Main Logo

Showing posts with label Non Knowledge. Show all posts
Showing posts with label Non Knowledge. Show all posts

Thursday, 30 July 2020

කාට කියන්න ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




කාට කියන්න ද? 

මා විශ්වවේදය තරමක් දුරට හදාරා තියෙනවා. එහි මහා පිපුරුම කියා සංසිද්ධියක් ගැන කියන කතන්දරයක් තියෙනවා. මා විද්‍යාඥයකු නම් නොවෙයි. විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරිව ආපසු කෙනෙක්. මගේ සීමිත දැනුම අනුව මහා පිපිරුම කතන්දරය අසංගතයි. එය සංගත කිරීම සඳහා පසු කලෙක උද්ධමනය (ආර්ථිකයේ කතා කරන උද්ධමනය නොවෙයි. එහෙත් ඉන් කියැවෙන්නේත් එවැනි දෙයක්. විශ්වය මහා පිපිරුමට සුළු කාලයකින් පසුව ඇති වූ විශාල ත්වරණයකින් ප්‍රසාරණය වීම) වගේ සංකල්ප නිපදවන්න වුණා. එහෙත් උද්ධමනය ඇති වන්නේ කොහොමද කියන එකට හරි හමන් කතන්දරයක් නැහැ. මා මහාපිපිරුම විශ්වාස කරන්නේ නැහැ. එය පට්ට ම පට්ට පල් බොරුවක්. 

Thursday, 7 May 2020

වෙසක් සිතුවිලි

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 





වෙසක් සිතුවිලි 

අද වෙසක්. අවුරුදු දෙදහස් පන්සීයකට පමණ පෙර බුදුන් වහන්සේ සම්මාබෝධ කළ දෙයට වඩා දෙයක් ඉන්පසු කාලයෙහි පෙරදිග හෝ අපරදිග හෝ කිසිවකුට "දැන ගැනීමට" නොහැකි වී ඇත්තේ ඇයි. පොත් ලක්‍ෂ ගණනක් ලියැවී ඇතත් බුදුන් වහන්සේ දේශනා කළ දෙය ඉක්මවන්නට කිසිවකුට නොහැකි වූයේ ඇයි? ඒ බුදුන් වහන්සේ කිසි දෙයක් දේශනා නොකළ නිසා. එසේ කීම සාහසික ප්‍රකාශයක් ලෙස කිසිවකුට සිතෙන්න පුළුවන්. විශේෂයෙන් බෞද්ධයන් එසේ සිතන්න පුළුවන්. සූත්‍ර දේශනාවල කිසිවක් නැද්ද කියා අහන්න පුළුවන්.  අද මේ වෙසක් දිනයෙහි කිසිවකු මා සමග කෝප විය යුතු නැහැ. මගේ අරමුණත් කිසිවකු කෝප කරවීම නො වෙයි.

Sunday, 20 October 2019

නික්ම යෑමට පෙර

 සිංහල ලිත් ඉලක්කම්

නික්ම යෑමට පෙර


අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා. ඒ මම. බොහෝ දෙනා මගේ නරක ගතිගුණ දන්නවා. ඒත් ඔවුන් දන්නේ ටිකයි. මගේ නරක ගතිගුණවලට දෙම්ව්පියන් වග කිවයුතු නැහැ. ඔවුන් අප හදා වඩා ගන්න බොහෝම දුක් වින්දා. සිංහල ගුරුවරුන් වූ ඔවුන්ට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. දරුවන් අට දෙනකු ලොකු මහත් කරන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. මගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණේ මා විශේෂඥ වෛද්‍යවරයකු කරන්න. මා එයට අකමැති වූ විට ඔවුන්ට මා ඉංජිනේරුවකු කිරීමට අවශ්‍ය වුණා. මා එයටත් කැමති වුණේ නැහැ. එවිට ඔවුන් මා පරිපාලන සේවයට (එකල සිවිල් සේවය) බැඳේවි යැයි සිතුවා. එහෙත් මට එයත් අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු හා විද්‍යාඥයකු වීමට. ඒ අවුරුදු පහළොවේ සිට මගේ කැමැත්ත. එහෙත් එය ඉටු කර ගන්න මට බෑරි වුණා. කථිකාචාර්යවරයකු නම් වුණා. ඒත් එක් වතාවක අවුරුදු දෙකකුත් දෙවැනි වතාවේ අවුරුදු දහයකුත් මට ඒ රැකියාව අහිමි වුණා. විද්‍යාඥයකු වීමට මට බැරි බව තේරුම් ගත්තා. ඒක ලොකු දෙයක්.