ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට හුළං
ජ වි පෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ම පක්‍ෂය බවට
පත්වෙලා. මොන තරම් දෙයක් ද? විධායක ජනාධිපති ක්‍රමය තරම් ප්‍රජාතන්ත්‍ර
විරෝධී දෙයක් මෙරට ඇති වී නැත වගේ හැඟීමක් ජ වි පෙ නායක සහෝදරවරු කතා කරන කොට
හිතෙනව. ජ වි පෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දිවි හිමියෙන් කැප වී වැඩ
කරනවා. ඔවුන් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයක් කියල එකක් ගෙනාවෙ විධායක ජනාධිපති ක්‍රමය
වෙනස් කිරීමටයි.