ද, ඉතිහාසය, දැනුම හා දර්ශනය සම්බන්ධයෙන් ද මම මතවාදී අරගලවල නිරත වෙමි. ඒ දේශපාලනය මිස අන් කිසිවක් නො වේ. මේ සෑම තැනක ම මා දේශපාලනය කරන්නේ පවත්නා අදාළ අධිපති මතවාදවලට එරෙහිව ය. එහෙත් ඇතැමකු දෙමළ ජාතිවාදයට එරෙහිව මා කර ඇති අරගලය හැරෙන්නට අනෙක් දෑ අමතක කරන්නේ එහි පොල්මඃකාරයන් උරුමක්කාරයන් වීමට ඇති කැමැත්ත හේතුකොටගෙන බව පැහැදිලි ය. ඒ අතර තවත් සමහරු දෙමළ ජාතිවාදයට එරෙහිව මා විසින කරන ලද අරගලය ද තම තමන්ගේ ගිණුමට එකතු කර ගනිති. මම එයින් කම්පා නො වෙමි. එහෙත් මගේ පැත්තෙන් කිවයුතු දේ කීමට ද මම පසුබට නො වෙමි.

පක්‍ෂ දේශපාලනයෙහි හෝ වෙනත් දේශපාලනයක හෝ දේශපාලනය නොකර සිටීම යන්නෙන් කියැවෙන්නේ අදාළ පවත්නා දේශපාලනය අනුමත කිරීමකි. කපිල පීරිස් මහතා අද බටහිර විද්‍යාවේ අධිපති මතවාදය වෙනුවෙන් පෙනී සිටියි. ඔහු විටෙක සෙක්කුව නිව්ටෝනීය යාන්ත්‍රිකය ඇසුරෙන් තේරුම් කර දෙයි. තවත් විටෙක අප බටහිරින් ගත් බයිසයිකලය හා වෙනත් සංස්කෘතීන්හි ද දැකිය හැකි ඔන්චිල්ලාව ද, එමෙන් ම අපේ තාක්‍ෂණයෙහි තවමත් නැති අභ්‍යාවකාශ සෝපාන ද නිව්ටෝනීය යාන්ත්‍රිකය යොදා ගනිමින් තේරුම් කර දෙයි. එමෙන් ම රේ විජේවර්ධන මහතුන් වැන්නන් බටහිර තාක්‍ෂණය සුළු වෙනස්කම් ඇතිකර මෙරට යොදා ගැනීම පිළිබඳ සහතික දෙයි. මේ සියල්ලෙන් ඔහු කරන්නේ බටහිර විද්‍යාව අඩුම තරමෙන් නිව්ටෝනීය යාන්ත්‍රිකයේ කතන්දර මෙරට තහවුරු කිරීමට උදව් කිරීම ය. ප්‍රවාද කීව ද මේ සියල්ල කතන්දර වෙයි. අපේ ප්‍රවාද යනු අපේ කතන්දර වෙයි.

ඒ අතර ඔහු අපේ කෙම් ක්‍රම ගැන ද කියයි. එහි බටහිර විද්‍යාව විවේචනය කරන්නේ එය පංචේන්ද්‍රියට පමණක් සීමාවීම ඉස්මතු කරමින් ය. එහි දී ආධ්‍යාත්මය දියුණු කර ගැනීමක් ගැන ද ඔහු කියයි. ඒය ඔහු ඉදිරිපත් කරන්නේ ඔහුගේ මතවාදයක් ලෙසිනි. අප ද ආධ්‍යාත්මික ව ලබාගන්නා දැනුම ගැන කතාකර ඇති නමුදු ඒ පිළිබඳ ව මෙරට කසිකබල් බටහිර විද්‍යාඥයන්ගේ අනේකවිධ ගර්හාවන්ට, විවේචනවලට බඳුන් වී ඇති නමුදු ඔහු ඒ පිලිබඳ ව කිසිවක් සඳහන් නො කරයි. මේ විවේචන කෙතරම් දුරදිග ගියේ ද කිවහොත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ පාලක සභාව මා සහ මගේ මතවාද හෙළා දකිමින් පුවත්පත් නිවේදනයක් ද නිකුත් කළේ ය. එය විදුසර පුවත්පතේ පළ වූ බව ද එයට මා පිළිතුරු දුන් බව ද ඉන්පසු විද්‍යාභිවර්ධන සංගමය නිශ්ශබ්ද වූ බව ද විදුසර, ඉරිදා දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත් කියවන්නෝ දනිති. එකල කපිල පීරිස් මහතා කළ දෙයක් නැත. දැන් හදිසියෙන් ම අවදි වී ඔහු බටහිර විද්‍යාවේ සීමා හා මායිම් ගැන කතාකිරීමට පටන්ගෙන ඇත්තේ ඒ ඔහුගේ ඇතැයි කියන මනසේ පහළ වූ වින්තාවක් ලෙස පාඨකයාට ඇඟෙන අයුරින් ය.

උදාහරණයක් වශයෙන් අප්‍රියෙල් මස 11 වැනි දා පරිසරයේ චක්‍රීයත්වය, තිරසාර සංවර්ධනයක පේන තෙක් මානයක නොවීම ආදිය ගැන කියා ඔහු මෙසේ කියයි. “මේ සියල්ල මෙසේ වීමට හේතුව අප අද වන විට දැන හෝ නොදැන හෝ බටහිර විද්‍යාවේ තාක්‍ෂණයේ සහ සංවර්ධනයේ රාමුවේ පංචේන්ද්‍රිය රාමුවට සිරවීම යැයි සිතේ” මෙයින් ඔහු කීමට අදහස් කරන්නේ ඔහුට වෙනත් කිසිවකුගේ මග පෙන්වීමක් නැතිව ම එසේ සිතුණු බව ය. අද ඔහු පංචේන්දියෙන් තොරව ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ ප්‍රවාදය ඉදිරිපත් කරන්නා ලෙසත් එයට භාවනාව අවශ්‍ය බවත් සඳහන් කරන තැනැත්තා ලෙසත් පාඨකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කරයි. ඔහු එසේ කරන්නේ තමන්ගේ මතවාද නැති බව ද කියමිනි! ඉන්පසු ඔහු මෙසේ සඳහන් කරයි. “අප මනින්ද්‍රිය වැඩීම යන්නෙන් බැහැරව පංචේන්ද්‍රිය ලෝකය තුළ කොපමණ සිරගත ව ඇද්දැයි කිව හොත් අභිධර්මය බුද්ධ දේශනාවන් ආදිය විමසන්නේ බෞද්ධ සාහිත්‍යය, සංගායනාවලට අදාළ පොත්පත් ඉතිහාසය ආදිය පිළිබඳ ව සොයා බැලීමෙන් එනම් පංචේන්දිය ලෝකය තුළ ම සිරගත ව විනා අභිධර්මය පිළිබඳව භාවනාමය අත්දැකීැම් සහිත කිසිවකුගෙන් හෝ ඒ පිළිබඳව විමැසීමෙන් හෝ නො වේ.”

කපිළ පීරිස් මහතාගේ අප්‍රියෙල් 4 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. “ අප පසුගිය සතියක ‘ආශ්චර්යයන් යනු මොනවා ද?’ යන ලිපියෙන් ද දැක් වූ පරිදි ලෝකවිදූ සර්වඥයන් වහන්සේ සමස්ත සංසාරය පිළිබඳ අවබෝධ කළ උතුමන් ය. උන්වහන්සේ ගේ මේ අවබෝධය (ඇත්තට ම බෝධිය) උන්වහන්සේ ගේ විඤ්ඤාණයට සාපේක්‍ෂ ද? උන්වහන්සේ ගේ විඤ්ඤාණය කෙබඳු ද එය මායාවක් ද ආදී ගැටලුවලට පිළිතුරු සැපයීම ආදී ගැටලුවලට පිළිතුරුච සැපයීම මහරහතන් වහන්සේට පවා නොහැකි කළ කිසිදු භාවනාමය අත්දැකීමක් පවා නොමැති අපට ඒ ගැන කුමක් කිව හැකි ද? මේ පිළිබඳ ව යම් ආකාරයකට හෝ හැඟීමක් ලද හැක්කේ, හුදු තර්ක ඔස්සේ සිතීමෙන් නොව භාවනාවෙනි. භාවනාවෙන් එසේ වන්නේ කෙසේ දැයි සිතීමෙන් පමණක් එය තේරුම් ගත නො හැකි ය. අපට දැනට සිතීමෙන් තේරුම් ගත හැක්කේ ඉහත කාරණා පිළිබඳ ව තර්ක කරමින් ගැටලු මවමින් ඒවාට පිළිතුරු සපයමින් ඊනියා සංගත ආකෘති තැනීම තුළ අප ඉමහත් පඹගාලක පැටලෙන බව පමණි. අන්ධයකු පෙනීම යන්න අනෙක් ඉන්ද්‍රිය අත්දැකීම් මාර්ගයෙන් තාර්කික ව තේරුම් ගැනීමට යෑමේ දී අති වන වියවුල පිළිබඳ ව පමණක් මෙහි ලා සඳහන් කරමි.”

බටහිර විද්‍යාවේ ආධිපත්‍යය මෙරට පැතිරවීමට කටයුතු කරන කපිල පීරිස් මහතාට අද ඒ සමග ආධ්‍යාත්මික දැනුමක් මෙරට ඇති කිරීමට නිවැරදි ව කටයුතු කරන පුද්ගලයා ලෙස තහවුරු වීමේ අවශ්‍යතාවක් ඇති බව පැහැදිලි ය. ඔහුගේ ව්‍යායාමය ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමේ දී ධර්ම කරුණු අතින් ඔහු නිවැරදි බවත් මා වැරදි බවත් පෙන්වීම ය. ඉහත සඳහන් කළ පරිදි ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම පිළිබඳ ව අපි දැන් වසර කිහිපයක් තිසසේ කටයුතු කරමු. එහි දී ද එක් ක්‍රමයක් පමණක් නැති බව අප කියා ඇත. සමහරු ආධ්‍යාත්මික ව දියුණු වූ පුද්ගලයන් ඈසුරෙන් වක්‍ර ව දැනුම ලබා ගනිති. එය ද කොටස් දෙකකට කැඩිය හැකි ය. එක් ආකාරයකට අයෙක් ආධ්‍යාත්මික ව දියුණුවක් ලැබූ අයගෙන් සෘජුව දැනුම ලබා ගනිති. තවත් පිරිසක් තමන් තාර්කික ව හෝ වෙනත් ආකාරයකින් හෝ දැනගන්නා දේ පිළිබඳ ආධ්‍යාත්මිකව දියුණු පුද්ගලයන් සමග සාකච්ඡා කරති. නැතහොත් එලෙස ආධ්‍යාත්මිකව දියුණු පුද්ගලයන් ලියා ඇති දේ කියවා ඒ සමග තමන් දැනගත් දේ සංසන්දනය කරති.

මා අනුගමනය කරන්නේ මේ ක්‍රමය ය. මට තවමත් භාවනාව පිහිටා නැත. මම තර්කයෙන් සිතීමෙන් හා වෙනත් අත්දැකීම්වලින් ලබාගන්නා දැනුම කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණන් වහන්සේ ලියා ඇති දේ සමග සංසන්දනය කරමි. උන්වහන්සේ මා දන්නා ආකාරයට අවුරූදු හතළිස් පහක් පමණ භාවනායෝගීව ආරණ්‍යගත ව වැඩ වසති. මගේ නිගමන බොහෝ විට උන්වහන්සේ ලියා ඇති දේ සමග එකඟ වෙයි. අවශ්‍ය අයකුට උදාහරණයක් ලෙස උන්වහන්සේගේ නිවනේ නිවීම පොත් පෙළ කියවා ඒ බව දැනගත හැකි ය. එහෙත් උන්වහන්සේ සමග ද මා එකඟ නොවන අවස්ථා වෙයි. උදාහරණයක් වශයෙන් අඤ්ඤා යන්නට උන්වහන්සේ දෙන තේරුම සමග මට එකඟ විය නො හැකි ය. උන්වහන්සේ බැහැදැක සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් වෙතත් තවමත් එයට අවස්ථාවක් උදා වී නැත.

ආධ්‍යාත්මික ව දැනුම ලබාගන්නා දෙවැනි ආකාරයක් නම් සෘජුව ම භාවනාවෙහි යෙදීම ය. වෛදික යෝගීහු ද යෝග අභ්‍යාසවල යෙදී දැනුම ලබාගත්හ. එහෙත් බෞද්ධයන් භාවනා කරන්නේ මූලික ව දැනුම ලබාගැනීමට නොව නිවන් අවබෝධය සඳහා ය. නිවන් දැකීම සඳහා අත්හැරිය යුතු ය. දැනුම යනු ද අවසාන වශයෙන් ගත්කල එකතු කරගන්නා දෙයකි. අපි එහි ඇලෙමු. මා පමණක් නොව කපිල පීරිස් මහතා ද දැනුමෙහි ඇලී ඇත. භාවනාවෙන් ලැබෙන දැනුම හුදු ලෞකික පාරිතෝෂිකයක් ලෙස පමණක් සෑලකිය හැකි ය. එහෙත් මෙහි දී කිවයුතු කරුණක් වෙයි. අපේ පෙර භවයන්හි භාවනාවෙන් අප ලබාගත් පුහුණුවක් වේ නම් එය මේ භවයෙහි දී අපට ලෞකික වශයෙන් පමණක් නොව ලෝකෝත්තර වශයෙන් ද උපකාර වනවා විය හැකි ය. සැරියුත් රහතන් වහන්සේ ගිහි කල, අස්සජී රහතන් වහන්සේ විසින් වදාරණ ලද ගාථාවක පද දෙකක් පමණක් ඇසීමෙන් මාර්ගඵල ලැබුයේ උන්වහන්සේ පෙර භවයන්හි පාරමී ධර්ම පුරා තිබුණු හෙයිනි. උන්වහන්සේ අවසන් භවයෙහි අස්සජී රහතන් වහන්සේ මුණ ගැසීමට පෙර භාවනා කළ බවක් සඳහන් නො වෙයි. මේ භවයේ භාවනා නොකළ ද පෙර භවයන්හි පුරන ලද පාරමී ධර්ම වේ නම් පෙර භවයන්හි භාවනා කර ඇත්නම් ඒ ඇතැම් විට ඵල දරනවා විය හැකි ය. එහෙත් මේ කරුණු ද දැනට මා කියන්නේ පොතපත ඇසුරෙන් බව සැබෑ ය.

කපිල පීරිස් මහතා ද තමා දැනට භාවනාවෙහි නොයෙදෙන බව පිළි ගනියි. ඔහු ද යම් යම් දෑ කියන්නේ භාවනා කළ අයගේ හෝ නොකළ අයගේ හෝ පොතපත ඇසුරෙන් ය. ඔහු ථෙරවාද බුදුදහම පිළිබඳ යම් මතිමතාන්තර දරයි. ඔහුගේ මත වැරදි ද නැද්ද යන්න මට ප්‍රශ්නයක් නො වේ. භාවනාවෙහි යෙදෙන භික්‍ෂූන්වහන්සේ නමකගෙන් ඒ පිළිබඳව විචාරයකට ද මට අවශ්‍ය නැත. එසේ වු කල ඔහු බුදුදහම පිළිබඳ මා දරණ මත දැන් සති කිහිපයක සිට ඒ මත ගැන සෘජුව නොකියා වැරදි යැයි කීමට පටන්ගෙන ඇත. එය ඔහු සමග මා බටහිර දැනුම සම්බන්ධයෙන් ඔහුගේ දාස බව හෙළි කරමින කරන ලද විවාදය සමග සම්බන්ධ නැත. අංක එකේ කුහකයකු වූ ඔහු මා දරණ අදහස් භාවනායෝගී භික්‍ෂූන් වහන්්සේ නමක් සමග සාකච්ඡා කළ බවක් නො දනිමි. එහෙත් ඔහු මට තමන් දරණ අදහස් සම්බන්ධයෙන් එසේ කරන්නට යැයි කියයි. මා කපිල පීරිස් මහතාගේ මනස මැයෙන් ලිපියක් ලීවේ ඔහුගේ මතවල වැරදි කීමට නොව ඔහු මගේ මතවල ඇතැයි කියන වැරදිවලට පිළිතුරු වශයෙනි.

ඔහු අද කියන්නේ ඔහු විවාදවලට සූදානම් නැති බව ය. එහෙත් ඔහු විදුසර පුවත්පතෙන් ම මා සමග කලින් වාදයකට එළඹිණි. විදුසර පුවත්පතෙහි කෙරුණේ ද ප්‍රසිද්ධ විවාදයකි. මහජන පුස්තකාලයේ හෝ වෙනත් තැනක හෝ ප්‍රසිද්ධියේ විවාද කිරීමට ඔහු අකමැති ඇයි? ඔහු කිසිවකුටවත් ගරහන්නේ නැති උතුමකු ලෙස පෙනී සිටීමට වෑයම් කරන නමුදු මහු මට ගරහයි. ඒ ගැරහීම් කවරේදැයි කීම ලබන සතියට කල්දැමීමට සිදුවෙයි.

ඉන්දීය ක්‍ෂෙත්‍ර චාරිකා

ඉන්දීය ඇමතිවරු මන්ත්‍රීවරුන් තනි තනිව මෙන් ම කණ්ඩායම් වශයෙන් ද සති දෙකකට වරක් පමණ ලංකාවට පැමිණීම දැන් පුරුද්දක් බවට පත් වී ඇත. ඔවුන්ට අමතරව එරට නිලධාරීහු ද මෙරටට පැමිණෙති. ඔවුන් මෙරටට එන්නේ අපේ සුව දුක් බැලීමට නොවන බව පැහැදිලි ය. ඉන්දියාව හෝ එයට පෙර එහි තිබූ ප්‍රදේශ හෝ අපේ ලොකු අයියා හෝ සහෝදරයකු හෝ ලෙස ක්‍රියා කර නැත. ඉන්දියාවට නිදහස ලැබෙන කාලයේ සිට ම තිබුණේ ලංකාව ද එයට ඈඳා ගැනීමේ අවශ්‍යතාව ය. යම් අයුරකින් පෝක් සමුද්‍ර සන්ධිය නොතිබෙන්නට අප ඇතැම් විට ඉන්දියාවේ තමිල්නාඩුවේ ම කොටසක් හෝ වෙනත් ප්‍රාන්තයක් හෝ බවට පත්වීමට ඉඩ තිබිණි. එසේ වී නම් සිංහලයන්ට අත්වීමට තිබූ ඉරණම සිතාගත හැකි ය. ඉන්දියාව තවමත් ඒ අදහස නැතිකරගෙන ඇතැයි සිතිය නො යුතු ය. නේරුලාට ඉන්දිරා ගාන්ධිලාට රජිව්ලාට ද ඒ අදහස තිබුණු අතර දැනටත් සෝනියාලා හා මංමෝහන්සිංලා මෙන් ම කරුණානිධිලා හා ජයලලිතාලා ද ඒ අදහස දරති. පසුව කී දෙදෙනා වඩාත් කැමතිවනු ඇත්තේ ලංකාව තමිල්නාඩුවේ ම කොටසක් කර ගැනීමට ය. මේ අදහස නොදැරු රාජ්‍ය නායකයකු ඉන්දියාවේ සිටියේ නම් ඒ ලාල් බහදුර් ශාස්ත්‍රී මහතා විය යුතු ය. ඉන්දීය නියෝජිතයන් මෙරටට පැමිණෙන්නේ දෙමළ ජනතාවට ඇතැයි කියන ප්‍රශ්නය විසඳීමට ය. ඔවුහු බලය බෙදීම ගැන කතාකරති. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහා යන විසඳුම් ගැන කතාකරති. උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට බලකරති. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැති බව ඉන්දියාව බටහිරයන් හා අනෙක් සිංහල විරෝධීන් ඉගෙන ගන්නේ කවදාද?

මේ අතර රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග ද ඉන්දියාවට යති, එති. ඔවුන් යන්නේ දඹදිව නොවන බව නම් ඉතා පැහැදිලි ය. චන්ද්‍රිකා කුමාරතුංග සිතන්නේ ඊනියා ඉන්දු ලංකා සබඳතා ඇගේ උරුමයට ලැබුණු දෙයක් ලෙස ය. ඉන්දිරා නැන්දා (ආන්ටි) ගෙන් ඇයට ඒ සම්බන්ධයෙන් වැදගත් කාර්ය භාරයක් හිමි වී ඇතැයි සිතනවා විය හැකි ය. සෝනියා අක්කා (නංගි) නිතර හමු වී ගෙවල්වල තොරතුරු කතා කරනවා මෙන් ඉන්දු ලංකා සබඳතා ගැන කතාකරගත හැකි යැයි ඇය සිතනු නො දනුමාන ය. ඇයට අමතක වී ඇත්නම් මතක් කළ යුත්තේ ඇගේ මව සිරිමා ශාස්ත්‍රි ගිවිසුම අත්සන් කළේ බමුණු කුලයේ ගාන්ධිලා සමග නොවන බව ය. රනිල් වික්‍රමසිංහ දිල්ලි යන්නේ බටහිරයන් කියන්නේ නම් මොන දිල්ලියට ගියත් කම් නැත යන තේරුමෙන් මිස වෙනත් අර්ථයකින් නො වේ. ඔහු යාපනයට ගොස් මැයි දිනය පවත්වන්නේ යාපනයේ කම්කරු පංතියක් ඇමතීමට නොවන බව නොදන්නකු ඇතැයි නො සිතමි. එහෙත් ඔහු එහි යන්නේත් දෙමළ ජාතික සංධානය සමග මැයි දිනය පවත්වන්නේත් බටහිරයන්ගේ අවශ්‍යතාවට බව බොහෝ දෙනා නො දනිති. බටහිරයන්ගේ කීමට මෙරට ක්‍රියා කරන පක්‍ෂ අතර එ ජා ප, දෙමළ ජාතික සංධානය හා කෙකරගාමී (පෙරටුගාමී) පක්‍ෂ වෙයි. ඒ අතර බටහිරයන් විසින් මෙහෙයවනු ලබන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන මගින් නඩත්තු කෙරෙන පක්‍ෂ ද වෙයි. දෙමළ ජාතික සංධානය පසුගිය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකාට ආධාර කළේ ද බටහිරයන්ගේ අවශ්‍යතාවට ය.

ඉන්දියාවේ ක්‍රියාකාරකම් විහිළු නො වේ. මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය ඇති කළෝ බටහිරයෝ ය. නිදහසෙන් පසුව ඒ ප්‍රශ්නය පවත්වාගෙන යෑමට හා ගින්නට පිදුරු දැමීමට ඉන්දියාව ක්‍රයා කර ඇත. ප්‍රභාකරන්ට මෙන් ම උමා මහේස්වරන්ට ද ආයුධ සපයා දෙමළ ත්‍රස්තවාදය නිර්මාණය කළේ ඉන්දියාව ය. දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයක් වූ අතර දෙමළ ත්‍රස්තවාදය ඉන්දියාව විසින් බිහි කෙරිණි. එහි දී ද ඉන්දියාවට බටහිරයන්ගේ සහාය ලැබිණි. ඉන්පසු ඒ ත්‍රස්තවාදය නැතිකිරීම සඳහා යැයි විවිධ අවස්ථාවල ඊනියා විසඳුම් ඉන්දියාවෙන් ඉදිරිපත් කෙරිණි. ඉන්දු ලංකා ගිවිසුම හා ඒ මත පදනම් වූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊනියා විසඳුම් අතර වෙයි. අප අමතක නොකළ යුත්තක් නම් පසුගිය කාලයෙහි ඉන්දියාව ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් බටහිර සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කළ බව ය. ඉන්දියාව නොදැනුවත්ව බටහිර රටවල් ඒ සම්බන්ධයෙන් කිසිවක් නො කළේ ය. අද ද එසේ ම ය. ජෙනීවා යෝජනා ඉන්දියාවේ සහභාගීත්වයෙන් කෙටුම්පත් කෙරී ඇති අතර ඒ යෝජනා සම්මත කර ගැනිම සඳහා ඉන්දියාව ආසියාතික රටවලට, විශේෂයෙන් ම දෙමල ජනයා යම් ප්‍රමාණයක් සිටින රටවලට බලපෑම් කර ඇති බව දැන් හෙළිවෙමින් පවතියි. මැලේසියාව හා මුරුෂියස් දුපත් එහි දී කැපී පෙනෙයි. එහෙත් බොහෝ ආසියාතික රටවල්, විශේෂයෙන් ම දකුණු ආසියාතික රටවල් ඉන්දියාවට ඇහුම්කන් නො දිණි. අද ඉන්දියාවට ඔවුන් සිතන ආකාරයේ නායකත්වයක් දකුණු ආසියාවේවත් නැත. ඉන්දියාව ආර්ථික අතින් දියුණු යැයි කීව ද මිසයිල තිබුණ ද දුර්වල රාජ්‍යයකි. බටහිර නොමැතිව ඉන්දියාවට පැවැත්මක් නැත. මෙරට දෙමළ ජනයා සිටින්නේ යැයි කියමින් අපේ කටයුතුවලට ඇඟිලි ගසන ඉන්දියාවට එහි බෞද්ධයන් සිටින බව පමණක් දැනට මතක් කරමු.

බටහිරට මෙන් ම ඉන්දියාවට ද අද අවශ්‍ය ලංකාව අස්ථායී කිරීමට ය. එයට හරස්ව සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා මිස චන්ද්‍රිකා නංගි (අක්කා) හෝ සූරතල් රනිල් මල්ලී හෝ නො වේ. අද බටහිරට මෙන් ම ඉන්දියාවට ද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැට්ටවීමට ය. ඉන්දියාවේ දේශපාලනඥයන්ගේ ක්‍ෂෙත්‍ර චාරිකා ඒ සඳහා ය. උගත් පාඩම් කොමිසමේ යෝජනා හෝ දහතුනට එහා යන ඊනියා විසඳුමක් හෝ ක්‍රියාත්මක කීිරීම ආණ්ඩු සිය දිවි නසා ගැනීමකි. ආණ්ඩුවේ සිටින වමේ යැයි කියන තුන් බෑ ජටිල (මාක්ස්වාදය ද ජටාවකි. එකල මාක්ස්වාදය තිබිණි නම් එය ද බ්‍රහ්මජාල සූත්‍රයෙහි නම් කෙරෙනු ඇත) ඇමතිවරුන් ගේ කැමැත්ත සත පහකට මායිම් කළ යුතු නැත. ඔවුන් අද ඇමතිකම් දරන්නේ ඔවුන් විරුද්ධ සිංහල විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්ද නිසා ය. මහින්ද රාජපක්‍ෂ මහතාට අනුපාත ක්‍රමය යටතේ ද තුනෙන් දෙකක ඡන්ද ලබාගත හැකි බව අපි කලකට පෙර පෙන්වා දුනිමු. ඒ සිංහල ඡන්දවලින් සියයට හැත්තෑපහකට වැඩි ඡන්දයක් ලබා ගැනීමෙනි. ඒ සඳහා සිංහලයන් එකතු කරන සටන්පාඨ අවශ්‍ය විය. අද බටහිර, ඉන්දියාව හා මාක්ස්වාදී තුන් බෑයන් ආදීන් උත්සාහ කරන්නේ ආණ්ඩුව ලවා දෙමළ ජාතිවාදී ඉල්ලීම් ලබා ඉඩ දී ආණ්ඩුවට ඡන්දය දෙන සිංහලයන් ආණ්ඩුව කෙරෙහි කලකරවීමට ය. ඒ සමග කෙකරගාමින් ලවා තැන තැන සිද්ධි ඇතිකර මානව අයිතිවාසිකම් වෙනුවෙන් යැයි කියමින් ආණ්ඩුව පෙරළා දැමීම බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ උත්සාහය ය. මෙහි ඇති සරදම නම් එමගින් මාක්ස්වාදී තුන් බෑයන්ට ද ඇමතිකම් අහිමි වීම ය. තමන්ට අවශ්‍ය ඇමතිකම් නොව රටට සේවය කිරීමට යැයි මේ තුන් බෑ ජටිලයන් කීමට ඉඩ ඇත. එහෙත් ඒ බයිලා පමණ ය. තුන් බෑ ජටිලයන් දමනය කර ආණ්ඩුව පවත්වාගෙන යෑම ජනාධිපතිතුමාට අපහසු කාර්යයක් නො වේ.

ඒ සඳහා කළ යුත්තේ උගත් පාඩම් කොමිසමේ ජනතාවට පිළිගත හැකි යෝජනා පමණක් ක්‍රියාත්මක කිරීම ය. ආණ්ඩුව විසින් පත්කළ පමණින් කොමිසමක යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැති බව අමතක නොකළ යුතු ය. ඒ අතර දහතුන ධන සෘණ සම්පුර්ණයෙන් අමතක කිරීම ය. පළාත් සභා අසාර්ථක බව උගත් පාඩම් කොමිසම ද කියයි. ආණ්ඩුව එය හිතට ගත යුතු ය. අසාර්ථක වූවක් දිගට ම ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය ය. මේ ජයවර්ධන ව්‍යවස්ථාව එහෙන් මෙහෙන් තළා පෙළා සකස් කර ගැනීමට උත්සාහ කිරීම වෙනුවට කළ යුත්තේ මහින්ද චින්තනයෙහි ද සඳහන් ආකාරයට වෙනත් ව්‍යවස්ථාවක් සම්මත කිරීම ය. මහජනයාගේ වරමක් ද ලැබී ඇත්තේ එයට මිස ජයවර්ධන ව්‍යවස්ථාව අතනින් මෙතනින් සංශෝධනය කිරීමට නො වේ. මෙරටට ඔබින ව්‍යවස්ථාවක් සකස්කර ගැනීමේ දී අප අනුගමනය කළ යුත්තේ අපේ එක්සේසත් රාජ්‍යය. අවාසනාවකට මෙරට ඉතිහාසඥයන් හා දේශපාලන විද්‍යාඥයන් ඒ රාජ්‍යය ගැන වැඩි සැලකිල්ලක් දක්වා නැත. එය ලංකාවට ම ආවේණික වූ රාජ්‍යයකි. අවශ්‍ය නම් නූතන වචන යොදා ගනිමින් එය ඒකීය රාජ්‍ය විශේෂයක් ලෙස හඳුනාගත හැකි ය. එහි දේශපාලනය මධ්‍යගත විය. එහෙත් පරිපාලනය උපරිම වශයෙන් විමධ්‍යගත විය. රාජ පුරුෂයෝ රජ අණ, එනම් රාජ්‍යයේ අණ ක්‍රියාත්මක කළ පිරිසක් වුහ. ඔවුහු එංගලන්තයේ මෙන් දරදඬු මධ්‍යගත පරිපාලනයකට අයත් පිරිසක් නොවුහ. ජනතාවගේ එදිනෙදා කටයුතු පිළිබඳ තීරණ ගැණුනේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ගම්සභාවලින්, වරිගසභාවලින් ආදියෙනි. මේ ගම්සභා හා රාජ සභාව අතර සම්බන්ධයක් නො වී ය. අද වචනවලින් කියන්නේ නම් ගම්සභාවල දේශපාලනඥයෝ නො වුහ. එකල ෆෙඩරල්වාදීන් වූ ඇතැම්හු අද අවස්ථාවාදීව ගම්සභා දේශපාලනඥයන්ට හිමිකර දීමට පිඹුරුපත් සැකසීම සිනහවට ලක්විය යුතු ය. ඒ අතර වර්තමාන පරිපාලන රටාව ද අනුගමනය කරමින් සංක්‍රමණීය පියවරක් ලෙස දිස්ත්‍රික් සභා පිහිටුවා ඒවාට ඇතැම් කාර්යයන් හිමි කර දිය හැකි ය. මේ දූිස්ත්‍රික්ක යථා කාලයේ දී සුද්දන්ගෙ මායිම් අනුව නොව භූගෝලීය, පාර්සරික, ඓතිහාසික හා සංස්කෘතික කරුණු පදනම් කරමින් රටවල් හා කෝරළ ලෙස (අටදහස් රට දොළොස්දහස් රට නුවර කලාවිය, පස්දුන් කෝරළය ආදී වශයෙන්) සකස් විය යුතු ය. දිස්ත්‍රික් සභාවල දේශපාලනඥයන් ක්‍රියාත්මක විය හැකි ය. මේවා කළ නොහැකි කාර්යයන් යැයි කොටින් පැරදවීමට බැරි බව කී ජටිලයන් හා ඇංකරයන් පවසනු ඇත. එමෙන් ම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් අපට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවණු ඇතැයි කියමින් ජනතාව බිය වැද්දීමට ද ඔවුන් කටයුතු කරනු ඇත. එහෙත් උගත් පාඩම් කොමිසමේ යෝජනා හා දහතුන ධන යනු අවසානයක් නොව තව තවත් දෙමළ ජාතිවාදී ඉල්ලීම්වලට මග පෑදීමක් පමණකි. චෙල්වනායගම් ප්‍රතිපත්තිය වූයේ දැන් ටිකක් පසුව හුඟක්් යන්න ය. ත්‍රස්තවාදය පැරදවීමට දේශපාලන නායකත්වය දුන් පුද්ගලයාට එරෙහිව බටහිරයන් ආක්‍රමණය කළහොත් ජනතාව කිනම් අමාරුකම් මධ්‍යයෙහි වුවත් ජනාධිපතිතුමාට සහාය දෙන බව බටහිරයන්ටවත් ඔවුන්ගේ ගැත්තන්ටවත් නො වැටහෙයි.

බටහිරයන් මේ සියළු චන්ඩිකම් කරන්නේ දෙමළ ජාතිවාදය උපයෝගි කරගනිමිනි. දෙමළ ජාතිවාදය අද දේශපාලනික ව පවත්වාගෙන යනු ලබන්නේ් බටහිරයන් විසිනි. දෙමළ ජාතිවාදය තවමත් වඩුකොඩෙයි යෝජනා අත්හැර දමා නැත. දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, 1889 දී බෙදනු ලැබූ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ ඊනියා නිජභූමි බව ආදිය මෙන් ම දෙමළ ජනයාට සිංහලයන්ගෙන් විශාල අසාධාරණයක් සිදු වී ඇති බව ද දෙමළ ජාතිවාදීහු බටහිරයන්ගේ අනුග්‍රහයෙන් පවසති. බටහිරයන් සිංහල ජනතාවට තමන් වරදක් කර ඇතැයි යන හැඟීම බටහිර ගැති කසිකබල් උගතුන් ලවා ඇතිකර ඇත. සිංහලයන් මේ බිය නැතිකර ගත යුතු ය. සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණයක් වූවා නොව ඉංගිරිසින් සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන ලබා නොදීමට දෙමළ ජාතිවාදය යොදාගෙන ඇත. මාස තුනකින් අවසන් වන දෙදහස් හයසීයේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අඩු තරමෙන් නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීමට විරුද්ධ වන්නෝ සිටිත් ද? සාමාන්‍ය දෙමළ ජනයාට දහතුන්වැනි සංශෝධනයක් අවශ්‍ය නැත. දහතුන්වැනි සංශෝධනය යනු වඩුක්කොඩෙයි හා තිම්පු යෝජනාවලට තාවකාලික විකල්පයක් ලෙස බටහිර ආශිර්වාදය සහිතව ඉන්දියාව විසින් ජේ ආර් ලවා දෙමළ ජාතිවාදී නායකයන්ට දෙන ලද්දක් පමණ ය. දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් යනු බටහිරයන් අපට පෙන්වා දෙන ව්‍යාජයන් නොව ඔවුන්ගේ ජීවිත හින්දු හා බෞද්ධ ආකල්පවලට අනුව යහපත් මට්ටමකට ගෙන ඒම ය. ඒ බටහිර ක්‍රිස්තියානි යටත්විජ්ිතවාදී සංවර්ධනයක් ඔස්සේ පාරිභෝගික තණ්හාධික එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ කරන තරගකාරී සමාජයක් ඇතිකිරීම නො වේ. අපි මානව අයිතිවාසිකම් සඳහා නව අර්ථකථනයක් දෙමු.

The mythical ethnic problem – II

It is very difficult for a weekly column to write on a topic in instalments as it has to comment on current topics as well. Recently it has become a common phenomenon to observe people coming to the roads and blocking them, setting fire to tyres and making mayhem against some or other police action. Last week at Dematagoda, people from what is known as T 20 Watte, nothing to do with cricket, blocked the Baseline Road apparently over taking some people into custody by the police. The Police claim that those who have been taken into custody are “bad boys” and an inquiry is being held. In any event twenty three have been released on bail, and the police has informed the whereabouts of the others. It is true that the Police has had not a clean track record but people protesting against is a new experience that has to be looked into by the police itself. It is a well known fact that a leading member of the Peratugamee Samajavadee Pakshaya (PSP) who had been a convenor of the illegal Inter University Student Federation was among the protesting people at Dematagoda. The PSP has no mass base island wide and has no strength to stage another 1971 or a 1987-90. It is being used by the westerners for a limited purpose as we have said on few occasions and they have been assigned the task of staging this type of demonstrations so that the police would retaliate probably with the support of the armed forces, and create “human rights violation cases”, for various human rights organisations here and abroad to protest against the government leading to economic sanctions and even perhaps to a NATO attack in the name of R2P and internationalism. There is nothing new about this internationalism as from the fifteenth century the west has taken upon themselves the burden of civilizing the non European nations, a la Macaulay. The west is now civilizing us and teaching how to be democratic and also to respect the human rights of the people. This is nothing but crab theory which in turn is crap, propagated by Macaulay’s children.

Having said that let us get back to the mythical ethnic problem. We have been asking the Tamil leaders and others who talk of Tamil grievances to spell them out for more than two decades but up to now nobody has given a convincing reply. Could at least the Indians who come to Sri Lanka on what may be called field trips and advocate devolution along so called 13 plus, inform us the problem they want to solve? If they are concerned of so called injustices then they should specify them and spell out the solution for each such injustice. In the mean time they could do something to improve the conditions of the Buddhists living in India. There are no injustices caused to Tamils by being Tamils, as poverty etc., can be found among the other communities as well. We have also remarked that more than fifty percent, some would say more than sixty percent but we will have to wait for the 2012 census figures, of the Tamils live outside the Northern and Eastern Provinces, the so called Tamil homelands, and even if more and more power is devolved to those two provinces as a solution to the “injustices”, the majority of Tamils living outside those two provinces would not be affected by such devolution of power. Thus even if one were to assume that there are injustices caused to the Tamils, devolution of power to the Northern and Eastern Provinces is not going to help to solve the problem of the injustices of the majority of the Tamils living in other parts of the country.

I will consider two “injustices” claimed by Tamil leaders. I have discussed these so called injustices for more than twenty five years, but it is good to remind the readers of the same when the LLRC report, which talks of injustices is being discussed in so called international fora. One of the “injustices” is the Official Language Act that made Sinhala the only official language of Sri Lanka (Ceylon). The other is regarding the admission of students to the Universities. Sinhala had been the official language of Sinhale for thousands of years, even if the concept was not there. There was no need to formulate such a concept as it was the only language used in matters concerning the state. Almost all the inscriptions found in the entire island including present day Jaffna are in Sinhala and it also implies that the state not only carried out its activities in Sinhala but communicated with the people also in the same, even after the twelfth century when permanent Tamil settlements were set up in Sri Lanka. Further according to late Mr. Gamini Iriyagolla, whom unfortunately even the so called patriots have forgotten, Sankili as the “king” of Jaffna signed a pact (was it a peace accord?) with the Portuguese in Portuguese and Sinhala, and not in Tamil. It is clear that Tamil had not been an official language at any time in Sri Lanka.

Incidentally we do not have to go by the Portuguese historians who refer to kings and an emperor in Kotte as we did not have an emperor at any time in our history. The Portuguese historians who could not understand the Eksesath Rajya in Sri Lanka tried to grasp the concept within their systems that had emperors and kings. It is unfortunate that the Sri Lanka historians have not made a proper study of the Eksesath Rajya, which was unique to Sri Lanka or Sinhale, and it would not be a bad idea to have an entirely new constitution along the lines of Eksesath Rajya without tinkering the present constitution and wasting time on 13 plus or minus. Eksesath Rajya is a form of unitary state, if I am to use western terminology, and it has maximum devolution as far as administrative purposes are concerned. Whether in Jaffna or Hambantota most of the difficulties arise due to the fact that the people cannot take decisions on problems affecting their day to day lives. We have to devise a way of keeping the politicians away, and giving power to the people in administrative purposes. The politicians should concentrate on policy matters and legislating at the centre, and the powers of the bureaucracy should be restricted to a minimum.

The colonial powers in the areas they controlled used Portuguese, Dutch or English as the “official language”, and under the English, their language became the official language throughout the country after 1815. Thus from 1815 to 1956 English was the official language of the country and there was an agitation commencing in the thirties of the last century to make Sinhala the official language, replacing English. With the official language act it became a reality and no injustice was done to the Tamils by making Sinhala the official language as it had been so for thousands of years before the European colonialists arrived. Tamil had never been an official language and by making Sinhala the official language the Tamils did not lose anything that they had had in the history of the country. I would argue that the ordinary Tamils who were more familiar with Sinhala than with English would have been better off at least marginally by making Sinhala the official language replacing English.

However, there was a tiny minority who were affected by this decision. They were the English educated elite, especially the English educated Tamil Vellalas who dominated the lives of the ordinary Tamils. The English educated Tamils, the darlings of the English colonialists then and now, had to get accustomed to working in Sinhala and it was they who protested against making Sinhala the official language forgetting that English was not there mother tongue. The English educated Tamils as well as those Sinhalas who opposed Sinhala becoming the official language were only playing into the hands of the English who wanted this country to continue as their best colony. It is said that when the English were being chased out by the French, the former had an idea of giving up all the colonies except Sri Lanka (Ceylon) and Trinidad. Most probably they found the best apes in the colonies among the English educated elite of those two countries. Even today some of the English educated in Sri Lanka remember with nostalgic memories that Ceylon was considered as the best colony by the English. In any event it was the English educated Tamils, if at all who were affected by making Sinhala the official language, followed by a section of the English educated Sinhala elite. They wanted to retain English as the official language for the benefit of a minority of less than six percent of the population, which they did not consider as an injustice to the Sinhala people and the Sinhala language that had been the official language of the country before the western colonialists set foot on the island.(12/04/25)


Copyright Prof. Nalin De Silva