Main Logo

Showing posts with label Lankaweb. Show all posts
Showing posts with label Lankaweb. Show all posts

Thursday, 30 July 2020

කාට කියන්න ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




කාට කියන්න ද? 

මා විශ්වවේදය තරමක් දුරට හදාරා තියෙනවා. එහි මහා පිපුරුම කියා සංසිද්ධියක් ගැන කියන කතන්දරයක් තියෙනවා. මා විද්‍යාඥයකු නම් නොවෙයි. විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරිව ආපසු කෙනෙක්. මගේ සීමිත දැනුම අනුව මහා පිපිරුම කතන්දරය අසංගතයි. එය සංගත කිරීම සඳහා පසු කලෙක උද්ධමනය (ආර්ථිකයේ කතා කරන උද්ධමනය නොවෙයි. එහෙත් ඉන් කියැවෙන්නේත් එවැනි දෙයක්. විශ්වය මහා පිපිරුමට සුළු කාලයකින් පසුව ඇති වූ විශාල ත්වරණයකින් ප්‍රසාරණය වීම) වගේ සංකල්ප නිපදවන්න වුණා. එහෙත් උද්ධමනය ඇති වන්නේ කොහොමද කියන එකට හරි හමන් කතන්දරයක් නැහැ. මා මහාපිපිරුම විශ්වාස කරන්නේ නැහැ. එය පට්ට ම පට්ට පල් බොරුවක්. 

Wednesday, 15 August 2018

අපේ ශක්තිය




අපේ ශක්තිය



සියවස් කාලකට පමණ පෙර අප කාලය සඟරාව ඇරඹූ අවධියෙහි දී අප සමග විවිධ පුද්ගලයන් සිටියා. කාලයට ලිපි සැපයු අය අතර මාක්ස්වාදීන් විවිධ සමාජවාදීන් දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධ විරෝධීන් සිටියා. එකල 1987 දී කිසිවකු මහින්ද ජාතිකවාදියකු ලෙස දැන සිටියේ නැහැ. ඔහුත් වාම කේන්ද්‍ර එනම් කේන්ද්‍රයෙන් වමට බර අයකු ලෙසයි හැඳිනගෙන තිබුණෙ. මා මෙහෙ ම කියන විට මහින්දවාදීන්ට කේන්ති යන බව මා දන්නවා. මා හිතන්නේ බැසිල් එකල ගාමිණී දිසානායක ළඟ වැඩ ඉගෙන ගත් අයෙක්. ඔහු එ ජා ප හිතවතෙක්. අද නාමල් රාජපක්‍ෂ ප්‍රශ්න අවුල් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ඔහු මහින්දගේ පුතා වීම නිසයි. නාමල් කරන දෙයක් නැහැ. එහෙත් නාමල් නිසා මහින්ද ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැහැ. ඒ බව දේශපාලනයේ යෙදෙන බොහෝ දෙනා දන්නවා. එහෙත් ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මහින්දට අවශ්‍ය 2024 වන තුරු කල් බලන්න. ඔහුත් අද ඉන්දියාවට විරුද්ධව එතරම් දෙයක් කියන්නේ නැහැ. මත්තල විකිණීමට විරුද්ධව ඵලදායී වැඩක් ඔහු කරනවා ද?

Sunday, 10 September 2017

ධර්මසිරි හා ධර්මසිරි


ධර්මසිරි හා ධර්මසිරි

ධර්මසිරි සෙනෙවිරත්න හා ධර්මසිරි වීරසිංහ කියන්නේ දෙන්නෙක්. වීරසිංහ ලංකා වෙබ් අඩවියේ සංස්කාරක/පරිපාලක පමණක් නොව නීල මහා යෝධයා නමින් එම වෙබ් අඩවියට ලියන්නෙක්. සෙනෙවිරත්න නම් මට හමුවී තිබෙනවා. දෙදෙනාගෙන් ධර්මසිරි කවුරුන් දැයි දැනගැනීම ඔබට භාරයි. 

Wednesday, 23 August 2017

දහම ආගම හා සංස්කෘතිය  - 2


දහම ආගම හා සංස්කෘතිය  - 2





ධර්මසිරි වීරසිංහ මට විද්‍යූත් ලිපියක් එවා තිබෙනවා. එය මෙහි සම්පූර්ණයෙන් ම පළකරන්නේ ඔහුගේ කුහකබව හෙළිදරවු කිරීමටයි. මේ ලිපි පෙළින් මෙරට හා පිටරට ජීවත්වන ඇතැම් බෞද්ධයන්ගේ ඊනියා බෞද්ධකම ගැන ද උගත්කම ද තාර්කික බව ද කියැවෙනවා.

Sunday, 20 August 2017

දහම ආගම හා සංස්කෘතිය


දහම ආගම හා සංස්කෘතිය



ලංකාවෙබ් නමින් පළවන වෙබ් අඩවියේ පරිපාලක ධර්මසිරි වීරසිංහ නමැත්තෙක්. ඔහු කියනා පරිදි ඔහුගේ වයස අවුරුදු හැත්තෑදෙකක් පමණ වන අතර වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. ඔහු එංගලන්තයට ගොස් අවුරුදු හතළිහකට වැඩි බව පැවසෙනවා. ඔහු එංගලන්තයට ගොස් ඇත්තේ පළමු ජ වි පෙ ත්‍රස්තවාදී මිනීමැරුම්වලින් පසුව. එයින් කියැවෙන්නේ නැහැ ඔහු ජ වි පෙ අනුගාමිකයකු බව. මා එසේ කියාත් නැහැ. ඔහු අපහාසාත්මක ව යොදා ගන්නා මහත්තයෝ යන ව්‍යවහාරය නම් ජ වි පෙ පටන්ගත් එකක්. එහෙත් එයිනුත් ඔහු ජ වි පෙ අනුගාමිකයකු බව කිංයැවෙන්නේ නැහැ. මා ඔහු ජ වි පෙ අනුගාමිකයකු බවවත් කියා නැතත් ඔහු සිතන්නේ මා ඔහු ජ වි පෙ ත්‍රස්තවාදියකු යැයි කියා ඇති බවයි. ඔහුගේ වටහා ගැනීමේ ශක්තියට එය නිදසුනක්. ඔහු සිතන්නේ මා ඔහුට අපහාස කර ඇති බවයි. මගේ අගෝස්තු 04 වැනි දා ලිපිය කියවීමෙන් මා ඔහුට අපහාස කර ඇත් ද යන්න තීරණය කරන්න පුළුවන්.



විජයදාස වික්‍රමය, සුදු ආධිපත්‍යය හා ට්‍රම්ප්, රනිල්ගේ නිහැඬියාව හා බැඳුම්කර ආදී මාතෘකා රාශියක් තිබිය දී ධර්මසිරි වීරසිංහට පිළිතුරු දීමට ප්‍රමුඛතාව දෙන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක් විය හැකියි. මේ පිළිතුරු ලිපි එක දිගට පළවන්නේ නැහැ. අතරින් පතර අනෙක් මාතෘකා ගැන ලියන අතර මේ ලිපි පළ වේවි. මේ ලිපි පෙළ පළ කරන්නේ මෙරට උගතුන් යැයි කියන්නන් අද වැටී ඇති තත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට.  



ධර්මසිරි වීරසිංහ දැනට වසර එකහමාරකට පමණ පෙර මගේ ලිපි ලංකාවෙබ් අඩවියේ පළ කළා. එහෙත් පසුව මා බුදුදහම ගැන කියන අදහස්වලට විරුද්ධ ව නීල මහා යෝධයා නමින් ප්‍රතිචාර දැක්වූවා. නීල මහා යෝධයා යනු ධර්මසිරි වීරසිංහ බව මා හඳුනාගත් පසු ඔහු මගේ ලිපි තම වෙබ් අඩවියේ පළ කිරීම නැවැත්තුවා.  ඉන් කලකට පසු ඔහු මගේ ලිපි නැවතත් පළ කළා. මා ඔහුට මගේ ලිපි යැවුවේ නැහැ. එහෙත් ඔහු ඒ ලිපි පළ කළා. ඕල්කට් බෞද්ධයන් ගැන මා ළඟ දී ලියූ ලිපියක සඳහන් කරුණුවලට විරුද්ධ ව ඔහු නීල මහා යෝධයා නමින් මා පුහු චින්තකයකු බව සඳහන් කරමින් ලිපියක් තම වෙබ් අඩවියේ පළ කළා. එය අප ඊයේ කාලය වෙබ් අඩවියේ පළ කළා.



ඔහු නැවතත් මගේ ලිපි තම වෙබ් අඩවියේ පළ කිරීම නවත්තලා. නීල මහා යෝධයා ගැන කී පමණින් ධර්මසිරි වීරසිංහ නම් බෞද්ධයා උරණ වෙලා මගේ ලිපි පළ කිරීමත් නවත්තලා! වීරසිංහ නීල මහා යෝධයා ගැන සැලකිලිමත් වෙනවා. වීරසිංහ නොපිළිගත්තත් නීල මහා යෝධයා නමින් ලියන්නේ ඔහු. තම වෙබ් අඩවියේ තමන් අනුමත නොකරන ඇතැම් ලිපියකට ඔහු ඊනියා පිළිතුරක් දෙන්නේ නීල මහා යෝධයා නමින්. තමාට දිරවා ගත නොහැකි ලිපි ඔහු පළ කරන්නේ නැහැ. ඒ පිළිබඳ ව මගේ විරුද්ධතාවක් නැහැ. ඔහු අනුමත නොකරන ලිපි පළ නොකිරීම ඔහගේ වැඩක්. අපට එයට විරුද්ධ වන්න බැහැ.



එහෙත් නීල මහා යෝධයා නමින් පෙනී සිට තමන් අනුමත නොකරන ලිපිවලට තම වෙබ් අඩවියේ ම පිළිතුරු දීම කිසිම සදාචාරයකට එකඟ නැහැ. විවිධ පුද්ගලයන් ආරුඪ (වීරසිංහට අනුව අන්වර්ථ) නම්වලින් ලිපි ලියනවා. සඟරාවක හරි පුවත්පතක හරි සංස්කාරකවරයකු එක ලිපියකට වඩා ලියන අවස්ථාවල දී, දේශපාලන හේතුමත හෝ වෙනත් කරුණක් නිසා හෝ සැඟ වී සිටීමට අවශ්‍ය වූ විට ආදී වශයෙන් එසේ ලියනවා. එහෙත් නීල මහා යෝධයා නමින් ලිවීමට ධර්මසිරි වීරසිංහට ඇති හේතුව කුමක් ද? ඔහුට ධර්මසිිරි වීරසිංහ නමින් ම ලියන්න පුළුවන්. තම වෙබ් අඩවියට ආරූඪ නමකින් ලියා ධර්මසිරි වීරසිංහ සැඟ වී සිට පහර දෙන නිවටයකුගේ තත්වයට පත්වෙනවා.



මා සිංහල බෞද්ධයෙක්. මා මිනිසුන් විවේචනය කරනවා. මා ධර්මසිරි වීරසිංහ නිවටයකුගේ තත්වයට පත් වන්නේ යැයි කියන්නේ මට බොරු සුචරිතවාදියකු වීමට අවශ්‍ය නැති නිසා. ධර්මසිරි වීරසිංහ කියන අන්දමට ඔහුත් සිංහල බෞද්ධයෙක්. ඒ නිසා ම දෝ ඔහු කාලය වෙබ් අඩවිය වැරහැල්ලක් ලෙස හඳුන්වනවා. ම පුහු චින්තකයකු ලෙස හඳුන්වනවා. ඒ සියල්ල අපහාසත්මකයි. මා නම් කිසි දිනෙක මා චින්තකයකු ලෙස හඳුන්වා ගෙන නැහැ. මා චින්තකයකු යැයි ඇතැමුන් කියනවා. එහෙත් ඒ මා ඔවුන්ට එසේ කීමට කියා නැහැ. මගෙන් ඉගෙන ගත් බොහෝ දෙනා මට විරුද්ධයි. ඔවුන් අතර දේශපාලනඥයන්, ඕල්කට් බෞද්ධයන්, ඉන්දීය හා චීන ගැත්තන්, සයිටම් විරුද්ධවාදීන්, මහින්දවාදීන් ආදීන් ඉන්නවා. ඔවුන් මට වඩා යෝධයන්. මා අඟුටුමිට්ටකු බව ඔවුන් නොකීවාට මා දන්නවා. මා චින්තකයකු, බුද්ධිමතකු, උගතකු නො වෙයි.  ඒ බව මා කියා ඇත්තේ එක් වරක් නො වෙයි. මා දැනට කරන්නේ ලිවීම පමණයි. එය එක්තරා ආකාරයකින් ගත් කළ උපන්නාට කරන දෙයක් පමණයි.



මා කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගැන් වූ බව ඇත්තයි. එය මා ඉගැන්වූ එක ම විශ්වවිද්‍යාලය නො වෙයි. කෙසේ වෙතත් ධර්මසිරි වීරසිංහ නමැති බෞද්ධයා කැලණිය විශ්වවිද්‍යාලය හඳුන්වන්නේ පිරිවෙන් විශ්වවිද්‍යලයක් ලෙස. ඒ එකී විශ්වවිද්‍යාලයට කරන ගෞරවයක් ලෙස නොවන බව පැහැදිලියි. පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමෙන් පිරිවෙන නැති වීම ගැන මට ඇත්තේ අපේ දෙයක් නැති වීම පිළිබඳ කණගාටුවක්. එහෙත් ධර්මසිරි වීරසිංහට ඇත්තේ පිරිවෙනට ඊනියා විශ්වවිද්‍යාල තත්වයක් ලබා දීම පිළිබඳ කණගාටුවක්. ඔහු නොකියා කියන්නේ පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමෙන් විශ්වවිිද්‍යාලවල තත්වය බාල්දු වූ බවක්. ඔහුගේ ඕල්කට් බෞද්ධකම එයින් ද පැහැදිලි වෙනවා. ඕල්කට් බෞද්ධයන් ජාත්‍යන්තරවාදීන්. ඊනියා විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ආයතන. පිරිවෙනක් ජාත්‍යන්තර තත්වයකට පත් වන්නේ කෙසේ ද යන්න ඕල්කට් බෞද්ධයන්ගේ සිත්වල තියෙනවා.



ධර්මසිරි වීරසිංහට අනුව මා ඊනියා සිල්වා කෙනෙක්. ඔහු ඊනියා කියන වචනයේ තේරුම දන්නේ නැති බව පැහැදිලියි. මට පෘතුගීසි නමක් ඇති බව පැහැදිලියි. එහෙත් එය මගේ පියාගෙන් ලැබුණු නමක්. එහි ඇති ඊනියා බවක් නැහැ. අවුරුදු හතළිස් ගණනක් එංගලන්තයේ ජීවත් වීම නිසා සිංහල අමතක වන්න විධියක් නැහැ. ඔහු ඕල්කට්තුමා විසින් පිහිටුවන ලද පාසලක ඉගෙන ගත් බවත් ඒ නිසා ඔහුට දේශීය හා විදේශීය උපාධි ලැබුවත් මගේ අබෞද්ධ අදහස් දකින විට පිළිකුළක් ඇති වන බවත් කියන්නේ ඔහු ලැබූ පාසල් අධ්‍යාපනය ගැන ආඩම්බරයෙන්. එහෙත් ඒ අධ්‍යාපනයෙන් ඊනියා යන වචනයේ තේරුම දැන ගැනීමට ඔහු අසමත් වී තිබෙනවා. කෙසේ වෙතත් දේශීය හා විදේශීය උපාධි ලැබීමෙන් යම් හානියක් වීමට ඉඩ ඇති බව ඔහු පිළිගෙන තිබෙනවා. ඔහු නොපිළිගන්නා දෙය නම් පාසල් අධ්‍යාපනයෙනුත් ඒ හානිය සිදු වන වන බවයි.



(මතු සම්බන්ධයි)







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 20  

     

Wednesday, 9 August 2017

සිංහල බෞද්ධ දෙමළ හින්දු සබඳතා  


සිංහල බෞද්ධ දෙමළ හින්දු සබඳතා




අද ලිපිය ලෙස පළවන්නේ ඊයේ රිවිර පත්‍රයෙහි පළ වූ සාකච්ඡාවක්. එය පහත සඳහන් වෙබ් පිටුවෙන් ලබා ගන්න පුළුවන්. එහි ඇතැම් කරුණක්  පිළිබඳ පැහැදිලි කිරීමක් පහත පළවෙනවා.






මෙහි මා හඳුන්වා දී තිබෙන්නේ ජාතික ව්‍යාපාරයේ ප්‍රමුඛතම චින්තකයා ලෙස. නීල මහා යෝධයා නමින් තම වෙබ් අඩවියට ම ලියන එංගලන්තයේ පළ වන ලංකා වෙබ් අඩවියේ සංස්කාරක විශ්‍රාමික ඉංජිනේරුවරයා ඇතුළු ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනකුට එය වහකදුරු මෙන් වන බව මා දන්නවා. සංස්කාරකවරයා මට විරුද්ධව ඔහුගේ වෙබ් අඩවියට ලිපියක් ලියා තිබෙනවා. එයට පිළිතුරක් ළඟදී ම පළවේවි. ඇතැමුන් රිවිර ලිපිය මගේ සෙල්ෆියක් (ඔවුන්ගේ අර්ථදැක්වීම අනුව මා ඉහළින් තබා ගෙන අනෙක් අය පහත් කිරීමක්) ලෙස සලකන්න පුළුවන්. මා මේ සාකච්ඡාව ලියා ඇති ලේඛකයා  දැක ඇත්තේ එක දිනක් පමණයි. ඔහු සමග කතා කර ඇත්තේ දුරකතනයෙන් ද ඇතුළුව අවස්ථා තුනක දී පමණයි. ඔහුගේ හැඳින්වීම ගැන මට කරන්න දෙයක් නැහැ. 

Friday, 4 August 2017

ඕල්කට් බුද්ධාගම


ඕල්කට් බුද්ධාගම



එංගලන්තයේ පළ කෙරෙන ලංකාවෙබ්  අඩවියට නීල මහා යෝධයා නමින් ලියන අයකු නැවතත් හදිසියේ නැගිටලා. ඔහු කුම්භකර්ණ මෙන් කාලයක් නිදා ගන්නවා ද කියා දන්නේ නැහැ. ඒත් ඒ කුම්භකර්ණ ගැන තියෙන එක් විවරණයකට අනුවයි. ඇතැමුන්ට අනුව කුම්භකර්ණ කියන්නේ කුඹුක්කන් ඔය ප්‍රදේශයට අධිපති වූ අයකු. ඔහු රාවණගේ සොහොයුරකු ලෙස ඒ ප්‍රදේශය රාවණ වෙනුවෙන් කරවූ අයකු ලෙස හැඳින්වෙනවා. බිම්තැන්න මහියංගණය වුණා සේ කුඹුක්කන් කුම්භකර්ණ බවට පත් වී තියෙනවා. ඉන්පසු එයට අර්ථකථන කෙරෙනවා . කුඹුක්කන් නිදා සිටි තැනැත්තකු ලෙස අර්ථදක්වන්න බැහැ. මේ ගැන දැනට තවදුරටත් කතා කරන්නේ නැහැ. මා මෙයින් තැත් කරන්නේ විවිධ අර්ථනිරූපණ, විවරණ ඇති බව පෙන්වීමට පමණයි. ඒ අර්ථනිරුපණ අනුව තව තවත් කතා ගෙතෙනවා. ලෝක විවිධයි. මගේ ලෝකය කියවූ අයකු ඒ ගැන දන්නවා.