෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල
ලිත් ඉලක්කම්
0 1
2 3 4 5 6 7 8 9
සුමන්තිරන් නඩු හා මැතිවරණ දිනය
වරක් කාලෝ ෆොන්සේකා සුපිරි වම්මුන්ගෙන් තරමක හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ශ්‍රී ල නි ප සමග හවුල් ආණ්ඩුවලට ගිය සමසමාජයට විප්ලවය කර ගන්න බැරි වුණා නම් එසේ හවුල් ආණ්ඩුවලට නොගොස් සමසමාජයෙන් වෙන් වුණු අයට විප්ලවය සාක්‍ෂාත් කර ගන්න බැරි වුණේ ඇයි ද යන්න ඒ ප්‍රශ්නයයි. මට මතක හැටියට අපේ පරම්පරාවේ සුපිරි විප්ලවවාදීන් ද මහා ප්‍රාඥයන් ද එයට ප්‍රතිචාර දැක් වූයේ නැහැ. මා කියන්නේ සුමනසිරි ලියනගේ වැනි අය ගැන නොවෙයි කියල කියන්න ඕන.