Main Logo

Showing posts with label Peratugaameen. Show all posts
Showing posts with label Peratugaameen. Show all posts

Thursday, 9 July 2020

විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9







විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම 

පසුගාමී ලොක්කකු (ප්‍රධාන සහෝදරයකු) කලකට පෙර ක්වොන්ටම් භෞතිකය ගැන දේශනයක් කළා. ඒක අහන්න පඬියන්ගේ ඉහළ ම බුද්ධිමතකු වූ කාලෝ ෆොන්සේකා ද ගොස් තිබුණා. මේ ලොක්කාට (කාලෝට නො වෙයි) අනුව ක්වොන්ටම් භෞතිකයේත් ගම්‍යතාව හා පිහිටුම සමගාමී ව දැන ගන්න පුළුවන්. කොවුර්ගේ අනුගාමිකයකු වූ කාලෝටත් ඒව ඇත්ත. මේ අය බටහිර විද්‍යාව සම්බන්ධයෙනුත් ජීවත් වූයේ/ජීවත් වන්නේ දහනවවැනි සිය වසේ. පඬි නැට්ටකුට හිතෙන්න පුළුවන් මා බටහිර විද්‍යාව අගය කරනවා කියා. පඬි නැට්ටන් තමන් අගය කරන දේවත් දන්නෙ නැහැ.

Thursday, 9 April 2020

පකිස්තානයෙත් අන්තවාදී ජමාත් වැඩ සටහනක්

  සිංහල ලිත් ඉලක්කම් 


පකිස්තානයෙත් අන්තවාදී ජමාත් වැඩ සටහනක්



පහත සඳහන් පුවත මයික්‍රොසොෆ්ට් නිවුස් වෙතින්. අන්තර්ජාල පහසුකම් ඇති අයකුට එය එහි ම කියවන්න පුළුවන්. මේ පුවත කරුණු කිහිපයක් නිසා අපට වැදගත් වෙනවා. දැනටමත් අප මලයාසියාවේ හා ඉන්දියාවේ පවත්වන ලද ඉස්ලාම් ආගමික වැඩ සටහන්වලට ගොස් ආපසු පැමිණි අය ගැන  සොයනවා. මෙහි සඳහන් අන්දමට පකිස්තානයේ පවත්වන ලද එවැනි ම වැඩ සටහනකට සහභාගි වූ විදේශීකයන්  3000 දෙනකු එහි රැඳී සිටිනවා. ඔවුන් අතර ලංකාවෙන් ගිය අය ද ඉන්නේ දැයි අප දන්නේ නැහැ. ඔවුන්ගෙන් කිහිප දෙනකුවත් දැනටමත් ලංකාවට ඇචිත් ද? 

Wednesday, 16 January 2019

වම හා වම


වම හා වම



පැරණි වම හා නව වම අතර ඇති මූලික වෙනස කුමක් ද? අද වමක් ගැන කතා කිරීම වැඩකට නැති දෙයක් වුවත් මෙය යම් ප්‍රමාණයකින් හෝ සාකච්ඡා කිරීම ඇතැමුනට වැදගත් යැයි සිතනවා. එය සිංහල සමාජයේ බෙදීම් ගැනත් යම් හැදෑරීමක් වෙනවා. නව වම කියන එකත් අද වයස අනුව මෙන් ම භාවිතයෙන් ද පැරණි වමක් වෙලා. ජ වි පෙ ආරම්භ වුණේ හැටේ දශකයේ අග භාගයේ කියා හිතන්න පුළුවන්. එහෙම ගත්තත් අද වන විට ජ වි පෙරමුණටත් අවුරුදු පනහක් පමණ වෙනචා. එහෙත් කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අද තියෙන්නෙ අනූවේ දශකයේ මුල්භාගයට පෙර තිබූ ජ වි පෙරමුණ ද කියා. පෙරටුගාමින් කියන්නෙ විශ්වවිද්‍යාලවලට සීමා වුණු පක්‍ෂයක්. ජ වි පෙරමුණෙන් බිහි වුණත් ඔවුන් භාවිතයෙන් පැරණි වමේ නෂ්ටාවශේෂයක් පමණයි.