0 1 2 3 4 5 6 7 8 9
එලිසබෙත් රැජින එංගලන්තයේ ද බිරිතානියේ ද රාජධානියේ ද?
පඬියන්ට එක්සත් රාජධානියේ (United Kingdom) වාසය කරන රටවැසියන් හැඳින්විය හැකි නමක් (නාම පදයක්) ලබා ගැනීම එතරම් පහසු වෙන එකක් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ (United States of America) රටවැසියන් හඳුන්වන්න නම් ඔවුන් නමක් හදාගෙන තියෙනවා. ඒ ඇමරිකානුවා යන්නයි. දැන් ඇමරිකානුවා කියන්නේ රටක රටවැසියකු ද නැත්නම් මහාද්වීපයක ස්ථිර පදිංචි කරුවකු ද? මහාද්වීපයක් රටක් නොවන නිසා එහි රටවැසියන්වත් රාජ්‍යයක්වත් නැහැ. පඬියකු ඕස්ත්‍රේලියාව ගැන ලියාවි. නවසීලන්තය ඕස්ත්‍රේලියා මහාද්වීපයට අයත් ද? එය දුපත් කිහිපයක්. ලංකාව ආසියා මහාද්වීපයට අයත් ද? අප දුපතක්. එංගලන්තය ඇතුළු බිරිතානිය යුරෝපා මහාද්වීපයට අයත් ද? කරුණාකර මහාද්වීපයක් අර්ථදක්වනවා ද? නිර්චනය කරනවා ද? අර්ථදැක්වීම හා නිර්වචනය යනු දෙකක් ද? ඒ දෙක ම එකම ඉංගිරිසි වචයකට දී ඇති සිංහල වචන.