෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
කොවිඩ් පැරදවීම
කොවිඩ් 19 පැරදවීම සඳහා සියල්ලන් එකතු විය යුතු යැයි කීම කිසිම තේරුමක් නැති කතාවක්. කොටි පැරදවීමට එකතු වූයේ කවුද? ඇතැමුන් කියනවා එදා ජ වි පෙ කොටි පරාද කළ යුතු යැයි කී බව. එය එසේ නොවන බව මා හොඳාකාරව ම දන්නවා. අනූවේ දශකයේ මුල අප ලක්මිණ පුවත්පත ඇරඹු යුගයේ එහි ජ වි පෙරමුණේ හෝ ජ වි පෙරමුණට පක්‍ෂව සිටි හෝ අය අප හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු යැයි කී විට එයට විරුද්ධ වුණා. ඔවුන් විරුද්ධ වූවා පමණක් නොව ලක්මිණ ප්‍රධානියා ව සිටි තිලක් කරුණාරත්න ලවා මා ලක්මිණෙන් නෙරපන තැනට කටයුතු කළා. එදා චම්පකත් ඒ පත්‍රයට ලිවුවා. විමල් වීරවංශත් (එකල ජ වි පෙ) ඩලස් අලහප්පෙරුමත් සුනිල් මාධවත් ලිවුවා. ජනරංජන කාටූන් ඇන්දා. ඔවුන් හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු බවක් කිවුවේ නැහැ. චම්පකලා ඊනියා යුද්ධයට විරුද්ධ ව පෝස්ටර ඇලෙවුවා. රාජ්‍ය නොවන ගැත්තන් හා සිවල් සාමාජිකයන් ගැන කියන්න අවශ්‍ය නැහැ.