කත ගැන නොකී කතා
ආණ්ඩුවේ ඇතැම් උද්ධච්ඡ ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් (එවැනි නිලයක් ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ නැහැ) සිතා සිටින්නේ ගෝඨාභය ජයග්‍රහණය කෙළේ පොහොට්ටුව නිසා බව ය. ඔවුන් කෙතරම් තමන් ගැන අධිතක්සේරුවකින් සිතනවා ද කිවහොත් මැතිවරණයේ දී ශ්‍රී ල නි ප නැතිව පොහොට්ටුවෙන් තරග කිරීමට කියනවා. ගෝඨාභය පොහොට්ටුවෙන් තරග කිරීම පිළිබඳ මා කැමති වුණේ නැහැ. එහෙත් අවසානයේ දී නව සංධානයට එයට එකඟ වීමට සිදු වුණා. එහෙත් ඒ තවත් කොනේදේසිවලට යටත් ව. මැතිවරණයේ දී සංධානය පුටුව ලකුණෙන් තරග කිරීමට ගෝඨාභයගේ නායකත්වයෙන් පැවති පක්‍ෂ නායක ගිවිසුම් අත්සන් කිරීමේ දී එකඟ වුනා.