Main Logo

Sunday 31 March 2019

දිලිත්ගේ ආතලය හා මගේ දුක


දිලිත්ගේ ආතලය හා මගේ දුක



චතුර අල්විස් මුහුණු පොතේ දිලිත්ගේ කතාවක කොටසක් ප්‍රචාරය කරලා. එය දැනටමත් පනස්දාහකට අධික පිරිසක් බලලා. මගේ ලිපියක් කියවන්නේ දෙතුන් සියයක් පමණයි. දිලිත්ට ඇති සමාජ බලය, දේශපාලන බලය, ආර්ථික බලය, මාධ්‍ය බලය ආදී කිසිවක් මට නැහැ. ආතලය කියන වචනයවත් මට තේරෙන්නේ නැහැ. දිලිත් හරි චතුර හරි එහි නිරුක්තිය පහදල දෙනව නම් හොඳයි. දිලිත් ජයවීර  කොළඹ ඇවිල්ල තියෙන්නෙ වයස දහඅටේ දී පමණ වෙන්න ඇති අර දෙහිවල බෝඩිමට. මා අවුරුදු හතේ දි පමණ කොළඹට එන්න පටන් ගත්තෙ. තාමත් එනවා. දිලිත් වගේ නොවෙයි සම්මත මිණුම් දඬු අනුව මා අසාර්ථක මිනිහෙක්.

Saturday 30 March 2019

නූතනත්වයේ හරය


නූතනත්වයේ හරය



විසිවැනි සියවස ආරම්භයේ සිට ම වගේ බටහිර නූතනත්වයේ පරිවාර අදහස් කඩා වැටෙන්න පටන් ගත්ත. පරිවාර අදහස් කීවාට ඒව වාටියෙ (පරිධියෙ) අදහස් නොවෙයි. ඒවත් වැදගත්. ඒත් හරය ම නො වෙයි. නිශ්චිතභාවය, හේතුවාදය, ඌනිතවාදය, නිරපේක්‍ෂතාව, වාස්තවිකත්වය, යථාර්ථය ආදී අදහස් ප්‍රශ්න කෙරෙන්න පටන් ගත්ත. එහෙත් එයටත් කලින් පශ්චාත්නූතන කියන වචන පාවිච්චි වුණා. විශේෂයෙන් ම චිත්‍රකලාවෙ නූතනත්වය පන්නපු චිත්‍ර ගැන කතා කෙරුණා. චිත්‍රකලාවෙන් පස්සෙ බටහිර විද්‍යාවෙ තමයි නූතනත්ව අදහස් ප්‍රශ්න කෙරුණෙ.

Friday 29 March 2019

බටහිර නූතනත්වය කඩා වැටීමේ ආරම්භය


බටහිර නූතනත්වය කඩා වැටීමේ ආරම්භය



ලෝකයේ රටවල් විවිධ නිර්ණායක මත විවිධ කුලවලට බෙදන්න පුළුවන්. මේ නිර්ණායක අපේ, එනම් මිනිසුන්ගේ නිර්ණායක. ඒ කියන්නෙ මිනිසුන් නිර්මාණය කරන නිර්ණායක. ඒ ඒ මිනිසා නිර්ණායක නිර්මාණය කරන්නෙත් තමන්ගෙ ඉන්ද්‍රිය පද්ධතියට සංස්කෘතියට මනසට සාපේක්‍ෂව. ඊනියා වාස්තවික නිර්ණායක නැහැ. වාස්තවික කියන්නෙ කාටවත් සාපේක්‍ෂ නොවන කියන අර්ථයෙන්. වාස්තවික කියන්නෙ එක අතකින් බැලුව ම දෙවියන් වහන්සේට සාපේක්‍ෂ කියන එකයි. දෙවියන් වහන්සේට සාපේක්‍ෂ කියන එක තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ඊනියා වාස්තවික වුණෙ.

Thursday 28 March 2019

රනිල්ට දඬුවම් කරමු


රනිල්ට දඬුවම් කරමු



ඇතැම් පඬියන්ට, මහා දාර්ශනිකයාට සහ උතුරු මැද පළාතේ වෛද්‍ය මහාචාර්යවරයකුට අනුව තවම අපි තරහයි නාට්‍යය ඉවර නැහැ. ඔවුන් සිතනවා ඇති ඒ නාට්‍යය මෙගා ටෙලි නාට්‍යයක් කියා. එයට කමක් නැහැ. ඔවුන් හිතන්නේ තමන් ඊනියා උගතුන් නිසා මේ සියල්ල ඔවුන්ට මිස අප වැනි මෝඩයන්ට නොතේරෙන බවයි. ඔවුන්ටත් ඇත්තේ ඊනියා උගත්කමක් නොව අනෙක් බොහෝ අයට මෙන් ම මෛත්‍රිපාල වෛරයක්. මෝඩකමට බෙහෙත් තිබුණත් මේ වෛරයට නම් බෙහෙත් නැහැ. ඒ නිසා මොවුන් සුවපත් වේය කියා හිතන්න බැහැ.

Wednesday 27 March 2019

ශ්‍රී ල නි පක්‍ෂයට ජාතික ආණ්ඩු හදන්න බැහැ


ශ්‍රී ල නි පක්‍ෂයට ජාතික ආණ්ඩු හදන්න බැහැ



ජනතා සේවය සඳහා  පෙරුම්පුරා ඉපිද සිටින අප්පච්චි මලෝ පියසේන ගමගේ වැන්නන්ට ඇමතිකම් දීම අද දවසේ ප්‍රධාන කාර්යය බවට පත් වෙලා. ඔවුන්ගේ සේවය ලබා ගැනීමට ජනතාවට පින් මදි වීම මෙහි දී ඇති  එක ම ප්‍රශ්නය ද කිියා ඇසීමට සිත් වෙනවා. සම්ම ජාතියේ විදුලිය නොකපන බව කී රවි කරූණානායකට අමාත්‍යාංශයෙ එතරම් බලයක් අධිකාරයක් නොමැති බව පැහැදිලියි. විදුලිය නොකපන බව ඇමතිගේ ප්‍රතිපත්තිය වුවත් නිලධාරීන් ඇමති අණ ඉක්මවල විදුලිය කපලා.

Tuesday 26 March 2019

ජෙනීවා ගැන තවදුරටත්


ජෙනීවා ගැන තවදුරටත්



පසුගිය දිනවල ජෙනීවා විගඩම හෙවත් එක්සත් ජාතීන්ගේ ඊනියා මානව හිමිකම් සැසිවාරයේ හතළිස් වැනි සමුළුවේ දී මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට කිසිම සම්බන්ධකමක් නැති මනෝ තිත්වෙලගේ උපදෙස් මත ජෙනීවාහි ලංකා නියෝජිත අසීස් සම අනුග්‍රහ දැක්වු යෝජනාවෙන් කියැවෙන්නේ 2015 දීි මංගල සමරවීර හෙවත් ඛෙමාගේ කොලුවා (ඔහු මාතෘ මූලිකව තම අනන්‍යතාව ගැන කීම පිළිබඳ ව නම් ඔහුට මගේ ගෞරවය හිමි වෙනවා.  එහෙත් ඔහු මහානාමගේ කොලුවා කිව්වා නම් පියා සමග සමානත්වයක් කියන්න තිබුණා. මහානාමත් ශ්‍රී ල නි පක්‍ෂයෙන් එ ජා පක්‍ෂයට ගියේ මංගල ගිය පරිදිමයි. මහානාම දේශපාලන ජීවිතය පටන් ගත්තේ කොමියුනිස්ට් පක්‍ෂයෙන්. ඔහු එ ජා පක්‍ෂයට ගමන් ඇරඹුවේ සී පී ද සිල්වා සමග ලේක්හවුස් ජනසතුවට විරුද්ධව. ඛෙමා පද්මාවතී කලක් රනිල්ගේ තාත්තා එස්මන්ඩ් ලේක්හවුසිය පාලනය කරන කාලයේ එහි වැඩ කළා.) සම අනුග්‍රහය දැක්වූ යෝජනාවෙන් කී කරුණු ඉටු කිරීමට ලංකාණ්ඩුවට තව අවුරුදු දෙකක් දීමටයි.

Sunday 24 March 2019

සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව


සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව



ලංකාව සම්බන්ධයෙන් ගත් කල තවත් ජෙනීවා වාරයක් අවසන්. මා හිතන්නේ ලංකාවෙන් එහි ගිය නිල, නිල නොවන කණ්ඩායම් දැන් ජෙනීවා නගරයෙන් පිට වී ගොස් කියා. ඔවුන් ලංකාවෙන් පමණක් නොව වෙනත් රටවලිනුත් එහි ගොස් සිටියා. ශිවාජිලිංගම් හා සුමන්තිරන් ආපහු ආව ද කියා දන්නේ නැහැ. ඔවුන් නැත්නම් ජෙනීවා කුමකට ද කියලත් හිතනවා.

Saturday 23 March 2019

කඳවුර ශක්තිමත් කිරීම


කඳවුර ශක්තිමත් කිරීම



පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ල නි පක්‍ෂයේ දෙවැනි වටයේ සාකච්ඡා සාර්ථක වූ බව දයාසිරි ජයසේකර කියා තිබෙනවා. දේශපාලනඥයන් යමක් කී විට ඒ පිළිගැනීමට පෙර දෙවරක් නොව සියවරක් සිතන්න ඕන. දයාසිරිගේ ප්‍රකාශය ජී එල් පීරිස් ප්‍රතික්‍ෂෙප කර නැහැ. ලබන මස පැවැත්වෙන තුන්වැනි වටයේ සාකච්ඡා සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

Friday 22 March 2019

කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව


කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව



රාත්‍රී අටේ සිට සවස හයට තල්ලු කර දැමූ කුසුමාසනදේවි ටෙලිනාට්‍යය ඉවර වෙලා ටිකක් කල් ගියා. ඒ ගැන ලියන්න හිතුණත් ඒකට ඉඩක් ලැබුණෙ නැහැ. රාජ් සෝමදේව කොළඹ විශ්වවිද්‍යාලයෙ කරපු කතාවක් ඇහුවට පස්සෙ කුසුමාසනදේවි ගැන ඉක්මණින් ලියන්න හිතුණා. කුසුමාසනදේවිත් ඉතිහාස කතාවක්. එයත් අයිති ඉතිහාසයට. ටෙලිනාට්‍යයේ කුසුමාසනදේවි මා දන්නා දෝන කතිරිනා නො වෙයි. ඉතිහාසයට අර්ථ විවර(hermenutics) සපයනවා කියන එක මා පිළිගන්නෙ නැහැ. පශ්චාත්නූතනවාදය (postmodernism) කියන්නෙ නූතනවාදී අදහස් ප්‍රංශ විප්ලවයෙ අදහස් හරියන්නෙ නැති බව දැණුනු බටහිර බුද්ධිමතුන් ඉන් ගැලවෙන්න ගොතපු අව්‍යක්ත නිසරු අසාර්ථක කතන්දර ටිකක්. ඉතිහාසයට අර්ථ විවරණ සපයනව කිව්ව ම ඒකෙන් කියැවෙන්නේ ඉතිහාසය කියල වාස්තවික යමක් තියෙනවා, අප ඒකට විවිධ  අර්ථ විවරණ සපයනවා කියන එකයි. මේ ඊනියා යථාර්ථය රැක ගැනීමට බටහිර දාර්ශනිකයන් දරණ තවත් වෑයමක් පමණයි. ඉතිහාසය කියල එකක් නැහැ. තියෙන්නෙ ඉතිහාස නැත්නම් ඉතිහාස කතන්දර.

Thursday 21 March 2019

ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා හා මහාවංශ ව්‍යාපෘතිය



ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා හා මහාවංශ ව්‍යාපෘතිය



අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර දෙවැනි සාකච්ඡා වටය පැවැත්වෙනවා. මේ සාකච්ඡා පැවැත්තෙන්නේ ඒ පක්‍ෂ අතර පළල් සංධානයක් ගොඩ නගා ගැනීමේ අරමුණෙන්. ඒ පක්‍ෂ දෙකට අමතර ව තවත් කුඩා යැයි කියන පක්‍ෂ තියෙනවා. පොහොට්ටුවේ ඇතැමුන්ට අනුව මේ කුඩා පක්‍ෂ වැඩක් නැහැ. ඔවුන්ට  අනුව ඒ මහජන මුදල් කන පක්‍ෂ පමණයි. එසේ මහජන මුදල් කන්නේ කෙසේ ද යන්න නම්  පැහැදිලි නැහැ.

Wednesday 20 March 2019

රනිල් කාගේ අගමැති ද?


රනිල් කාගේ අගමැති ද?



තවත් ජිනීවා වාරයක් ගෙවී ගෙන යනවා. මේ ඉලව් ජාත්‍යන්තරයට අප කියන්න ඕනෙ අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න ඔවුන්ට අයිතියක් නැත යන්නත් මෙරට යුද්ධයක් සිදු වී  නැත යන්නත් පමණයි. නේස්බි වාර්තා ගැන අප සඳහන් කරල අවුරුදු පහළොවක් පමණ වෙනවා. එකල ඒ ගැන උනන්දුවක් තිබුණෙ නැහැ. ඩෙස්මන්ඩ් ද සිල්වා වාර්තා ආදිය අප නිසියාකාරව ඉදිරිපත් කෙළේ නැහැ.

Tuesday 19 March 2019

ගෝඨාභයට හා මෛත්‍රිපාලට පැවරෙන වගකීම්


ගෝඨාභයට හා මෛත්‍රිපාලට පැවරෙන වගකීම්



පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි ප අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙනවා නම් හොඳයි. ඒත් මට ඒ ගැන එතරම් විශාල බලාපොරොත්තුවක් නැහැ. දෙපැත්තේ නියෝජිත පිරිස්වල ඉන්න අයගෙ සත්භාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. පොහොට්ටු පැත්තෙන් ඉන්නෙ ජී එල් පීරිස් (නායක), ඩලස් අලහප්පෙරුම හා ජගත් වැල්ලවත්ත. ඩලස් නියෝජනය කරන්නෙත් පොදුජන පෙරමුණ. ඔහු පොහොට්ටුවේ සාමාජිකයකු නො වෙයි. ඔහු එක්සත් ජනතා නිදහස් සංධානයේ ඉන්න ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයෙක් බව මහින්ද අමරවීරත් දයාසිරි ජයසේකරත් දන්නවා. දයාසිරි තම පක්‍ෂයේ සාම්ජිකයකු අනෙක් පැත්තෙ තියාගෙන සාකච්ඡා කරනවා.

Monday 18 March 2019

මන්නාරමේ ඇටකටු


මන්නාරමේ ඇටකටු



මන්නාරමේ සමූහ මිනී වළවල් පිළිබඳ වාර්තාව ලැබෙන තුරු දෙමළ ජාතිවාදීන් බලා සිටියේ එළුවාගේ මොකක් ද එක වැටෙන තෙක් වගේ. මේ දෙමළ ජාතිවාදීන් ගණයට අයත් වන්නේ දෙමළ කතා කරන ජනයා පමණක් නොවෙයි. සිංහල දෙමව්පියන්ගේ දරුවන් ලෙස හැදී වැඩී පසුව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට හසුව සිංහල බෞද්ධ විරෝධීන් වූවන් ද දෙමළ ජාතිවාදීන්. මෙරට දෙමළ ජාතිවාදීන්ගේ ප්‍රධාන ලක්‍ෂණය සිංහල බෞද්ධ විරෝධී වීම හා සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නො දීම.

Saturday 16 March 2019

දාසනායකගෙ උප්පරවැට්ටි ද සුවිශේෂ බුද්ධිය ද?


දාසනායකගෙ උප්පරවැට්ටි ද සුවිශේෂ බුද්ධිය ද?



නවසීලන්තයේ සිදු වූ මුස්ලිම් පල්ලි දෙකක් එල්ල කර ගත් ඝාතන එරට වසන සිංහල බෞද්ධයන්ගේ වැඩක් වෙන්න බැරි නැහැ. එහෙම නැත්නම් මියන්මාර් බෞද්ධයන්ගෙ වැඩක් වෙන්න ඕන. මුස්ලිම් විරෝධයක් තියෙන්නෙ ඒ රටවල විතරයි. මුස්ලිම් - ක්‍රිස්තියානි විරෝධයක් තියෙන්න බැහැ. දෙගොල්ලන් ම අදහන්නෙ එක ම දෙවියන් වහන්සෙ.  ඒත් දැන් ආරංචි වෙන විධියට නවසීලන්තයෙත් අන්තවාදීන් ඉන්නවා. මා මෙච්චර කල් හිතන් හිටියෙ සිංහල බෞද්ධයන් විතරයි අන්තවාදී කියලා.

Friday 15 March 2019

ජෙනීවා හා හුඹස් බිය


ජෙනීවා හා හුඹස් බිය



මෛත්‍රිපාල නයකු යැයි සඳහන් කෙළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. ඉතා පැහැදිලි ව මෛත්‍රිපාල උත්සාහ කරන්නේ නැවතත් ජනාධිපති වෙන්න. ඒ ගැන සැකයක් නැහැ. හිරුණිකා බලන්නෙත් කොහොම හරි ඇමතිණියක් වන්න. ඇයට මහින්ද ගැනත් විශ්වාසයක් නැහැ. එහෙත් රනිල් ගැන විශ්වාසයක් තියෙන බව පේනවා. මට නම් මේ කිසිම අයකු ගැනත් බැසිල් ගැනත් විශ්වාසයක් නැහැ. රනිල් ආරක්‍ෂා කෙරෙන්නේ කවුරුන් විසින් ද යන්නට පිළිතුරු රාශියක් තියෙනවා. අප එක් එක් අයට එහි දී පෙනෙන්නේ අප විරුද්ධ අය පමණයි.

Thursday 14 March 2019

ජෙනීවා යෝජනා පිටුපස


ජෙනීවා යෝජනා පිටුපස



අයවැය දෙවැනි වර කියවීම පරාද කරන බවටත් කාරක සභා අවස්ථාවේ දී ජනාධිපති ලේකම් වැය ශීර්ෂය පරාද කරන බවටත් වහසි බස් දෙඩූ අය තමයි අවසානයේ දී පරාද වුණෙ. මේ වහසි බස් දෙඩීම් මාධ්‍ය සංදර්ශන පමණයි. රනිල් පසු පෙළ යැයි කියන මන්ත්‍රීන් යොදවා මෛත්‍රිපාලට පහර දී තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගත්තා. ඡන්දයක් ගැනීමට කවුද පසු පෙළ යැයි කියන මන්ත්‍රීවරයකු යෝජනා කළ විට කිරිඇල්ලත් රනිලුත් ඒ වැළැක්වූවා. රනිල් ඒ වන විට තමන්ට අවශ්‍ය දේ කර ගෙන. රනිල් ශක්තිමත් නම් මෙළහකට මෛත්‍රිපාල ඉවත් කරලා. ඔහු දන්නවා මෛත්‍රිපාලට මුදල් වෙන් නොකළොත් අවසානයේ දී ගෙදර යන්නෙ ඔහු කියා.  මේ අයවැයක් ගැන මෙතරම් උනන්දුවක් දක්වන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ දී සති ගණන් අයවැය විවාද පවත්වනවා. අපේ පාසල් අවධියේ මුදල් ඇමති ෆීලික්ස් ඩයස්. අප විවාදවලට කරුණු එකතු කිරීමට ඔහුගේ අයවැය කතා කියෙව්වා. ඔහු දක්‍ෂ කථිකයෙක්. ඛෙමාගේ කොලුවා වගේ නො වෙයි. දැන් අයවැයේ රුපියල් ට්‍රිලියන ගණන්වල කතා ඇසෙනවා. ඒත් මේ සතපහක් නොවටිනා දේ. රට අගාධයට යෑම පමණයි සිදුවන්නේ.

Wednesday 13 March 2019

බැසිලිකාව හා පඬියන් සංධානයට වැට බැඳීම


බැසිලිකාව හා පඬියන් සංධානයට වැට බැඳීම



මහා දාර්ශනිකයාටත් තවත් දාර්ශනිකයන්ටත් මහාචාර්යවරුන්ටත් තවත් පඬියන්ටත් වීජ ගණිත ප්‍රශ්නයක් ඇති වෙලා. මා නම් දන්නා විජ ගණිතයක් නැහැ. මහා දාර්ශනිකයා උගන්වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක. ඒකෙ වෛද්‍ය පීඨයක් නැති නිසා කෙකරගාමීන් ඒකට විරුද්ධ ව මොකුත් කරන්නේ නැහැ. මෙරට පෞද්ගලික විශ්වවිිද්‍යාලවලට ඊනියා සමාජවාදීන් විරුද්ධ වන්නේ ඒවාහි බටහිර වෛද්‍ය විද්‍යාව ඉගැන්වුවොත් පමණයි. ඒ විරෝධය පිටුපස ඇත්තේ බටහිර වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යෑම සඳහා වෛද්‍යවරුන් පුහුණු කිරීම සීමා කිරීමයි. බටහිර වෛද්‍යවරුන් ද ඊනියා සමාජවාදීන් ද සිසුන් නේපාලයේ හරි වෙනත් රටක හරි වෛද්‍ය පීඨයක ඉගෙන ඇවිත් මෙහි බටහිර වෛද්‍යවරුන් ලෙස ලියා පදිංචි වීමට විරුද්ධ නැහැ. ඔවුන් විරුද්ධ වන්නේ මෙරට පෞද්ගලික ව සිය ගණනන් බටහිර වෛද්‍යවරුන් පුහුණු කරන්නේ නම් පමණයි.

Tuesday 12 March 2019

මහින්දගේ ප්‍රකාශය

මහින්දගේ ප්‍රකාශය

තාමත් ඇතැමුන් මෛත්‍රිපාල කෙරෙහි වු වෛරයකින් පෙළෙන බව පැහැදිලියි. මේ වෛරයේ අවසාන ප්‍රතිඵලය වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් තුරන් වී යෑමයි. ඊයේ මා කුසුමාසන දේවි නාට්‍යයේ සමාප්තිය දැක්කා. දෙරණ එය නිෂ්පාදනය කෙළේ කිනම් අරමුණකින් දැයි මට තාම තේරුම් ගැනීමට නොහැකි වුණා. එහි දෝන කතිරිනා කුසුමාසන දේවි බවට පත්කර තිබෙනබා. මට අපේ ඉතිහාසයේ ඈත අතීතය මතක් වුණා. මෙරට යක්‍ෂ ජනතාවක් නොසිටියේ  යැයි කියන ඇතැම් මෛත්‍රිපාල විරෝධී ජාතිකවාදීන්ට අනුව ඒ ජනතාව මෙන් ම මා ද අමනුෂ්‍යයන් වෙන්න පුළුවන්. ඒත් කුසුමාසන දේවිට අත් වී ඇත්තෙත් සර්වසාම්‍ය නොවූවත් යක්‍ෂ ප්‍රාදේශීය නායිකාවක් වූ කුවේණි ට සමාන ඉරණමක්. පිටින් පැමිණි වංගයන් හා පෘතුගීසීන් කාන්තාවන් මගින් බලය ලබා ගැනීමට කරන ලද ප්‍රයත්න මේ කතා දෙකෙන් පැහැදිලි වෙනවා.

Monday 11 March 2019

ජාතික සින්දුව හා ඩ්‍රීම් ස්ටාර්

ජාතික සින්දුව හා ඩ්‍රීම් ස්ටාර්

ලංකාවේ ජාතික සින්දුව ගැන කියා තිබුණේ රනිල්. ඔහු කළුතර දිස්ත්‍රික්කයේ යම් තැනක දී, පස්දුන් රටේ ද කියල මා දන්නෙ නැහැ, තමන් දෙමළ ජාතිවාදීන්ට කර ඇති සේවය ගැන කියද්දි කියල අද යාපනයට ගියාම ජාතික සින්දුව සමහර වෙලාවට සිංහලෙන් හා දෙමළෙන් කියනව කියලා. රටේ සංස්කෘතිය, භාෂාව, ඉතිහාසය (හයවැනි පරාක්‍රමබාහු රජුගේ ගොවිතැන) ගැන නොදන්න අගමැතිවරයකු සින්දු නොවෙයි  බයිල කිව්වත් කරන්න දෙයක් නැහැ කියල කාට හරි කියන්න පුළුවන්. රනිල්ගෙන් නම් දරුවන් එතරම් දෙයක් ඉගෙන ගන්නෙ නැති නිසා එතරම් බයක් නැහැ.

Sunday 10 March 2019

අපට පුතේ මගක් ඇතේ


අපට පුතේ මගක් ඇතේ



පොහොට්ටුව හා ශ්‍රී ල නි ප අතර සංධානයක් ඇති වීමට තියෙන ඉඩකඩ ඇහිරෙනවා. එය අහිතකරයි. එයට ප්‍රධාන හේතුව බැසිල් බව කියන්න මා පසුබට වෙන්නේ නැහැ. දයාසිරි ජයසේකරත් ඒකට පොහොර දානවා. ඒත් ඇහුවොත් දෙන්න ම කියාවි අපට සංධානයක් අවශ්‍ය කියලා. මා දයාසිරි දන්නෙ ඔහු කොළඹ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යයකුව සිටි කාලෙ ඉඳලා. ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ හිටි කිහිප දෙනකු ම අද දේශපාලනයේ, ජනමාධ්‍යයෙ හා ඊනියා ශාස්ත්‍රීය ලෝකයෙ වැදගතුන්. පාතාලයෙත් ඇති. නැතත් සමහරුන්ට පාතාලය සමග සම්බන්ධකම් ඇති.

Saturday 9 March 2019

ජෙනීවා හා පුංචි දේශපාලනඥයෝ


ජෙනීවා හා පුංචි දේශපාලනඥයෝ



ලංකාව පුංචි රටක් වෙලා තියෙන්නෙ එහි දේශපාලනඥයන් පුංචි නිසා මිස රට පුංචි නිසා නො වෙයි. දැන් කවුරු හරි පඬියකු ලංකාවේ වර්ගඵලය හෙක්ටෙයාර්වලින් හා වර්ග සැතපුම්වලින් කියාවි. ඒක ඉන්දියාව, චීනය එක්ක විතරක් නොවෙයි බංග්ලාදේශය එක්කත් සංසන්දනය කරලා පෙන්නාවි මා වැරදි කියලා. එහෙම තමයි මෙරට පඬියන්ගෙ වැඩ. එංගලන්තයේ හරි ඊශ්‍රායලයෙ හරි වර්ගඵලය කොච්චර ද? මා හරියට දන්නේ නැහැ. මට ඔය සංඛ්‍යා මතක තියාගන්න බැහැ. ඒත් මා හිතන්නෙ නැහැ ඒ රටවල වර්ගඵලය ලංකාවේ වර්ගඵලය වගේ සිය ගුණයක් කියලා.

Friday 8 March 2019

එස් බීගේ හරක් කතා


එස් බීගේ හරක් කතා



මෙරට සිංහල බෞද්ධ රටක් කියන එක නැති කරන්න මුලින් ම හැදුවෙ සොළීන් වෙන්න පුළුවන්. පොළොන්නරුවෙ ශිව දේවාලය හදල තියෙන්න පන්සල් බිමක කියල මෛත්‍රිපාල සිරිසේන කියන්නෙ කාගෙ හරි යම් පුරාවිද්‍යාත්මක ගවේෂණයක ප්‍රතිඵලයක් පදනම් කර ගෙන වෙන්න ඕන. ඒත් මෛත්‍රිපාල එක්ක දැන් වැඩ කරන ඇතැම් හිටපු ස්වාදීනයන් හා පශ්චාත්නූතනවාදීන් කරන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහන එක. මෛත්‍රිපාල හැම තිස්සෙ ම හරි නැහැ. පෘතුගීසීන් පත්තිනි දේවාල කඩල පල්ලි හදපු බවට සාක්‍ෂි තියෙනවා. ඊට පස්සෙ ලන්දේසින් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කරන්න විවිධ දේ කෙරුවා.  ඉංගිරිසින් තමයි සියල්ලට ම වැඩිය ඒ වැඩේ කෙළෙ. ඔවුන් මත්පැන් පුරුදු කළා. බටහිර ආකල්ප සිරිත් විරිත් අපට දුන්නා. ඒත් ඔය සියල්ල කරළත් සිංහල බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් ව තිබුණා. පාසල් විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ඒ වෙනස් කළා. ජේ ආර් විවෘත ආර්ථිකයක් නමින් විවෘත සංස්කෘතියක් ඇති කළා. එමගින් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දුන්න. රනිල්ගෙ ආණ්ඩුව මේ පහර දීම තවදුරටත් කරගෙන යනවා. එහෙම පහර දෙමින් ඔවුන් අහනව අපි බෞද්ධ නොවෙයි ද කියලත්!

Thursday 7 March 2019

ජ වි පෙරමුණට හුළං


ජ වි පෙරමුණට හුළං



රනිල්ලාගේ අනුර දාසනායක කියලා ජනතා විරෝධී පෙරමුණ විපක්‍ෂ නායක සමග කළ සාකච්ඡා සාර්ථකයි කියලා. එතෙක් මෙතෙක් ලංකාවේ පහළ වූ අසාර්ථක ම දේශපාලනඥයා වූ දාසනායක වෙන මොනවා කියන්න ද? ඔහු අද ජනතා විරෝධි පෙරමුණේ නායකයා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකෙළොත් ජනතා විරෝධී පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනවා කියලත් ඔවුන් පොඩි තර්ජනයක් දමලයි තිබුණෙ. මට පේන විධියට ඒ තර්ජන කිසිවක් වැඩක් වෙලා නැහැ. ඒ අතර ටිල්වින් හෙවත් දිනන තුරු සහෝදරයා සමාජවාදයෙන් රට දියුණු කරන යල් පැනපු නොව කිසි දා වලංගු නොවූ කතා කියනවා.

Wednesday 6 March 2019

වකුගඩු සටන


වකුගඩු සටන



වකුගඩු රෝගීන් ගැන අද බොහෝ දෙනා කතා කරනවා. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා කටයුතු කරනවා. ජනාධිපති මෛත්‍රිපාලත් රෝගීන් වෙනුවෙන් රෝහල් පහසුකම් සපයා තිබෙනවා. ඒ ඔහුගේවත් රජයේවත් මුදලින් නොවන බව කීමට තරම් ඔහු අවංක වී තිබෙනවා. දෙරණ මාධ්‍ය ජාලය මනුසත් දෙරණ මගින් සායන පවත්වනවා. දැන් වකුගඩු රෝගීන් සංඛ්‍යාව අඩු බව කියනවා.   මා ඒ ගැන නම් දන්නේ නැහැ. මා බටහිරවත් සිංහලවත් වෛද්‍යවරයකු නො වෙයි. මා සංඛ්‍යා ලේඛන දත්ත එකතු කරන්නෙකුවත් නො වෙයි. මට සංඛ්‍යා මතක තියාගන්න බැහැ.

Tuesday 5 March 2019

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට හුළං


ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට හුළං



ජ වි පෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ම පක්‍ෂය බවට පත්වෙලා. මොන තරම් දෙයක් ද? විධායක ජනාධිපති ක්‍රමය තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් මෙරට ඇති වී නැත වගේ හැඟීමක් ජ වි පෙ නායක සහෝදරවරු කතා කරන කොට හිතෙනව. ජ වි පෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දිවි හිමියෙන් කැප වී වැඩ කරනවා. ඔවුන් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයක් කියල එකක් ගෙනාවෙ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමටයි.

Monday 4 March 2019

මහින්දගේ සරුංගල් දේශපාලනය


මහින්දගේ සරුංගල් දේශපාලනය



මා මහින්දවාදියකු නො වෙයි. මා අතින් කෙරුණු එක් වරදක් නම් මහින්ද ජාතිකවාදියකු කිරීමට සුළුවෙන් හරි උත්සාහ කිරීමයි.  ඔහු නන්දිකඩාල් ජයග්‍රහණයට පසු දා ම 2009 මැයි විසිවැනි දා ම ඉන්දියාවට දී ඇති පොරොන්දුව මා දැන ගත්තේ බොහෝ කලකට පසුවයි. ඒ දැන සිටියේ නම් මා එවැනි උත්සාහයක් දරන්නේ නැහැ. මහින්ද කිසි දිනෙක ජාතිකවාදියකු ව සිට නැහැ. ඔහු කොටි සංවිධානය පැරදවීමට හමුදාවට දේශපාලන නායකත්වය දුන්නා. අප එය අගය කරනවා. එහෙත් ඔහු ඒ කෙළේ නොකර බැරි විටයි. කිසිවකුට කියන්න පුළුවන් ඔහු එතෙක් සේනා සංවිධානය කළා කියා. නැහැ ඔහුට එවැනි දැක්මක් තිබුණේ නැහැ. ඔහු වරක් සෝමවංශ අමරසිංහගෙන් අසා තිබෙන්නේ යුද්ධ කරන්නේ අහවල් එකෙන් ද කියා. ඒ සේනා සංවිධානය කළ අයකුගේ කතාවක් නොව බැහැ කියන අයකුගේ කතාවක්.

Sunday 3 March 2019

නැත අන් සරණා මෑණිය සරණා


නැත අන් සරණා මෑණිය සරණා



විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මහින්දටත් රනිල්ටත් අවශ්‍යයි. වෙල්ගම කියන බහුබූත මහින්ද ගණන් නොගන්නා බව පැහැදිලියි. මහින්ද ජනාධිපතිවරණයකට නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළහොත් කිසියම් අවස්ථාවක දී නමුත් එය ප්‍රතික්‍ෂෙප වෙනවා. මැතිවරණ කොමසමේ සභාපති එය පිළිගත්තත්, එයට විරුද්ධ ව පෙත්සම් ඉදිරිපත් වේවි. ඒ පෙත්සම් ප්‍රතික්‍ෂෙප වුණත් මහින්ද ජනාධිපති වුණත් අධිකරණයෙන් ඔහුගේ පත්වීම අවලංගු කරාවි. වෙල්ගම මහින්දට ඉදිරිපත් විය හැකිය යන කතාව කියන්නේ ඔහුට ගෝඨාභය ඉදිරිපත් නොකිරීමට  යම් හේතුවක් කිව යුතු නිසා පමණයි. වෙල්ගමට පෙනෙන දේ වෙනත් කිසිවකුට නොපෙනෙන්නේ ඔහු කුශාග්‍ර බුද්ධිමතකු නිසා ද?

Saturday 2 March 2019

ඇත් පැටවා හා ෆ්‍රැන්සිස් පියතුමා


ඇත් පැටවා හා ෆ්‍රැන්සිස් පියතුමා


පසුගිය දිනෙක දෙරණ රූපවාහිනියෙහි ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා කළ කතාවක් ප්‍රචාරය වුණා. මට හරියට මතක නැහැ වැඩ  සටහන මොකක් ද කියා. සමහරවිට ප්‍රවෘත්ති වෙන්න ඇති. එහෙම නැත්නම් දෙරණ අරුණ වෙන්න ඇති. එහෙමත් නැත්නම් වෙන වැඩ සටහනක් වෙන්න ඇති. ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා ලංකා සභාවේ (පැරණි ඇංග්ලිකන් සභාවේ) දෙමළ කතාකරන පූජකතුමෙක්. එතුමා මෙරට ඒ සභාවෙහි වැදගත් තනතුරු දරා තිබෙනවා.  

Friday 1 March 2019

දාසනායක හා මහින්ද


දාසනායක හා මහින්ද



මහින්ද කියනවා විධායක ජනාධිපති ධුරය ගැන සමාජයේ නැවත සාකච්ඡාවක් ඇති වෙලා කියලා. මේවට කතිකාවත් කියනවට මා කැමති නැහැ. ඒක සුනිල් ආරියරත්න හරි වෙන කවුරු හරි නන්දා මාලිනිගේ ගීත සජ්ඣායනාවක් ගැන කිව්ව වගේ. පරණ වචන පාවිච්චි කරන කොට ඒවට වෙන අරමුණු තියනවද කියලත් හොයල බලන්න ඕන. ඒ අතර අනුර දාසනායක මහින්දට ස්තුති කරලා මේ සාකච්ඡා කිරීමට කැමති වීම ගැන.