෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල
ලිත් ඉලක්කම්
0 1
2 3 4 5 6 7 8 9
සිංහල ජාතිකත්වය වම හා දෙමළ ජාතික සංධානය
සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් එක්වන තරමට දෙමළ ජාතිවාදය (එය ජාතිවාදය නමින් හැඳින්වුව ද දෙමළ ජාතියක් තබා ජනවර්ගයක්වත් නැහැ) හා මුස්ලිම් අන්තවාදය මෙරටින් නැති කරන්න පුළුවන්. සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් දේශපාලනික ව අනාථයන් බවට පත් ව සිටි සමයක බණ්ඩාරනායක රාජපක්‍ෂ ආදීන් එ ජා පක්‍ෂයෙන් කැඩී ඒමෙන් පසුව සිංහල ජාතිකත්ව පක්‍ෂයක ආරම්භය සනිටුහන් වුණා. එහෙත් එය 1951ට වඩා 1952 දී මින්නේරිය අතුරු මැතිවරණය සමග සිදු වූ දෙයක්. එතෙක් ලංකාවේ පැවතියේ ජාත්‍යන්තරවාදී පක්‍ෂ වූ සමසමාජ පක්‍ෂයත් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂයත්. ඒව බටහිර විවිධ ජාත්‍යන්තරවාදී මත අනුව සකස් වූ පක්‍ෂ.