Main Logo

Showing posts with label Believes. Show all posts
Showing posts with label Believes. Show all posts

Thursday, 9 July 2020

විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9







විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම 

පසුගාමී ලොක්කකු (ප්‍රධාන සහෝදරයකු) කලකට පෙර ක්වොන්ටම් භෞතිකය ගැන දේශනයක් කළා. ඒක අහන්න පඬියන්ගේ ඉහළ ම බුද්ධිමතකු වූ කාලෝ ෆොන්සේකා ද ගොස් තිබුණා. මේ ලොක්කාට (කාලෝට නො වෙයි) අනුව ක්වොන්ටම් භෞතිකයේත් ගම්‍යතාව හා පිහිටුම සමගාමී ව දැන ගන්න පුළුවන්. කොවුර්ගේ අනුගාමිකයකු වූ කාලෝටත් ඒව ඇත්ත. මේ අය බටහිර විද්‍යාව සම්බන්ධයෙනුත් ජීවත් වූයේ/ජීවත් වන්නේ දහනවවැනි සිය වසේ. පඬි නැට්ටකුට හිතෙන්න පුළුවන් මා බටහිර විද්‍යාව අගය කරනවා කියා. පඬි නැට්ටන් තමන් අගය කරන දේවත් දන්නෙ නැහැ.