Main Logo

Showing posts with label Common Cold. Show all posts
Showing posts with label Common Cold. Show all posts

Wednesday, 15 July 2020

මැතිවරණය හා කන්දකාඩු

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9




මැතිවරණය හා කන්දකාඩු

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියා තිබෙනවා අපි අභියෝග ජයගන්නවා කියා. පහුගිය අවුරුදු කිහිපයෙහි ඒ මහතා හා හමුදාව ක්‍රියා කර ඇති ආකාරයට අපට ඒ ගැන විශ්වාසයක් තියෙනවා. අනාගතයට අයත් දේ ගැන අපට ඇත්තේ විශ්වාසයක් පමණයි. ඒ ඒ විශ්වාසවලට ඒ ඒ සම්භාවිතා ඇති. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ. අනාගතය ගැන අපට අනාවැකි කියන්න පුළුවන්. ඒ සම්භාවිතාවලට යටත් ව. අනාගතයක් ගැනත් අපට ඇත්තේ විශ්වාසයක්  පමණයි. 

Monday, 27 April 2020

කුරහන් සාටකය, කොවිඩ් හා මුට්ටි බිඳීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




කුරහන් සාටකය,  කොවිඩ් හා මුට්ටි බිඳීම


කොවිඩ් 19 වැළඳී සුව වූ අයට නැවත වැළඳීමට ඉඩ ඇති බව බටහිර ඉන්න බටහිර වෙදමහත්වරු කියනවා. මෙරට බටහිර වෙදමහත්වරුන්ට ඒක ඊට පස්සෙ කියන්න පුළුවන්.  ඒ කියන්නේ එන්නතක් නිෂ්පාදනය කිරීම අසීරු වන බව ද? කොවිඩ් 19 ගැන බටහිර ඉන්න බටහිර වෙදමහත්වරුන්ට දැනුමක් නැති බව පැහැදිලියි. කොවිඩ් 19ට ප්‍රතිචාර දැක්වීම  අවුරුදු උත්සවවල දී කෙරෙන ඇස් බැඳ මුට්ටිය බිඳීම වැනි සෙල්ලමක් බවට පත් වෙලා. මෙවර අවුරුදු උත්සව නොතිබුණු නිසා මෙය කළාට කමක් නැතැයි මා කියන්නේ නැහැ. කොහොමටත් කොවිඩ් මුට්ටි බිඳීම කෙරෙන්නේ බටහිර.