Main Logo

Showing posts with label Civilizational State. Show all posts
Showing posts with label Civilizational State. Show all posts

Wednesday, 19 February 2020

නව සංධානය ජාතිකත්ව සංධානයක් කරමු

   සිංහල ලිත් ඉලක්කම්


නව සංධානය ජාතිකත්ව සංධානයක් කරමු



සිරිජාතිකවාදියා ලෙස හංවඩු ගසා ලාදුරු රෝගියකු මෙන් බොහෝ ජාතිකවාදීන් විසින් කොන් කරනු ලැබ සිටි මට ඊයේ පෙරේදා සතුටුදායක ආරංචි දෙකක් ලැබුණා. එකක් ජෙනීවාහි 30/1 යෝජනාවට දැක් වූ අනුග්‍රහකත්වයෙන් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කිරීම. ඒ ගැන මා ඊයේ ලියා ඇති. අද (19) අරුණ පත්‍රයේත් ඒ ලිපිය පළවෙනවා.  

Saturday, 15 February 2020

අද කළ යුත්ත

         සිංහල ලිත් ඉලක්කම් 


අද කළ යුත්ත


අද කළ යුත්තේ කුමක් ද කියා ඇතැමුන් අහනවා. ආණ්ඩුව යන්නේ කොහේ ද කියාත් සමහරු අහනවා. සමහරු එයටත් එහා ගිහින් අහනවා ආණ්ඩුව සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවනවා ද කියා. ඒ අහන්නෙ කසිකබල් මාක්ස්වාදියො පශ්චාත් මාක්ස්වාදියො පශ්චාත් නූතනවාදියො (නූතනත්ව අර්ථයෙන් - පශ්චාත් හිරුණිකාවාදීන්) ආදීන්. ඔවුන් අහන කරන දේ සතපහකට ගණන් ගන්න ඕන නැහැ. අවුරුදු එකසිය පනහකට වැඩි කාලයක් කම්කරු පංති ආඥාදායකත්වය ලෝකෙ කිසිම රටක පිහිටුවාගන්න බැරි වෙච්ච අය තමයි අවුරුදු පහකින් දහයකින් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්න කතා කරන්නෙ. 

Saturday, 14 December 2019

ජනමාධ්‍යවේදියා, අමරසේකර හා රෝසි

 සිංහල ලිත් ඉලක්කම්

ජනමාධ්‍යවේදියා, අමරසේකර හා රෝසි 


ලෝකය පුරා ජාතිකත් ව මත පැතිරෙනවා. එංගලන්ත (එක්සත් රාජධානි) මැතිවරණය කොන්සර්වෙටිව් පක්‍ෂය ජයගෙන ඇත්තේ විශාල බහුතරයක් සහිතව. ඊයේ ලිපිය ලියන විට සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වී තිබුණේ නැහැ. එංගලන්තය හා ස්කොට්ලන්තය ඡන්දය දී ඇති අයුරින් පැහැදිලි වෙනවා ඔවුනොවුන්ගේ ජාතිකත්වය. එංගලන්තයට (බිරිතානියට) යුරෝපා සංගමයෙන්  ඉවත් වීම සඳහා ජොන්සන්ට වරමක් ලැබී තිබෙනවා. ඉංගිරිසින්ට අවශ්‍යයි යුරෝපා සංගමයෙන් වෙන් වන්න. ස්කොට් ජාතිකයන්ට අවශ්‍යයි බිරිතානියෙන් වෙන් වන්න. එක්සත් රාජධානිය කියන්නේ පඬියන් අපට කුමක් කීවත් ඒකීය රාජ්‍යයක් නොවෙයි. එය සහසන්ධීය රාජ්‍යයක්. එංගලන්තය හා ස්කොට්ලන්තය වෙන ම රාජ්‍ය දෙකක්. ඒ එකතු වීමෙන් තමයි (වේල්සයත් සමග) බිරිතානිය සෑදී තිබෙන්නේ. ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. 

Monday, 28 October 2019

කුඩේ රට හා ජාතික ව්‍යාපාරය

     සිංහල ලිත් ඉලක්කම්


කුඩේ රට හා ජාතික ව්‍යාපාරය 




පසුගිය දා නෙළුම් පොකුණේ ජාතික අපේක්‍ෂක ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතියට පිළිගැන්වීමෙන් පසු දින මා මාතලේ ආවා. ඊයේ (ඔක්තෝම්බර් 27 වැනි දා) මාත් බිරියත් ඇගේ සොහොයුරියකුත්  සොහොයුරියගේ සැමියාත් ගෝඨාභයගේ මාතලේ රැස්වීමට ගියා. අප එහි යන විට පිටියෙහි පුටු සියල්ලෙහි ම මෙන් පැමිණ සිටි අය අසුන් ගෙන සිටියා. මගේ වාසනාවකට තරමක් ඈත කිසිවකු වාඩි වී නොසිටි පුටුවක් තිබුණා. එය අනෙක් අය අසුන් ගෙන සිටි පෙදෙසට ගෙනාවා. මා එහි අසුන් ගත්තා. දැන් අහන්න එපා භාර්යාවට අසුන නොදී මා වාඩි වූයේ ඇයි කියා. මා නරක මිනිහකු බව කලින් ලිපිවල කියා ඇති. 

Wednesday, 16 October 2019

ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ ගෝඨාභය අවුරුද්දකින් යැවීමට ද ?

         සිංහල ලිත් ඉලක්කම්   




ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ ගෝඨාභය අවුරුද්දකින් යැවීමට ද ?





ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලැබුයේ ජාතියේ අපේක්‍ෂක ලෙස. එයට මුල් වූයේ ජාතික ව්‍යාපාරය බව මා කියන්නේ ඒ සම්බන්ධයෙන් කටයුතු කළ වෙනත් අයට අගෞරවයක් ලෙස නො වෙයි. එහෙත් එයින් කියන්නේ නැහැ ජාතික සංවිධාන සියල්ල ඒ මතයේ සිටි බව. ඒ කෙසේ වෙතත් අද ජාතික සංවිධාන සියල්ල පිළිගන්නවා ගෝඨාභය ජාතික අපේක්‍ෂක ලෙස. එය හොඳ ප්‍රවණතාවක්.

Thursday, 3 October 2019

පරාද අපේක්‍ෂාව

   සිංහල ලිත් ඉලක්කම්


පරා අපේක්‍ෂාව 

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණයට වඩා පරාජය අපේක්‍ෂාවෙන් කෙරෙන්නක් බව පැහැදිලි ය. ඒ තම පරාජය නොවන අනුන්ගේ පරාජය සඳහා ය. අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා ඉදිරිපත් වුවහොත් ඒ ඔහුගේ ජයග්‍රහණයක් අපේක්‍ෂාවෙන් නොව සජිත්ගේ පරාජය අපේක්‍ෂාවෙනි. රනිල්දාසට ජයග්‍රහණයක් සඳහා කිසිම අපේක්‍ෂාවක් තිබිය නො හැකියි. ඔහුගේ ඒකායන අපේක්‍ෂාව සජීත් පරාජය කිරීම ය.