Main Logo

Showing posts with label Sandhanaya. Show all posts
Showing posts with label Sandhanaya. Show all posts

Sunday, 1 September 2019

ගෝඨාභය හා ඡන්ද කෙළිය

     සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය හා ඡන්ද කෙළිය 




මගෙන් සමහරු අහනව ගෝඨාභයගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනව ද කියලා. ඔවුන් සමහරකුට ලොකු බලාපොරොත්තු තියෙනවා. මට නම් එහෙම නැහැ. ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කොහොමටත් එතරම් බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නෙ කරුණාරත්න ජයසූරිය ගැන බලාපොරොත්තුවක් තියන එක නො වෙයි. බොහෝ විට එ ජා පෙරමුණෙන් හරි ඔවුන්ගේ නව සංධානයෙන් හරි ඉදිරිපත් වෙන්නේ ජයසූරිය. සජිත්ට රට වටේ දුවල හති වැටෙයි. ඔවුන් දෙදෙනාගෙන් කවුරු ඉදිරිපත් වුණත් රට තව තවත් අගධයට යන එක මිස වෙන දෙයක් වෙන්නෙ නැහැ. සජිත් කියන විධියට මේ අවුරුදු හතරට හදල (උදා කරල) තියෙන ගම් ගණන අවුරුදු හතරට තියෙන දවස් ගණනට වැඩියි. දවසකට ගම් කීයක් විවෘත කරනව ද දන්නෙ නැහැ. එ ජා පෙරමුණේ කවුරු බලයට පත් වුණත් වැඩ කෙරෙන්නෙ රනිල්ට ඕන විධියට. රනිල් වැඩ කරන්නෙ බටහිරට මිසක් රටට නො වෙයි. 

Tuesday, 30 July 2019

සංධානයක අවශ්‍යතාව

සංධානයක අවශ්‍යතාව 


ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස දේශපාලනික ව ඉදිරිපත් වෙන්න ඕන සංධානයකින්. පොහොට්ටුවෙන් ඇවිත් ඔහුට දිනන්න බැහැ. මේ බව කී පමණින් පොහොට්ටුවේ ඇතැම් අය දණ්ඩෙන් පහර ලත් සර්පයන් වගේ කිපෙනවා. ඔවුන් කොහොමටත් සර්පයන් තමයි. සංධානයෙ ශ්‍රී ල නි පක්‍ෂයත් ඉන්න ඕන. එහෙම කිව්ව ම අර සර්පයන් මට දෂ්ට කරන්න එනවා. මේ සර්පයන් ඇතැම් විට කියනව ඔවුන් මගේ ශිෂ්‍යයන් කියලා. එහෙම එකක් නැහැ. මට ශිෂ්‍යයන් කවුරුන්වත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව මා ගුරුවරයකු නොවීම. 

Wednesday, 13 March 2019

බැසිලිකාව හා පඬියන් සංධානයට වැට බැඳීම


බැසිලිකාව හා පඬියන් සංධානයට වැට බැඳීම



මහා දාර්ශනිකයාටත් තවත් දාර්ශනිකයන්ටත් මහාචාර්යවරුන්ටත් තවත් පඬියන්ටත් වීජ ගණිත ප්‍රශ්නයක් ඇති වෙලා. මා නම් දන්නා විජ ගණිතයක් නැහැ. මහා දාර්ශනිකයා උගන්වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක. ඒකෙ වෛද්‍ය පීඨයක් නැති නිසා කෙකරගාමීන් ඒකට විරුද්ධ ව මොකුත් කරන්නේ නැහැ. මෙරට පෞද්ගලික විශ්වවිිද්‍යාලවලට ඊනියා සමාජවාදීන් විරුද්ධ වන්නේ ඒවාහි බටහිර වෛද්‍ය විද්‍යාව ඉගැන්වුවොත් පමණයි. ඒ විරෝධය පිටුපස ඇත්තේ බටහිර වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යෑම සඳහා වෛද්‍යවරුන් පුහුණු කිරීම සීමා කිරීමයි. බටහිර වෛද්‍යවරුන් ද ඊනියා සමාජවාදීන් ද සිසුන් නේපාලයේ හරි වෙනත් රටක හරි වෛද්‍ය පීඨයක ඉගෙන ඇවිත් මෙහි බටහිර වෛද්‍යවරුන් ලෙස ලියා පදිංචි වීමට විරුද්ධ නැහැ. ඔවුන් විරුද්ධ වන්නේ මෙරට පෞද්ගලික ව සිය ගණනන් බටහිර වෛද්‍යවරුන් පුහුණු කරන්නේ නම් පමණයි.

Friday, 13 April 2018

සංධානයට වචනයක්


සංධානයට වචනයක්



ආණ්ඩුවේ ඇමතිවරු දහසය දෙනකු අස්වෙලා. ජනාධිපති එ අස්වීම් පිළිගෙන. මෛත්‍රිපාල කණ්ඩායමේ අනෙක් අය තවමත් ආණ්ඩුවේ. ඔවුන්ට තවත් තනතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. වැදගත් ම දෙන්නා වන අමරවීර හා දුමින්ද දිසානායක තවමත් ආණ්ඩුවේ.ඔවුන් වැදගත් වන්නේ ඔවුන්ගේ චරිතයෙහි හරි පෞද්ගලිකත්වයෙහි හරි වැදගත්කමක් නිසා නො වෙයි. ඔවුන් වැදගත් වන්නේ ඔවුන් දරණ තනතුරු නිසා මිස වෙනත් කිසිම හේතුවක් නිසා නො වෙයි.