මුස්ලිම් ක්‍රිස්තියානි සභ්‍යත්ව ගැටුම, පොරපිටිය හා රටේ ආරක්‍ෂාව
සිදු වූයේ කුමක් ද යන්න දැන් ටික ටික පැහැදිලි වෙනවා. ඒ සිදු වූදේ ගැන අප සියලු දෙනා ම කණගාටු විය යුතුයි. ලජ්ජා විය යුතුයි. අවුරුදු තිහක පමණ දෙමළ ත්‍රස්තවාදයකින් පසු, එය පරාජය කිරීමෙන් පසු, අප සියලු දෙනා ම පරාජය වූයේ කොහොම ද? අපට ජාතියක් ලෙස කටයුතු කිරීමට තේරෙන්නේ නැහැ. එය තරමක කාලයක සිට එන ප්‍රශ්නයක්. එයට පිළිතුරු සෙවීමට තව කල් යාවි. එහෙත් අඩුම තරමෙන් යම් යම් දේ තේරුම් ගැනීමට උත්සාහ කරන්න ඕන. තරු පහේ හතරේ හොාටල්වල පහර දීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ විදේශිකයන් යම් ප්‍රමාණයක් ඝාතනය කිරීමයි. ඒ විදේශිකයන් බහුතරය ක්‍රිස්තියානි බව දැනගෙන කළ වැඩක් වෙන්න ඇති.