Main Logo

Friday 6 December 2019

එ ජා ප බෝන් අගේන් ජයග්‍රහණය

        සිංහල ලිත් ඉලක්කම් 


එ ජා ප බෝන්  අගේන් ජයග්‍රහණය

එ ජා පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායක ලෙස තෝරා ගෙන. කලින් ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තා. රනිල් මේ එකකටවත් කැමති නැහැ. එහෙත් ඔහු පසුව සජිත්ට ජනාධිපතිවරණයෙ දි ආධාර කළා. ඒ බටහිරයන්ගේ කීමට. බටහිරයන්ට ගෝඨාභය දිනනවා දකින්න වුවමනාවක් තිබුණෙ නැහැ. බැසිල්ටත් මුල දි ගෝඨාභය දිනවන්න වුවමනාවක් තිබුණෙ නැහැ. පහුගිය ජනාධිපතිවරණය මුල් කාලයෙ මා එය හැඳින්නුවෙ පරාජය කිරීමේ සටනක් ලෙස. 


ගෝඨාභයට බැසිල්ට මෙන් නොව ජාතිකත්වයක් තියෙනවා. පොහොට්ටුවට තවමත් ජාතිකත්වයක් නැහැ. අදත් ජාතිකත්වයෙ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ල නි පක්‍ෂය. පොහොට්ටුවේ උද්ධච්ඡයන් අදත් බලන්නෙ බැසිල්ගෙ වුවමනාවට මහා මැතිවරණයෙ දි ගෝඨාභයට තුනෙන් දෙකක බහුතරයක් ලබා නොදීමට. පුටුවෙන් තරග කිරීමට ගිවිසුමක් තිබිය දී ඔවුන් පොහොට්ටුවෙන් තරග කරන්න ඉල්ලන්නෙ එකක් තම හිතවතුන් අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කරන්න. දෙක ඔවුන් නොදනිතත් ගොාඨාභයට තුනෙන් දෙකක බහුතරයක් නො දීමට. පුටුවෙන් තරග කළොත් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට ලොකු ඉඩක් තියෙනවා. පොහොට්ටුවෙන් තරග කළොත් අමාරුවෙන් ජයගන්න පුළුවන්. අපේ කඳවුරෙත් ජාතිකත්වය හා ස්මාට් ජාතිකත්වය නමින් පෙනී සිටින විජාතිකත්වය අතර අරගලයක් තියෙනවා. ස්මාට් ජාතිකවාදයෙ ඇති ජාතිකත්වයක් නැහැ. එය විජාතිකයි. 

අපට අද කතා කරන්න වෙන්නෙ සජිත් ගැන. ඔහු විපක්‍ෂ නායක වේවි. පක්‍ෂ නායකත්වය තීරණය කෙරෙන්නෙ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නොව එ ජා ප කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන්. ජනමාධ්‍යවේදීන් කියන පඬියන් දන්නෙ නැහැ ඒ ඒ තනතුරු සඳහා පුද්ගලයන් තෝරා ගන්නේ කිනම් මණ්ඩලයක ද කියා. ඔවුන් කිසි වැදගැම්මකට නැති ප්‍රශ්න අකිලගෙන් ඇහුවේ ඒ නිසයි. 

මෙරට දේශපාලනයේ විශාල වෙනසක් සිදුවෙමින් පවතිනවා. මහින්ද හා රනිල් ඒ බව ඉක්මනට තේරුම් ගන්නවා නම් හොඳයි. අද වන විට කිසිම ආකාරයක ඊනියා වාමාංශික දේශපාලනයකට රටේ ඉඩක් නැහැ. ජ වි පෙරමුණ පැරණි වාමාංශික පක්‍ෂ ගිය මග ඔස්සේ ම යාවි. ඒත් අනුර කුමාරට ආණ්ඩුකාර තනතුරක්වත් ලැබෙන එකක් නැහැ. පෙරටුගාමීන්ට අර තමන් මෙහෙයවන විශ්වවිද්‍යාලයීය  සිසු සිසුවියන්වත් ඡන්දය දී නැහැ. බය වෙන්න එපා. විප්ලවයට ඔවුන් අර වැඩක් නැති ආචාර්ය මහාචාර්යවරුත් එක්ක ම ඒවි. එවිට 6%ත් ගන්න පුළුවන් වේවි. සකර්බර්ග් නොවන්නට මේ පඬියන් උන්හිටි තැන්වත් හොයා ගන්න බැරි වෙන්න තිබුණා. ඔවුන්ට කිසිම අලුත් අදහසක් නැහැ. ඔවුන් හැමදාමත් කෙළෙ මෙරටට වලංගු නොවන බටහිර මතවාද අහුලා ගෙන පට්ටා ගැසීම පමණයි. 

අද ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ ජාතිකත්වය කෙමෙන් තහවුරු වෙමින් පවතිනවා. එහෙත් තවමත් බැසිල් හා මහින්ද එහි යම් බලයක් දරනවා. පොහොට්ටු උද්ධච්ඡයන්ට ශක්තියක් සපයන්නේ ඔවුන්. ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඒ කඩන්න බැහැ. අද මේ අයට අවශ්‍ය ජාතිකත්වය දිය කර හරින්න. එහෙත් එයට කිසිම ඉඩ කඩක් දිය යුතු නැහැ.

එ ජා පක්‍ෂය උපතින් ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. ඩී බී ධනපාල කී විධියට ඩී එස් සේනානායක සිංහල වන්න ඇති. නමුත් ඔහු දේශපාලනය කෙළෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියක. එ ජා ප උත්පත්තියෙන් ම සිංහල බෞද්ධ විරෝධී වුනා. අවුරුදු හැත්තෑපහකට පමණ පසු අද එ ජා පක්‍ෂයේ වෙනසක් සිදුුවෙමින් පවතිනවා. සමහර විට ඒ සිදු වී අවසන්. සජිත්ගේ ජයග්‍රහණයෙන්, විපක්‍ෂ නායක කමට පත් වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ එයයි. ඒත් ඒ සිංහල බෞද්ධ පැත්තකට නො වෙයි.

එ ජා පක්‍ෂයෙන් කැඩී ගිය ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක වැන්නන් හැදුවේ ද අුැංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ පක්‍ෂයක්. එයට වැඩි කල් පැවැත්මක තිබුණේ නැහැ. රාජාලියාට අහසින් බහින්න සිද්ධ වුනා. පහුගිය දා නවීන් දිසානායක කිව්වෙ ඒ ගැනයි. ඔහු බලා හිටියෙ සජිත්ගෙ කණ්ඩායම පක්‍ෂයෙන් අස් වන තුරු. එහෙම අස් වුනාම තම පියාට මෙන් ආපහු එන්න වෙන බව ඔහු දැන හිටියා. එවිට බල රහිත වෙලා. කරුණාරත්න ජයසූරියට (මාමණ්ඩියට) තාවකාලික ව පක්‍ෂ නායකත්වය දී පසුව එතැනට පැන ගැනීමේ සිහිනය ඔහු දුටුවා.

එහෙත් පාර්ලිමේන්තු කණ්ඩායමේ කැමැත්ත සජිත්ට. එය පිටුපස ඇත්තේ බෝන් අගේන් සංස්කෘතියේ දේශපාලනය. අද එ ජා පක්‍ෂයේ බෝන් අගේන් සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය පරදවලා. මා කියන්නෙ සජිත් බෝන් අගේන් කියලවත් කරුණාරත්න ජයසූරිය හා නවීන් දිසානායක ඇංග්ලිකන් ක්‍රිස්තියානි කියලවත් නො වෙයි. මා කියන්නේ එ ජා පක්‍ෂයේ දේශපාලනයේ බෝන් අගේන් සංස්කෘතිය අද ජයග්‍රහණය කර ඇති බව පමණයි. රනිල් වික්‍රමසිංහට වැඩි කාලයක් පක්‍ෂ නායකත්වයේ ඉන්න බැරි වේවි. ඇංග්ලිකන් ක්‍රිස්තියානි පක්‍ෂයක් ව තිබූ එ ජා පක්‍ෂය දැන් බෝන් අගේන් පක්‍ෂයක් වෙලා.

බෝන් අගේන් ආධිපත්‍යය ක්‍රිකට් ක්‍රීඩාවේ දකින්න තිබුණා. අද එය රටේ හැම ක්‍ෂෙත්‍රයක ම ව්‍යාප්ත වෙමින් තියෙනවා. රටේ තිබූ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය වෙනුවට බෝන් අගේන් සංස්කෘතික ආක්‍රමණයක් ඇති වේගෙන යනවා. වෙන කාට නැතත් කාදිනල්තුමාට ඒ බව තේරෙනවා. ඒ සංස්කෘතික ආක්‍රමණය අපේ කඳවුරෙත් දකින්න පුළුවන්. ගෝඨාභය ජයග්‍රහණය කෙළෙ සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ඡන්දවලින්. තවමත් කඳවුරේ ආධිපත්‍යය එ ජා පක්‍ෂයේ මෙන් බෝන් අගේන් කඳවුරට ගිහින් නැහැ. එහෙත් අප ඇහැ කණ පියා ගෙන හිටියොත් අපටත් ඒ දේ වෙන්න පුළුවන්. 

මෙරට සිංහල බෞද්ධ රටක් වුනත් මෙහි සිංහල බෞද්ධ රාජ්‍යයක් නැහැ. ඇතැම් හාමුදුරුවරුන්ටත් ඒ බව තේරෙන්නෙ නැහැ. මෙහි තවමත් ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. එකී භක්තිකයන් (මෙතෝදිස්ත ද සමග) ඉන්නේ සුළු පිරිසක් වෙන්න පුළුවන්. එහෙත් එංගලන්තය නිසා ඒ සංස්කෘතියට විශාල බලපෑමක් කරන්න පුළුවන්කම තිබුණා. එක්සත් ජාතික පක්‍ෂය දැන් ඇමරිකන් බෝන් අගේන් සංස්කෘතියට යට වෙලා. රනිල්ට දැන් ඇත්තේ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම පමණයි. 

අපේ කඳවුරේ බෝන් අගේන් සංස්කෘතික ආක්‍රමණය දැනට ඇ්ත්තේ සුළු වශයෙන්. එහෙත් එය පරාජය කළ යුතුයි. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවකින්වත් කපන්න බැරි තත්වයකට පත් කර නොගත යුතුයි. අප කඳවුරේ බෝන් අගේන් අය පරාජය කළ යුතුයි.