෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
පිරිත් හා අමනුස්ස කතාව
කොවිඩ් 19 (COrona VIrus Disease 2019 - COVID 19) තම අණසක ලොව පුරා පතුරනවා. බටහිර විිද්‍යාව අසරණ වෙලා. වයිරසයේ වර්ග (strains) අටක් පමණ තියෙනවා කියනවා. නිව්යෝක් ප්‍රාන්තයේ තියෙන වර්ගය කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන වර්ගයට වෙනස් කියනවා. ලංකාවේ වර්ග හතරක් තියෙන බව කියනවා. අප ලංකාවේ කොවිඩ් 19 සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවක් පෙනෙන්න නැහැ. බටහිරත් එය හිතන තරම් ලෙහෙසි නැහැ.