Main Logo

Showing posts with label Pope. Show all posts
Showing posts with label Pope. Show all posts

Tuesday, 24 December 2019

නත්තල් පණිවුඩයක් නොවේ

   සිංහල ලිත් ඉලක්කම් 


නත්තල් පණිවුඩයක් නොවේ




හෙට සමහරුන්ට නත්තල්. තවත් සමහරුන්ට හැමදා ම නත්තල්. කතෝලිකයන් මෙන් ම විවිධ ක්‍රිස්තියානින් ද නත්තල සමරනවා. ඒත් ලංකාවෙ කතෝලිකයන්ට නම් හෙට නත්තල් තියෙන එකක් නැහැ. පාස්කු ප්‍රහාරයෙන් මාස අටකට පසුව හෙට නත්තල උදා වෙන්නෙ. පාස්කු ප්‍රහාරය ගැන කොමිසමක් දැන් සාක්‍ෂි සටහන් කර ගන්නවා. ඒ ගැන පසුව කතා කරමු. එහෙත් පාස්කු ප්‍රහාරය එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මැරීමට කළ උත්සාහයක් බව මා ඒ දිනවල ම කිවුවා. ඒ එක් කරුණක් පමණක් මතක් කරන්න ඕන.

Friday, 22 March 2019

කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව


කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව



රාත්‍රී අටේ සිට සවස හයට තල්ලු කර දැමූ කුසුමාසනදේවි ටෙලිනාට්‍යය ඉවර වෙලා ටිකක් කල් ගියා. ඒ ගැන ලියන්න හිතුණත් ඒකට ඉඩක් ලැබුණෙ නැහැ. රාජ් සෝමදේව කොළඹ විශ්වවිද්‍යාලයෙ කරපු කතාවක් ඇහුවට පස්සෙ කුසුමාසනදේවි ගැන ඉක්මණින් ලියන්න හිතුණා. කුසුමාසනදේවිත් ඉතිහාස කතාවක්. එයත් අයිති ඉතිහාසයට. ටෙලිනාට්‍යයේ කුසුමාසනදේවි මා දන්නා දෝන කතිරිනා නො වෙයි. ඉතිහාසයට අර්ථ විවර(hermenutics) සපයනවා කියන එක මා පිළිගන්නෙ නැහැ. පශ්චාත්නූතනවාදය (postmodernism) කියන්නෙ නූතනවාදී අදහස් ප්‍රංශ විප්ලවයෙ අදහස් හරියන්නෙ නැති බව දැණුනු බටහිර බුද්ධිමතුන් ඉන් ගැලවෙන්න ගොතපු අව්‍යක්ත නිසරු අසාර්ථක කතන්දර ටිකක්. ඉතිහාසයට අර්ථ විවරණ සපයනව කිව්ව ම ඒකෙන් කියැවෙන්නේ ඉතිහාසය කියල වාස්තවික යමක් තියෙනවා, අප ඒකට විවිධ  අර්ථ විවරණ සපයනවා කියන එකයි. මේ ඊනියා යථාර්ථය රැක ගැනීමට බටහිර දාර්ශනිකයන් දරණ තවත් වෑයමක් පමණයි. ඉතිහාසය කියල එකක් නැහැ. තියෙන්නෙ ඉතිහාස නැත්නම් ඉතිහාස කතන්දර.

Wednesday, 30 January 2019

ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය


ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය



ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය අතර එතරම් වෙනසක් නැති බවයි මට හැඟෙන්නෙ. මේවා නිකම් වචන පමණයි. ඒත් ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක්. අඩු තරමෙන් එය මිනිසුන් කියන එක සාධාරණීය කරමින් තනා ගත් වියුක්ත සංකල්පයක්. කම්කරු පංතිය නිකම් ම නිකම් හිතළුවක් පමණයි. එහෙම පංතියක් ගැන වියුක්තවවත් කතා කරන්න බැහැ. එහෙම පංතියක් සංයුක්තවවත් වියුක්තවවත් නැහැ.