Main Logo

Thursday 24 October 2019

පාස්කු වාර්තාවට මොකක් ද කරන්නෙ

    සිංහල ලිත් ඉලක්කම්

පාස්කු වාර්තාවට මොකක් ද කරන්නෙ


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව (තේරීම් කමිටුව නොවෙයි) සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපති, අගමැති, බුද්ධි අංශය, පොලිස්පති, ආරක්‍ෂක ලේකම් ආදීන් ඒක්කෝ තම වගකීම් පැහැර හැරලා, එහෙමත් නැත්නම් වගකීම් ගැන සැලකිලිමත් වෙලා නැහැ. මේ බරපතළ චෝදනාවක්. ජනාධිපතිත් අගමැතිත් ඉල්ලා අස්වෙන්න ඕන. කතානායක සති කිහිපයකටවත්¬ වැඩ බලන ජනාධිපති වෙන්න ඕන. 


ඒත් ඒ එකක්වත් සිද්ධ වෙන්නෙ නැහැ. විපක්‍ෂය මේ වාර්තාව ප්‍රතික්‍ෂෙප කරනවා. පාර්ලිමේන්තුවේ වාර්තාව සාකච්ඡා කරන එකටත් විරුද්ධ වේවි.  වාර්තාව ප්‍රතික්‍ෂෙප කළා ම විපක්‍ෂයට කියන්න බැහැ වාර්තාව අනුව පියවර ගන්න කියා. ආණ්ඩුවත් ඒකෙ එල්ලේවි. කාරක සභාවට ගිය සල්ලි අපරාදෙ. ජනතාවට තමයි ඒකෙනුත් පාඩු වෙන්නෙ. වාර්තාව නඩු නිමිත්තක් වන්නෙත් නැහැ.   

විපක්‍ෂයට වාර්තාව සහ කාරක සභාව ප්‍රතික්‍ෂෙප කිරීමට හොඳ හේතුවක් තියෙනවා. ඒ හකීම්. ඔහු සහාරාන් පමණක් නොව සහාරාන්ගෙ මල්ලිත් එක්කත් ඡායාරූප අරන් තියෙනවා. ඒකෙ ගෞරවය හකීම්ට ද සහාරාන්ට ද? හකීම් නම් කියන්නෙ තමා සහාරාන් දැන නොසිටි බවයි. හකීම්වත් ඒක විශ්වාස කරනවා ද කියන එක ප්‍රශ්නයක්. හකීම් ගිය තැන්වලට ඒ අය ඇවිත්. හකීම් ඒකට මොනව කරන්න ද? ඒත් මේ අහම්බ මුණගැසීම් නොවන බව පේන්න තියෙනවා.

හකීම්ට කරන්න තිබුණෙ මුලදි ම කාරක සභාවෙන් අයින් වෙන්න. එහෙම කළා නම් වාර්තාව ප්‍රතික්‍ෂෙප කෙරෙන්නෙ නැහැ. ඒ කොහොම වුනත් වාර්තාවෙ ප්‍රශ්න තිබෙනවා. වාර්තාව ඉදිරිපත් කෙරුවෙ විපක්‍ෂය ප්‍රතික්‍ෂෙප කරන බව දැන ගෙන ද? කතානායක මේ ගැන කුමන තීරණයක් ගනීවි ද? වාර්තාව පිළිගෙන ජනාධිපතිටයි අගමැතිටයි කිව්වොත් අස් වෙන්න කියල කතානායකට පුළුවන් සති කිහිපයකට වැඩ බලන ජනාධිපති වෙන්න පුළුවන්. ඒත් ඒ අය අස්වෙන එකක් නැහැ. කතානායකට එහෙම කියන්න බලතලත් නැහැ. 

වාර්තාවෙන් ජනාධිපතිට ආරක්‍ෂක අමාත්‍යාංශයට වරද පැටවීමට කටයුතු කරල තියෙනවා. ඔවුන් ඒ ගැන වග කියන්න ඕන. ආරක්‍ෂක මණ්ඩලය හරි හැටි කටයුතු කරල නැහැ. කමිටුව අගමැතිට චෝදනා කරන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට බව හිතෙනවා. කමිටුව පත් කෙළේත් ජනාධිපතිට වරද පටවන්න මිසක් වෙන එකකට නො වෙයි. 

මෙහි නොකියැවෙන කරුණ නම් ජනාධිපති හා අගමැති අතර තිබුණු විරසකය පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් බව. ආරක්‍ෂක මණ්ඩලය නිසි පරිදි රැස් නොවීම, එකිනෙකා කුළල් කා ගැනීම, නිලධාරීන්ගේ පක්‍ෂපාතිකම් මේ සියල්ලත් බල පෑවා.  බුද්ධි අංශය දුර්වල කළේ කවුද? ප්‍රධාන ම හේතුව බුද්ධි අංශය දුර්වල කිරීමයි. බුද්ධි අංශ ප්‍රධානියාට පමණක් දොස් කීමෙන් වැඩක් නැහැ. 

මේ ආණ්ඩුවට බුද්ධි අංශයක් අවශ්‍ය නැති බවක් පේන්න තිබුණෙ. රනිල් ප්‍රධාන ආණ්ඩුවට රාජ්‍ය ආරක්‍ෂාව වැදගත් වුණේ නැහැ. ආණ්ඩුවට දෙමළ ජාතිවාදයවත් මුස්ලිම් ත්‍රස්තවාදයවත් ප්‍රශ්න නො වෙයි. රනිල් ප්‍රධාන ආණ්ඩුවට අවශ්‍ය වුණෙ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම හා මෙරට සිංහල බෞද්ධ රටක් නොකිරීම. මංගල සමරවීර කියන්නේ මෙරට සිංහල බෞද්ධ රටක් නොවන බවයි. මේ සියල්ලට සජිත් ද වග කියන්න ඕන. ඔහුත් ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ඔහු පාස්කු ප්‍රහාරය ගැන එදා කිසිවක් කිව්ව ද? දැන් ඡන්ද කාලෙ කියන ඒව වලංගු නැහැ. ඡන්ද කාලෙ කියන කිසිවක් වලංගු නැති බව ජනතාව තේරුම් ගන්නෙ කවදා ද? 

ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව රැක ගත්ත නම් පාස්කු ප්‍රහාරය වළක්වන්න තිබුණා. ඒත් ඒක කවුරුන්වත් කියන එකක් නැහැ. ඒකට හේතුව පොහොට්ටුවත් ඒ ආණ්ඩුව රැක ගන්න වැඩ නොකිරීම. ඒ මෛත්‍රිපාල වෛරය නිසා. අද පොහොට්ටුව ශ්‍රී ල නි ප සමග එකතු වී තියෙන්නෙ කරන්න දෙයක් නැති කමට. ශ්‍රී ල නි පක්‍ෂය නැතිව කොහොමටවත් දිනන්න බැරි නිසා. ඔක්තෝම්බර් ආණ්ඩුව රැක නොගැනීම නිසා පාස්කු ප්‍රහාරයට ආණ්ඩුව මෙන් ම විපක්‍ෂය ද වග කියන්න ඕන. විපක්‍ෂයට ඒ අවස්ථාවෙ දි අවශ්‍ය වුණා රනිල් ඉවත් නොකිරීමටත්. මහින්දට අගමැති වීමේ වුවමනාව තියෙන්න ඇති. ඒත් මහින්ද අගමැති කමේ තියා ගන්න සමහරුනට අවශ්‍ය වුණේ නැහැ. 

පාර්ලිමේන්තු කමිටු වාර්තාවෙන් හිස්බුල්ලාත් වරද කරුවකු කරනවා. එයට හේතුව පැහැදිලියි. හිස්බුල්ලා රනිල්ලාගේ අනුගාමිකයෙක් නො වෙයි. ඔහු පක්‍ෂපාති මෛත්‍රිපාල මහින්ද ආදීන්ට. ඒ කුමක් වුවත් හිස්බුල්ලා වහාබ්වාදය ප්‍රචලිත කිරීමටත් අරාබිකරණයටත් වග කියන්න ඕන. කාත්තන්කුඩිය පැත්තෙ ගිය අය අරාබිකරණය ගැන දන්නවා. ඒ රට ඉඳි ගස්වල ගෙඩි හැදෙනවා ද? 

එහෙත් මේ සියල්ලට ම වඩා පාර්ලිමේන්තු කමිටුව පාස්කු ප්‍රහාරයේ ජාත්‍යන්තර සම්බන්ධකම් වහනවා. සහාරාන් බෝම්බ ගැහැව්වෙ තමන්ගෙ ම ශක්තියෙන් ද? අයිසිස් සම්බන්ධකමක් තිබුණෙ ම නැද්ද? අද අයිසිස් මෙහෙයවෙන්නෙ බටහිරින් ද නැද්ද කියන එක වෙන ම ප්‍රශ්නයක්. සෞදි අරාබිය ඉන්නෙ බටහිරයන් එක්ක. පාස්කු ප්‍රහාරය කෙරුණෙ සිංහලයන් උසි ගැන්වීම සඳහාත්. ඒත් සිංහලයන් උසි ගන්වන්න බැරි වුණා. බටහිරයන්ගෙ බලාපොරොත්තු සුන් වුණා. හකීම්ටත් විදේශීය සම්බන්ධකම් තියෙනවා ද? හකීම්ට අවශ්‍ය හිස්බුල්ලාට වරද පටවලා සෞදිය හා බටහිර නිදහස් කරන්න ද? ඒත් හිස්බුල්ලටත් සෞදි සම්බන්ධකම් තියෙනවා. 

දෙමළ ජාතිවාදය අද පැරදිලා. එයට කිසිම පදනමක් නැහැ. දෙමළ කතා කරන ජනයාට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නයක් නැති බව දැන් පැහැදිලියි. අද වෙල්ලාල පක්‍ෂ කැඩී බිඳ යමින් තියෙනවා. ඔවුන්ට දැන් කියන්න පොදු අරමුණක් නැහැ. අර යෝජනා දහතුන සජිත්ට වැඩ කරනවා ද ඡන්දෙට මැදිහත් නොවී ඉන්නවා ද  යන්න ගැන තීරණයක් ගැනීමට ඉදිරිපත් කළ උපක්‍රමයක්. ඔවුන්ට කියන්න තිබුණෙ නන්දිකඩාල් කලපුවට පලයව් කියන එක පමණයි.  ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු දෙමළ ජාතිවාදයෙ ඉතිරි රොඩු බොඩු ටිකත් අයින් කරන්න පුළුවන්. 

ඒත් මුස්ලිම් ආක්‍රමණය එහෙම නො වෙයි. ඔවුන්ට අවශ්‍ය මෙරට මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවීමට. හිස්බුල්ලාට මෙන් ම හකීම්ටත් බද්‍යුද්දීන්ටත් ඒ අවශ්‍යයි. මුස්ලිම් ආක්‍රමණය විවිධ අයුරින් ක්‍රියාත්මක වෙනවා. දේශපාලනික සංස්කෘතික ආර්ථික වශයෙන් පමණක් නොවෙයි ජනගහන වශයෙනුත් ඔවුන් ඒ වෙනුවෙන් වැඩ කරනවා. සබ්‍රිලා මොනවා කිව්වත් අපි ෂාෆිලා ගැනත් විමසිල්ලෙන් ඉන්න ඕන. ලංකාවෙ මුස්ලිම් ආක්‍රමණයට දැනට බටහිරයන්ගෙ ආධාරය ලැබෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන තුරු. 

පාර්ලිමෙන්තු කමිටුව වාර්තාවට මොකද කර්නෙ. ඒක බල්ලට දාමු කිව්වොත් හරි ද? ඒත් මා කියන දේට අහන දේට ඇති වැදගත්කම කුමක් ද? චන්න ජයසුමනගේ නොව අර්ජුන් කමලනාත්ගේ ප්‍රකාශ තරම්වත් මගේ ප්‍රකාශ වැදගත් නැහැ. මට ගුරුදා විග්‍රහය සමග හැරෙන්නවත් බැහැ. චතුරගෙන් අහන්න.