කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා
කොවිඩ් මර්දන වැඩ පිළිවෙලේ ලංකාව නවවැනි තැන ගන්නවා කියල ලෝකය කියනවා. ඒක ගැන බොහෝ දෙනාට ආඩම්බරයි. එහෙත් අප දන්නේ නැහැ ඔය කියන ආයතනය එහි දී යොදා ගත් නිර්ණායක කවරෙ ද කියා. ඔය නවවැනි ස්ථානය වාස්තවික යැයි හරි විද්‍යාත්මක යැයි හරි කියන එකක් නොවෙයි. එහෙම ඒවා නැහැ. නිර්ණායක වෙනස් කළොත් ඔය ස්ථානය වෙනස් වෙනවා. නිර්ණායක තීරණය කරන්නේ කවුද? කිසි දිනෙක බටහිර නොවන අය නො වෙයි.