Main Logo

Sunday 26 July 2020

එලිසබෙත් රැජින එංගලන්තයේ ද බිරිතානියේ ද රාජධානියේ ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9


එලිසබෙත් රැජින එංගලන්තයේ ද බිරිතානියේ ද රාජධානියේ ද?

පඬියන්ට එක්සත් රාජධානියේ (United Kingdom)  වාසය කරන රටවැසියන් හැඳින්විය හැකි නමක් (නාම පදයක්) ලබා ගැනීම එතරම් පහසු වෙන එකක් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ (United States of America) රටවැසියන් හඳුන්වන්න නම් ඔවුන් නමක් හදාගෙන තියෙනවා. ඒ ඇමරිකානුවා යන්නයි. දැන් ඇමරිකානුවා කියන්නේ රටක රටවැසියකු ද නැත්නම් මහාද්වීපයක ස්ථිර පදිංචි කරුවකු ද? මහාද්වීපයක් රටක් නොවන නිසා එහි රටවැසියන්වත් රාජ්‍යයක්වත් නැහැ. පඬියකු ඕස්ත්‍රේලියාව ගැන ලියාවි. නවසීලන්තය ඕස්ත්‍රේලියා මහාද්වීපයට අයත් ද? එය දුපත් කිහිපයක්. ලංකාව ආසියා මහාද්වීපයට අයත් ද? අප දුපතක්. එංගලන්තය ඇතුළු බිරිතානිය යුරෝපා මහාද්වීපයට අයත් ද? කරුණාකර මහාද්වීපයක් අර්ථදක්වනවා ද? නිර්චනය කරනවා ද? අර්ථදැක්වීම හා නිර්වචනය යනු දෙකක් ද? ඒ දෙක ම එකම ඉංගිරිසි වචයකට දී ඇති සිංහල වචන.


ඇමරිකානු එක්සත් රාජ්‍යවල රටවැසියකුට ඇමරිකානුවා කියන්නේ කෙසේ ද? කැනඩාවේ රටවැසියකුටත් ඇමරිකානුවා කියා කියන්න පුළුවන් ද? මා මේ ප්‍රශ්න අසන්නේ පඬියන්ගෙන් පඬි පෝතකයන්ගෙන් හා පඬි නැට්ටන්ගෙන්. එක්සත් රාජධානිය සමන්විත වෙලා තියෙන්නෙ බිරිතානිය හා අයර්ලන්තයේ එකතුවෙන් (Union- සංගමයෙන්). බිරිතානිය කියන්නෙ වේල්සය, එංගලන්තය හා ස්කොට්ලන්තයෙ සංගමයක්. අප පාසලේ දී නවවැනි පංතියෙ දි (එය කණිෂ්ඨ පංතිය මෙන් ම සමහරුන්ට පූර්ව ජ්‍යෙෂ්ඨය ද වූවා) ඉංගිරිසි ඉතිහාසය හැදෑරුවා. ඉන් පසු මා ඉතිහාසය හදාරලා නැහැ. ඒත් මා ඉතිහාසය ගැන කියවනවා. ඊනියා ඉතිහාසඥයන් මා ඉතිහාසය ගැන ලියනවාට විරුද්ධ ද? 

සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න කාලයෙ මා හැදෑරුවෙ විශ්වයේ ඉතිහාසයත් සමගින් විශ්වවේදය (Cosmology). මගේ ගුරුතුමා (උපදේශකතුමා) වූ මහාචාර්ය විලියම් හන්ටර් මැක්රේ උතුරු අයර්ලන්ත සම්භවයක් ඇති අයෙක්. අප විශ්වයේ ඉතිහාසයට අමතර ව එක්සත් රාජධානියේ ඉතිහාසයත් සාකච්ඡා කළා. ඔහුත් විශ්වයේ ඉතිහාසය මන්දාකිණිවල ඉතිහාසය ආදිය හැරෙන්න වෙනත් ඉතිහාසයක් හදාරලා තිබුණේ නැහැ. ඔහු අයිරිෂ් ජාතිකයකු/ජනවාර්ගියකු ලෙස කිසි දිනක පෙනී සිටියේ නැහැ. ඔහු අවසන් කාලය ගත කෙළේ එංගලන්තය කියන කොටසේ බ්‍රයිට්න් නගරය කිට්ටුව ලුවිස් කියන ප්‍රදේශයෙ. ඔහු ඒ ප්‍රදේශයට ඇලුම් කෙළේ ඉංගිරිසියකු මෙන්. 

එංගලන්තය එක්සත් රාජධානියේ පමණක් නොව බිරිතානියේත් කොටසක් පමණයි. අද නිල වශයෙන් එංගලන්තය කියා රටක් රාජ්‍යයක් නැහැ. ඒත් ඉංගිරිසි භාෂාවක් තියෙනවා. අද එය ලෝකයේ ප්‍රධාන භාෂාව. මේ යන විධියට වැඩිකල් යන්න පෙර චීන භාෂාව ඒ තැන ගනීවි ද? චීන භාෂාව ඉගෙනීම වරදක් වන එකක් නැහැ. චීනය තවමත් භාෂාව පැතිරීම ගැන උනන්දුවක් දක්වන බවක් පේන්න නැහැ. අග්නිදග ආසියාවත් තවමත් ජාත්‍යන්තර භාෂාව ලෙස සලකන්නේ ඉංගිරිසියයි. ඒත් ආර්ථිකය නම් ප්‍රධාන වශයෙන් චීන. ලංකාවෙත් එහෙම වෙන්න පුළුවන්. අප පරෙස්සම් නූනොත් අවුරුදු පන්සීයකට පෙර පෘතුගීසීන්ට කොළඹ ලියා දුන් එකේ අනෙක සිද්ධ වෙන්න පුළුවන්. 

අපේ උගතුන්ගෙ සංස්කෘතිය වාම අදහස් නිසාත් වෙනස් වෙලා. මිනිසුන් වමට ඡන්දය දෙන්නෙ නැහැ. ඒත් අද ඇතැම් හාමුදුරුවරු කළු පටි බඳින තත්වයකට පත් වෙලා. වම හරහා අපට ආවේ ක්‍රිස්තියානි සංස්කෘතික ලක්‍ෂණ. කළු පටි ක්‍රිස්තියානි සංස්කෘතියට මිසක් බෞද්ධ සංස්කෘතියට අයත් නැහැ. මේ වාම අදහස් චීනයට වාසි සහගතයි. අපට අද වෙන දා නොතිබූ ප්‍රශ්න තියෙනවා. ඊනියා සභ්‍යත්ව රාජ්‍යය පිහිටුවීම කොහෙන් කෙළවර වෙයි ද දන්නෙ නැහැ. ගුණදාස අමරසේකර හා ඔහුගේ අනුගාමිකයන්ට මතක් කරන්න ඕන ඊනියා සභ්‍යත්ව රාජ්‍යය කියන එක චීන රාජ්‍යය හැඳින්වීමට යැක් නමැත්තකු හදා ගත් සංකල්පයක් බව. ගැමුණු කුමරු අවුරුදු දෙදහසකටත් පෙර ඇසුවාක් මෙන් අපට අසන්න සිදුවෙලා තියෙන්නෙ අප කෙසේ අත් පා දිග හරින්න ද කියා. ගැමුණු කුමරුට නොතිබූ ප්‍රශ්නයක් අපට තියෙනවා. අපි කෙසේ මනස දිග හරිමු ද? 

ඒ මොකක් වුණත් ඉංගිරිසි ජාතියක් තියෙනවා ද? එංගලන්තයේ අගමැති කෙනෙක් නැහැ. රැජනක්වත් නැහැ. ඒත් ඉන්නවා. ඩව්නිං වීදියෙ අංක 10 දරණ ස්ථානයට හරි බකිංන්ග්හැම් මාළිගාවට හරි ගිහින් බලන්න. මා කිව්වෙ පිටින් බලන්න. පේන සංස්කෘතිය ඉංගිරිසි ද බිරිතානි ද එහෙමත් නැත්නම් එක්සත් රාජධානි ද? අප ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රියයි. මියන්මාරයෙ වැසියන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ. අපට ක්‍රිකට් පුරුදු කෙළෙ කවුද? ඉංගිරිසින් ද බිරිතානින් ද එක්සත් රාජධානීන් ද (තවම හරි හමන් නමක් නැහැ)?

අර එම්සීසී (ගිවිසුම නොවෙයි) ක්‍රිකට් සමාජය ඉංගිරිසි ද බිරිතානි ද එක්සත් රාජධානි ද? මහින්දානන්දගෙන් අහන්න. කතාවක් තියෙනවා ක්‍රිකට් උපන්නෙ ප්‍රංශයෙ කියලා. එහෙම නම් ප්‍රශ්නයක් තමයි. ඉංගිරිසින් ඉඳලා ඉවරයි. ඒ මොකක් වුණත් ටෙස්ට් හා වෙනත් ආකාරවල ක්‍රිකට් තරගවලට සහභාගි වන්නෙ එංගලන්ත කණ්ඩායම් මිසක් බිරිතානි හරි එක්සත් රාජධානි හරි කණ්ඩායම් නො වෙයි. අවශ්‍ය අවස්ථාවල එම්සීසී කණ්ඩායම කියලත් කියනවා. 

රටක් රාජ්‍යයක් නොවුණට එංගලන්තයට හා ඉංගිරිසියට තවමත් ලෝකයේ විශාල බලයක් ආධිපත්‍යයක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන් ද?   

ජාතිය ජනවර්ගය, ජනවාර්ගිකත්වය ආදී සංකල්ප බටහිරට අලුත්. පඬියන් හිතන්නෙ අප බටහිර සංකල්පයක් වූ ජාතිය කියන එක සීමාකාරී ලෙස යොදා ගෙන මෙරට ඉන්න ජනවර්ග උප්පැන්න සහතිකයෙ ජාතිය කියන සංකල්පයෙන් අයින් කර තබනවා කියා. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කියන දේට මහා දාර්ශනිකායත් කැමැත්ත පළ කරනවා. පඬියන් හිතන්නේ අප බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කරමින් ම ඒ දැනුම යොදා ගන්නවා කියා. 

අප කිසි විටෙකත් බටහිර දැනුම තාක්‍ෂණය ප්‍රතික්‍ෂෙප කර නැහැ. එසේ ප්‍රතික්‍ෂෙප කර මේ ලිපිය ලියන්නවත් බැහැ. කොළඹ විශ්වවිිද්‍යාලයෙ ස්වාදීනයන්ට ප්‍රශ්නයක් වුණු එකල අලුත් වූ ජපන් කාරයෙන් යන්නත් බැහැ. ලිපිය පාඨකයන් අතට පත් කරන්නේත් බටහිර තාක්‍ෂණය යොදා ගෙන. ඒත් අප බටහිර දැනුම් ආධිපත්‍යයට  යට වන්නේ නැහැ. ජාතිය සම්බන්ධයෙන් අප බටහිර සංකල්ප යොදා ගන්නේවත් නැහැ. ඒ සංකල්ප එතරම් ම අවුල්. අප යොදා ගන්නේ බටහිරයන් ජාතික රාජ්‍යය, ජාතිය ජනවර්ගය ජනවාර්ගිකත්වය කියන අවුල් සංකල්ප යොදා ගැනීමට පෙර අපට තිබූ සංකල්ප. බටහිර සංකල්පවල ඇති පරස්පර පෙන්වීමේ දී අප බටහිර සංකල්ප යොදා ගන්නවා. ඒ කළ යුත්තේ එසේම බව පඬියන්ට තේරෙන්නේ නැහැ. අපේ සංකල්පවලට අපි පසුව එමු. 

බටහිර සංකල්පවල ඇති අවුල පහත සඳහන් නිර්වචනවලින් දැන ගත හැකියි. අපි ඉන් කිහිපයක් පසුව සලකා බලමු. දැනට නිර්වචන අතර ඇති පරස්පර දැන ගන්න. රේඛීය චින්තකයන් ජාතික රාජ්‍යය ජාතිය යන්නෙනුත් ජාතිය යන්න ජාතික රාජ්‍යය යන්නෙනුත් නිර්වචනය කරන රඟ දැක කලබල නොවන්න.  


ජාතික රාජ්‍යය - Nation State

  
(i)              A form of political organization under which a relatively homogeneous people inhabits a sovereign state especially a state containing one as opposed to several nationalities.

(ii)           political unit consisting of an autonomous state inhabited predominantly by a people sharing a common culture, history, and language.

(iii)    An independent state inhabited by all the people of one nation and one nation only

(iv)         A sovereign state inhabited by a fairly homogeneous group of people who share a feeling of common nationality.

(v)            A sovereign state of which most of the citizens or subjects are united also by factors which define a nation, such as language or common descent.

(vi)         ​A group of people with the same culture, language, etc. who have formed an independent country

(vii)      A group of people with the same culture, language, etc. who have formed an independent country

(viii)   an independent countryespecially when thought of as consisting of a single large group of people all sharing the same languagetraditions, and history 

j`wQy   - Nation   


(i)              A large body of people united by common descent, history, culture, or language, inhabiting a particular country or territory.

(ii)           A community of people composed of one or more nationalities and possessing a more or less defined territory

(iii)        A territorial division containing a body of people of one or more nationalities and usually characterized by relatively large size and independent status a nation of vast size with  a small population 


jnv`rQgQkw~vy - Nationality


(i)              A people having a common origin, tradition, and language and capable of forming or actually constituting a nation-state.

(ii)            an ethnic group constituting one element of a larger unit (such as a nation)