සිංහල ලිත් ඉලක්කම්
විධායක ජනාධිපති ක්‍රමය හා ගෝඨාභය
ඇල්පිටිය ජයග්‍රහණය දෙස අප බැලිය යුත්තේ ජනාධිපතිවරණය පැත්තෙන්. මෙහි දී කිවයුතු කරුණක් තියෙනවා. නොවැම්බරයේ දී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් මිස ජනාධිපති මැතිවරණයක් නො වෙයි. මෙය අප පරිවර්තනයේ දී කරන වරදක්. ඉංගිරිසි ඉලෙක්ෂන් කියන එක පරිවර්තනය කරන්නේ මැතිවරණයක් කියල. ඉලෙක්ෂන් කියන්නේ තෝරා ගැනීම නැත්නම් වරණය. අපේ සාහිත්‍යයේ ස්වයංවරණ ගැන කියැවෙනවා. මැතිවරණයක් කියන්නේ මන්ත්‍රීන් තෝරා ගැනීමක්. ජනාධිපතිවරණයක් කියන්නේ ජනාධිපති තෝරා ගැනීමක්. ජනාධිපති මැතිවරණයක් කියන්නේ ජනාධිපති මන්ත්‍රී කෙනකු තෝරා ගැනීමක්. එහෙම අයකු නැහැ. ජනාධිපති පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාල ආයතන මන්ත්‍රීවරයකු නො වෙයි.
ඇල්පිටියෙන් කියැවෙන්නේ ශ්‍රී ල නි ප ඡන්ද සමග ගෝඨාභයට මුළු ඡන්දවලින් 50%ක් හා එකක් සිංහල ඡන්දවලින් ලබා ගන්න පුළුවන් බවයි. පොදු ජන පෙරමුණේ ඡන්දවලින් පමණක් එය කරන්න බැහැ. පොදු ජන පෙරමුණට ලැබුණේ ඡන්ද 56.3%ක් පමණයි. එය උදාහරණයක්, සම්මතයක් ලෙස ගතහොත් ඒ ඡන්ද මුළු ඡන්දවලින් නම් 43%ක් පමණ වෙනවා. එය 50% ඉක්මවන්නේ ශ්‍රී ල නි පක්‍ෂ ඡන්ද එකතු කළොත්. මුළු ඡන්දවලින් 50% ඉක්මවූයේ නැත්නම් දෙමළ හා මුස්ලිම් ජාතිවාදීන්ගේ ඡන්ද කුට්ටි දේශපාලනයට යටවෙන්න වෙනවා.
අද ඇතැමුන් කියනවා ජනාධිපතිට දැන් බලතල නැහැ කියා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව සිදු වී ඇති වෙනස්කම් කිහිපයක් මෙසේ ය.
"30. (1) ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප‍්‍රධානයා ද විධායකයේ ප‍්‍රධානයා ද ආණ්ඩුවේ ප‍්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය.
42. (1) ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙය වීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය.
(2) අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේ ය.
(3) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානයා ද වන්නේ ය.
(4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.
(2) අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේ ය.
(3) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානයා ද වන්නේ ය.
(4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.
43. (1) අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කළ යුත්තේ ය.
(2) ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරිම සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය.
(3) ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.
(3) ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.
52. (1) අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුගේ සෑම අමාත්‍යංශයක්ම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු ලේකම්වරයෙක් වන්නේ ය."
මේ අනුව ජනාධිපති බලතල කිහිපයක් කැපී තියෙනවා. ජනාධිපති මන්ත්‍රීවරයකු නොවන නිසා අමාත්‍ය ධුරයක් දැරිය නො හැකියි. එහෙත් තවමත් අගමැති පත් කෙරෙන්නේ ජනාධිපතිගේ මතය අනුව මිස පාර්ලිමේන්තු සම්මුතියකින් නො වේ. ජනාධිපති අගමැතිගේ උපදෙස් මත ඇමතිවරුන් පත් කරන්න ඕන. ඒත් ජනාධිපතිට අමාත්‍ය මණ්ඩල විෂය හා කාර්ය සංයුතිය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා අගමැති අවසරයක් උපදෙසක් ගන්න ඕන නැහැ.
ජනාධිපතිට ඇමති කමක් දරන්න බැරි වුණත් ඔහු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන් ම ප්‍රධානියා ද වෙනවා. ජනාධිපති තවමත් විධායකයේ ප්‍රධානියා. ආණ්ඩුවේ ප්‍රධානියා හා සන්නද්ධ සේවාවල සේනාධිනායකයා ද වෙනවා. එමෙන් ම අමාත්‍යංශ ලේකම්වරුන් පත් කෙරෙන්නේ ද ජනාධිපති විසින්. ලේකම්වරුන්ට ඇති බලතල වෙන කාටත් වඩා ආරක්‍ෂක ලේකම් ව සිටි ගෝඨාභය දන්නවා.
මේ සියල්ලටමත් වඩා පළාත්සභාවල ආණ්ඩුකාරවරුන් පත් කිරීම 154(අ) යටතේ කෙරෙන්නේ ජනාධිපති විසින්. ජනාධිපති විධායක බලය යටතේ තමයි ආණ්ඩුකාරවරුන්ට 154(ඇ) යටතේ බලතල ලැබෙන්නේ. මෙය ඉතා වැදගත්. අද අවාසනාවකට ජාතික ව්‍යාපාරයේ යැයි කියා ගන්නා මාක්ස්වාදීන් පිරිසක් භික්‍ෂූන් වහන්සේ මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැස කවනවා. ඔවුන්ට කොළපාට සමාජකාරයකුගෙන් ද ආධාර ලැබෙනවා. මේ මාක්ස්වාදීන් මාක්ස් හරහා කර ගැනීමට බලාපොරොත්තු වූ විප්ලවය බුදුන් වහන්සේ මගින් කර ගන්න බලනවා. කොළපාට සමාජකාරයන් තමයි සිංහල ජනතාවගෙන් ජනතාවගේ ඡන්දවලින් 67%ක් ලබා ගැනීමට නොහැකි බවට මොර දුන්නේ. එහෙත් ඇල්පිටියේ ජනතාව මොවුන් වැරදි බව පෙන්වා දී තිබෙනවා.
අද පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නැහැ. එහෙත් පළාත් සභා අහෝසි කෙරී නැහැ. යම් දවසක නැවතත් පළාත් සභා ක්‍රියාත්මක වූ විටෙක අදාළ විධායක බලතල අවශ්‍ය වෙනවා. අර මාක්ස්වාදීන් හා කොළපාට සමාජකාරයන් ජාතික ව්‍යාපාරයට රිංගා ගෙන බලය පළාත් සභාවලටත් එහා ගොස් පළාත් පාලන ආයතනවලට විමධ්‍යගත කරන්න උත්සාහ කරනවා. මොවුන් විවිධ හේතුන් නිසා භික්‍ෂූන් වහන්සේ කිහිප නමක් තම අත් අඩංගුවට ගෙන තියෙනවා.
දහනවවැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරය සුළු කප්පාදුවකට ලක් කර තිබෙනවා. එහෙත් විධායක ජනාධිපතිට තවමත් පුළුල් බලතල තියෙනවා. මේ බලතල වත්මන් දේශපාලන වාතාවරණය යටතේ අවශ්‍යයි.
අද කොටසක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැස කවද්දී තවත් කොටසක් විධායක ජනාධිපතිට බලතල නැහැ කියනවා. මේ දෙක ම වැරදියි. පදනම සිංහල විරෝධියි. විධායක ජනාධිපතිට බලතල නැත්නම් අද ජනාධිපති ධුරයට තරග කරන්නේ ඇයි? සමහරුන්ට අවශ්‍ය වන්නේ විධායක ජනාධිපතිට බලතල නැහැ කියා සිංහල ජනතාව ගෝඨාභයට ඡන්දය දීමට යෑමෙන් වැළැක්වීමටයි.
අවසාන වශයෙන් කිව යුත්තේ විධායක ජනාධිපතිකම ද එය දරණ පුද්ගලයා මත රඳා පවතිනවා. අප ඒ බව විදුහල්පතිවරු ආයතන ප්‍රධානීන් ක්‍රියා කරන ආකාරයෙන් දැක තිබෙනවා. සජිත්ගේ පියාට ලැබුණේ ඔහු ම කී පරිදි බලතල නැති කාර්යාල කාර්ය සහායකයකු වැනි අගමැති ධුරයක්. එහෙත් ආර් ප්‍රේමදාස අගමැති ධුූරයට බලතල ලබා දුන්නා. සජිත්ට එවැනි ශක්තියක් නැහැ. එහෙත් ගෝඨාභය මඳක් බලතල කැපී ඇති ජනාධිපති ධුරය රට වෙනුවෙන් පූර්ණ බලතල ඇති ජනාධිපති ධුරයක් කර ගන්න දන්නවා. ඔහු ඇමතිවරයකු නූණත් අවශ්‍ය ඇමතිවරුන් ලේකම්වරුන් ආණ්ඩුකාරයන් හා වෙනත් අය පත් කරාවි. ඔහු පළමු කාර්යය ලෙස රනිල් අගමැති කමෙන් ඉවත් කරාවි. ඒ සඳහා 42 (4) අනුව්‍යවස්ථාව යටතේ ඔහුට බලතල තියෙනවා.