Main Logo

Showing posts with label Buduhamuduruwo. Show all posts
Showing posts with label Buduhamuduruwo. Show all posts

Thursday, 30 July 2020

කාට කියන්න ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




කාට කියන්න ද? 

මා විශ්වවේදය තරමක් දුරට හදාරා තියෙනවා. එහි මහා පිපුරුම කියා සංසිද්ධියක් ගැන කියන කතන්දරයක් තියෙනවා. මා විද්‍යාඥයකු නම් නොවෙයි. විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරිව ආපසු කෙනෙක්. මගේ සීමිත දැනුම අනුව මහා පිපිරුම කතන්දරය අසංගතයි. එය සංගත කිරීම සඳහා පසු කලෙක උද්ධමනය (ආර්ථිකයේ කතා කරන උද්ධමනය නොවෙයි. එහෙත් ඉන් කියැවෙන්නේත් එවැනි දෙයක්. විශ්වය මහා පිපිරුමට සුළු කාලයකින් පසුව ඇති වූ විශාල ත්වරණයකින් ප්‍රසාරණය වීම) වගේ සංකල්ප නිපදවන්න වුණා. එහෙත් උද්ධමනය ඇති වන්නේ කොහොමද කියන එකට හරි හමන් කතන්දරයක් නැහැ. මා මහාපිපිරුම විශ්වාස කරන්නේ නැහැ. එය පට්ට ම පට්ට පල් බොරුවක්. 

Monday, 13 April 2020

අවුරුදු සිතිවිලි කිහිපයක් හා නාළිකා

 සිංහල ලිත් ඉලක්කම්


අවුරුදු සිතිවිලි කිහිපයක් හා නාළිකා



අද වෙනදාට වඩා වෙනස් සිංහල අලුත් අවුරුද්දක්. ඒත් සූර්යයා පොළොවට සාපේක්‍ෂ ගමන අත්හරින්නේ නැහැ. පඬියන් මොනව කිවුවත් ඒ ගමන යනවා. සිංහල අලුත් අවුරුද්දක් ඇතැයි සිතන සියල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. අනෙක් අය ඒ ගැන නොතකන බැවින් ඔවුන්ට සුබ තියා අලුත් අවුරුද්දක්වත් නැහැ. ඒ කොහොම වුණත් ඉක්මණට මේ කොවිඩ් 19 පරාද කරන්න හැකි වේවා. එසේ ම ආණ්ඩුව රෝගය අඩුවෙලා කියා නීති රීති ලිහිල් කරන්න දැන් ම කටයුතු නොකළ යුතුයි. 

Monday, 9 March 2020

බුදු හාමුදුරුවො ඉපදුනා ද?

    සිංහල ලිත් ඉලක්කම්


බුදු හාමුදුරුවො ඉපදුනා ද?


බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුනා ද වෙනත් තැනක ඉපදුනා ද කියල අහන එක ම වරදක් හැටියටයි මට පේන්නෙ. බුදු හාමුදුරුවන් කොහේවත් ඉපදෙන්නෙ නැහැ. ඉපදෙන්නෙ රහත් ඵලයට නොපැමිණි සම්මාබෝධය නොලත් අය. ඉපදෙන අයගෙන් ඇතැමකු බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ ලෙස සම්මාබෝධය ලබනවා. උන්වහන්සේ යළි ඉපදෙන්නේ නැහැ. 

Sunday, 13 October 2019

විධායක ජනාධිපති ක්‍රමය හා ගෝඨාභය

      සිංහල ලිත් ඉලක්කම් 

විධායක ජනාධිපති ක්‍රමය හා ගෝඨාභය

ඇල්පිටිය ජයග්‍රහණය දෙස අප බැලිය යුත්තේ ජනාධිපතිවරණය පැත්තෙන්. මෙහි දී කිවයුතු කරුණක් තියෙනවා. නොවැම්බරයේ දී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් මිස ජනාධිපති මැතිවරණයක් නො වෙයි. මෙය අප පරිවර්තනයේ දී කරන වරදක්. ඉංගිරිසි ඉලෙක්ෂන් කියන එක පරිවර්තනය කරන්නේ මැතිවරණයක් කියල. ඉලෙක්ෂන් කියන්නේ තෝරා ගැනීම නැත්නම් වරණය. අපේ සාහිත්‍යයේ ස්වයංවරණ ගැන කියැවෙනවා. මැතිවරණයක් කියන්නේ මන්ත්‍රීන් තෝරා ගැනීමක්. ජනාධිපතිවරණයක් කියන්නේ ජනාධිපති තෝරා ගැනීමක්. ජනාධිපති මැතිවරණයක් කියන්නේ ජනාධිපති මන්ත්‍රී කෙනකු තෝරා ගැනීමක්. එහෙම අයකු නැහැ. ජනාධිපති පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාල ආයතන මන්ත්‍රීවරයකු නො වෙයි. 

Saturday, 20 April 2019

බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙ කවද ද?

බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙ කවද ද?

අප යමක් විශ්වාස කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක් සපයන්න මා මේ ලිපියෙන් අදහස් කරන්නේ නැහැ. එය සංස්කෘතික ආර්ථික දේශපාලනික වැඩක්. එය ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. අප යමක් විශ්වාස කරන්නේ අප සමාජයේ විශ්වාස කරන යම් පිරිසක් යම් කරුණක් විශ්වාස කරන බැවින් වීම ප්‍රධාන සාධකයක්. එහි චක්‍රීය බවක් තියෙනවා. එහෙත් එය චක්‍රිය චින්තනය පිළිබඳ නිර්වචනයක් නොවෙයි. තේරෙන්නේ නැත්තන් සෙන් බුදුදහමේ කියමන් ටිකක් කියවන්න.  සෙන් බුදුදහමේ වචනයෙන් කියන්න බැරි දේ වචනයෙන් කියන්න හදනවා. මුළු බුදුහමේ ම කරන්න හදන්නේ වචනයෙන් කියන්න බැරි දේ වචනයෙන් කීමටයි. බුදුදහම සහ සියළු දැනුම් පද්ධතීන් අතර වෙනස එයයි. බුදුදහම දැනුම් පද්ධතියක් නො වෙයි. එහෙත් එය දැනුම් පද්ධතියක් ලෙස ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒක තමයි මා බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නය කියල කියන්නෙ. අද සමහරු නිවනත් වචනයෙන් කියන්න පුළුවන් කියනව. ඒ ගැන ආචාර්ය උපාධිත් ගන්නවා. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවෙලා.    අපි පසුව ඉඩ ලැබෙන පරිදි මේ සියල්ල ගැන කතා කරමු. ඉඩ ලැබෙන පරිදි යන්නට මාරයා දෙන ඉඩත් ඇතුළත් වෙනවා.