Main Logo

Showing posts with label X Group. Show all posts
Showing posts with label X Group. Show all posts

Friday, 10 July 2020

දහනවය හා ඉන්ඩො

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





දහනවය හා ඉන්ඩො

ජාවඩ් යුසුෆ් කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ සාමාජිකයෙක්. ඔහු දහනවවැනි සංශෝධනය තියා ගන්න ඕන කියනවා. එපමණක් නොවෙයි ඔහු පොදුජන පෙරමුණට විරුද්ධ ව කතා කරනවා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඊනියා ස්වාධීන කොමිසන් සභා කිහිපයක් පිහිටුවා තියෙනවා. ඒවාට සාමාජිකයන් පත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන්. මැතිවරණ කොමිසම ද ඉන් එක් කොමිසන් සභාවක්. ඒ වගේ ම විනිසුරුවන්ගේ පත්වීම් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරියට එන්න ඕන. 

Thursday, 9 July 2020

විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9







විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම 

පසුගාමී ලොක්කකු (ප්‍රධාන සහෝදරයකු) කලකට පෙර ක්වොන්ටම් භෞතිකය ගැන දේශනයක් කළා. ඒක අහන්න පඬියන්ගේ ඉහළ ම බුද්ධිමතකු වූ කාලෝ ෆොන්සේකා ද ගොස් තිබුණා. මේ ලොක්කාට (කාලෝට නො වෙයි) අනුව ක්වොන්ටම් භෞතිකයේත් ගම්‍යතාව හා පිහිටුම සමගාමී ව දැන ගන්න පුළුවන්. කොවුර්ගේ අනුගාමිකයකු වූ කාලෝටත් ඒව ඇත්ත. මේ අය බටහිර විද්‍යාව සම්බන්ධයෙනුත් ජීවත් වූයේ/ජීවත් වන්නේ දහනවවැනි සිය වසේ. පඬි නැට්ටකුට හිතෙන්න පුළුවන් මා බටහිර විද්‍යාව අගය කරනවා කියා. පඬි නැට්ටන් තමන් අගය කරන දේවත් දන්නෙ නැහැ.

Friday, 19 June 2020

මංගලගේ විජාතිකත්වය

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9






මංගලගේ විජාතිකත්වය  

මංගල සමරවීර සහ තවත් කිහිප දෙනකු සජිත්ගේ නායකත්වයෙන් ඇති සමගි ජන බලව්ගයෙන් ඉවත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් කියල මැතිවරණ නිරීක්‍ෂකයන් පවසනවා. මේ මැතිවරණ නිරීක්‍ෂකයන් කියන්නෙ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පිරිසක්. ඔවුන් තමන්ට මුදල් ලැබෙන්නෙ කොහෙන්ද කියන එක පළමුවෙන් ම කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයට කොහොම වෙතත් රටට හොඳයි. ආණ්ඩුව හැම රාජ්‍ය නොවන සංවිධානයක්  ගැන ම සෙවිල්ලෙන් ඉන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කුලියට සේවය කරන්නන් අවසාන වශයෙන් ගත් කල බටහිර කුලීකරුවන්. රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් ගැන ම කියන්න තියෙන්නෙ මේ කුලීකාර කතාව පමණයි.

Sunday, 7 June 2020

සිංහල ජාතිකත්වය වම හා දෙමළ ජාතික සංධානය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9




සිංහල ජාතිකත්වය වම හා දෙමළ ජාතික සංධානය 

සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් එක්වන තරමට දෙමළ ජාතිවාදය (එය ජාතිවාදය නමින් හැඳින්වුව ද දෙමළ ජාතියක් තබා ජනවර්ගයක්වත් නැහැ) හා මුස්ලිම් අන්තවාදය මෙරටින් නැති කරන්න පුළුවන්. සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් දේශපාලනික ව අනාථයන් බවට පත් ව සිටි සමයක බණ්ඩාරනායක රාජපක්‍ෂ ආදීන් එ ජා පක්‍ෂයෙන් කැඩී ඒමෙන් පසුව සිංහල ජාතිකත්ව පක්‍ෂයක ආරම්භය සනිටුහන් වුණා. එහෙත් එය 1951ට වඩා 1952 දී මින්නේරිය අතුරු මැතිවරණය සමග සිදු වූ දෙයක්. එතෙක් ලංකාවේ පැවතියේ ජාත්‍යන්තරවාදී පක්‍ෂ වූ සමසමාජ පක්‍ෂයත් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂයත්. ඒව බටහිර විවිධ ජාත්‍යන්තරවාදී මත අනුව සකස් වූ පක්‍ෂ.