Main Logo

Thursday 9 July 2020

විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9







විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම 

පසුගාමී ලොක්කකු (ප්‍රධාන සහෝදරයකු) කලකට පෙර ක්වොන්ටම් භෞතිකය ගැන දේශනයක් කළා. ඒක අහන්න පඬියන්ගේ ඉහළ ම බුද්ධිමතකු වූ කාලෝ ෆොන්සේකා ද ගොස් තිබුණා. මේ ලොක්කාට (කාලෝට නො වෙයි) අනුව ක්වොන්ටම් භෞතිකයේත් ගම්‍යතාව හා පිහිටුම සමගාමී ව දැන ගන්න පුළුවන්. කොවුර්ගේ අනුගාමිකයකු වූ කාලෝටත් ඒව ඇත්ත. මේ අය බටහිර විද්‍යාව සම්බන්ධයෙනුත් ජීවත් වූයේ/ජීවත් වන්නේ දහනවවැනි සිය වසේ. පඬි නැට්ටකුට හිතෙන්න පුළුවන් මා බටහිර විද්‍යාව අගය කරනවා කියා. පඬි නැට්ටන් තමන් අගය කරන දේවත් දන්නෙ නැහැ.

පඬි නැට්ටන්ගේ තේරුම් ගැනීමේ ශක්තිය ඇත්තේ ඉතා පහළ මට්ටමක. අපට ඒවට කරන්න දෙයක් නැහැ. රේඛීය චින්තනයේ විශ්වාසය මත පදනම් නොවන දැනුමක් නොමැති බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඔවුන්ගේ විශ්වාසය රේඛීය චින්තනයේ විශ්වාසය මත පදනම් නොවූ දැනුම් තියෙනවා කියා. එහෙත් ඒ සඳහා ඔවුන් උදාහරණයක් ඉදිරිපත් කරන්නේ නැහැ. 

දෙවියන් වහන්සේ, තර්කය, අනුභූතිය ආදිය විශ්වාසය මත පදනම් වෙන්නෙ. තර්කය හා අනුභූතිය මත පදනම් වන සෑම දැනුමක් ම අවසානයේ දී විශ්වාසය මත පදනම් වෙන්නෙ. අවසාන වශයෙන් මනස/ඉන්ද්‍රිය පද්ධතිය ගැන ඇති  විශ්වාසය මතයි පදනම් වෙන්නෙ. ඔවුන් ඉන්ද්‍රිය ගෝචර නොවන දේ විශ්වාස කරන්නෙ නැහැ. ඉන්ද්‍රිය ගැන තියෙන්නෙ එච්චර ම විශ්වාසයක්. හැබැයි ඉන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය වගේ බටහිර විද්‍යාවෙ සංකල්ප විශ්වාස කරනවා. ගුණදාස අමරසේකරත් එහෙමයි. ඔහු සසර පුනබ්භවය විශ්වාස කරන්නෙ නැහැ. 

ඒ කොහොම වුණත් පසුගාමීන් හරි කතාවක් කියල තියෙන්නෙ. එක් ප්‍රවෘත්තියකට අනුව  කොවිඩ් 19න් ලංකාවෙ මිය ගියෙ එකොළොස් දෙනකු වුණත් ලාංකිකයො තිස්ගාණක් ද කොච්චර ද මියගිහිල්ල කියල පසුගාමීන් කියනවා. ඔවුන් සසර විශ්වාස කරන්නෙ නැති එක හොඳට ගියා. නැත්තන් කියන්න තිබුණා ගිය ආත්මෙ ලාංකිකයො වෙලා හිටපු මෙච්චර ගාණක් මිය ගිහින් කියල. කොහොමද දැන ගන්නෙ කියල මගෙන් අහන්න එපා. 

ලංකාණ්ඩුච බොරු ගණන් හිලවු ඉදිරිපත් කර ජනතාව රැවටීම පිළිබඳ ව ජෙනීවා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් ළඟට යමු ද? ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට තියෙන්නෙ මානව අයිතියක්. ලංකාණ්ඩුව කොවිඩ් 19 නිසා මිය ගිය ලාංකිකයන් පිළිබඳ නිවැරදි ගණන් හිලවු ඉදිරිපත් කරල නැහැ. අඩු තරමෙන් මෙරට අධිකරණයටවත් යන්න ඕන. නීතිඥයකු හොයා ගන්න එක එච්චර අමාරු වෙන්න විධියක් නැහැ. ඔය මානව හිතවාදී නීතිඥවරු කී දෙනෙක් ඉන්නවා ද?  ඔවුන් ඉදිරිපත් වේවි. පාකියසෝති හොයල දෙයි. 

කවුරුවත් අහන්න ඕන නැහැ ඔය මිය ගිය ලාංකිකයන් හිටපු රටවල් අයිති වෙන්නෙ ලංකාවට ද කියල. ඒකෙන් වැඩක් නැහැ. රට ලංකාවට අයිති වුණත් නැතත් ලාංකිකයකු කොවිඩ් හැදිල මිය ගියොත් ලංකාණ්ඩුව වග කියන්න ඕන. ලංකාණ්ඩුව ඒ රටවල ඇති අපේ තානාපති කාර්යාලවලට හරියට උපදෙස් දීල නැහැ. පසුගාමින් බලයේ හිටිය නම් එහෙම වෙන්නෙ නැහැ. ලාංකිකයන් කිසිවකු ලෝකෙ කොහෙ හිටියත් මැරෙන්න ඉඩ තිියන්නෙ නැහැ. මා කිව්වෙ කොවිඩ් 19 නිසා. 

පඬියන් පසුගාමින් අගය කරනවා. ඔවුන් අගය කරන්නෙ ජ වි පෙ. පළමුව ජ වි පෙ දෙවනුව පසුගාමීන්. මේ වම විපක්‍ෂයකත්වත් විකල්පයක්වත් නොවෙයි විකාරයක්. ජාතිකත්වය හමුවේ කර ගියා ගන්න දෙයක් නැති තත්වයකට ඇද වැටී ඇති පඬියන් පඬි නැට්ටන් ඇතුළු වම මාලිමාවෙ පිහිටෙන් වම දකුණ හොයා ගන්න හදනවා. වමට මෙහෙම දෙයක් වෙයි කියල පිලිප්ලා එන් එම්ලා හිතන්න නැති ව ඇති. පිලිප් එන් එම්ලා අඩු තරමෙන් බුද්ධියක් තිබුණු අය. ඔය X කණ්ඩායමට සහ සකර්බර්ග් වමට හා ජ වි පෙ වම්මුන්ට මොන බුද්ධියක් ද? ඔවුන්ට සරල දෙයක් තේරුම් ගන්න බැහැ.  

අද ලෝකයේ ම වම ඔවුන් කියන ධනපති ක්‍රමය විසින් සමහර රටවල හීලෑ කෙරිලා, සමහර රටවල නැති කෙරිලා. අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඔය කියන ධනවාදයෙ ම එක් පාර්ශ්වයක්. ධනවාදයෙන් මිනිසුන්ට සහන ටිකක් ලබා දීම තමයි එක් පැත්තකින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් කෙරෙන්නෙ. අනෙක් පැත්තෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් තමයි බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍ය සංස්ථාපනයෙ ප්‍රධාන ම ආරක්‍ෂකයන්. ඒ කියන්නෙ ඔවුන් ධනවාදය ආරක්‍ෂා කරන බව. 

පසුගාමීන් හා තුන්සීයට තුනේ කට්ටිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් නො වෙයි. ඔවුන් විප්ලවවාදීන්, කොමියුනිස්ට්වාදීන්. ඔවුන් කීයටවත් ධනවාදය ආරක්‍ෂා කරන එකක් නැහැ. ඔවුන් කරන්නේ ජනතාවට විහිළු සැපයීම පමණයි. ඒකත් තව ටික කලකට පමණයි. පඬි නැට්ටන්ට සකර්බර්ග් එක්ක ඉන්න පුළුවන් කාලයත් සීමා වෙලා. විප්ලවය නැත්නම් මරණය. විප්ලවය එන පාටක් නැහැ. මරු විකල්ලෙන් විකාර කරනවා.