ඇත් පැටවා හා ෆ්‍රැන්සිස් පියතුමා
පසුගිය දිනෙක දෙරණ රූපවාහිනියෙහි ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා කළ කතාවක්
ප්‍රචාරය වුණා. මට හරියට මතක නැහැ වැඩ
සටහන මොකක් ද කියා. සමහරවිට ප්‍රවෘත්ති වෙන්න ඇති. එහෙම නැත්නම් දෙරණ අරුණ
වෙන්න ඇති. එහෙමත් නැත්නම් වෙන වැඩ සටහනක් වෙන්න ඇති. ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා ලංකා
සභාවේ (පැරණි ඇංග්ලිකන් සභාවේ) දෙමළ කතාකරන පූජකතුමෙක්. එතුමා මෙරට ඒ සභාවෙහි
වැදගත් තනතුරු දරා තිබෙනවා.