Main Logo

Showing posts with label 24(3). Show all posts
Showing posts with label 24(3). Show all posts

Wednesday, 15 July 2020

මැතිවරණය හා කන්දකාඩු

෦  ෧   ෨   ෩   ෪   ෫   ෬  ෭   ෮  ෯

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9




මැතිවරණය හා කන්දකාඩු

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියා තිබෙනවා අපි අභියෝග ජයගන්නවා කියා. පහුගිය අවුරුදු කිහිපයෙහි ඒ මහතා හා හමුදාව ක්‍රියා කර ඇති ආකාරයට අපට ඒ ගැන විශ්වාසයක් තියෙනවා. අනාගතයට අයත් දේ ගැන අපට ඇත්තේ විශ්වාසයක් පමණයි. ඒ ඒ විශ්වාසවලට ඒ ඒ සම්භාවිතා ඇති. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ. අනාගතය ගැන අපට අනාවැකි කියන්න පුළුවන්. ඒ සම්භාවිතාවලට යටත් ව. අනාගතයක් ගැනත් අපට ඇත්තේ විශ්වාසයක්  පමණයි. 

Monday, 8 June 2020

සුමන්තිරන් නඩු හා මැතිවරණ දිනය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9






සුමන්තිරන් නඩු හා මැතිවරණ දිනය


වරක් කාලෝ ෆොන්සේකා සුපිරි වම්මුන්ගෙන් තරමක හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ශ්‍රී ල නි ප සමග හවුල් ආණ්ඩුවලට ගිය සමසමාජයට විප්ලවය කර ගන්න බැරි වුණා නම් එසේ හවුල් ආණ්ඩුවලට නොගොස් සමසමාජයෙන් වෙන් වුණු අයට විප්ලවය සාක්‍ෂාත් කර ගන්න බැරි වුණේ ඇයි ද යන්න ඒ ප්‍රශ්නයයි. මට මතක හැටියට අපේ පරම්පරාවේ සුපිරි විප්ලවවාදීන් ද මහා ප්‍රාඥයන් ද  එයට ප්‍රතිචාර දැක් වූයේ නැහැ. මා කියන්නේ සුමනසිරි ලියනගේ වැනි අය ගැන නොවෙයි කියල  කියන්න ඕන.

Saturday, 6 June 2020

අලුත් පාර්ලිමේන්තුවක් එපා කාට ද?

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9





අලුත් පාර්ලිමේන්තුවක් එපා කාට ද?



ඒ ගමන පැෆරල් සංවිධානය කියන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා ලෙස සැලකිය හැකි හෙට්ටිආරච්චි කියල ජනාධිපතිවරයාට පැරණි පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. කැඳවිය යුතුයි කියලා. මා ඒ ප්‍රවෘත්තිය දැක්කෙ වෙබ් අඩවියක. මෙය ලියන්නේ එවැනි ප්‍රකාශයක් කර ඇති බව උපකල්පනය කරමින්. පැරණි පාර්ලිමේන්තුව ගැන මොහු කියවන්නේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙවැනි වගන්තියක් තියෙන නිසා වෙන්න පුළුවන්.

Tuesday, 12 May 2020

ජී එල්ට එරෙහිව ජයවික්‍රම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





ජී එල්ට එරෙහිව ජයවික්‍රම 



නීතිය බටහිර වෙදකම ඉංජිනේරු ශිල්පය හැදෑරීමට මට කිසිදු ආශාවක් නොවීම ගැන මට ඇත්තේ සතුටක්. මා ඊනියා වෘත්තීයකයෙක් නො වෙයි. මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ කටයුතු කරද්දී සම්මේලනය වෘත්තීයික සංවිධානවල සම්මේලනයේ (OPA) සාමාජිකත්වය ගැනීමට තදින් විරුද්ධ වුණා. ඇදුරන් පොදුවේ ගත් කල වෘත්තීයකයන් නොවේය යන්න මගේ අදහස වුණා. මා හිතන්නේ දැන් නම් ආචාර්ය සමිති සම්මේලනය අදහස් වෙනස් කරගෙන. මට දර්ශනය, ඉතිහාසය හැදෑරීමට තරමක කැමැත්තක් තිබුණත් ඒ නොහැදෑරීම ගැන සතුටු වන්නේ ඉතිහාසඥයන් දාර්ශනිකයන් කියා ගන්නා අය ලියන පල් හෑලි  දිගින් දිගට කියවීමට අවශ්‍ය නොවන නිසා. මා සඳහන් කරන්නේ ලංකාවේ කිසිවකු ගැන නො වෙයි. ලංකාවේ ඉතිහාසඥයකු හරි දාර්ශනිකයකු හරි අඩුම තරමෙන් දහනවවැනි සියවසෙන් පසුව බිහි වී නැහැ. 

Sunday, 10 May 2020

අභිනව පාර්ලිමේන්තුව හා මාස තුන

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 




අභිනව පාර්ලිමේන්තුව හා මාස තුන

මේ රටේ තරම් කුහක දුර්දාන්ත අදමිටු විපක්‍ෂයක් තවත් කොහේවත් ඇතැයි කියල හිතන්න බැහැ. විපක්‍ෂය සජිත්ගෙ නායකත්වයෙන් නැවතත් උසාවියට ගිහිල්ල. එකක් කල් ඉකුත් වූ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා ගැනීමේ අරමුණින්. අනෙක ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස පත්වීම අවලංගු කර ගැනීමේ අරමුණින්. විපක්‍ෂය කොවිඩ් මැඩීමට ආණ්ඩුවට ආධාර කරන්නේ නැහැ. වගකිව යුතු විපක්‍ෂයක් නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවක් නැති අවස්ථාවක වෙනත් ආකාරයකින් හරි ආධාර කරන්න. එහෙත් ඔවුන් එයට සූදානම් නැහැ. අගමැති මහින්ද රාජපක්‍ෂ සියලු හිටපු (2015 පාර්ලිමේන්තුව පමණක් නො වේ) මන්ත්‍රින් කැඳවූ අවස්ථාවෙ සජිත්ලා අනුරලා එයට ගියේ නැහැ. සුමන්තිරන්ටත් වැඩියෙන් ඕන කළේ දෙමළ ජනතාවගෙ ඊනියා ප්‍රශ්න කතා කරන්න. 

Sunday, 3 May 2020

නීතියේ යම් යම් ප්‍රශ්න

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්




0  1   2    3    4   5  6  7  8  9 





නීතියේ යම් යම් ප්‍රශ්න 




මිනිසුන් බොහෝ විට නිගමනවලට එන්නේ ඊනියා සත්‍ය පරීක්‍ෂාවකින් පසුව නොවෙයි. සත්‍යය කියා එකක් නැති විට සත්‍ය පරීක්‍ෂා තියෙන්නේ කොහොම ද? කිං සච්ච ගවේෂි බුදුහාමුදුරුවන්ගේ කාර්යයක් නො වෙයි. සත්‍ය මෙව ජයතෙ ඊනියා සත්‍යය යනු කුමක් දැයි තමන් දන්නේ යැයි කී ඒ තමන් සතුව සතුව ඇතැයි සිතූ  බමුණන්ගේ කතාවක්. ඉන් අවසන් වශයෙන් කියැවුණේ තමන්ගේ මතය ජයගන්නා බවයි. අද බටහිර විද්‍යාවත් එසේමයි. කොවිඩ් 19ට ප්‍රතිකාර නැති වුවත් බටහිර විද්‍යාව කයියෙන් හා හයියෙන් තම අනුගාමිකයන් රඳවා ගෙන ඉන්නවා. බටහිර වෛද්‍ය විද්‍යාව අසරණ ව සිටිය දී  අද වැලිසර නාවික හමුදා රෝහලේ දුම් (වාෂ්ප) හට්ටිය අල්ලනවා. කොළඹ මහා නගර සභාවේ දේශීය වෙදකම් කෙරෙනවා. මෙරට චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකට අනුව කොවිඩ් 19 සම්බන්ධයෙන් චීනය 90%ක් පමණ කර ඇත්තේ චීන දේශීය වෙදකම්.

Wednesday, 22 April 2020

ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං 




සුමන්තිරන් හා හකීම් මැතිවරණ කොමිසම ජූනි 20 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධ ව අධිකරණයට යන්න සූදානම් වන බවක් කියනවා.  සුමන්තිරන්ට අනුව  මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවක් නැතිව රට කරගෙන යෑමට බැහැ, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ තුන් මසකට පෙර පාර්ලිමේන්තුව කැඳවන අවශ්‍යතාවට යටත් ව පමණක් නිසා ජූනි 2 වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ජනාධිපති නිවේදනය අවලංගු වෙනවා. සුමන්තිරන් කියන්නේ ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියට අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව කැඳවන දිනය වෙනස් කළ හැකි නමුදු එය තුන්මසකට මෙහා දිනයක් විය යුතු බවයි.  සුමන්තිරන්ට අවශ්‍ය කල් ඉකුත් වු ද පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජනමතය අවලංගු වූ ද පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමටයි. සුමන්තිරන් කියන විධියට ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුැවා හැරීම නීත්‍යානුකූල නැහැ.  
     
හකීම්ලාට අනුව ජූනි 20 පිළිබඳ කොමිසමේ තීරණය ව්‍යවසථාවේ 70 (3) වගන්තියට පටහැණියි. ඔවුන් ව්‍යවස්ථාවේ 70 (7) වගන්තියත් ගෙන හැර දක්වනවා. සුමන්තිරන් ජනාධිපති නීතිඥයෙක්. හකීම්ටත් කාරියප්පර් නමින් ජනාධිපති නීතිඥයෙක් ඉන්නවා. මා වැඩිම වුණොත් ගොඩ පෙරකදෝරුවෙක්. ගොඩේ බයියෙක්. අපි තර්ක කරමු. අපි සිද්ධි දාමය එකින් එක බලමු. මට නැවතත් ව්‍යවස්ථාවෙන් හා මැතිවරණ පනතෙන් උපුටා දක්වන්න සිදු වෙනවා. 

Tuesday, 21 April 2020

පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19 



අද ඉරිදාවක් නොවෙයි. ඒත් අදට ගිය අවුරුද්දෙ පාස්කු ඉරිදා ගෙවිල වසරක් ගත වෙනවා. පාස්කුව යුදෙව්වන්ගෙන් ලැබුණු එකක්. ඒක චන්ද්‍ර දින දර්ශනය මත පදනම් වෙලා තියෙන්නෙ. පාස්කු දිනය ජූලියන් දින දර්ශනයට අනුව වසරින් වසර හුඟක් වෙනස් වුණා. ග්‍රෙගරියානු දින දර්ශනය සකස් කිරීමටත් මේ කරුණ මුල් වුණා. පාස්කු ප්‍රහාරය පන්සල්වලට එල්ල කෙළෙ නැත්තෙ ඇයි කියල බොහෝ දෙනා ඇහුව. මාත් ඇහුව. මා යම් යම් පිළිතුරුත් දුන්න. මුස්ලිම් අන්තවාදීන්ට සිංහල බෞද්ධයන් උසි ගැන්වීමට වුවමනාවක් නොතිබුණේ ඇයි?  පසුව අපි ඒ ගැන කෙටියෙන් කතා කරමු. දැනට නැවතත් කෙටියෙන් මැතිවරණය හා ඊයේ ජනාධිපති - ලලිත් වීරතුංග සාකච්ඡාව ගැන යමක් කියන්න ඕන. 

Monday, 20 April 2020

මැතිවරණය සම්බන්ධ ව කරන්න ඉතිරි වී ඇති දේ

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 






මැතිවරණය සම්බන්ධ ව කරන්න ඉතිරි වී ඇති දේ



උගතකු බුද්ධිමතකු වියතකු විද්‍යාඥයකු නොවන මා නීතිඥයකු නොවන බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් මම ඡන්දදායකයෙක් වෙමි. පැවැත්වීමට නියමිත මහා මැතිවරණය ගැන මට වැටෙහෙන කරුණු කිහිපයක් පමණක්  සඳහන් කරමි. අසන්නෝ අසත්වා!

Sunday, 19 April 2020

කිරි කලයට ගොම හැලියක් මුසු කිරීම


෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




කිරි කලයට ගොම හැලියක් මුසු කිරීම




මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. මා මෙන් සිය ගුණයක් පොතපත කියවූ අය දහස් ගණනක් රටේ ඉන්නවා. පසුගිය දා කිරි කලයට ගොම ටිකක්වත් එකතු කරන්න එපා මැයෙන් පළ වූ ලිපිය ජාතික සංවිධාන වෙනුවෙන් කතා කරන්නේ තමන් යැයි කියා ගන්නා එක් වෙබ් අඩවියක් පළ කරලා. ඒ මදිවට එහි අවසන් ඡෙදයට වැඩි අවධානයක් යොමු කිරීමට එය වෙනමත් පළ කරලා. පැහැදිලිව ම එය මා සමච්චලයට ලක් කිරීමට කළ දෙයක්. එකී ඡෙදයේ කොටසක් මා පහත උපුටා දක්වනවා.