Main Logo

Showing posts with label Dinesh. Show all posts
Showing posts with label Dinesh. Show all posts

Sunday, 2 August 2020

දිනේෂ්ගේ ප්‍රධාන වරද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




දිනේෂ්ගේ ප්‍රධාන වරද?

අද ලංකාවෙ වෙලාවෙන් මධ්‍යම රාත්‍රිය පහුවුණාට පස්සෙ මැතිවරණයට සම්බන්ධ ලිපි ලියන එක තහනම්. ඒත් පිටරටක ඉඳන් ලියන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. විද්‍යුත් ලිපි, මුහුණු පොත් ආදී නූතනත්ව තාක්‍ෂණයේ මෙවලම් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොම ද කියන එක සම්බන්ධයෙන් තවමත් අපේ රටේ මැතිවරණ නීති සකස් කෙරිලා නැහැ. මා ලංකාවේ තියෙන බටහිර ක්‍රිස්තියානි නීතියට ගරු නොකරන නමුත් එය කඩන්නේ නැහැ. සමසමාජ පක්‍ෂවල ඉන්න කාලෙ දි නම් කිහිප වරක් නීතිය කැඩුවා. 

Wednesday, 29 July 2020

මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු.

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු. 

2020 මහා මැතිවරණයට තව ඇත්තේ හරියට ම සතියයි. විවිධ බලපෑම් මැද මැතිවරණය කල් දමා ගැනීමට අවලංගු කරවා ගැනීමට දැරූ සියලු උත්සාහයන් පරාජය වී මැතිවරණය පැවැත්වෙනවා. මා කල් ඇතිව ම සිතා සිටි ආකාරයට ම මැතිවරණය පැවැත්වෙන්නේ නුවර පෙරහැර කාලයේ. එසේ නොවන්නටත් ඉඩ තිබුණා. එහෙත් අවසානයේ දී එසේ වෙන්න යනවා. 

Sunday, 8 March 2020

දහනවය හා ද්විත්ව පුරවැසිකම

    සිංහල ලිත් ඉලක්කම්


  දහනවය හා  ද්විත්ව පුරවැසිකම



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා නො වෙයි. ජනාධිපති මෛත්‍රිපාලගෙ බලතල අඩුකරලා අගමැති රනිල්ගෙ බලතල වැඩි කරන්න. ජනාධිපතිගෙ ධුර කාලය අවුරුදු හයෙන් පහට බැස්සුවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට අවුරුදු හතරහමාරකට බැරි වෙන විධියට වගන්තියක් ගෙනාවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම වැළැක්වීමට ද්විත්ව පුරවැසියන්ට තරග කරන්න බැරි වෙන විධියට වගන්තියක් ඇතුල් කළා. 

Friday, 28 February 2020

මානව හිමිකම් නෝනලා හා සිවල් මහත්තුරු

       සිංහල ලිත් ඉලක්කම්


මානව හිමිකම් නෝනලා හා සිවල් මහත්තුරු


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි මිෂෙල් නෝනා දිනේෂ් ගුණවර්ධනගේ කතාවට ප්‍රතිචාර දක්වලා. ඒ ප්‍රතිචාරය බලාපොරොත්තු නූණ එකක් නො වෙයි. ඇය කියන්න යන්නේ කුමක් ද පිළිබඳ අපට නම් සැකයක් තිබුණේ නැහැ. ඇය ලංකාණ්ඩුව යෝජනා කර තිබූ දේශීය යාන්ත්‍රණය ප්‍රතික්‍ෂෙප කර තියෙනවා. ඇයට අපේ දේශීය යාන්ත්‍රණ ගැන විශ්වාසයක් නැතිළු. ඇයට පමණක් නොව යහපාලනයේ රනිල්ට, මංගලට මෙන් ම යහපාලන වලිග වූ රනිල්දාසට හා සම්බන්ධන්ටත් මෙරට දේශීය යාන්ත්‍රණ ගැන විශ්වාසයක් තිබුණේ නැහැ.

Wednesday, 26 February 2020

ලෝකය යනු බටහිර රටවල් පමණක් නොවේ

  සිංහල ලිත් ඉලක්කම්




ලෝකය යනු බටහිර රටවල් පමණක් නොවේ

බණ්ඩාරනායක මැතිණියගෙන් පසුව විදේශ සම්බන්ධතා ඇමති ලෙස කටයුතු කරන ජාතිකත්වයක් ඇති ඇමතිවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතා අද එක්සත් ජාතීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් සමුළුව ඇමතීමට නියමිතයි. මා දිනේෂ් ගුණවර්ධන අවුරුදු හතළිහක පමණ කාලයක් හඳුනනවා. මා ඉන්දික ගුණවර්ධන එයට වැඩි කාලයක් හඳුනාගෙන සිටි නමුත් ඉන්දිකගේ දේශපාලනය සමග මට එකඟත්වයක් තිබුණේ නැහැ. රටේ ඒකීයත්වය හා ජාතිකත්වය වෙනුවෙන් නොවැනී දිගු කලක් කටයුතු කරන දේශපාලනඥයා ලෙස දිනේෂ් හඳුන්වන්න පුළුවන්.

Wednesday, 19 February 2020

නව සංධානය ජාතිකත්ව සංධානයක් කරමු

   සිංහල ලිත් ඉලක්කම්


නව සංධානය ජාතිකත්ව සංධානයක් කරමු



සිරිජාතිකවාදියා ලෙස හංවඩු ගසා ලාදුරු රෝගියකු මෙන් බොහෝ ජාතිකවාදීන් විසින් කොන් කරනු ලැබ සිටි මට ඊයේ පෙරේදා සතුටුදායක ආරංචි දෙකක් ලැබුණා. එකක් ජෙනීවාහි 30/1 යෝජනාවට දැක් වූ අනුග්‍රහකත්වයෙන් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කිරීම. ඒ ගැන මා ඊයේ ලියා ඇති. අද (19) අරුණ පත්‍රයේත් ඒ ලිපිය පළවෙනවා.  

Thursday, 2 January 2020

ගණුදෙනුව නැති කිරීමට ගෝඨාභයට ඉඩ නොදීම

    සිංහල ලිත් ඉලක්කම් 



ගණුදෙනුව නැති කිරීමට ගෝඨාභයට ඉඩ නොදීම 

ගණුදෙනු හෙවත් ඩීල් දේශපාලනය මෙවර නැවැත්වීමට බැරි වුණොත් නැවත නවත්වන්න මහා කාලයක් ගත වේවි. මෙරට ඩීල්දේශය (ඩීල්ලන්තය) කියා අප විසින් නම් කෙරුණේ කලකට ඉහත දී. එය දේශපාලනයට පමණක් සීමා වූ දෙයක් නො වෙයි. රාජ්‍ය සේවයත් අද පවතින්නේ බොහෝ විට ගණුදෙනුව මත. සාමන්‍ය මිනිහකුට වැඩක් කර ගැනීමට අතමිට මොළවන්න ඕන. එහෙත් එය පැරණි ව්‍යවහාරයක්. අද මිට මොළවල දෙන මුදලකින් වැඩක් කර ගන්න බැහැ. අතමාරුවක් කියන එක කොහොමටවත් හරියන්නෙ නැහැ. ඇතැම් ගණුදෙනුවලට බැංකුවක් ම හොලවන්න වෙනවා.

Sunday, 3 November 2019

හූ කීම, පොහොට්ටුව හා දෙ ජා සංධානය

      සිංහල ලිත් ඉලක්කම්

හූ කීම, පොහොට්ටුව හා දෙ ජා සංධානය



ගෝඨාභයගේ ජනාධිපතිවරණ වේදිකාවට එන ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කීම දිගින් දිගට ම කෙරෙනවා. ගෝඨාභයත් මහින්දත් එසේ නොකරන ලෙස කියා තිබුණත් එය නවතින පාටක් නැහැ. හූ කියන්නන්ට යම් පිරිසක් අනුබල දෙන බව පේන්න තියෙනවා. හූ කීමෙන් පොහොට්ටුවට වෙන වාසියක් නැහැ. හූ කීම පොහොට්ටුවේ අවසානය කරා යන ගමන විය හැකියි. 

Sunday, 11 August 2019

පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්


    සිංහල ලිත් ඉලක්කම්


පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්




අද පැවැත්වෙන පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට සුබ පතනවා. ඒ එය පොදු ජනයාගේ, සිංහල පොදු ජනයාගේ පක්‍ෂයක් නිසා මිස පුද්ගලයකුගේ පක්‍ෂයක් නිසා නොවෙයි. පුද්ගලයකු පක්‍ෂය නිර්මාණය කළා නම් ඒ දිනේෂ් ගුණවර්ධන  බව මා කියනවා. ඇතැමුන් පක්‍ෂයත් ගෝඨාභයත් තමන්ගේ බවට පත් කර ගන්න හදනවා. එයට ඉඩ නොදිය යුතුයි. මේ පක්‍ෂය නිර්මාණය කෙරුණේ ජනතාව අතින්. මේ ජනතාව කවුද යන්න පළමුවෙන් හඳුනා ගන්න ඕන.