Main Logo

Wednesday 23 August 2017

දහම ආගම හා සංස්කෘතිය  - 2


දහම ආගම හා සංස්කෘතිය  - 2





ධර්මසිරි වීරසිංහ මට විද්‍යූත් ලිපියක් එවා තිබෙනවා. එය මෙහි සම්පූර්ණයෙන් ම පළකරන්නේ ඔහුගේ කුහකබව හෙළිදරවු කිරීමටයි. මේ ලිපි පෙළින් මෙරට හා පිටරට ජීවත්වන ඇතැම් බෞද්ධයන්ගේ ඊනියා බෞද්ධකම ගැන ද උගත්කම ද තාර්කික බව ද කියැවෙනවා.




“Hi Nalin



I don't get very many emails from you. So I opened up your email today and realised that you have written an article to compliment me for something Neela Maha Yodaya has written though description of Neelamahayodaya does not fit me very well. I am 73 years old, I have got my primary education in a government school.  I have moved to a Buddhist School to do my advanced level. I am happy to accept the compliment as I agree with what Neela Maha Yodaya has written.



If I wanted to criticise you, I would criticise you for seeking western medical help while claiming that  modern science is a diabolical lie. By the way in order to control your blood pressure you should try පිටසුදු සාරන daily. පිටසුදු සාරන is so effective that you may have to monitor blood pressure regularly to avoid low blood pressure and you can stop taking tablets.



Regards

Dharmasiri Weerasinghe”



නීල මහා යෝධයා යන්න ධර්මසිරි වීරසිංහ තමා විසින් සංස්කරණය කෙරෙන වෙබ්අඩවියේ තමන් අකමැති ලිපිවලට පිළිතුරු ලිවීම සඳහා යොදා ගන්නා ආරූඪ නමක්. එය ඔහුට ගැලපෙනවා ද නැද්ද යන්න මා දන්නේ නැහැ. එය ඔහු තෝරා ගත් නමක්. මා ඔහුට හොඳක් කියා නැහැ. එහෙත් ඔහු සුුපුරුදු සුදු ප්‍රතිචාරය අනුගමනය කර මා ඔහුට ප්‍රශංසා කළ බව කියනවා. මා ඔහුට කර ඇත්තේ සුද්දන් කියන විධියට ප්‍රශංසාවක අනුපූරකයක් (complement of a compliment ). ඔහු නීල මහා යෝධයා සමග එකඟ වන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. නීල මහා යෝධයා හා ධර්මසිරි වීරසිංහ යනු දෙදෙනකු නොව එක් අයෙක්. බලාගෙන යනකොට ඔහු ඊනියා බෞද්ධ පාසලකට ගොස් ඇත්තේ උසස් පෙළ සඳහා පමණයි. ඔහුගේ වයස අනුව නම් කිව හැක්කේ එකල උසස් පෙළ විභාගයක් නොතිබූ බවයි. ඔහු එවැනි කරුණක් ගැනවත් සැලකිලිමත් වන්නේ නැහැ. ධර්මසිරි වීරසිංහ තමාට මගෙන් එතරම් ලිපි නොලැබෙන බැවින් මා යැවූ ලිපියක් (මේ ලිපි පෙළ මා ඔහුට විද්‍යත් තැපෑලෙන් යවනවා) විවෘත කළ බව කියනවා. ඔහු ඉන් එක් කරුණක් පිළිගන්නවා. ඒ ඔහු මගේ ලිපි තම වෙබ් අඩවියේ පළ කර ඇත්තේ මා ඒ ලිපි ඔහුට නෙයවා ම බව.



මා විවේචනය කිරීමට වුවමනාවක් තිබිණි නම් මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියමින් බටහිර වෙදකම් ලබා ගැනීම ගැන කියන බව ඔහු කියනවා. මේ අවුරුදු තිහකට පමණ පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මා ගැන කී දේට බෙහෙවින් සමානයි. ඒ සිසුන් ඇසුවේ මා බරකරත්තයෙන් නොගොස් කාරයක යන්නේ මොක ද කියා. මේ තමයි මෙරට ඊනියා උගතුන්ගේ දැනුම හා තර්ක.  ඔහු මා විවේචනය කර නැහැ. කර ඇත්තේ අපහාස කිරීමක්. පුහු චින්තකයා යන්න ඔහු යොදා  ගෙන ඇත්තේ අපහාස කිරීමට මිස වෙනත් දෙයකට නො වෙයි. එහෙත් මට එයින් අපහාසයක් නොවන්නේ මා චින්තකයකු නොවන බැවින්. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීම එකක්. බටහිර විද්‍යාව හා තාක්‍ෂණය යොදා ගැනීමට එය බාධාවක් වන්නේ නැහැ. මා මේ ලිපිය ලියන්නේත් බටහිර තාක්‍ෂණය යොදා ගෙන. බටහිර තාක්‍ෂණය යොදා ගෙන මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියනවා. මේ පිළිබඳ කෙටි විස්තරයක් ඊයේ පළ වූ දැනුම හා යථාර්ථය ලිපියේ සඳහන් වෙනවා. ඔහු පිටසුදු සාරණ ගැන එංගලන්තයේ සිටිමින් කියන්නේ සිංහල වෙදකමටත් අවඥා කරමින්. සිංහල වෙදකම ගැන පමණක් නොව පොදුවේ සිංහල දැනුම ගැන අප බොහෝ දේ කියා තිබෙනවා.



කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ ව සිංහල දැනුම අනුව එහි මුල ආසනික් බව අප කීවේ බොහෝ කලකට පෙර. ඒ දැනුම අප ලබා ගත්තේ අදෘෂ්‍යමාන ප්‍රාණීන්ගෙන්. පසුව එයට ග්ලයිෆොසේට් එකතු වී ආසනික් අමතක කෙරීමට ඇතැමුන් කටයුතු කළා. ග්ලයිෆොසේට්් ක්‍රියා කරන්නේ වාහකයක් ලෙස. කෘෂිරසායනික වකුගඩු රෝගයට බටහිර වෙදකමේ ප්‍රතිකාර නැහැ. එහෙත් සිංහල බෙහෙත් තියෙනවා. අප ඒ බව පෙන්නුම් කර තිබෙනවා. එහෙත් දෙරණ අපට ඒ බව ප්‍රසිද්ධියේ කීමට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඔවුන් අපෙන් බටහිර වෛද්‍ය සහතික ඉල්ලුවා. අප එය ප්‍රතික්‍ෂෙප කළා. දෙරණ අපේ දේ රැක ගන්නේ එලෙසයි. අනෙක් විද්‍යුත් මාධ්‍ය ගැන කතාකිරීමත් නිෂ්ඵලයි. 



ඕල්කට්තුමා ලංකාවට පැමිණියේ පරමවිඥානාර්ථවාදියකු ලෙස. ඔහු මිය ගියේත් පරම විඥානාර්ථවාදියකු ලෙස. මගේ වැටහීම අනුව නම් ඔහු කිසි දිනෙක ථෙරවාදී බෞද්ධයකු වූයේ නැහැ. එහෙත් ඕල්කට් බෞද්ධයනට අනුව ඔහු බෞද්ධයෙක්. ඔහු පළමු ඕල්කට් බෞද්ධයා යැයි කීමේ වරදක් නැහැ. පරමවිඥානය හා ථෙරවාදය අතර ඇති සම්බන්ධය කුමක් ද? නීල මහා යෝධයා කියන්නේ ඕල්කට්තුමා බ්‍රිතාන්‍ය ඇමරිකාව ඉන්දියාව ආදී රටවලත් ගෞරවයට පාත්‍ර වන බව. මේ ඊනියා උගතුන්ගේ විච්චූරණ කතා පමණයි. ධර්මසිරි වීරසිංහ හෙවත් නීල මහා යෝධයා ජීවත්වන එංගලන්තයේ කී දෙනකු ඕල්කට්තුමා ගැන දන්නේ ද? එංගලන්තයේ ජීවත් වන සිංහලයන්ගේ දරුවන්ගෙන් කී දෙනකු ඕල්කට්තුමා ගැන දන්නේ ද? 



ඕල්කට්තුමා හා ඇස් මහින්ද හිමියන් සංසන්දනය කිරීමෙන් ඕල්කට්තුමා ගැන යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඇස් මහින්ද හිමියන් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සිංහල බෞද්ධයකු වුණා. රටේ නිදහස ගැන කවි ලිව්වා. සිංහලයන්ගේ දේශාභිමානය නගා සිටුවන්නට කටයුතු කළා. ඕල්කට්තුමා සිංහල බෞද්ධකම නැති කළා. එතුමා පාසල් පද්ධතියක් ඇති කිරීමේ නම් පුරෝගාමියකු වුණා. මේ පාසල්වලින් විවිධ පුද්ගලයන් බිහි වී තිබෙනවා. ඇතැමුන් ප්‍රසිද්ධියේ ම සිංහලයන්ට සිංහල බෞද්ධයන්ට විරුද්ධව කටයුතු කළා. දැනුත් කරනවා. එයින් කියන්නේ ඒ පාසල්වලින් බිහි වු සියල්ලන් ම එසේ වී ඇති බවක් නො වෙයි. ඕල්කට්තුමා පාසල් ඇති කිරීමට ක්‍රිස්තියානි පූජකවරුන් සහාය දැක්වූයේ ඇයි? අපි තවදුරටත් ඒ ගැන පසුව සාකච්ඡා කරමු.



(මතු සම්බන්ධයි)





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 23