Main Logo

Showing posts with label Reconvening Parliament. Show all posts
Showing posts with label Reconvening Parliament. Show all posts

Tuesday, 21 April 2020

පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19 



අද ඉරිදාවක් නොවෙයි. ඒත් අදට ගිය අවුරුද්දෙ පාස්කු ඉරිදා ගෙවිල වසරක් ගත වෙනවා. පාස්කුව යුදෙව්වන්ගෙන් ලැබුණු එකක්. ඒක චන්ද්‍ර දින දර්ශනය මත පදනම් වෙලා තියෙන්නෙ. පාස්කු දිනය ජූලියන් දින දර්ශනයට අනුව වසරින් වසර හුඟක් වෙනස් වුණා. ග්‍රෙගරියානු දින දර්ශනය සකස් කිරීමටත් මේ කරුණ මුල් වුණා. පාස්කු ප්‍රහාරය පන්සල්වලට එල්ල කෙළෙ නැත්තෙ ඇයි කියල බොහෝ දෙනා ඇහුව. මාත් ඇහුව. මා යම් යම් පිළිතුරුත් දුන්න. මුස්ලිම් අන්තවාදීන්ට සිංහල බෞද්ධයන් උසි ගැන්වීමට වුවමනාවක් නොතිබුණේ ඇයි?  පසුව අපි ඒ ගැන කෙටියෙන් කතා කරමු. දැනට නැවතත් කෙටියෙන් මැතිවරණය හා ඊයේ ජනාධිපති - ලලිත් වීරතුංග සාකච්ඡාව ගැන යමක් කියන්න ඕන. 

Sunday, 5 April 2020

ලෝකය හා ලෝකයෝ

     සිංහල ලිත් ඉලක්කම්


ලෝකය හා ලෝකයෝ




මා චතුර අල්විස්ගෙන් මාතෘකාව ණයට ගන්නවා. එ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අනුව යන විවිධ ලෝකයන් හා පාර්ලිමෙන්තුව කැඳවන ලෙස ඉල්ලන ලෝකයන් ගැන කීමට. ලෝකයේ බටහිර  විද්‍යාව ක්‍රියා කරන හැටි මුව ආවරණ සිද්ධියෙන් හොඳ හැටි පැහැදිලි වුණා. ලෝක  සෞඛ්‍ය සංවිධානය මුල දී කියා සිටියේ ආවරණ අවශ්‍ය නැති බවයි. ඔවුන් එයටත් එහා ගොස් කිවුවේ වෛරසය ඉතා කුඩා නිසා ආවරණයේ සිදුරු අතරින් එයට රිංගා යා හැකි බවයි. වෛරසය වටා වෛරයනය යනුවෙන් පොත්තක් තියෙනවා. බටහිර වෙදමහත්තුරු කිවුවෙ මේ පොත්තත් එක්ක ද කියන එක පැහැදිලි නැහැ. කෙසේ වෙතත් වෛරයනය ආවරණය ළඟට පැමිණෙන්නේ තවත් අණු එක්ක නම් රෙද්ද (පඬි නැට්ටන්ගේ දෙදහස් පන්සීයේ රෙද්ද නොව, ආවරණයේ රෙද්ද) වෛරයනය  තෝරා බේරා ගෙන සිදුරු තුලින් යවනව ද කියන එක පැහැදිලි නැහැ. 

Friday, 3 April 2020

සුමන්තිරන් මොකාට ද එන්නෙ

 සිංහල ලිත් ඉලක්කම්


සුමන්තිරන් මොකාට ද එන්නෙ 




කොරෝනාවට විරුද්ධ ව අද සියලු කටයුතු මෙහෙයවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. විවිධ කමිටු තියෙන්න පුළුවන්. ඒ කමිටුවල සභාපතිවරුන් සාමාජිකයන් ඉන්න පුළුවන්. එහෙත් අවසානයේ තීරණ ගැනෙන්නේ ජනාධිපති දැනුවත්ව ය කියා මා විශ්වාස කරනවා. ඒ මගේ විශ්වාසයයි. එහෙත් මට හූණ කියන්න වගේ කියන්න පුළුවන් මොකක් හරි වැරදිලා ගියොත් එයට වරදකරුවා වන්නේ ජනාධිපති!

Monday, 19 November 2018

පාර්ලිමේන්තුව කැඳවීම ම වැරදියි


පාර්ලිමේන්තුව කැඳවීම ම වැරදියි

                                     



එතරම් උගත් කමක් නැති අයකු ප්‍රශ්නයක් නැගුවා. ඔහු තාප්පයක් බැඳගෙන යන විට යම් කිසිවකු එයට විරුද්ධව උසාවියට යනවා. උසාවිය අතුරු තහනම් නියෝගයක් දෙනවා. එවිට ඔහු කළ යුත්තේ කුමක් ද? මේ අතුරු තහනම් නියෝගය යන්නට ඉංගිරිසියෙන් කියන්නේ stay order කියායි. එහි තේරුම නැවතී සිටීම, රැඳී සිටීම ආදිය මිස අවලංගු කිරීම නොවෙයි.