Main Logo

Showing posts with label Sajith. Show all posts
Showing posts with label Sajith. Show all posts

Saturday, 1 August 2020

කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්

පොදු ජන එක්සත් නිදහස් සංධානය තනි පක්‍ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවාවි. තුනෙන් දෙක ලැබුණත් නැතත් එය විශාල ජයග්‍රහණයක්. 1994 මැතිවරණයේ දී චන්ද්‍රිකාගේ නායකත්වයෙනුත් ලබා ගත හැකි වූයේ ආසන 105 ක් පමණයි. ඒ දහහත් අවුරුදු එ ජා ප ශාපයෙනුත් පසුව. ඒ කුමක් වුණත් පොදු ජන පෙරමුණේ ඇතැම් නායකයන් ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව කරන ප්‍රකාශ ගැන නම් කිව හැක්කේ ඒවා දේශපාලන කුපාඩි කියමන් බව පමණයි. 

Wednesday, 29 July 2020

මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු.

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු. 

2020 මහා මැතිවරණයට තව ඇත්තේ හරියට ම සතියයි. විවිධ බලපෑම් මැද මැතිවරණය කල් දමා ගැනීමට අවලංගු කරවා ගැනීමට දැරූ සියලු උත්සාහයන් පරාජය වී මැතිවරණය පැවැත්වෙනවා. මා කල් ඇතිව ම සිතා සිටි ආකාරයට ම මැතිවරණය පැවැත්වෙන්නේ නුවර පෙරහැර කාලයේ. එසේ නොවන්නටත් ඉඩ තිබුණා. එහෙත් අවසානයේ දී එසේ වෙන්න යනවා. 

Friday, 17 July 2020

ජාතිකත්වය ජයග්‍රහණය කරවමු

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




ජාතිකත්වය ජයග්‍රහණය කරවමු

මැතිවරණ කොමිසම නාහෙන් අඬන සෞඛ්‍ය නීති රීති අඩංගු ගැසට් නිවේදනය හෙට අනිද්දා  පිටවෙනවා කියනවා. ඉන් පසුව මැතිවරණ කොමිසම මොකක් කියයි ද දන්නෙ නැහැ. මැතිවරණය කල් දමා ගැනීමට වුවමනා රනිල් සජිත් අනුර ත්‍රිත්වයට පමණක් නො වෙයි. ඔවුන් නායකත්වය දෙන පක්‍ෂ තුනෙන් එකක්වත් ජාතිකවාදී පක්‍ෂ නො වෙයි. ඔවුන්ට ඇත්තේ විජාතික දර්ශන මතවාද ප්‍රතිපත්ති ආදිය. 

Friday, 19 June 2020

මංගලගේ විජාතිකත්වය

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9






මංගලගේ විජාතිකත්වය  

මංගල සමරවීර සහ තවත් කිහිප දෙනකු සජිත්ගේ නායකත්වයෙන් ඇති සමගි ජන බලව්ගයෙන් ඉවත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් කියල මැතිවරණ නිරීක්‍ෂකයන් පවසනවා. මේ මැතිවරණ නිරීක්‍ෂකයන් කියන්නෙ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පිරිසක්. ඔවුන් තමන්ට මුදල් ලැබෙන්නෙ කොහෙන්ද කියන එක පළමුවෙන් ම කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයට කොහොම වෙතත් රටට හොඳයි. ආණ්ඩුව හැම රාජ්‍ය නොවන සංවිධානයක්  ගැන ම සෙවිල්ලෙන් ඉන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කුලියට සේවය කරන්නන් අවසාන වශයෙන් ගත් කල බටහිර කුලීකරුවන්. රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් ගැන ම කියන්න තියෙන්නෙ මේ කුලීකාර කතාව පමණයි.

Sunday, 10 May 2020

අභිනව පාර්ලිමේන්තුව හා මාස තුන

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 




අභිනව පාර්ලිමේන්තුව හා මාස තුන

මේ රටේ තරම් කුහක දුර්දාන්ත අදමිටු විපක්‍ෂයක් තවත් කොහේවත් ඇතැයි කියල හිතන්න බැහැ. විපක්‍ෂය සජිත්ගෙ නායකත්වයෙන් නැවතත් උසාවියට ගිහිල්ල. එකක් කල් ඉකුත් වූ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා ගැනීමේ අරමුණින්. අනෙක ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස පත්වීම අවලංගු කර ගැනීමේ අරමුණින්. විපක්‍ෂය කොවිඩ් මැඩීමට ආණ්ඩුවට ආධාර කරන්නේ නැහැ. වගකිව යුතු විපක්‍ෂයක් නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවක් නැති අවස්ථාවක වෙනත් ආකාරයකින් හරි ආධාර කරන්න. එහෙත් ඔවුන් එයට සූදානම් නැහැ. අගමැති මහින්ද රාජපක්‍ෂ සියලු හිටපු (2015 පාර්ලිමේන්තුව පමණක් නො වේ) මන්ත්‍රින් කැඳවූ අවස්ථාවෙ සජිත්ලා අනුරලා එයට ගියේ නැහැ. සුමන්තිරන්ටත් වැඩියෙන් ඕන කළේ දෙමළ ජනතාවගෙ ඊනියා ප්‍රශ්න කතා කරන්න. 

Thursday, 16 April 2020

කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම

  සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම 



අද විපක්‍ෂයට ඇත්තේ එක ම එක වුවමනාවක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාව, පරමාධිපත්‍යය  ආදී මොන වචන කිවුවත්  ඔවුන්ට අවශ්‍ය පරණ පාර්ලිමෙන්තුව  නැවත කැඳවා ගැනීමත් එය අගෝස්තු මාසය තෙක් පවත්වාගෙන යෑමත්. සජිත්ගේ පක්‍ෂයටත් රනිල්ගේ පක්‍ෂයටත් රනිල්දාසගේ පක්‍ෂයටත් හකීම්ගේ පක්‍ෂයටත් බද්‍යුද්දීන්ගේ පක්‍ෂයටත් සුමන්තිරන්ගේ පක්‍ෂයටත් අවශ්‍ය එක ම දේ එයයි. එ සඳහා ඔවුන් නොකරන දෙයක් නැහැ. මැතිවරණ කොමිසමට ලියුම් යවනවා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා. ඒත් වැඩක් නැහැ. 

Friday, 27 March 2020

Covid and insanity

     සිංහල ලිත් ඉලක්කම්


This article is from Science News (26 March 2020) published by the American Association for the
Advancement of Science. You can make a decision as to where insanity is. Remember Sajith and 
Plaquenil.





‘This is insane!’ Many scientists lament Trump’s embrace of risky
malaria drugs for coronavirus

By Charles PillerMar. 26, 2020 , 11:30 AM

When President Donald Trump recently touted the common malaria treatments hydroxychloroquine
and chloroquine as potential remedies for coronavirus disease 2019 (COVID-19), he ignited
unprecedented demand for the drugs—and set scientists’ teeth on edge. Although the World Health
Organization (WHO) agrees the compounds are worth testing more fully on the pandemic
coronavirus, few drug or infectious disease experts—not even the president’s own advisers—share
his optimism that the drugs could become “one of the biggest game changers in the history of
medicine,” as he tweeted. And many are critical of the small French clinical study of just 42 patients
that seems to have touched off most of the excitement.

Sunday, 22 March 2020

කොවිඩ් දේශපාලනය

        සිංහල ලිත් ඉලක්කම් 


කොවිඩ් දේශපාලනය



කොවිඩ් 19 දේශපාලනයෙන් වෙන් වන්නේ නැහැ. හැමෝ ම වගේ කොවිඩ් මගිනුත් දේශපාලනයක් කරනවා. මා කතා කරන්නේ වජිර අබේවර්ධන ගැන පමණක් නො වෙයි. මුහුණු පොතේ පඬි නැට්ටන් කරන්නේත් දේශපාලනයක්. මාත් දේශපාලනයක් කරනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව මා කොවිඩ් 19 මගිනුත් කියනවා. තවත් දේත් කියනවා. 

Thursday, 19 March 2020

කොවිඩ් හොඳ පරිප්පුවක් කර ගන්නවා ද?

   සිංහල ලිත් ඉලක්කම්


 කොවිඩ් හොඳ පරිප්පුවක් කර ගන්නවා ද?



ටිල්වින් සිල්වාගේ වැදගත් ප්‍රකාශයක් ඊයේ දෙරණ මධ්‍යහ්න ප්‍රවෘත්ති ප්‍රචාරයේ කියැවුණා. එය මේ සබැඳියෙන් අහන්න පුළුවන්.  

https://youtu.be/eviABa6xtUY?t=830. ටිල්වින් කියන දේ සාවධාන ව අසන්න. ඔහු  ජනාධිපති විවේචනය කරමින් කියන්නේ  මේ අවස්ථාවේ ඡන්දය කල්දාන්නෙ නැත, එහෙම කළොත් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න වෙනවා කියන එක. ජනාධිපති එය නොකරන බවයි ඔහු කියන්නෙ. ටිල්වින්ට පාර්ලිමේන්තුව නැවත කැඳවන්න අවශ්‍ය ද? ඔහු පාර්ලිමේන්තුවේ නැති නිසා ඒක තරමක පශ්නයක් වෙන්නත් පුළුවන්. 

Friday, 6 March 2020

නව දේශපාලනයක්

   සිංහල ලිත් ඉලක්කම් 


නව දේශපාලනයක්


අද මෙරට දේශපාලනයේ ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය ක්‍රමයෙන් නැති වී ගෙන යනවා. ශ්‍රී ල නි පක්‍ෂය මරා දමනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන විසින් නොවේ. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වීමට කරුණු සැලසූ අය එයට වග කියන්න ඕන. එයින් කියැවෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමට කටයුතු කෙළේ ඒ පිරිස බවයි. සිරිසේනත් සමග යම් පිරිසක් යහපාලනයට ගියා. ඔවුන් යහපාලන දින සියයේ ආණ්ඩුවේ ඇමතිකම් ගත්තා ද නැත් ද යන්න ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රසන්න රණතුංගත් යහපාලන මුල් ම කාලයේ සිරිසේනට ගෑවී සිටියේ. ඔහු අද කියනවා සිරිසේනට ගෑවී සිටි කිසිම අයකුට ඡන්දය නොදිය යුතු බව. ඒකත් හොඳ කියමනක්. 

Tuesday, 14 January 2020

කොඩි එසවීම හා රන්ජන් බැස්සීම

 සිංහල ලිත් ඉලක්කම්


කොඩි එසවීම හා රන්ජන් බැස්සීම



විපක්‍ෂ නායක කාර්යාලය වටා බෞද්ධ කොඩි හිටවලා කියලා ප්‍රවෘත්තියක් පළ  වුණා. ඒ විශේෂ උත්සවයක් සඳහා නො වෙයි. ඉන් පැහැදිලි වන්නේ විපක්‍ෂ නායක කාර්යාලය පන්සලක් කියන එක ද?  පන්සල්වල නම් බෞද්ධ කොඩි ලෙළ දීමට සලස්සනවා. එහෙත් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ ගිහියන් එහෙම බෞද්ධ කොඩි ඔසවන්නේ නැහැ. සමහර විට සජිත් අලුත් සම්ප්‍රදායක් අරඹනවා ද දන්නේ නැහැ.

Wednesday, 1 January 2020

තිස්ස අත්තනායකගේ තර්කය


     සිංහල ලිත් ඉලක්කම්



  • තිස්ස අත්තනායකගේ තර්කය

තිස්ස අත්තනායක කියන්නෙ කෘතහස්ත දේශපාලනඥයෙක්. ඔහුට තම පක්‍ෂයෙ යම් යම් ප්‍රශ්න තිබුණු බව බොහෝ දෙනා දැන සිටියා. කෘතහස්ත අත්තනායක දේශපාලනයෙ වැඩිය දකින්න හිටියෙ නැහැ. ඒත් සජිතාගමනයත් එක්ක අත්තනායකත් වැඩට බැස්සා. සජිතාගමනය අවගමනයක් වුණා. ඒත් කෘතහස්ත අත්තනායක තර්කයක් ඉදිරිපත් කරලා.

Friday, 6 December 2019

එ ජා ප බෝන් අගේන් ජයග්‍රහණය

        සිංහල ලිත් ඉලක්කම් 


එ ජා ප බෝන්  අගේන් ජයග්‍රහණය

එ ජා පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායක ලෙස තෝරා ගෙන. කලින් ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තා. රනිල් මේ එකකටවත් කැමති නැහැ. එහෙත් ඔහු පසුව සජිත්ට ජනාධිපතිවරණයෙ දි ආධාර කළා. ඒ බටහිරයන්ගේ කීමට. බටහිරයන්ට ගෝඨාභය දිනනවා දකින්න වුවමනාවක් තිබුණෙ නැහැ. බැසිල්ටත් මුල දි ගෝඨාභය දිනවන්න වුවමනාවක් තිබුණෙ නැහැ. පහුගිය ජනාධිපතිවරණය මුල් කාලයෙ මා එය හැඳින්නුවෙ පරාජය කිරීමේ සටනක් ලෙස. 

Thursday, 5 December 2019

බටහිරයන්, සිංහල නැගිටීම හා චිත්‍ර

        සිංහල ලිත් ඉලක්කම්


 බටහිරයන්, සිංහල නැගිටීම හා චිත්‍ර 



එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශයේ ලංකාව රාජ්‍ය දෙකකට කැඩීමක් ගැන කියැවෙනවා. උදය ගම්මන්පිල ඒ ගැන කියා තිබුණා.  ඒ පිළිබඳ ව ලන්ඩනයේ ලංකා මහා කොමසාරිස්වරිය කලින් ම  පැමිණිල්ලක් කරල තියෙනවා. එවිට කොන්සර්වටිව් පක්‍ෂය කියා තියෙන්නෙ රාජ්‍ය දෙකේ කතාව ලංකාවට අදාළ නැත එය ඊනියා මැද පෙරදිගට පමණක් අදාළ බවයි. අපි කොන්සර්වෙටිව් පක්‍ෂයේ  මැතිවරණ ප්‍රකාශයේ අදාළ කොටස උපුටා දක්වමු.  "We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution."මෙහි කියන දෙය ඉතා පැහැදිලියි. සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග වැනි ගැටුම් කලාපවල රාජ්‍ය දෙකක් සඳහා වූ තම ප්‍රතිපත්තිය පවත්වා ගෙන යන බව සඳහන් වෙනවා. මෙහි අවසන් කොමාව තිබෙන්නේ Middle East යන වචනවලට පසුව. එවිට රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්නේ සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග සම්බන්ධයෙන්. කොන්සර්වෙටිව් පක්‍ෂයට රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය ඊනියා මැද පෙරදිගට (මෙය බටහිර ආසියාව විය යුතුයි. මැද පෙරදිගක් ඇත්තේ යුරෝපයට සාපේක්‍ෂව) පමණක් සීමා කළ යුතුව තිබිණි නම් කොමාව යොදන්න තිබුණෙ Sri Lanka යන්නට පසුව and යන්නට කලින්. කොන්සර්වෙටිව් පක්‍ෂයට කොමාව වැරදිලා ද? නැත්නම් අපට කොකා පෙන්නනවා ද? 

Monday, 2 December 2019

සජිත් බැසිල් ආදී පරාජිතයෝ

 සිංහල ලිත් ඉලක්කම්



සජිත් බැසිල් ආදී පරාජිතයෝ 
ජනාධිපතිවරණයෙන් පරාජය වුනෙ සජිත් පමණක් නො වෙයි. බැසිලුත් පරාදයි. ප්‍රධාන වශයෙන් ම බැසිල් හා ඔහුගෙ අනුගාමිකයන් තමයි සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය දිනන්න බැහැ කිවුවෙ. එපමණක් නොවෙයි ඔවුන් මුලින් ගෝඨාභයට විරුද්ධ වුනා. එහෙත් අද ඔවුන් තමයි ජයග්‍රහණයට උරුමකම් කියන්න මුලින් ම ඉදිරිපත් වෙන්නෙ. මා දැක්කා මේ කණ්ඩායමේ කිහිප දෙනෙක් කියල තියෙනවා මොන ගිවිසුම් තිබුණත් මැතිවරණයේ දී ඉදිරිපත් වන්නේ පොහොට්ටුවෙන් කියල. ඔවුන්ට අනුව බැසිල් තමයි පොහොට්ටුව නිර්මාණය කළෙ.

Friday, 29 November 2019

ස්විස් හුටපටේ

                  සිංහල ලිත් ඉලක්කම්





ස්විස්  හුටපටේ



මේ කෙටි ලිපිය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් ඊනියා පැහැර ගැනීමකට ලක් වීම සම්බන්ධවයි. මෙරට බටහිර තානාපති කාර්යාලවල සේවය කරන්නන්ගේ දෙමළ අනුපාතය ලංකාවේ ජනගහනයේ දෙමළ අනුපාතයට වැඩි යැයි මා විශ්වාස කරනවා. එබැවින් අදාළ කාන්තාව දෙමළ ද යන සැකය මතුවෙනවා. මෙය තාවකාලික පැහැර ගැනීමක්. පැය දෙකක් පමණ කාලයකට පැහැර ගෙන තියෙන්නෙ.

Saturday, 23 November 2019

සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ

      සිංහල ලිත් ඉලක්කම්


සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ



ඉතා පැහැදිලි ව සිංහල බෞද්ධ ජාතිකත්වය පසුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක කවදාටත් වඩා අද තහවුරු වෙලා. මේ ගැන විවිධ පඬියන් විවිධ කතා කියනවා. ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන අය කියන්නේ තම තමන් නිසා ඒ තත්වය ඇතිවෙලා කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. ජනමාධ්‍යයෙහිත් ප්‍රචාරය වන්නේ ඒ අයගෙ කතා. ඒ නිසා ජනතාවත් දන්නේ ඔවුන් ගැන. මා නම් මේ තත්වය ඇති වීමට කිසිම අයුරකින් දායක වී නැහැ. මගේ අදහස් ප්‍රචාරය කිරීමට ජනමාධ්‍ය උපකාර කෙළේ නැහැ. උපකාර කරන්නෙත් නැහැ. ඔවුන් බටහිර දැනුමේ දාසයෙන්. මේ ලිපි පළවන්නේ කාලය බ්ලොග් අඩවියෙහි පමණයි. මා මේ ලිපි ලිවීම ඉක්මනින් ම නතර කරනවා. දැන් ජාතික ව්‍යාපරයෙහි ද විවිධ පඬියන් ඉන්නවා. ඔවුන්ට ප්‍රතිවාදීන්ට මුහුණ දෙන එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔවුන් පඬියන්. කොහොමටත් දෙසීයකට කියවන්න ලියන එකේ තේරුමක් නැහැ.

Sunday, 17 November 2019

ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද ජාතිවාද පරාජය කරමු



ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද  ජාතිවාද පරාජය කරමු



ඡන්ද ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතිනවා. මේ මොහොතේ දී (උදේ අටට පමණ) නම් ඉදිරියෙන් ඉන්නේ සජිත්. ඒත් අවසානයේ දී ගෝඨාභය දිනාවි. ඡන්ද ප්‍රතිඵල සියල්ල නිල වශයෙන් පිට වූ පසු විශේලේෂණයක් ඉදිරිපත් කරනවා.

Wednesday, 13 November 2019

සජිත්ගේ හා ගෝලයන්ගේ වික්‍රමයක්

   සිංහල ලිත් ඉලක්කම්

සජිත්ගේ හා ගෝලයන්ගේ වික්‍රමයක්


සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහලෙන් හා ඉංගිරිසියෙන් ඇත්තේ එක ම දෙයක් නො වේ. විශේෂයෙන් ම ඒකීය රාජ්‍යය පිළිබඳ ව කියා නොකියා ඇති දේ අපි සලකා බලමු. සිංහල ප්‍රකාශයේ තියෙන්නෙ මෙහෙමයි. අපි පළමු ව සිංහලෙන් ඇති දේ සලකා බලමු. එහි  මේ කොටස් තියෙනවා.  

Friday, 8 November 2019

ඉන්දියානු විසදුම

        සිංහල ලිත් ඉලක්කම්



ඉන්දියානු විස දුම 



ඉන්දියාවෙන් ලංකාවට විෂ ධූමයක් හෙවත් විස දුමක් ඇවිල්ලා. ඒකෙන් කිහිප දෙනකු ලෙඩ වේවි. දින කිහිපයකින් පසු එය නැති වේවි. එහෙත් ඊට වඩා විස දුමක් (ඊනියා විසඳුමක්) දින කිහිපයකට කලින් ලංකාවට ආවා. ඒ විස දුම හරිගියොත් ලංකාව ම ලෙඩ වී මරණයට පත් වේවි. ඉන්දියාවෙන් විස දුම් එන්නෙ විසඳුම් හැටියට. විශේෂයෙන් ම රෝ සංවිධානයෙන්. රෝ නැති වුවත්  ඒක අද ඊයේ නොවෙයි අවුරුදු දහස් ගණනක් තිස්සෙ එන එකක්. අප එම්සීසී ගිවිසුම ගැන කතා කරනවා. එයට විරුද්ධ වෙනවා. එයත් මූලික වශයෙන් රට බෙදීමක් සඳහා ගන්නා තැතක් බව මා කියා ඇති. එම්සීසී ගිිවිසුම අත්සන් කිරීම තාවකාලික ව වුවත් නතර කර ගැනීම දේශප්‍රේමීන් ලැබූ ජයග්‍රහණයක් වගේ ම පරාජයක්. අර උපවාසය නතර කළ ආකාරය ගැන මගේ පැහැදීමක් නැහැ. ආණ්ඩුව හාමුදුරුවන්ගෙ උපවාසය අවසානයේ දී ඩැහැ ගත්තා. මා එසේ කීම ගැන බොහෝ දෙනා අසතුටු වන්න පුළුවන්. ඒකට මට කරන්න දෙයක් නැහැ.