බැසිලිකාව හා පඬියන් සංධානයට වැට බැඳීම
මහා දාර්ශනිකයාටත් තවත් දාර්ශනිකයන්ටත් මහාචාර්යවරුන්ටත් තවත්
පඬියන්ටත් වීජ ගණිත ප්‍රශ්නයක් ඇති වෙලා. මා නම් දන්නා විජ ගණිතයක් නැහැ. මහා
දාර්ශනිකයා උගන්වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක. ඒකෙ වෛද්‍ය පීඨයක් නැති නිසා
කෙකරගාමීන් ඒකට විරුද්ධ ව මොකුත් කරන්නේ නැහැ. මෙරට පෞද්ගලික විශ්වවිිද්‍යාලවලට
ඊනියා සමාජවාදීන් විරුද්ධ වන්නේ ඒවාහි බටහිර වෛද්‍ය විද්‍යාව ඉගැන්වුවොත් පමණයි. ඒ
විරෝධය පිටුපස ඇත්තේ බටහිර වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යෑම සඳහා වෛද්‍යවරුන්
පුහුණු කිරීම සීමා කිරීමයි. බටහිර වෛද්‍යවරුන් ද ඊනියා සමාජවාදීන් ද සිසුන්
නේපාලයේ හරි වෙනත් රටක හරි වෛද්‍ය පීඨයක ඉගෙන ඇවිත් මෙහි බටහිර වෛද්‍යවරුන් ලෙස
ලියා පදිංචි වීමට විරුද්ධ නැහැ. ඔවුන් විරුද්ධ වන්නේ මෙරට පෞද්ගලික ව සිය ගණනන්
බටහිර වෛද්‍යවරුන් පුහුණු කරන්නේ නම් පමණයි.