රනිල්ගේ ප්රජාතන්ත්රවාදය
තිබෙන නරක ආණ්ඩු ක්රමවලින් හොඳ එක ප්රජාතන්ත්රවාදය බවට මතයක්
බටහිර තිබෙනවා. වින්ස්ටන් චර්චිල් ද එයට සමාන දෙයක් කියා තිබෙනවා. ඒ බටහිරයන්
බටහිර ප්රජාතන්ත්රවාදය ගැන කියන දේ. අපට ඔය ප්රජාතන්ත්රවාදය ලැබුණෙත්
එංගලන්තයෙන්. පාර්ලිමේන්තුව ඇති වුණේ එංගලන්තයේ. අගමැති, කතානායක ආදී ධුර ද අපට ලැබුණෙ එංගලන්තයෙන්. ධුරය විතරක් නොවෙයි
රනිලුත් ලැබුණෙ එංගලන්තයෙන්. බටහිර දැනුම ද අපට වැඩියෙන් ලැබුණෙ එංගලන්තයෙන්.
බටහිර විද්යාවත් එහෙමයි. නිව්ටන් හිටියෙත් එහෙ. එයාගෙ ගුරුත්වාකර්ෂණෙ ගඳ සුවඳ
දන්න කවුරුන්වත් නැහැ. ඒත් ඒක අප ඇත්ත කියලා කියනවා. බටහිර විද්යාව ඊනියා සත්යය
කියලා කියන්නෙ අපේ රටේ විතරක් නො වෙයි. ඇතැම් පඬියකුට නොතේරුණත්, අප සයන්ස් කියන දැනුම් පද්ධතියට විද්යාව
කිව්වත් වෙන නමක් කිව්වත් අපට ඒක ඊනියා සත්යය වෙන්නෙ බටහිරයන් ඒක ඊනියා සත්යය
හැටියට ගන්න නිසයි. මේ සියල්ල බටහිර ආධිපත්යය. පාර්ලිමේන්තුවෙන් ලැබෙන්නෙත් බටහිර
ආධිපත්යය.