Main Logo

Showing posts with label Immunity. Show all posts
Showing posts with label Immunity. Show all posts

Wednesday, 15 July 2020

මැතිවරණය හා කන්දකාඩු

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9




මැතිවරණය හා කන්දකාඩු

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියා තිබෙනවා අපි අභියෝග ජයගන්නවා කියා. පහුගිය අවුරුදු කිහිපයෙහි ඒ මහතා හා හමුදාව ක්‍රියා කර ඇති ආකාරයට අපට ඒ ගැන විශ්වාසයක් තියෙනවා. අනාගතයට අයත් දේ ගැන අපට ඇත්තේ විශ්වාසයක් පමණයි. ඒ ඒ විශ්වාසවලට ඒ ඒ සම්භාවිතා ඇති. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ. අනාගතය ගැන අපට අනාවැකි කියන්න පුළුවන්. ඒ සම්භාවිතාවලට යටත් ව. අනාගතයක් ගැනත් අපට ඇත්තේ විශ්වාසයක්  පමණයි. 

Saturday, 25 April 2020

කොවිඩ් පැරදවීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් පැරදවීම



කොවිඩ් 19 පැරදවීම සඳහා සියල්ලන් එකතු විය යුතු යැයි කීම කිසිම තේරුමක් නැති කතාවක්. කොටි පැරදවීමට එකතු වූයේ කවුද? ඇතැමුන් කියනවා එදා ජ වි පෙ කොටි පරාද කළ යුතු යැයි කී බව. එය එසේ නොවන බව මා හොඳාකාරව ම දන්නවා. අනූවේ දශකයේ මුල අප ලක්මිණ පුවත්පත ඇරඹු යුගයේ එහි ජ වි පෙරමුණේ හෝ ජ වි පෙරමුණට පක්‍ෂව සිටි හෝ අය අප හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු යැයි කී විට එයට විරුද්ධ වුණා. ඔවුන් විරුද්ධ වූවා පමණක් නොව ලක්මිණ ප්‍රධානියා ව සිටි තිලක් කරුණාරත්න ලවා මා ලක්මිණෙන් නෙරපන තැනට කටයුතු කළා. එදා චම්පකත් ඒ පත්‍රයට ලිවුවා. විමල් වීරවංශත් (එකල ජ වි පෙ)  ඩලස් අලහප්පෙරුමත් සුනිල් මාධවත් ලිවුවා. ජනරංජන කාටූන් ඇන්දා. ඔවුන් හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු බවක් කිවුවේ නැහැ. චම්පකලා ඊනියා යුද්ධයට විරුද්ධ ව පෝස්ටර ඇලෙවුවා. රාජ්‍ය නොවන ගැත්තන් හා සිවල් සාමාජිකයන් ගැන කියන්න අවශ්‍ය නැහැ. 

Thursday, 23 April 2020

පිරිත් හා අමනුස්ස කතාව

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




පිරිත් හා අමනුස්ස කතාව 




කොවිඩ් 19 (COrona VIrus Disease 2019 -  COVID 19) තම අණසක ලොව පුරා පතුරනවා. බටහිර විිද්‍යාව අසරණ වෙලා. වයිරසයේ වර්ග (strains) අටක් පමණ තියෙනවා කියනවා. නිව්යෝක් ප්‍රාන්තයේ තියෙන වර්ගය කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන වර්ගයට වෙනස් කියනවා. ලංකාවේ වර්ග හතරක් තියෙන බව කියනවා. අප ලංකාවේ කොවිඩ් 19 සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවක් පෙනෙන්න නැහැ. බටහිරත් එය හිතන තරම් ලෙහෙසි නැහැ.