Main Logo

Showing posts with label Three Months Saga. Show all posts
Showing posts with label Three Months Saga. Show all posts

Monday, 8 June 2020

සුමන්තිරන් නඩු හා මැතිවරණ දිනය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9






සුමන්තිරන් නඩු හා මැතිවරණ දිනය


වරක් කාලෝ ෆොන්සේකා සුපිරි වම්මුන්ගෙන් තරමක හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ශ්‍රී ල නි ප සමග හවුල් ආණ්ඩුවලට ගිය සමසමාජයට විප්ලවය කර ගන්න බැරි වුණා නම් එසේ හවුල් ආණ්ඩුවලට නොගොස් සමසමාජයෙන් වෙන් වුණු අයට විප්ලවය සාක්‍ෂාත් කර ගන්න බැරි වුණේ ඇයි ද යන්න ඒ ප්‍රශ්නයයි. මට මතක හැටියට අපේ පරම්පරාවේ සුපිරි විප්ලවවාදීන් ද මහා ප්‍රාඥයන් ද  එයට ප්‍රතිචාර දැක් වූයේ නැහැ. මා කියන්නේ සුමනසිරි ලියනගේ වැනි අය ගැන නොවෙයි කියල  කියන්න ඕන.