Main Logo

Showing posts with label Anna. Show all posts
Showing posts with label Anna. Show all posts

Thursday, 7 May 2020

වෙසක් සිතුවිලි

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 





වෙසක් සිතුවිලි 

අද වෙසක්. අවුරුදු දෙදහස් පන්සීයකට පමණ පෙර බුදුන් වහන්සේ සම්මාබෝධ කළ දෙයට වඩා දෙයක් ඉන්පසු කාලයෙහි පෙරදිග හෝ අපරදිග හෝ කිසිවකුට "දැන ගැනීමට" නොහැකි වී ඇත්තේ ඇයි. පොත් ලක්‍ෂ ගණනක් ලියැවී ඇතත් බුදුන් වහන්සේ දේශනා කළ දෙය ඉක්මවන්නට කිසිවකුට නොහැකි වූයේ ඇයි? ඒ බුදුන් වහන්සේ කිසි දෙයක් දේශනා නොකළ නිසා. එසේ කීම සාහසික ප්‍රකාශයක් ලෙස කිසිවකුට සිතෙන්න පුළුවන්. විශේෂයෙන් බෞද්ධයන් එසේ සිතන්න පුළුවන්. සූත්‍ර දේශනාවල කිසිවක් නැද්ද කියා අහන්න පුළුවන්.  අද මේ වෙසක් දිනයෙහි කිසිවකු මා සමග කෝප විය යුතු නැහැ. මගේ අරමුණත් කිසිවකු කෝප කරවීම නො වෙයි.