Main Logo

Monday 16 December 2019

කොන්සර්වෙටිව් ජයග්‍රහණයට මුහුණ දීම

  සිංහල ලිත් ඉලක්කම්


කොන්සර්වෙටිව් ජයග්‍රහණයට මුහුණ දීම



එංගලන්තයේ (එක්සත් රාජධානියේ) මැතිවරණය ගැන විවිධ මත පළ වෙනවා. කොන්සර්වෙටිව් පක්‍ෂය අද ජාතිකවාදී පක්‍ෂයක් හැටියට කටයුතු කරනවා. කොන්සර්වෙටිව් හා ලේබර් පක්‍ෂ ගත් කල ලේබර් හෙවත් කම්කරු පක්‍ෂය ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් ලෙස මෙරට දෙමළ ජාතිවාදයට වඩා ලැදියි. ඒ බව පහත සඳහන් ප්‍රකාශ දෙකෙන් පැහැදිලි වෙනවා. මා මේ ප්‍රකාශ කලිනුත් ඉදිරිපත් කර තිබෙනවා. ඊනියා මූලාශ්‍ර ඉල්ලන පඬියන් ද  ඒ ලිපිවලට ආපසු නොයන නිසා ඒ ප්‍රකාශ නැවතත් ඉදිරිපත් කරනවා. පළමුව ලේබර් පක්‍ෂයේ මුදල් අමාත්‍යාංශයේ කටයුතු බලන මැක්ඩොනල්ගෙන්.



"My name is John McDonnel. I am Labour’s Shadow Chancellor. Many of you will know that I, and Jeremy Corbyn, the leader of the Labour Party, have stood firmly on the side of the Tamil community as it experienced the brutal oppression in Sri Lanka and we believe it should be recognised as an attempt at genocide of the Tamils. The brutal oppression has continued with the military occupation of the Tamil homeland. We urge that the military are withdrawn. We believe that the Tamils have the right to a peaceful political solution, based upon the recognition of their human rights but also their right to self-determination as well. We believe that the British government has a specific role to play, both in terms of ensuring that our relationships with Sri Lanka, trading relationship in particular, are based on human rights but also on progress with the implementation of the UN’s resolution. We believe also that we have a role to ensure that our High Commission monitors human rights as particularly the election of the new president whose record, we have to say, presents us with real concerns and fears for the future. One of the aspects we are particularly concerned is the use of the Prevention of Terrorism Act against Tamils, to ensure that while basic rights of assembly and freedom of speech, particularly journalists, are no longer applicable. We believe that there should be a long-term political solution and let me make this absolutely clear. The Labour Party will always stand with the Tamil community, both in terms of supporting them here in this country and their families in their homeland. We stand with the Tamils.”
අපි කොන්සර්වෙටිව් පක්‍ෂයේ  මැතිවරණ ප්‍රකාශයේ අදාළ කොටස උපුටා දක්වමු. "We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution."

අප ඒ ගැන කිවුවේ මෙයයි.  “මෙහි කියන දෙය ඉතා පැහැදිලියි. සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග වැනි ගැටුම් කලාපවල රාජ්‍ය දෙකක් සඳහා වූ තම ප්‍රතිපත්තිය පවත්වා ගෙන යන බව සඳහන් වෙනවා. මෙහි අවසන් කොමාව තිබෙන්නේ Middle East  යන වචනවලට පසුව. එවිට රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්නේ සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග සම්බන්ධයෙන්. කොන්සර්වෙටිව් පක්‍ෂයට රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය ඊනියා මැද පෙරදිගට (මෙය බටහිර ආසියාව විය යුතුයි. මැද පෙරදිගක් ඇත්තේ යුරෝපයට සාපේක්‍ෂව) පමණක් සීමා කළ යුතුව තිබිණි නම් කොමාව යොදන්න තිබුණෙ Sri Lanka  යන්නට පසුව and යන්නට කලින්.” 

පසුව කොන්සර්වෙටිව් පක්‍ෂය කිවුවේ කොමාව වැරදි තැන යෙදී ඇති බවත් රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය අදාළ වන්නේ ඊනියා මැද පෙරදිගට පමණක් බවත්. අපි එය පිළිගනිමු. එහෙත් කොන්සර්වෙටිව් පක්‍ෂය මෙතෙක් වැඩ කර ඇත්තේ දෙමළ ජාතිවාදය ප්‍රවර්ධනය (මැතිවරණ කොමිසමට නැතිව ම බැරි වචනයක්) කිරීමට. ජොන්සන්  යග්‍රහණයෙන් පසු  එංගලන්තයේ දෙමළ ජනයාට තම ස්තුතිය පළ කර තිබෙනවා. 

එංගලන්තය තමයි දෙමළ ජාතිවාදය ඇති කෙළේ. අප එසේ කී විට එක් පඬි නැට්ටකු අප සමච්චලයට ලක් කරමින් අසා තිබුණා එහෙනම් එංගලන්තයට ගහමු ද කියා. පඬි නැට්ටන්ට මුහුණු පොත තියෙන තාක් ඕනෑම දෙයක් කියන්න පුළුවන්. 

මෙතැන ඇත්තේ එංගලන්තයට ගහන කතාවක් නො වෙයි. රාජ්‍ය තාන්ත්‍රික අකාරයකින් දෙමළ ජාතිවාදය දුර්වල කිරීම. අද දෙමළ ජාතිවාදය පවත්වා ගෙන යනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ම එංගලන්තය හා ඉන්දියාව විසින්. එංගලන්තයේ පාලක පක්‍ෂය ලෙස කොන්සර්වෙටිව් පක්‍ෂය දෙමළ ජතිවාදයට ආධාර කරාවි. එහෙත් අද ඒ පක්‍ෂය ජාතිකවාදී පක්‍ෂයක් බවට පත්වෙලා. අප ඒ් තත්වය ප්‍රයෝජනයට ගත යුතුයි.

එහෙත් අප අමතක නොකළ යුතුයි කොන්සර්වෙටිව් හිටපු අගමැතිවරයකු වූ ඩේවිඩ් කැමරන් වැඩ කළ ආකාරය. ඔහු ලංකාවට පැමිණ යාපනයටත් ගොස් දෙමළ ජාතිවාදය වෙනුවෙන් වැඩ කළා. ඔහු අපේ රටේ වැඩ කටයුතුවලට ඇඟිලි ගැසුවා. ඔහු එංගලන්ත අගමැති ලෙස ක්‍රියා කෙළේ 2010 සිට 2016 දක්වා. ඉන් වැඩි කලක් මෙරට ජනාධිපති ව සිටියේ මහින්ද රාජපක්‍ෂ. කෙසේ වෙතත් කැමරන්ගේ රිළා නැටුම් ඒ අයුරින් ම රඟ දක්වන්න බැරි වුනා. 

ජොන්සන්ට වඩා කෝබින් දෙමළ ජතිවාදයට පක්‍ෂයි. කෝබින් පැරදුණු එක හොඳයි. එහෙත් අප ජොන්සන් සමග කල්පනාකාරීව වැඩ කළ යුතුයි. ජොන්සන්ට අද දෙමළ ජාතිවාදයට වඩා ප්‍රශ්න තියෙනවා. බ්‍රෙක්සිට් තමයි මූලික ප්‍රශ්නය. කැමරන් මෙන් නොව ජොන්සන් බ්‍රෙක්සිට් වෙනුවෙන් වැඩ කරනවා. 2020 දෙසැම්බරයට පෙර එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ කෙසේ ද? එංගලන්තය ඒ සම්බන්ධයෙන් දෙවැනි ජනමත විචාරණයකට යා යුතු නැහැ. පසුගිය මැතිවරණය ජනමත විචාරණයක් වූවා. එහෙත් ඔහුට කම්කරු පක්‍ෂයේ ඊනියා ජාත්‍යන්තරවාදීන්ට මුහුණ දෙන්න සිදුවේවි. ඒ මදිවාට ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීමේ ප්‍රශ්නය ද උග්‍ර වේවි. 

එංගලන්තය දෙමළ ජාතිවාදයේ පියා වුවත් කැමරන් එළිපිට දෙමළ ජාතිවාදයට පක්‍ෂ වුවත් ජොන්සන්ට දෙමළ ජාතිවාදයට අනුග්‍රහ දැක්වීමට ඉඩ දිය යුතු නැහැ. අප නෙස්බි සාමිලා දුසිමක් ඇති කර ගත යුතුයි. එංගලන්තයේ වසන සිංහලයන්ට මෙහි දී විශාල කාර්යභාරයක් කිරීමට තිබෙනවා. අපට දැනට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට ඇත්තේ පළමුව එංගලන්තයේ දෙවනුව ඉන්දියාවේ. එහෙත් අප ලංකාවේ දෙමළ කතා කරන ජනයාට ඔවුන්ගේ ඊනියා නායකයන්ට පිටින් ගොස් සෘජුව කතා කරන්නේ නම් එංගලන්තයත් ඉන්දියාවත් අමතක කරන්න පුළුවන්.